
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
“උස නම් සිකුරීටි මිටිනම් කම්කරු හා තාත්තගෙන් පුතාට යන දේශපාලන සංස්කෘතිය අවසන් කල යුතුව තිබෙනවා.සාම්ප්‍රදායික දේශපාලන රටාවෙන් මිදී නව දේශපාලන ගමනක් වටා අද මේ රටේ තරුණ තරුණියන් එකතු වී සිටිනවා. ඒ තරුණ ශක්තියෙන් තව මාස හතකට පසු රටට සුභදායි සමාජ පරිවර්ථනයක් හා නව පුනරුදයක් ඇති කරනවා.”යයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මාතර දී පැවසීය.
“යූත් අපි සෙට් එකම ෆිට් එකේ මාලිමාවට” යන තේමාව මුල් කර ගෙන ජාතික ජන බලවේගය සංවිධානය කල මාතර දිස්ත්‍රික් තරුණ සමුළුවේ දී ඔහු ඒ බව කීය.
එම තරුණ සමුළුව පෙරේදා (17) මාතර නිල්වලා ගගබඩ උද්‍යානයේ දී පැවැත්විණි.
මාතර වෙරල පාරේ සීට තරුණ තරුණියන් පා ගමනකින් එම සමුළුව වෙත පැමිණියේය.ඊට සමගාමිව යතුරුපැදි පෙළපාලියක් ද පැවැත්විණි.
තරුණ සමුළුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහත් මෙසේ ද කීය.
“නව දේශපාලන ගමනක් සදහා තරුණ තරුණියන් එකතු කිරීම අද අපි මාතරින් පටන් ගත්තා.අපි හිතනවා ලංකාවේ වැඩිම තරුණ පිබිදීම මෙය බවට පත් වේවි කියලා.අද අපේ රටේ තරුණ කණ්ඩායම් කිහිපයක් සිටිනවා.
එක කණ්ඩායමකට යමක් කමක් තිබෙනවා.යම් වත්කමක් ඇති ඔවුන් ජාත්‍යන්තරය සමග පවා සම්බන්ධකම් පවත්වනවා.ඔවුන් හිතනවා මේ රටට වඩා සුරක්ෂිත රටක් ආරක්ෂිත රටක් ජීවත් වන්න අවශ්‍යයි කියලා.ඒ නිසා ඔවුන් ඕස්ට්‍රේලියාව,නවසීලන්තය,කැනඩාව ආදී යුරෝපීය රටවල් තම අනාගත ගමනේ ඉලක්ක බවට පත් කර ගෙන සිටිනවා.
තව කණ්ඩායමක් ඉන්නවා.රැකියා නෑ.අතේ මිල මුදල් නෑ.අම්මා තාත්තට බරක් වෙලා.තමන්ට තිබෙන සිහින බිද වැටිලා.ගෙයක් දොරක් නෑ.විවාහයක් කර ගන්න විදියක් නෑ.ඒ නිසා ඔවුන් හිතනවා මැද පෙරදිග හෝ කොරියාව,ඊශ්‍රායලය වැනි රටකට පැන ගත්තොත් හොදයි කියලා.ඒ වෙනුවෙන් වෙහෙසෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම උනත් අපිට ඔයාලා කරපු විනාශ අමතකත් නැහැ ඔයාලා ගැනත් කිසිම විශ්වාසයක් නැත .අපි මැරී ඉපදුනෙත් නැත
අවු 76 නිල් - කොළ සාපය තමයි රට විනාශ කරේ. අද 65% කන්න නෑ කියලා IMF එකම කියනවා. ආර්ථික ප්‍රශ්න ඇතුළේ මිනිස්සු මිනිස්සු මරා ගන්නවා. ඡන්ද තියන්නේ නෑ. මිනිස්සු අසරණ වෙලා. පාරට බහින්න බෑ. මුළු පවුල් සංස්ථාවම භීතියට පත් වෙලා. සුඩානෙට FDI ගලා එම gdp එකේ ප්‍රතිශතයක් හැටියට 1.7 සැප්තැම්බර් වල 2023 අපේ තියෙන්න යන්තන් 0.7 ඒ කාලේම. ෆැක්ටරි 340 වැහිලා රස්සා ලක්ෂ ගණන් නැති වෙලා. තව කොම්පැනි දහස් ගානක දේපල බැංකුවලට සින්නවෙලා. ව්‍යාපාරික ආර්ථිකය මුළු මනින්ම විනාශ කරලා, ඩොලර් රේට් එකක් දිහා බලා ඉන්න මෝඩ ආණ්ඩුවක්... ආනයන නැතිව කොම්පැනි වෑහෙන රටක ඩොලර් රේට් තියාගෙන මොකටද? මේ ඩොලර් බොම්බේ පිපිරෙන දවසට ලංකාවේ කෑලි හොයන්න බැරි වෙනවා. ඒක අනුර අතට දෙන්න නමයි මේ ගෙනියන්නේ. ලංකාවේ ආර්ථිකේ 2021 සුළු වෙනසක් ඇරුණාම, 2019 ඉඳලා තියෙන්නේ ඍන වර්ධන වේගයක්. අපිට තාම තියෙන්නේ වර්ධනය නොවන ඍන ආර්ථිකයක්. එතකොට මේ ඩොලර් රේට් එක ලස්සන වුණාට සේනා දළඹුවා වගේ අපිව කාගෙන කාගෙන යනවා නේද?
