රුපියල් එක් කෝටි විසිලක්ෂයක වියදමින් මීටර් සියයක් උස නත්තල් ගස ගාලු මුවදොර දී ලබන 22 වැනි දා වන විට වැඩ නිම කරන බව කොළඹ වරාය කියයි.
මෙම නත්තල් ගසට රජයේ මුදල් සතයක්වත් වැය නොවන බව රනිල් වික්‍රමසිංහ අගමැති හා මුදල් ඇමැති රවී කරුණානායක මහත්වරු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමාට සැල කර සිටියහ.
මෙවැනි දේ වලට නිකරුණේ මුදල් වැය නොකර එම මුදල් දුප්පතුන්ගේ යහපත වෙනුවෙන් වැය කරන්නැයි කාදිනල් තුමා පැවසීමෙන් පසු ලොව ලොකුම කෘත්‍රිම නත්තල් ගස ඉදිකිරිමේ වැඩ නතර විය. යළි එහි වැඩ දැන් කරගෙන යයි. වැඩ නතර කරන විට නත්තල් ගස මීටර 60 ක් දක්වා ඉදිකර තිබිණි.
ගිනස් වාර්තා පොතට ද ඇතුළු වීමට ඉඩකඩ ඇති මෙම නත්තල් ගස දින දහයක් ප්‍රදර්ශනය කිරිමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට වරායේ ආරම්භක උත්සවයට බිලියන ගානක් වියදම් කරපු එක සාධාරණ කරන අය, මේකට විරුද්ධ වන්නේ ඇයි. මේකට කියන්නේ කුහක කම. (ම)
ලංකාවේ සුවකිරීමට අපහසු තත්වයේ පසුවන මානසික රෝගීන්ගේ යහපත තකා ඉතා පළපුරුදු දක්ෂ වෛද්‍යවරුන් කිහිප දෙනෙක්වත් මතු මත්තේ ශ්‍රී ලංකාවට සැපත්වේවා!!(ම)
නැති බැරිකම ගැන සැලකිය යුතු වුනත් නිර්මාණ හැකියාව ඇති අයටත් අවස්ථාවක් දිය යුතයි ,මෙහෙම හිතුවනම් මයිකල් ඇන්ජලෝ ,ඩාවින්චි වගේ අය බිහිවෙන්න ඉඩක් නැහැ (ම)
වෙසක් පොසොන් වලට මීට වඩා වියදම් කරනවා නමුත් නත්තලට වියදම් කලා ගොඩක් අයට වැරදි. නත්තල කියන්නේ සමරන්න තියන දෙයක්. මහ ජනයාගේ මුදල් වලින් නම් ඉදි කරන්නේ කිසිම වරදක් නැහැ. මෙය බලන්න එන අයගෙන් මුදල් එකතු කරලා දුප්පතුන්ට දෙයක් කරනවා නම් තවත් හොඳයි. (ම)
මදු මෙතනට වෙසක් පොසොන් ගාවගන්න එන්න එපා,(හේ)
මදු , මේ වියදම් කොරන්නේ නත්තලට නොවෙයි, ලෝකෙටම ලොකු වැඩක් කරලා පෙන්නලා වාර්තාවක් තියන්න! අපි කියන්නේ කවුරු කෙරුවත් මේවා නිෂ්පල වියදම් බවයි! මේ සල්ලිවලින් රෝහලක වාට්ටු කිහිපයක් හැදුවා නම් ?(හේ)
