දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රකාශයක් ලබා ගන්නා ලෙසට කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබා ගත් අධිකරණය නියෝගය අද (26) ඔහුගේ බාර දීමට ඒ මහතාගේ මැදමුලන නිවසේ ගිය අවස්ථාවේ එය බාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවු බවත් අධිකරණ නියෝගය එය නැවත රැගෙන ඒමට පොලිසියට සිදු වූ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසට කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් පෙරේදා (25) මෙම නියෝගය ලබාගෙන තිබු අතර එය බාර දීමට ගිය අවස්ථාවේ නිවසේ දොර ජනෙල් වසා දමා තිබූ බවද එම ගෙදර ඔහුගේ නොවන නිසා එය එහි ඇලවීමට අවට සිටි අය විරෝධය පළ කළ බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.
බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා යන ගමන් ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටු පළේදී ගත් ඡායාරූපයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංගාරාමයේ රුපියල් 50 හේ බත් පැකට් එක ගන්න කිලෝමීටර් 1-2 දිගට පෝලිම. එ්කෙන්ම තේරෙනවා රටේ මිනිසුන් මොන තරම් දුප්පත් කමින්/අග හිගකමින් පෙලෙනවද?මන්දපෝෂණයෙන් පෙලෙනවද කියලා. එහෙව් රටම ඩොලර් බිලියන් /ත්‍රිලියන් ගණනින් ගසා කාල ලෝකයේ බැංකු පුරනවා කියන එක මොන තරම් සාපයක්ද? හත්මුතු පරම්පරාවටම හෙන හත ගහන අපරාදයක්ද? (නදී)
මේ අය හිතන් හිටියේ ඒ අය අමරණීයයි කියා. දැන් එන්නෙත් අපිට ආදරේට නෙවේ. මේ අයගේ පවුලේ අය බේරගන්නයි (නදී)
මෙම මුදල් වංචා අාරම්භය 1977 විවෘත ආර්ථිකය සමග ආ දෙය්‍ක්. වංචා නොකරන අය දේශපාලනයේ බොහොම අඩුයි. ජනතාව පත්කරන පාලකයෝ පාරම්පරික බලය, පුද්ගලික ලාබ නිසා ගන්නා දේශපාලන තීන්දු රටටම බලපානවා අවංක නායකයෝ. බණඩාරනායක, සේනානායක , ඉලංගරත්න, එන් එම්, පීටර් ල දැන් නැහැ අපි අසරණ වෙලා (නදී)
අර වෙනදට කරේ දාගෙන ඉන්න "කුරහන් පාට ලේන්සුව" නැහැනේ. (බ)
කට්ටිය දැන් ඇටෝනි බලය අරගෙන රටවල් ගානේ/බැංකු ගානේ කරක් ගහනවා. ඒ අපෙන් ගසා කාල පිට රටවල බැංකු පුරවපු සල්ලි ටික ආරක්ෂා කර ගන්න. තවම අපේ "මෝඩයෝ" රාජපක්ෂලා පස්සේ දුවනවා. (නදී)
මට ඔය "කුරහන් සාටකය" දකිද්දී ඇති වෙන කේන්තිය කියල නිම කරන්න බැහැ. (බ)
හොරු අල්ලන්න "මාර්ෂල්" සරත් ෆොන්සේකාට බාර දෙන්න.මිනීමරු ප්‍රභාකරන් වට කරලා අල්ල ගන්න මාස්ටර් ප්ලෑන් කරපු "මාර්ෂල්" සරත් ෆොන්සේකා රට වෙනුවෙන් ඒ කාරිය අකුරටම කරලා දේවි. (බ)
හැකි ඉක්මනට "මොළ හෝදපු' අසරණ මිනිසුන්ව නැවත පුනුරුත්තාපනය කරවන්න වැඩ පිළිවෙලක් සකස් කරවන්න. එතකොට රාජපක්ෂලා පස්සේ යන මෝඩයන්ට තේරේවි තමන් රට වෙනුවෙන් මොන තරම් "ද්‍රෝහී" වුනාද කියලා. (නදී)
අයියෝ සිම්පල්නේ ඕක අල්ලන්න "මාර්ෂල්" සරත් ෆොන්සේකාට බාර දෙන්න (නදී)