උඩින්ම කොමෙන්ට්ස් දාලා ඉන්න උදවියට , 88,89 විතරමයි කියන්ඩ තියෙන්නේ . ඊට පස්සේ බලයට ආපු දුශිත දේසපාලුවෝ කරපු විනාසේ පේන්නේ නැතුව ඇති . සුදුවෑන් ගාතන අතුරුදන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු හැටි.රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කරලා අධිරණය පවා දේශපාලණීකරණය කෙරුවා .කොම්පියුටර් ජිල්මාට් ,පාස්කු ප්‍රහාරය මතින් ජනතාවම අන්දලා දූෂිත පවුල් පාලකයෝ බලය ගත්තා..අන්තිමට ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ධ කරලා ,රටම බංකොලොත් කෙරුවා ..මොලේ උඩ ඉන්න වහලුන්ට ,බයියන්ට නම් මොකෝ?
දැන් අනුර මහත්තයා රනිල්ට රාජපක්ෂලාට මොකුත් කියන්නේ නැහැ නේද? සජිත් හැමෝටම අභියෝගය කියලා පිළිගත්තා වගේ සතුටුයි. දැන් ඔක්කෝම එකතුවෙලා සජබයට ගහන්නේ. වැඩක් නැහැ දැන් ප්‍රමාදයි..!
එක එක මනුස්සයාට මඩගහන එක පැත්තක තියලා තමන්ගේ වැඩපිළිවෙළ ගැන කියලා වෙන පක්ෂ වලට මෙතෙක් ඡන්දෙ දුන්නු අයගේ හිත දිනාගන්න. නොඑසේ වෙනත් පක්ෂවලට එම නායකයන්ට මඩගහන ලංකාවේ සම්ප්‍රදායික දේශපාලනය අනුව ඡන්දෙ දිනාගන්න බැරි බව මතක තියාගන්න.
මිනිස්සු දැන් බුද්ධිමත් හොඳ වැඩපිළිවෙළක් ගැන සෑහීමකට පත්වුණොත් ධන්දෙ දේවි. නැතිව මඩගහලා නම් ඡන්දෙ ගන්න බැරිවෙයි.
උස නම් සිකියුරිටි මිටි නම් කම්කරු ක්‍රමය තමයි රැකියා විසදීමට තිබුණු එකම මාර්ගය වුනේ ඒත් විදේශ වලින් ලංකාවට ලැබුණු කර්මාන්ත ශාලා රාශියක් රැකියා උත්පාදනය කලා ඒත් ජෙප්පන්ගෙ වෘත්තීය සමිති ඒවාට රිංගලා ඒවා වැසීයාමට සැලස්සුවා රැකියා දීමට අවස්ථාව නැතිවුණා ඒත් ප්‍රේමදාස ජනාධිපති කාලයේ ඇගලුම් කම්හල් ඇතිකර ලක්ෂ ගණනක් තරුණ පිරිසට රැකියා අවස්ථා ඇතිකලා.වත්මන් ජනාධිපති කර්මාන්ත ඇමතිවරයා ලෙසට කර්මාන්තපුර ඇතිකර රැකියා සම්පාදනය කලා.සිරිල් මැතිව් කර්මාන්ත ඇමති හැටියට නිෂ්පාදන ආර්ථිකය නොහදා ත්‍රීවීලර් ගෙන්වා රැකියා ලැබෙන්න සැලසුවාට පස්සෙ පත්වූ රජය කලේම උන්ගේ දේශපාලන අතවැසියන්ට සේවයේ අවශ්‍යතාව නැතුවත් රජයේ රැකියා ලබාදී පුටු රත්කිරීමට සැලැස්වීම පමණයි ඔය අතරේ ව්‍යාපාරික ප්‍රජාවට කර්මාන්ත ආරම්භ කිරීම එපාවෙන්න අනාගතයේ රටේ රජකමට කෙළහැලූ පිරිස් බාධා සිදුකළා.මේ වනවිට රටේ කර්මාන්ත දහස් ගණනක් වැසීගොස් අවසන්.ඒනිසා බ්‍රෝ අනුන් කියපු එකකම එල්ලලා නොසිට වාර්ෂිකව අධ්‍යාපනය අවසන් වෙලා සමාජගත වෙන පිරිසට ලැබූ අධ්‍යාපනයට අනුව සුදුසු රැකියා අවස්ථා උත්පාදනය කරන වැඩපිළිවෙළක් හදන්න කියලා මතක් කරනවා