ආගමික සහජීවනය කියන්නේ බෞද්ධයෝ නත්තල් ගස් සිටවන විට කතෝලික හා ක්‍රිස්තියානි බැති මතුනුත් බෝ පැල රෝපණය කරන විටයි. නත්තල් ගස් පැල නොවුනත්, බෝ පැළයක් රෝපණය කළත් සිටවන භුමිය ආධ්‍යාත්මික බවින් පෝෂණය වූ සරු පොළවක් විය යුතුයි. නැතිව ලෝක වාර්තා තියන්න වැඩක් කරනවා කියන්නේ ඒ සඳහා කෝටි ගණන් මුදල් වියදම් කරනවා කියන්නේ කිසිදාක බුදුන් වහන්සේ හෝ යේසු තුමන් අනු දැන වදාළ දෙයක් නොවේ. උතුම් වූ එවන් සාස්තෘවරුන්ටත් නිගරු වෙන සේ "ලෝකෙට පරකාසේ" සඳහා කරන දේ අයත් වන්නේ පිරිහුණ දේශපාලනයට පමණයි. (හේ)
මෙතන තියන වරද මේකයි නත්තල විතරක් නෙවේ මොනම ආගමික සැමරුමක් වෙනුවෙන්වත් මේ ආකාරයට මුදල් විනාස කිරීම වැරදී ජනතාව මුදල් එකතු කරලා ජනතාවගේ වියදමෙන් තම වෙසක් පොසොන් වලට දාන මාන හා තෝරන් ගහන්නේ රජයෙන් මුදල් යොදවලා ඒවා කරන්නේ මෙතැන කරන්නේ අන්න ඒ වරද කිසියම් පුද්ගලික ආයතනයක් හෝ සමුහයක් හෝ ජනතාව සමග එක්ව මෙයිට වඩා ලොකු දෙයක් කලත් අපි සතුටුයි නමුත් මේ සා විසල මුදලක් වියදම් කරන්නේ අපේ රට වෙනුවෙන් ගත්ත ණය මුදල් වලින් මිස කාගෙවත් භූදලයකින් නොවේ ගෙවා ගන්න බැරි ණය කන්දරාවක් නිසා ගෙදරි පාරට ආවත් බදු ගහන රටේ අයි ජනතාවට තවත් බර පටවන්නේ මේ මුදල් ණය අැමතිලාගේ අසාවන් ඉටුකරන්න දුන්න තෑගි නෙවේ එක තේරුම් ගන්න (හේ)
මේ කරන බොරු වැඩ නවත්තන්න.(හේ)
මේ රජය මොනතරම් වාසනාවන්තද? ලෝකේ ලොකුම නත්තල් ගහ, නිකන් වියදම වැඩියි කියලා කඩලාදාපු මංතීරුව... හැබැයි වසර අවසානයේ ආයතන අයවැයට එකතු වෙයි. අපි කොණ්ඩේ බැඳලා නැහැ (නි)
නත්තල වුනත් වෙසක් වුනත් මේ වගේ මුදල් කාබාසීනිය කරන සැරසිලි මොකටද? මහජන මුදල් නොවෙයිලු. ව්‍යාපාරිකයින්ගේ මුදල් වුනත් රටේ සල්ලි. කාදිනල් තුමා කිව්වා වගේ දුප්පතුන් කිහිප දෙනෙකුට මෙම නාස්තිකාර මුදල් වලින් යහපතක් කරන්න තිබුණා. (හේ)
අජිත් කියන කතාව හරි.(හේ)
නත්තල් ගස හදන්න. හැබැයි බොරු නොකියා ඉන්න.මෙම නත්තල් ගසට රජයේ මුදල් සතයක්වත් වැය නොවන බව කියන්නේ බොරුවකි. මෙයට යොදවා ඇති වරාය සේවකයින්ට පඩි ගෙවන්නේ කවුද? ඒ සේවකයින්ගෙන් වරායට සිදුවන සේවය නොලැබීම වරායේ කාර්යක්‍ෂමතාවයට බලපාන්නේ නැද්ද. එහි වටිනාකමක් නැද්ද. මේ කිව්වේ වියදම් දෙකක් පමණි. (හේ)
මේ වියදම් කරන මුදල් වෙන වැඩකට යෙදෙව්වා නම් මොකද වෙන්නේ.(හේ)
බොරු වැඩනේ.(හේ)