බැසිල් 1977 දි ශ්‍රීලනිපයෙන් ඡන්දය ඉල්ලා යළිත් 1982 දි මුල්කිරිගල අතුරු මැතිවරණයට ඉදිරිපත් උනා. ඉන් පරාද වී ගාමිණි දිසානායක මහතාගේ ඇරයුමෙන් එජාපයට එකතු වී මහවැලි අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයක් දැරුවා. ගාමිණී දිසානායක මහතා අභාවප්‍රාප්ත වනතෙක්ම ඔහු සමග දේශපාලනයේ නියැලුනා. එතුමන්ගේ අභාවයෙන් පසු ඇමරිකාවට ගොස් එහි පුරවැසිභාවය ලබාගත්තා. ඔහු හොරෙක් නම් 1983 මහවැලිඅධිකාරියේ සේවය කළ කාලයේ සිට කරන ලද කටයුතු පිළිබඳ විමර්ශනයක් කළ යුතුයි. මහින්ද කළ ලොකුම වරද යූඇන්පී එකේ සිටි බැසිල් සහෝදර කමට තම ලඟට ගැනීමයි. (ස)
ඩුබායි තිලක්.ප්‍රභාකරන් අල්ලන්න මාස්ටර් ප්ලෑන් එක ගැහුවේ කවුද කියලා ලංකාවේ ජනතාව දන්නවා. සරත් ෆොන්සේකා එම මාස්ටර් ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න යොදාගත් එක පුද්ගලයෙක් පමණයි.විශ්‍රාම යෑමට නියමිතව සිටි ෆොන්සේකාට සේවා දිගුවක් ලබා දී ඒ සඳහා යොදාගත්තේ කවුද? (දිල්)
අනේ තිලක් , ඔයා මොකද ඔය කාන්තාරයට වෙලා දැන් දුක් විදින්නේ මෙහෙ දැන් හොදට කන්න බොන්න තියනවා (දිල්)
සන්වන්නි."ඔහු හොරෙක් නම් 1983 මහවැලිඅධිකාරියේ සේවය කළ කාලයේ සිට කරන ලද කටයුතු පිළිබඳ විමර්ශනයක් කළ යුතුයි".....සුනාමියෙන් අන්ත අසරණ වුන මිනිසුන් ගැන ලෝකයේ පුවත් පත් වල රුපවාහිනියේ දර්ශන පල කරනකොට "පපු වුනු" වුන ලෝකයේ දසත විසිරි සිටින මිනිසුන් විසින් ලංකාවට ආධාර කලා .ඒ ආධාර වලින් හිතක් පපුවක් නැති මිනිසුන් රුපියල් කොටි 8.6 ක් ගසා කෑවා. (ස)
ඔය කියන්නේ අනුරාධපුරෙන් එහාට ගිහින් කොළඹට වෙලා හිටිය අය ගැනද? යුද්ධය ගැන පොත් ලියපු අය ගැනද?යුද්ධය ඉවර වෙලා අපි ජය පැන් බොද්දි පළමු දවසෙම එළාර රජතුමා විසින් වලලපු රත්තරන් ,මුතු මැණික්,රත්තරන් අශ්ව කරත්ත හොයන්න කියල පවුල් 200 ක් නන්නත්තාර කරලා වට කරගෙන නිදන් හොයන්න පොලව හාරපු අය ගැනද? (බ)
අයියෝ අපරාදේ මහන්සිවුණේ! (නි)
"ඒකාධිපති කල්ලියෙන්" දැන් රට නිදහස් කරගෙන ඉවරයි,නැවත කවදාවත් මේ රටේ පාලනයට එන්න ඔවුනට දෙන්නේ නැහැ. (ත)
අසරණ මිනිසුන්ගෙන් ගසාකාලා පිටරටවල බැංකු පුරවපු අපේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන නැවත ජනතාව සතුකරන්න පුළුවන් වුණොත් ඒක ලොකු ජයග්‍රහණයක් (නි)
යුද්දේ කළේ ෆොන්සේකා නම් මොකෝ මහින්දව යුද අපරාද වලට ගෙනියන්නේ ? ෆොන්සේකාටම ඒවාට මුණ දෙන්න පුළුවන්නේ . (ත)
ලංකාවේ වටිනා කියන හැම මර්මස්තානයක්ම ,ඇමරිකාවේ නිවාස 4-5 ක තියෙන්නේ බැසිල්ගේ බාර්යාවගේ නමට. (ස)
රටක් තිබුනට රටේ වටිනා කියන කිසි දෙයක් ඉතිරි කරලා නැහැ.ඉතිරි වෙලත් නැහැ.මහා භාණ්ඩාගාරයේ තිබුන රත්තරන් කිලෝ දහස් ගණනින් සෞදි රජ වරුන්ට විකුණම් කෑ බව කියනවා. (ත)
රටට සේවය කලානම් ලෝකයේ රටවල් ගානේ ගිහින් හැංගෙන්න ඕනේ නැහැ.ටිඋනිසියාවේ බෙන් අලි වගේ දැන් රාජපක්ෂලා හැංගෙන්න තැන හොයනවා.ලැජ්ජයි. (ස)
