IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘උම්බලකඩ - කොත්තමල්ලි කාලා බලන් : පොඩි මල්ලි වරෙන්‘

යහපාලන ස්ටෝර්ස් එකෙන් බඩු ලාබ කරල මාස දෙකක් විතර වෙන නිසා බජට් බුවාට  ඕන වුණා ජනම්ස්ල කන බොන හැටි හොයල බලන්න. බඩු ඉම්පෝට් කරන බූවාල සේරම ගෙන්න ගෙන බජට් බූවා පොඩි චෙකප් එකක් දැම්මා. ජනම්ස්ලගෙ සොමිය කොහොමද? බජට් බුවා වැඩේට එන්ටර් වුණේ එහෙමයි.

ජනම්ස්ලට දැන් හාල්මැස්සොයි, කොත්තමල්ලියි දෑහට පෙන්නන්න බෑ කියනවා. හාල්මැස්සො කාලම කොත්තමල්ලි බීලම එපා වෙලා කියලයි කියන්නෙ. උම්බලකඩ කනවා කියල කොච්චර කන්නද? හොඳි හදලත් කන්න බෑ කියල තමයි ජනම්ස්ලගෙ ටෝක් එක. ඉම්පෝට් බුවාල සේරම ටික කිව්වෙ එහෙමය.

ජනම්ස්ල බස්සපු බඩු ගන්නවද බජට් බුවා තව බෝලයක් දැම්මේය. පිස්සු පීකුදු බොස්! බඩු යන්නෙ හරියට පිටකොටුවේ ට‍්‍රැපික් ජෑම් එක වගේ. අපේ ගතම් එක දැන් ගල්ටික් වෙලා තියෙන්නේ. ඉම්පෝට් බුවාල දුක කීවේ පුල් අප්සෙට් පිටය. හරි හරි  ඕකට පොඩි පාරක් දාන එකයි තියෙන්නේ. සිම්පල් නේ මං දෙන්නම් ගුඞ් ඇඞ්වයිස් එකක් කියූ බජට් බුවා ඇඞ්වයිස් පාර ඉම්පෝට් බුවාලට දුන්නේය. යන්නෙම නැති කොත්තමල්ලි සීයේ පැකට් ගහල ඔය පේමන්ට් බුවාල ටිකක්, අරගෙන උන්ට බාර දුන්නම උන් බඩු ටික සේල් කරයි හරියට වාෂ්ප වුණා වගේ. තව  ඕක කරන ගමන් කොත්තමල්ලි පාරකුත් ජනම්ස්ලට ප‍්‍රී එකේ දුන්න නම් බඩු බනිස්ම තමයි. බජට් බුවා ඇඞ්වයිස් පාර දැම්මේය. කොත්තමල්ලි පාර දෙන්නෙ කොහොමද බොස් ඉම්පෝට් බුවෙක් ඇසීය.

ඔය උදේට කොළ කැඳ විකුණන කරත්තයක් හයර් කරලා පේමන්ට් බුවාල ළඟින්ම තියාගෙන තම්බල දෙන්න පුළුවන් ජනම්ස්ලට ප‍්‍රී එකෙන් දෙනව නම් තමයි ජනම්ස්ලට ආතල් එක හම්බවෙන්නේ. මම ඔය බස්සපු බඩු දෙන සින්දුවක් හදල ටී.වී. එකෙයි රේඩියෝ එකෙයි දාන්න ඇඞ් පොරකට බාර දීල තියෙන්නේ බජට් බුවා ඇඞ්වයිස් එක දුන්නේ එහෙමය.

ඉම්පෝට් බුවාලත් ගල්ටික් වෙලා තියෙන ගතම් එක බේරගන්න බජට් බුවා කියපු විදියට කොත්තමල්ලි සීයේ පැකට් ගහල පේමන්ට් බුවාලට වැඬේ බාර දුන්න. කොළ කැඳ කරත්තයකුත් හයර් කරල කොත්තමල්ලි හැලි දෙකකුත් සෙට් කරල පේමන්ට් බුවාලත් දැන් වැඬේට එන්ටර් වෙලා.

බඩු සේල් කරන හැටි පේමන්ට් බුවාලට සිම්පල් මාකටින් ප‍්‍රමෝෂන් වලට පේමන්ට් බුවාල ඔස්තාර්ල තියල ඉම්පෝට් බුවාලට තේරුනේ බඩු පුල් ස්පීඞ් එකේ යන විදිය බැලූවාමය.

පකිස් පෙට්ටියක් උඩට නැග්ග පේමන්ට් බුවෙක් ජනම්ස්ලට ඇහෙන්න මරහඬ දෙන්න පටන් ගත්තා.

