ඩබ්ලිව්.ඒ. අසේල
මීගමුවේ සිට වල් ඌරන් දඩයම් කිරීමට ගියැයි සැකපිට පුද්ගලයින් තිදෙනෙකු සහ ඔවුන් රැගෙන ගිය බෝර දොලහේ තුවක්කුවක් පතරොම් එකොලහක් සහ රාත්‍රි ලාම්පු හතරක් (ඩ්‍රැගන් ටෝච්) තලාතුඔය පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මහනුවර රන්දෙනිගල රජමාවතේ ගුරුදෙණිය ප්‍රදේශයේ රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් වාහන පරීක්ෂා කරන අවස්ථාවේ මෙම කාර් රථය පරීක්ෂා කර ඇති අතර එවිට තුවක්කු සහ පතොරොම් තිබී ඇත.
අත් අඩංගුවට ගත් පුද්ගලයින් පවසා ඇත්තේ ඌරන් දඩයමට යෑමට පැමිණි බවයි. මොවුන් තිදෙනාගෙන් එක් අයෙකු කෘෂිකර්ම උපදේශකයෙකු වන අතර තවත් අයෙකු පෞද්ගලික ආයතනයක අලෙවි කළමනාකරුවෙකු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින්, මොකක්ද කරල තියෙන වැරැද්ද? තුවක්කුව හොර එකක් නම් මිසක් කිසි වැඩක් නැහැ. නිදහස්. අර සින්දුවේ ඉන්න සරා ගොයියා කිව්වා වගේ 'දුවන්නටත් අද ලයිසන්- ගන්නට ඕනද රාළහාමි'?
වල් උරෝ අනීවාර්යයෙන්ම මරන්න ඕනා, උන් දුප්පත් ගොවීන්ගේ වගා විනාස කරනවා, මේ පිටරට සල්ලිවලට කහින "ඇනිමල් රයිට්" කාරයෝ හින්දා වගාවක් වත් බේරා ගන්න බෑ ඌරන්ගෙන්.
මේක හරිම අසාධාරණ නීතියක්. වල් ඌරන් මරන්න තහනම්, වල් නැති ඌරන් මැරුවට කමක් නැහැ! එතකොට වල් නැති ඌරන්ගේ අයිතිය වෙනුවෙන් කතා කරන්නේ කව්ද ?