(සුජිත් හේවාජුලිගේ )

අධිකරණ නියෝග නොතකමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය.

අධිකරණ නියෝග පිළිපැදීමට රටේ සෑම පුරවැසියකුම බැඳී සිටින බවද ඔහු පැවසූවේය.

අධිකරණය වාරණ නියෝග ලබා දෙන්නේ සාධාරණ හේතු සැලකිල්ලට ගෙන බව පැවසූ අමාත්‍යවරයා අධිකරණ නියෝග නොපිළිපැද්දොත් රටේ ව්‍යාකූලත්වයක් මතුවිය හැකි බවද පෙන්වා දුන්නේය.