දැන් ජනාධිපති කියනවා බණ ඇහුවට ක්‍රියාත්මක වන්නේ නැහැ කියල, බලන්නකෝ ආගමික නායක තුමකුගේ ඉල්ලීම ට අගමැති පයින් ගහපු විදිහ කමක් නැහැ යුද්දෙට මහින්ද වුණාට ආර්ථිකයට රනිල් තමයි (බ)
කිතුනුවනුත් එපා කියද්දි අායෙත් හදන්නේ මොකද (හේ)
ගෙවල් නැති මිනිස්සුන්ට ගෙවල් ගොඩක් හදල දෙන්න තිබ්බනේ.. බොරු වැඩ (හේ)
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
ලොව ලොකුම නත්තල් ගස ...මේක ඉදිකළ යුතුයි...කොහොම වුනත් කාදිනල් තුමාගේ ප්‍රතිචාරයට අපි ස්තුති විය යුතුයි.හැබැයි කවුරුන් හෝ කියනවා නම මේසා විශාල මුදලක් මෙයට වියදම් කරනවට වඩා එම සල්ලි දුප්පතුන් අතරේ බෙදා දෙන්න එහෙමත් නැත්නම් ගෙවල් ටිකක් හදල දෙන්න කියනවනම් එහි කිසිම යතාර්තයක්නම් නැහැ,නත්තල් ගහ හදන්න ගිය නිසා තමයි ඔය මුදල් ප්‍රස්නේ ආවේ.නොහද හිටියනම් කිසිම ව්‍යාපාරිකයෙක් සල්ලි වියදම් කරන්නෙත් නැහැ.එහෙනම් දුප්පත් මිනිස්සු ගැන කිසිවෙකුට මතක් වෙන්නෙත් නෑ.සල්ලි දෙන්න කියන්නෙත් නැහැ.(හේ)
හැමෝගෙම දැනගැනීම පිණිස කියන්නේ. 2016 ගංවතුර ආ වෙලාවේ වෙසක්, පොසොන් අත්හැරලා තමයි ඒ සල්ලි අසරණයන්ට වියදම් කළේ. (නි)
මෙතැන් අදහස් දාන අය දන්නේ නැද්ද මේකේ තිබෙන වටිනාකම? රටට ලැබන පිළිගැනිම, විදේශ සඟරා වල මුල් පිටුවේ මෙය පළවීම ගැන. (නි)
මේ මුදල්, නත්තල් කන්න සල්ලි නැති මිනිසුන්ට නොදෙන්නේ ඇයි? (නි)
වෙසක් වලට තොරණ් ගහන්න කෝටි ගණන් වියදම් කරනවා. මහින්දගේ කාලේ කාර් රේස් වලට කෝටි ගණන් වියදම් කෙරුවා. කව්රුත් කතාකළාද? (නි)
දීන් හිතාගෙන ඉන්නේ හම්බන්තොට වරාය කියන්නේ මේ නත්තල් ගහ වගේ දවස් 10න් ගළවලා විසිකරන එකක් කියලද? ඒවා අාදායම් ලබන තැන් (නි)
සමහරු හිතන්නේ ආගමික සහජීවනය කියන්නේ බෞද්ධයෝ නත්තල් ගස් හදන එකයි, කිතුනුවෝ බෝ පැල හිටවන එකයි කියලා. මේ අයට තේරෙන්නේ නැහැ ආගමික සහජීවනය කියන්නේ අනුන්ගේ ආගම් වලට අතපොවන්නේ නැතුව තමන්ගේ පාඩුවේ තමන්ගේ ආගම අදහගෙන ඉන්න එක කියා. (නි)
නත්තල් ගස යනු පොඩි ළමයින් සතුටු කිරීමට තෑගි එල්ලා තැබීමට කරන කුඩා නිර්මාණයක් මිස මෙවන් මෝඩ වැඩක් නොවේ. (නි)
