උසාවි නියෝග නොතකමින් උද්ඝෝෂණය කරමින් පොදු දේපොළවලට හානි කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ 38 දෙනෙක් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් සඳුදා (9) දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
එම චෝදනාවටම ඉදිරිපත් කළ තවත් 13 දෙනෙකු ලබන 11 වැනිදා තෙන් රිමාන්ඩ් කරන ලෙස අධිකරණය නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හැට දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් සොයා විමර්ශන සිදු කෙරෙයි.
කැමරා දර්ශන ආශ්‍රයෙන් තවත් පිරිසත් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය කියයි.