(තරිඳු ජයවර්ධන)
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සිදු කරන ඉරාන සමාගම නිසි ආකාරයට වැඩ කටයුතු සිදු කර නැති බව ජනාධිපතිවරයා ඇතුළු රජය පිළිගෙන ඇති බැවින් වහාම එම සමාගමට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරිය යුතු බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.
නිසි අධ්‍යයනයකින් තොරව සහ පරිසරවේදීන් කළින් පෙන්වා දුන් කරුණු සැලකිල්ලට නොගෙන සිදු කළ උමං කැනීම් නිසා භූගත ජලය ලීටර කෝටි ගණනක් අපතේ ගිය බවත්, නිවාස රැසකට හානි සිදුවූ බවත් ආචාර්ය කාරියවසම් මහතා පවසයි.
බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැවැන්ත හානියක් සිදු කරමින් ව්‍යාපෘතිය සිදු කළ ඉරානයේ ෆරබ් සමාගමට නඩු පවරා වන්දි අය කර ගත යුතු බව ද, ව්‍යාජ වාර්තා ලබා දෙමින් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සාධාරනීකරණය කළ ලංකාවේ ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කළ යුතු බව ද රවීන්ද්‍ර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ කතාව සම්පුර්ණ ඇත්ත , මෙම සමාගමට සහ පුද්ගලයන්ට විරුධව ජාත්‍යන්තර අධිකරණයක නඩු පවරන්න පුළුවන් , නමුත් ඉතිහාසයේ සිදු වෙච්ච සිදුවීම් විශ්ලේෂණය කරලා බලනකොට සාමාන්‍ය බුධියක් ඇති කෙනෙකුට වැටහෙනවා එහෙම එකක් කරන්න ආණ්ඩුවට කිසිම උවමනාවක් නැත කියා , පක්ෂේ පාට කුමක් වුනත් පාර්ලිමේන්තුවේ සිටින දේශපාලකයන් සියලුදෙනාම එක පැලැන්තියක් ඔවුන් සියලු දෙනාම එකතුවෙලා උපරිමයෙන් වරප්‍රසාද භුක්ති විඳිනවා ඉඳල හිටලා මොකක්හරි ප්‍රශ්නයක් ඇදගෙන මාධ්‍ය හරහා බොරුවට එකිනෙකාට චෝදනා කරගන්නවා , මේ ගොල්ල ඔක්කොම එකතුවෙලා නාට්‍යක් රංග දක්වනවා අපිව මුලා කරන්න
අනේ අපේ ඉංජිනේරුවන්ට විදේශීය ඉංජිනේරුවන්ට වගේ දැනුමක් කවද ලැබේද
ඉරානය කියන්නේ නස්ටික අවි තියෙන රටක් අපේ තේ මිලට ගන්නා රටක් නිකම් කටමැත දොඩවල ලැබෙන ආදාරත් නැති කරගන්න හදනවද
ඉරාන සමාගමෙන් වන්දි ඉල්ලන්න ඉස්සරවෙලා මේ ව්‍යාපාරය වදාපු අයගේ සාක්කු වලට, විදේශ බැංකු ගිණුම් වලට ඉරාන සමාගම දීපු කොමිස් ගැන හොයාබලා පුළුවන් නම් ඒවා රාජසන්තක කල යුතු වෙනවා. මෙවැනි අති දැවැන්ත ව්‍යාපාරයක් වෙනුවෙන් කිසිම තාක්ෂණික දැනුමක් නැති, අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර පවා නැති, සමහර විට පළමු වරට අත ගහපු ඉරාන සමාගමට වන්දි ගෙවන්නවත් පුළුවන් කමක් තිබේද කියලා හොයලා බලන්න, නඩු මගට බහින්න ඉස්සර....