වෙසක් තොරණ් වල තියෙන්නේ අපේ ජිවිතයට ආදර්ශ ගත හැකි, බුද්ධ චරිතෙයේ එන ජාතක කතා. ඇත්තටම ඒවා අපිට යහපත් දෙයක් කියා දෙනවා. මේ උසම නත්තල් ගහෙන් අපිට කියා දෙන පණිවිඩය මොකක්ද? (නි)
අර්ජුන ඇමතිතුමා මෙතන පෙන්නන්න යන්නේ බුදුදහමේ උගන්වන අනිත්‍යය. රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් දවස් දහයකින් සත පහකට වටින්නේ නැති කුණුගොඩක් වෙනහැටි පෙන්නලා බුදුදහමේ සත්‍යතාවය ඔප්පු කරන්නයි එයා හදන්නේ මට පේන හැටියට. (නි)
හම්බන්තොට වරායේ ආරම්භක උත්සවයට බිලියන ගානක් වියදම් කළ අය මේක දිහා හැරිලාවත් බැලුවේ නැත. නත්තල් ගස එපා කිවුවේ කාදිනල් තුමා. (නි)
නත්තල් ගස සඳහා රජයේ මුදල් වැයනොකරන බවට උදම් අනන්නේ මොකද? අපේ රටේ ස්වේච්ඡා, ශ්‍රමදාන සංවිධාන මඟින්ද මේ කම්බි ගස මල්පල ගන්වන්නේ? මෙතැන තියෙන්නේ, ආගම් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. (නි)
වෙසක් තොරණ් වලට යන වියදමත් දුප්පතුන්ට බෙදලා දෙනවාද. කුහකකම් හොඳ නැහැ නේද (නි)
මෙහෙම දේවලුත් තියෙන්න ඕනෑ (නි)
එහෙනම් වෙසක් වලට තොරණක් කූඩුවක් හදන්නත් එපා. ඒ මුදල් වලින් ගෙවල් හදන්න. මිනිස්සු වුණාම ජීවිතේට සතුට නිදහස වගේ දේවල් ඕනෑ. (නි)
දැන් ඉතින් මේක හදන එක නවත්තනවා කිව්වම එ් විදියට වැඩේ නතරකරපු එක හොඳයි කියලා අදහස් දාපු අය ඒ ටික හකුලාගෙන ආපහු අදහස් දාමුකෝ බලන්න. (නි)
මෙහි සියලු දෙන තම තමන්ගේ අදහස් පළකර ඇතත් මෙහි යථාර්ථය කුමක් විය හැකිද? අගෝස්තු මාසයේ පටන්ගත් අඩි 350ක් උස නත්තල් ගස මේ වනවිටත් ඉදිකර තිබුනේ අඩි 60ක් පමණි. ඉතිරි අඩි ප්‍රමාණය දින කිහිපයකින් නිමකළ හැකිදැයි ඕනෑම අයෙකුට හිතගත හැකිය. කාදිනල්තුමාද නත්තලට දින ගණනක් තිබියදී මෙය දැනගත්තා වියනොහැකිය. මොකද එය හොර රහසේ, සඟවාගෙන කළ දෙයක් නොවන බැවිනි. අඬන්න හිටපු එකාගේ ඇහැට ඇඟිල්ලෙන් අැන්නා කියන අපේ පුරාණ කියමන මතක්වේ (නි)
තවත් එකක්... ඔය නත්තල් ගසේ සංදර්ශනයෙන් පසුව ඔය ප්‍රදේශය යක්කු නටපු පිට්ටනියක් වගේ තියේවි. ඔය සංදර්ශනය නිසා විනාශවුණ ජල නල පද්ධතිය නැවතත් ප්‍රතිසංස්කරණය කොට තණනිල්ල නැවත සකස් කිරීමට රුපියල් ලක්ෂ කීයක් යාවිද. ඔය කියන සංවිධායකයින් ඒ වගකීමත් බාරගත යුතුයි. (නි)
