ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි රැහැන් හා කේබල් තොගයක් සොරකම් කිරිමක් සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට  ගත් වර්ණකුලසුරිය ලසන්ත දෙසැම්බර් 28 දක්වා රිමාන්ඩ් කිරිමට මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ෆිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (23) නියෝග කළාය.


ඉඩමේ ඔප්පුවේ සඳහන් ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක් භුක්ති විදින බැවින් එයට සහනයක් ලබාදී නිති මගින් කටයුතු නොකරන්නැයි පවසා හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලස් ගත් බව කියන ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් වන ටී. කේ. වසන්ත කුමාර සහ උපාලි ගාමිණී ජයවර්ධන ජනවාරි 6 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (23) නියෝග කළේය.