(ඩයනා උදයංගනී)
උමා ඔය ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ලබාගෙන ඇති පරිසර වාර්තා සම්බන්ධයෙන් කිසිසේත් එකඟවිය නොහැකි බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විට පාරිසරික ගැටලූ රැසක් මතුවී ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ වුවත් දැන් මෙහි කටයුතුවලින් සියයට 77ක් අවසන් කර ඇති නිසා ආපසු හැරීමේ හැකියාවක් නැතැයි ද කීවේය.
හැකි ඉක්මනින් කිලෝමීටර් 15ක් දිග උමගේ කටයුතු අවසන් කර එය සීල් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව කී ජයරත්න මහතා ඉන් පසු පවතින ගැටලූ මගහැරී යනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කීවේය.
අනුරාධ ජයරත්න මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ උමා ඔය ව්‍යාපෘතියට අදාළ සැලසුම් සකස් කිරීමේ අවස්ථාවේදී ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කිසිම සහයෝගයක් ලබාගෙන නැති බවය.
(ඡායාරූපය - ඉෂාන් සංජීව)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගැන හොර දොස්තරලා බුදි නේද
උමා ඔය වියාපෘතිය පටන් ගන්නකොට ඔයාල හිටියේ මොන පක්ෂයේ මොන ආණ්ඩුවේද ? දැන් මොකුත් නොදන්නා බබල වගේ කතා කරන්නේ. එතකොට නම් කටක් අරින්න බයයි නේද ?
බයිලා.
උමග සීල් කලාම අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ ටක්කෙටම හරියයි .
ඉතින් ඔය ව්‍යාපාතිය පටන්ගන්න ඉස්සෙල්ලා ඔය ඇමතිවරු එදා ආණ්ඩුවේ හිටියා නේද ? ජාතික වැදගත්කමක් තියන දේවල් ගැන ඇමතිවරු පළාතේ මන්ත්‍රීවරු හැටියට බලවත් වරදක් කල බවක් නිකමටවත් හිතෙන්නේ නැත්ද ,?
ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ගමරාලගෙ වංගෙඩිය කියල ඇමති වරයා හිතාගෙන ඉන්න බව පේනවා .භූ විද්‍යා පුශ්ණයක් නම් එය අදාල වනුයේ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට නොව භූ විද්‍යා සහ පතල් කාර්යාංශයටයි
අපේ රටේ අවුරුදු 40 ක් වැඩකළ කෙනෙක් ඉහළ ස්තරය තනතුර ආරක්ෂා කරන්න මොන වැරද්දත් යටගහනවා. පහළ පන්තිය රටේ කරන වැඩ ප්‍රමාණය ඇති මම රට රට වල වැඩ කරලා දැනුමෙන් කියන්නේ. මේක ඉහළට බාරනොදි අපිරට කරන යුගයකට යන්න උගතුන් පෙරටුකොට බලය ගන්න ඕනෑ..