අලි ආවා , බඩු ආවා

පොඩි පුතාගේ ඖෂධේ

ලොකු සීයගෙ ඖෂධේ

හෙම්බිරිස්සා මාරයා

පේමන්ට් බුවාල ළඟම කොත්තමල්ලි වතුර බෙදිල්ලත් ස්ටාට් කරල. ජනම්ස්ල පෝලිමේ එන්ටර් වෙලා කොත්තමල්ලි පාර දානවා. පෝලිමේ සිටි වයසක පොරක් තව පොරක් ගෙන් ඇහුවෙ කොත්තමල්ලි පාරට ගතම් එක ගන්නවද කියලය. පිස්සු ඩබල් ප‍්‍රී එකේ තමයි දෙන්නේ පොර කීවේය. එතකොට මේක අර අරලිය දන්සල ද? වයසක පොර ආයිත් පාරක් හොට දැම්මේය.  බණ ටෝකින්! ඒක ක්ලෝස් කරල දැන් දාල තියෙන්නේ යහපාලන දන්සල පොර රිප්ලයි එක දුන්නේය. පේමන්ට් බුවාලත් මාර්කටින් ප‍්‍රමෝෂන් එක සැරින් සැරේ වෙනස් කරනවාය.

අපේ මල්ලි, කොත්තමල්ලි

අලි ආවොත් බඩුම තමයි

හැමදාම නෑ , හැම තැනම නෑ

පේමන්ට් බුවාලගේ වැඩේ නැගලාම යනවාය. ජනම්ස්ල පෝලිමේ ඇවිත් කොත්තමල්ලි පාර දාගෙන පේමන්ට් බුවාගෙන් සීයේ පැකට් එකත් අරගෙන මාරු වෙයි.

බඩු ඉවර වෙන කොට තව පේමන්ට් බුවෙක් කොත්තමල්ලි පැකට් ගෝනි දෙක තුනක් ගලයි. පැය දෙකක් යනකොට බඩු බනිස්ම වෙලා. පේමන්ට් බුවාලට පුල් සැටිස්ය. ගතම් එක කාලෙන් කාලෙ ඉම්පෝට් බුවාලගෙ ගතම් බේරලා පේමන්ට් බුවාලටත් දැන් සම්තිං ලැබිලායි.

ඉම්පෝට් බුවාලටත් දැන් පුල් හැපිය. ගල්ටික් වෙලා තිබුණු ගතම් එක රිලැක්ස් වීම නිසාය.

පහුවදාටත් කොත්තමල්ලියි හාල්මැස්සොයි ඩබල සිල් ඇරන් ඇගි‍්‍ර වෙච්ච පේමන්ට් බුවාල මාරු වුණා.

පහුවදාත් දැන් වැඬේට පේමන්ට් බුවාල එන්ටර් වෙලාය. අම්මට සිරි ආතල් සින්දුවක් යනවනේ. කියූ පේමන්ට් බුවත් ඉනේ ගහගෙන තිබු පොකට් රේඩියෝ එකේ සද්දෙ වැඩි කළේය.

ලාබ කලා, දැන් කාල බලන්

හොඳ නංගි වරෙන් හොඳ මල්ලි වරෙන්

පන්සල, පල්ලිය, කෝවිල දන්සල

ගේ දොර කුස්සිය, යහමින් බඩු ඇත.

කාල බලන්.......

හොඳ නංගි වරෙන් , හොඳ මල්ලි වරෙන්

හාල්මැස්සො , උම්බලකඩ

කොත්තමල්ලි උඳු මුං ඇට

බස්සපු ගානට අරගෙන

උයලා බලන්, දැන් කාල බලන්

හොඳ නංගි වරෙන් , හොඳ මල්ලි වරෙන්

රේඩියෝ එකෙයි, ටී.වී. එකෙයි දැන් සින්දුවට පුල් පබ්ලිසිටි. පේමන්ට් බුවාලටත් දැන් වැඬේ ඊසිය. කොත්තමල්ලි හාල්මැස්සො ඩබල දැන් යන්නේ හයිවේ ස්පීඞ් එකටය. කොත්තමල්ලි දන්සල් පානේ නැගලම යනවාය.

දැන් ඉම්පෝට් බුවාලගෙ බඩු සේරම පිනිස්ය. ඉම්පෝට් බුවාල හැපී මූඞ් එකෙන්ම බජට් බුවා මීට් වෙන්න ගියා.

බජට් බුවාත් එක්ක දැන් ටෝක් එකට එන්ටර්ය.

කොහොමද දැන් බජට් බුවා ඇසූවේය. පිස්සු ඩබල් බොස් ! සෙවල තිවල නෑ. පේමන්ට් බුවාල ටික තිතටම වැඬේ දුන්න. බඩු ටික වාෂ්ප වුණා නිකන් හයිවේ එකේ ගියා වගේ. බජට් බුවාගේ සින්දුවත් මාර හෙල්ප් එකක් වුණා. ඉම්පෝට් බුවාල කීවේ ජොලි මූඞ් එකෙන්ය.

ඔය සමුප, සතොස සුපර්මාර්කට්වල බස්සපු බඩු යන්නෙ නැද්ද බජට් බුවා හරහට ප‍්‍රශ්නයක් දැම්මේය.

බොස් බණ ටෝකින් ! පේමන්ට් බුවාලට ගහන්න බිස්නස් පොරවල් නෑ. උන් මාර පබිලිසිටි පාරක්නේ දාන්නෙ බඩුවලට.  ඕන කුණු ගොඩක් ජනම්ස්ලගෙ ඇෙඟ් ගහන්නෙ පුල් සීරියල් පිටනේ. ඉම්පෝට් බූවාල කීවේය.