නියමයි අගමැතිතුමනි. එන්ගලන්තය, ජර්මනිය, ප්‍රංශය, අමෙරිකාව වගේ හිඟන රටවල අයට පෙන්නන්න ඕනෑ ලංකාවෙ තරම. ඔය එක්කෙනෙකුටවත් බැහැ ලෝකෙ ලොකුම නත්තල් ගහ හදන්න. අපි වගෙ සුපිරි රටකට හැරෙන්න. ඒ අතින් අපි හරි වාසනාවන්තයි. අපිට මොනවයින් අඩුවක්ද. අපේ රටේ මිනිසුන්ට නාන්න සල්ලි තියෙනවනෙ. හරි ආඩම්බරයි (නි)
අනේ මන්දා මෙහෙමත් විහිළු? (නි)
බලනකොට හරිම උපක්‍රමශීලී ගතියක් පෙනෙනවා. මුලින් විරුද්ධ වෙලා, දැන් කමක් නැහැ කියනවා (නි)
ලස්සන නත්තල් ගසක් හදන්න පුංචි දරුවකුට ආසා හිතෙන්න, එය ලෝකේ ලොකුම නත්තල් ගස නොවන්න (නි)
නත්තල් ගස් වගේම වෙසක් තොරණ් හදන්නෙත් නැතුව ඒ සල්ලි දිළිදුන්ට දිය යුතුයි (නි)
මේ නත්තල් ගහක් හැදුවා කියලා මේ තරම් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්නේ ඇයි කියලා මට නම් තේරුමක් නැහැ. මේ අවට බිස්නස් කරන මිනිසුන්ට ආදායමක් ලැබෙන එක සහ රටේ මිනිසුන්ට ගිහින් බලන්න මේ වගේ දෙයක් හැදෙන එක හොඳයි. දිගින් දිගටම මේ වගේ දේවල් වෙනවා නම් සංචාරක කර්මාන්තය අතිනුත් හොඳයි. මේකට වියදම් වෙන සල්ලි යම් පමණකට හරි බෙදිලා යන්නේ මේ රටේම මිනිසුන්ට. අනෙත් එක මේ ලක්ෂ 120 කියන්නේ මේ රටේ දේශපාලකයෝ හොරකම් කරන සල්ලිත් එක්ක බැලුවම හිතන්නවත් වැඩක් නැති මුදලක්. (නි)
මේක පටන්ගන්නවා. නවත්වනවා. අනේ මන්දා! (නි)
වර්ජනය කරන්න ඕනෑ මේවා බලන්න යාමෙන්. (නි)
යහපාලනයේ නත්තල් ගහ. මේකේ උඩට නග්ගන්න තියෙන්නේ මුදල් ඇමතිතුමාව (නි)
අපේ මැල්කම් රන්ජිත් අගරදගුරු තුමා ‘මේක මුදල් නාස්තියක්, ඒ නිසා මෙය කිතුදහම ට එකඟ නැත, ඊට වඩා හොඳයි ඒ මුදල් දිළින්දන් වෙනුවෙන් වැය කොට පලක් ඇති දෙයක් කිරීම‘ ආදී වශයෙන් සඳහන් කළ දෙය වෙනස්වුනේ කොහොමද කියල අපට තේරෙන්නේ නැහැ. (බ)
බෞද්ධයකු වශයෙන් මෙම නත්තල් ගස ඉදිකිරීමට නැවත වැඩ ආරම්භ කිරීම ගැන සතුටු වෙමි. එය සියැසින් දැක බලා ගැනීමටද බලාපොරොත්තු වෙමි. කෝටි ගණන් රජයේ මුදල් වියදම් කරමින් 225 දෙනෙකු නඩත්තු කරන රටක මෙම නත්තල් ගස වෙනුවෙන් මුදල් වියදම් කරන්නට බැරිකමක් නැත. කෙසේ නමුත්, කාදිනල්තුමාගේ අදහසට හිස නමමි. (නි)