අනිවාර්යෙන්ම මෙයාව ලංකාවට ගෙන්න ඕනි ජනතාගේ මුදල් මංකොල්ල කාපු ප්‍රධනම එක්කෙනා හිටපු ආර්ථික සංවර්දන ඇමති ඡන්දෙ පැරදුන ගමන් මිනිහ පැන්න මොකද එයා හොදට සංවර්දයක් වුණාෙන්. (ස)
බැසිල් හොයන්න යන්න ඕනෑ මැදමූලනට නෙමෙයි කියලා නොදැනද ඒ අය එහේ ගියේ? (නි)
මහින්ද විතරක් යුධ අපරාධ වලට ගෙනියනවා කියල කොහෙවත් තිබ්බේ නැහැ. නමුත් ෆොන්සේකා මහතා නම් කියල තිබුන එතුමා හමුදාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියල. යුද්ධයක් සැලසුම් කරන්න පුළුවන් හමුදාවෙන් පැනල ගිය අයට නෙමේ. සැමදා යුද්ධයක් එක්ක හිටපු රටට ආදරේ හමුදා නායකයන්ට පමණි. (ස)
පොලිසියේ මාමල අපිට විතරයි සද්දේ දාන්නේ (බ)
රටේ නීතිය ක්‍රියාත්මක කරගන්න බැරිද පොලිසියට? (නි)
බැසිල් ඇමරිකාවේ කියලා දන්නේ නැද්ද? (නි)
ඔය පුද්ගලයාට දඬුවම් කරන එක අපිපට හීනයක් විතරයි. කවදාහරි ඔහුට නියම දඬුවම ලැබුනොත් මම සරමක් ඇඳගෙන ලිප්ටන් වට රවුමේ ඔලුවෙන් හිටගන්නවා. (ත)
මේ වගේ අයට රට නැවත බාරදෙන්න කියලා අපේ අයියලා රැස්වීම් තියනවා...අහෝ දුකකි! (නි)
අයියලා මල්ලිලා ඔයවිදියේ මහා පරිමාණ හොරකම් කළේ සහෝදරයා රජ පුටුවේ ඉන්නකොට. ඉතින් ඇයි ප්‍රධාන වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ? සාමාන්‍ය මනුස්සයෙක් වැරදි දෙයක් කළොත් සැමියා නැත්නම් බිරිඳව හරි අරගෙන යනවා. ඇයි මේ විදියට නීති දෙකක්? (නි)
ඒක නිවස ඉදිරිපස දොර ළඟ තියලා එන්නයි තිබුණේ (නි)
බැසිල්ගේ ගුවන්තොටුපලේ පින්තුරය දැක්කේ නැද්ද.... හරියට කවුදෝ දුවනවා වගේ.(බ)
බැසිල්ගේ වත්කම් කා ගාවද තියෙන්නේ කියලා අදහස් ප්‍රකාශ කරන අය කොහොමද දන්නේ? (ත)
අනෙක් අයට තිබෙන අමාරුව මොකක්ද? මේක උසාවි නියෝගයක්. මේක පුදුම ලංකාවක් (නි)
දැන් මේ නියෝගයට මොකද කරන්නේ? (නි)
වෙන වෙන චෝදනා කෙසේවෙතත් ඔය කියන ගෙවල් වල අයිතිය නම් මම පිළිගන්නේ නැහැ.හොරකම් ගැන නම් මම දන්නේ නැහැ. (නි)
පවු දෙයියනේ! එයාට ලංකාවෙවත් ගෙයක් තිබිලා නැහැ. (නි)
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට විධායක ජනාධිපති තනතුර දීමට කාලය පැමිණ ඇත. එතුමා රටත් හදාවී. රටත් බේරාගනිවි. (ස)
ඊ-මේල් එකක් යැවුවා නම් හරිනේ! (නි)
මොහු පාලනය කල ආර්ථික මධ්‍යස්ථානයේ කෙරුණු දුෂණයන් කලින්ම හඳුනාගෙන තිබියදීත් මොහුට රටින් පිටවීමට ඉඩදීමෙන් වත්මන් පාලකයන් කලේ විශාල වරදක්. මොහුව ලංකාවට ගන්න දැන්නම් ලේසි වෙන්නේ නැහැ (නදී)
බැසිල් ඇමරිකාවේ කියලා දන්නේ නැද්ද? යන්නේ කොහෙද මල්ලේ පොල් (නදී)
චෝදනා කිරීම මෙන්ම ඔප්පු කිරීමත් වැදගත් (නදී)
අස්සයා ගිහිල්ලා ඉස්තාලෙත් වහලා ඉවරයි. (හේ)
බැසිල් හෙට අනිද්දට විමල් එක්ක "හොරුත් සමග හෙළුවෙන්" වේදිකාවට නගි. අපරාදේ රත්නපුරේ රැලියට එන්න තිබුනේ.(නදී)
පොඩි මිනිහෙක් ඔය වැරදි කරලා තිබුනා නම් අද වෙනකොට මොනවා වෙලා තිබේද? (නි)
එයා මැදමුලනේ නැති බව දන්නෙ නැද්ද? (නි)