පේමන්ට් බුවාලගෙ වැඩ කිඩ ගැන ස්ටඩි පාරක් දාල මගේ ඊළඟ බජට් එකේදි පේමන්ට් බුවාලගෙ බිස්නස් පාර අස් කරන්න වැඩක් සෙට් කරනවා. බජට් බුවා කීය.

රටේ තොටේ ජනම්ස්ලගෙ අයිඩියාස් දැන ගන්නත් බජට් බුවාට මේ ටෝක් එකේදි  ඕන වුණා. ඒ හින්දා බජට් බුවා ඉම්පෝට් බුවාලගෙන් ඇහුවෙ ජනම්ස්ල අපේ යහ පාලනය ගැන සැටිස් ද කියලය. ඉම්පෝට් බුවෙක් බජට් බුවාට රියල් රිප්ලයි එකක් දුන්නේ මේ විදියටය.

පිස්සු පීකුදු බොස්! ජනම්ස්ල කියන්නෙ යහපාලන බොසා මාසෙට එක ගානේ පොරින් ටුවර් ගහනවා කියලය. කලින් බොසා මාසෙට එක ගානේ පොරින් ටුවර් ගැහුවෙ නෑ කියලත් කියනවා ඉම්පෝට් බුවා කීය.

තව ඉම්පෝට් බුවෙක් මේකට හොට දැම්මෙ මෙහෙමය. පටන් ගන්නකොට නඩය 12යි. දැන් 40යි. ඊළඟට සීය පනියි. මේකත් හරියට බජට් බූවලගෙ බජාර් එක 30න් පටන් අරගෙන 77ට නැග්ග විදියටම වැඩි වෙයි කියල ජනම්ස්ල කියනවා කියලය.

තව ඉම්පෝට් බුවෙක් කිව්වෙ, යහපාලනයෙන් ලැබුණු එකම සොමිය ආප්පයයි ප්ලේන්ටියයි රුපයල් 10ට ලැබුණු එක විතරයි කියලය.

මේවා ඇහිච්ච ගමන්ම බජට් බුවාට නහුතෙට නැග්ගේය. ඇයි  ඕයි පැට‍්‍රල්, ඞීසල්, භූමිතෙල් අඩු කරපු එක එතකොට වැඩ කරන පොරවල්වලට දීපු රු. 5000 පෝෂණ මල්ල ජනම්ස්ලට මතක නැද්ද? අපේ එවුන්ට කොච්චර දුන්නත් මදිම කියලම තමයි කියන්නේ බජට් බුවා කීවේ කේන්තියෙන්ය.

එතකොට ඉම්පෝට් බුවාල කිව්වේ අමුතුම ජාතියේම කතාවකි.

ජනම්ස්ල පරණ බොසාගෙ කාලයේදී කිව්වෙ කන්ඩ නැතත් නෝ ප්‍රොබ්ලම් යුද්ධෙ ඉවර කරන්ඩ කියල වගේ. ජනම්ස්ල දැන් කියන්නේ කන්ඩ නැතත් හොර අල්ලනවා නම් කමක් නෑ කියල. ......... යහපාලන බොස් කරන්නේ හොරු ඇති කරන එක කියල ජනම්ස්ලා කියනවා කියලය. කොහොමද  ඕයි හොරු ඇති කරන්නෙ? බජට් බුවා ඇහුවෙ මාර ජුවල් එකේය.

‘‘හාල්මැස්සො ටිකනේ අල්ලලා මාර්කට් එකට දානව. ඒත් තෝරු මෝරු ගෙවල්වලට මාළු ටැංකිවල දාගෙන ඇති කරනවා කියල තමයි ජනම්ස්ල කියන්නේ ” තව ඉම්පෝට් බුවෙක් කීය.

පිස්සු පීකුදු තෝරු මෝරු ගෙවල්වල මාළු ටැංකිවල දාල ඇති කරනවා කියල කියන එවුන්ගේ කටවල් කපන්න  ඕනේ. බජට් බුවා කීය. ”අපිත්  ඕකම ඇහුවා ජනම්ස්ලගෙන් එතකොට ජනම්ස්ල කිව්වෙ ඇයි අර ළඟදි ඔය මහ බැංකුවට ගතම් එක  ඕන වෙලා දාපු මැජික් පාර මතකද? තෝරු මෝරු ඔක්කොම මාළු ටැංකිවල ඇති කරන වානේ කියල ජනම්ස්ල රිප්ලයි එක දුන්නා” ඉම්පෝට් බුවෙක් කීය. ”ඒක අහපු ගමන් අපිත් මඤ්ඤං වෙල ගියා කියල ඉම්පෝට් බුවාලා බජට් බුවාට රිටන් එක දුන්නේය.

බජට් බුවා සද්දෙ වහලා වැඩේ ක්ලෝස් කරල සයිලන්ස් එකේම ජිරාමාර්ය.

 



අදහස් (0)

‘උම්බලකඩ - කොත්තමල්ලි කාලා බලන් : පොඩි මල්ලි වරෙන්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site