ලලිත් ප්‍රේමලාල්, ප්‍රශ්නය තේරුම් ගන්න. මිලියන ගණනක් මෙයට වියදම් කළාම තමයි නාස්තිය. එම නාස්තිය ප්‍රයෝජනවත් වැඩකට යොදවන්න කියා කියන්නේ. මුදල් නාස්තියක් නැත්නම් එම මුදල් ප්‍රයෝජනයක් ඇති දෙයකට වියදම් කරන්න කියන කතාවක් එන්නේ නැහැ නේද. දේශපාලකයාගේ අරමුණ වෙන එකක්. අනුන්ගේ සල්ලි වලින් නම් මල්ලිලට බ්‍රේස්ලට් දුන්නට කමක් නැත. (නි)
ලලිත් ප්‍රේමලාල්, ඔබ වගේ අදහස් දරන මිනිස්සු ඉන්න රටක් හදන්න බැරිය. (නි)
ලලිත් ප්‍රේමලාල්, ඔබ පවසා ඇති දේ කියවද්දි මට මාගේ දරුව මතක් වුණා. දවසක් මම එයා කැමති සෙල්ලම් බඩුවක් අරන් දෙන්න යද්දි එයා කිවුවේ සිඟමන් ඉල්ලන්න යන කෙනෙක් පෙන්වා ඔහුට කෑම පාසලයක් අරන් දෙමු කියලා. ඒ පොඩි මගේ දරුවට තියන මොළේවත් ලලිත් ප්‍රේමලාල්ට නැතිවීම ගැන කණගාටුවෙමි. (නි)
මේ රටේ පාලකයෝ කියල ඉන්නේ පුදුම පිරිසක්. රටේ මිනිසුන්ට කන්න අඳින්න නැහැ, රෝහල් නැහැ. මේ වගේ මුදල් විනාශ කරන මනස්ගාත වැඩ වලට නම් මුදල් තියෙනවා. (නි)
මේ නත්තල් ගහ නම් අපූරුයි. වැඩේ පටන්ගත්තේ බෞද්ධයෙක්. කාදිනල්තුමා විරුද්ධ වෙනකන් රටේ කිසිම කෙනෙක් කට ඉස්සුවේ නැහැ. ලලිත් කියන්න වගේ ඔය සල්ලි කවුරුත් කාටවත් දෙන්නේ නැහැ ගහ නොතිබුනා නම්. හොඳම දේ තමයි ගහ බලන්න එන අයට කැට හොලවලා ලැබෙන ආදායමෙන් අසරණ කෙනෙකුට උදව් කරන්න. එහෙම නැත්නම් ඔය ගහ යට තෑගී තියන්න ව්‍යපාරිකයන්ට ඉඩ දෙන්න. ඒවා අසරණ අයට බෙදා දෙන්න. නැත්නම් ගිය වියදමත් වතුරේ. (නි)
මම බුද්ධාගමේ බව මුලින්නම කියන්න ඕනෑ. මට කියන්න ඉහත අදහස් දමා ඇති හැමෝම එකඟ වෙනවද අපි අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය, පොසොන් උත්සවය සමරන්නෙ නැතුව එම සියලු මුදල් දුපපතුන් වෙනුවෙන් ගෙවල් හදනවට? (නි)
අර 1996 දී ලක ක්‍රිකට් කුසලානය අපේ රටට මහත් කීර්තියක් රැගෙන ආව අර්ජුන රණතුංග නමැති අසහාය ක්‍රිකට් ක්‍රීඩකයා තුල අද ජීවත් වන්නේ නාහෙට අහන්නැති මෝඩකමින් අගතියට ගිය ඇමති කෙනෙක්.මට නම් හරිම දුකයි මේ වෙච්ච පරිවර්තනයට.හිටිය හැටියටම හිටියානම් තමයි හොඳ.මේවා දැකලා ඇතිවෙන්නේ කේන්තියක් නෙමෙයි පිළිකුලක්. (අ)
තමන්ගේ නම ප්‍රසිද්ධ කරගන්න මෙවැනි දේවල් කරන දේශපාලකයන් තමන් ගැනම ලැජ්ජා වියයුතුයි. (නි)
