දිවයිනේ ප්‍රදේශ රැසක දහවල් උපරිම උෂ්ණත්වය මේ දිනවල සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක දෙකකින් තුනකින් පමණ ඉහළ ගොස් ඇති නිසා හිරු එළියට විවෘතව අධික ලෙස වෙහෙසවීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
ශරීරය වෙහෙසට පත්වන විට ශරීර උෂ්ණත්වය වැඩි වුවත් පවතින කාලගුණ තත්ත්වය යටතේ එම උෂ්ණත්වය අඩුකරගැනීමේ හැකියාවක් ශරීරයට නොමැති බැවින් හිරු එළියේ වෙහෙසීම අහිතකර බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ හා කෘෂි කාලගුණික අංශයේ අධ්‍යක්ෂ කේ.එච්.එම්.එස් ප්‍රේමලාල් මහතා පැවසීය.
දැනට පවතින දැඩි වියළි හා උණුසුම් කාලගුණ තත්ත්වය මැයි මාසයේ අවසානය දක්වාම පවතිනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අප්‍රේල් මාසයේ අන්තර් මෝසම සක්‍රීය වී වැසි ඇතිවුවත් මැයි මාසයේ නිරිත දිග මෝසම සක්‍රීය වන තුරු පරිසර උෂ්ණත්වය සම්බන්ධයෙන් විශාල සහනයක් බලාපොරොත්තු විය නොහැකි බව ද කේ. එච්. එම්. එස් ප්‍රේමලාල් මහතා සඳහන් කළේය.
එසේ වුවත්අප්‍රේල් මස හතර වැනිදා සිට 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වන බැවින් එම දිනවලදීද පරිසරයේ උණුසුම තරමක් ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
අන්තර් මෝසම් වැසි නොලැබීම, සුළං ධාරාවල වෙනස්කම් නිසා පහළ වායුගෝලයේ පමණක් ජලවාෂ්ප වැඩිවීම ආදිය පරිසර උෂ්ණත්වය ඉහළයාමට හේතුව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සමහර මිනිස්සු කරන වැඩ වලට මම නම් හිතුවේ දිගට හරහට දවල්ටත් අකුණු ගහන්න ගනියි කියලයි. (නි)
සෑම් ඔයා කියපු දේ හරියට හරි, අපට මොනතරම් සුන්දර ළමා කාලයක් තිබුනද, ඉස්කෝල ඇරිලා ගෙදර ආව හැටියම හොදට කාලා ඇලේ දොලේ කැලේ පැනල මොනතරම් සතුටු උනාද , මොන හෙනයක් වත් නැහැනේ, විබාග වලට පාඩම් කරනව තියා පොතක් අතින් ඇල්ලුවේ නැහැනේ විබාග කියලා, ගල් කුර ගල් ලෑල්ල අරගෙන ඉස්කෝලේ ගියේ , ඉස්කොලේ හාමිනේ අපි ඉස්සරහට අරගෙන පාඩම කියලා දෙනවා , කියලා දීල ඉවරවෙලා කියනවා දැන් ගනිල්ලා ගල්ලෑල්ල ගල්කුර , මම අහන ප්‍රස්නවලට උත්තර ලියපල්ලා , උත්තර වැරදුනොත් කනට ගල් කැටයක් තියල හොල්ලනවනේ, ලොකු ඉස්කෝලේ මහත්තය ආරිය සිංහල ඇඳුම සාකුවේ පුරවල තියෙන්නේ පුංචි ගල්කැට. (ර)
ගස්කොළන් විනාශ වුණාම රස්නය දැනෙන එක අහන්න දෙයක්ද? (නි)
අපි පොඩි කාලේ, එහෙම නැත්නම් තරුණ කාලේ අද වගේ කොම්පියුටර් , ලැප්ටොප් ,අයි පෑඩ්, අයි ෆෝන් තිබුනේ නැහැ .දවසම එළියේ සෙල්ලම් කරනවා . අව්ව වැස්ස කියන රාශි දෙකම අපිට අදාළ නැහැ .උෂ්ණත්වය අංශක කිහිපයක් වැඩිද අඩුද කියලා කව්රුවත් දන්නේ නැහැ . යාළුවො එක්ක උදේට බයිසිකලේට (මෝටර් සයිකල් නොවේ) නැග්ගාම සමහර දිනවල සැතපුම් සීයකට (කි.මි.160) වඩා තොප්පියක්වත් නැතුව ගිනි අව්වේ පදිනවා . දැන් ඉන්න පියර බබාලට නම් අව්වේ ගියත් ලෙඩ, වැස්සේ ගියත් ලෙඩ . මොකද දවසම පුටුවක ඉඳගෙන ගේම් ගහන එකනේ කරන්නේ .අපි තවමත් කට්ටිය එකතු වෙලා විනෝද වෙනකොට ඉස්සර කාලේ කරපු වැඩ ගැන කියලා සතුටු වෙනවා දැන් ඉන්න ළමයින්ට වයසට ගියාම කියන්න වෙන්නේ සෙන්ටිග්‍රේඩ් දෙකක් රස්නේ වැඩි උන නිසා එලියට බැස්සේ නැහැ කියලයි. (ර) .
සෑම් මහත්තයෝ, ඔබ තුමාගේ හරවත් ප්‍රතිචාරය ගැන මගේ කිසිදු ගැටළුවක් නැහැ. නමුත් අපි අපේ බාල පරම්පරාවට එලියට බැහැලා නිදහසේ සෙල්ලම් කරන්න තරම් වටපිටාවක් හදලා දුන්නද කියන ගැටලුව තියනවා නේද? අපට එදා තිබුන ඒ සුන්දර පරිසරය ආරක්ෂා කරන්න අප දරුවන්ට දුන් ආදර්ශය ගැන අපට සතුටු වෙන්න පුලුවන්ද? (බ)
කියල වැඩක් නැහැ සෑම් ඔයා සියට දෙසීයක් හරි. (බ)
ගිනිගහන අව්ව වෙලාවට වත්ත පහල තියෙන කොහොඹ ගසක් යටට වෙලා ගිමන් හරින විට, දැනෙන සිසිලස නුතනයේ වායු සමීකරණය කරන ලද කෘතීම සිසිලසට වඩා කෙතරම් සුවදායකද...?අපි පොඩි කාලයේ විඳි ඒ ඉමිහිරි මතකයන් ,අපේ ළමයින්ට අහිමි වීම ගැන මගේ සිතේ ඇත්තේ ඉමහත් කනගාටුවකි. (ර)
එන්න එන්නම රස්නය වැඩිවෙනවා. පහුගිය වසරට වඩා මේ වසරේ රස්නය වැඩියි. ඊට පෙර වසරට වඩා ගිය වසරේ රස්නය වැඩියි. මේ රටාවේ අඩුවීමක් පේන්න නැහැ. කොහොමත් මේ යන විදියට තව වසර කිහිපයකින් වායුසමීකරණයත් අපේ රටේ නිවාස වලට අත්‍යවශ්‍යම උපාංගයක් වේවි. (නි)
මුලින් ලිපිය හරියට කියවා අවබෝධ කරගෙන අදහස් දමන්න. (නි)
ඒක තමා. මේ දවස්වල දවල්ට එළියට ගිහින් ආවහම තදබල හිසේ කැක්කුමකුයි, ඇඟට දැඩි මහන්සි ගතියකුයි එන්නේ. හිරු මුදුන් වෙනවා කියන අප්‍රේල් මාසයේ මේ තත්වය තවත් දරුණු වෙයි (නි)
ඔව් මේ අව්වේ පාරෙවත් යන්න අමාරුයි. එපා වෙනවා.(හේ)
මොකක්ද මේ වෙන්න යන්නේ.(හේ)