නත්තලත් විකුණගෙන කන වෙළෙන්දෝනේ දැන් ඉන්නේ (නි)
මීට කලින් හිටිය කට්ටිය කෝටි ගණන් වැයකරලා ලොකු උත්සව තියනකොට කාගේත් කටවල් වැහිලා. ඔය අදහස් උදහස් එදත් කිව්වා නම් තමා වැදගත්. ඔක්කොටම දුප්පත් අසරණ මිනිස්සු මතක් වෙන්නේ දැන් තමා. (නි)
මෝඩකමේ සීමාව ඉක්මවා ගිය කදිම අවස්ථාවක්. නත්තල් ගස කෙසේ වෙතත් මේ මෝඩකම නම් ගිනස් පොතට යන එක ස්ථීරයි. (නි)
ආ ...... මට තව එකක් අමතකවුණා. මෝඩකමට අමතරව මහ ජනතාවගේ හඬ නාසන මුරණ්ඩුකම මොනවට විදහා දක්වන අවස්ථාවක්. (නි)
කොපමණ ආඩම්බරයක්ද? අපි ඉතින් ලොකු දේවල්නේ කරන්නේ (නි)
වරායේ සේවකයෝ ස්වේච්ඡාවෙන් නත්තල් ගහ ඉදිකරන්නේ නිවාඩු දාලා වෙන්න ඇති. ඒවා ආණ්ඩුවේ සල්ලි නෙමෙයිද? (නි)
දරුවන්ට කන්න දෙන්න බැරුව කෝච්චියට පනින අම්මලා ඉන්න රටක ලොකුම නත්තල් ගහ ගිනස් පොතට යවාගත්තම අපේ උදාරකම ලෝකෙටම පෙනේවි. කාදිනල්තුමා හිතන්න ඇත්තේ යථාර්ථය. (නි)
අපේ දිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමා සහ ලලිත් ඇතුලත්මුදලි වගේ ඇත්තටම දුප්පත්කම නැතිකරන්න ගම් උදාව සහ මහපොළ දෙනවා වෙනුවට මේ වගේ දේවල් කළා නම් එතුමලටත් ගිනස් පොතේ නම් දාගන්න තිබුනා. (නි)
හොද වැඩක් (ම)
සත්‍යවාදි විම හරි වටිනවා දෙබිඩි චරිත තියෙන කපටින්ට ඔය වගේ වැඩ කරන්න පුලුවන් (බ)
ලෝකයේ වැඩිපුරම ඉන්නේ නත්තල් සමරන අය. ලංකාව ගැන ප්‍රවර්ධන වැඩසටහන්වලට පහුගිය ආණ්ඩුව මීට වැඩිය මුදල් වියදම් කළා... මේකෙන් අපේ රට ලෝකෙට යවන්න හොඳ අවස්ථාවක් කරගමු (බ)
එතකොට රජයේ සල්ලි නොවුනා නම් මේ සල්ලි නෙවෙයිද. මේවා අපරාදේ වැඩ. (හේ)
මෙහෙම දෙයක්වත් නැත්නම් ඇති වැඩේ මොකක්ද? (නි)
මේකෙන් අපේ රට ලෝක ප්‍රසිද්ධ වේවි (නි)
අපි නම් යනවා මේක බලන්න (නි)
" ලෝකෙට පරකාසේ.....ගෙදරට මරගාතේ " කියලා අපේ මුතුන් මිත්තන් කිවුවේ මේ වගේ වැඩ කරන අය ඒ කාලෙත් හිටපු නිසා නේ !(හේ)
නුවන්, රටේ කිසිම කෙනෙක් කට ඉස්සුවේ නැති එකට හේතු තිබුනා. බෞද්ධයා කතාකළා නම් එ්ක ආගම්වාදය. කතෝල්කයෙක් (නි)
කාගේ සල්ලි වුනත් ඒවා දුප්පතුන්ට දුන්නා නම් ඉවරයි.(හේ)
මේ දේශපාලන වැඩ.(හේ)
දොඹකරේ දුන්නේ නත්තල් සීය වෙන්න ඇති (හේ)