උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා ඇති වී ඇති ආපදා තත්ත්වය වෙනුවෙන් ග්‍රාමසේවා වසම් අටක විපතට පත් ජනතාවට සහන සැලසීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.පුර්ණ හානියට පත් නිවාස සඳහා නිවසක් ඉදිකර දීමටද,පානීය ජල සබඳතා නොමිලේ ලබා දීමටද යෝජනා වී තිබේ.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රධාන උමග ජල කාන්දුවකින් මෙම ආපදා තත්ත්වය ඇති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාලාවේ සහ අරණායක දුන්නා වගේ ද ? (බ)
ලංකාවේ යම්කිසි ආපදාවකදී රජයෙන් ලැබෙන සහනාධාරය වංචාවෙන් ලබා ගැනීමට අහල ගම් හතේම පදිංචිකරුවන් ඉදිරිපත් වෙනවා .එම හේතුව නිසා නිලධාරීන් සැබෑ වින්දිතයන් දිහා බලන්නේත් වංචාවෙන් ආධාර ලබා ගන්නට පැමිණි අය දිහා බලන කෝණයෙන්මයි. ලංකාව බෞද්ධ රටක් වුනත් මිනිසුන්ගේ සාරධර්ම පිරිහී ඇති නිසා ආපදාවන්ට ලක් වුවන් සතුටු කිරීමට අපහසුයි (බ)
මිරියබැද්දේ, අරනායක හා සාලාවේ මිනිස්සු පොරොන්දු පොදිබැඳගෙන තවම කඳවුරුවල. (බ)
මේ සිද්දිය පොල්ගොල්ල උකුවෙල බුගත ජාල මාර්ගය සාදනවිටත් සිදුවිය. ටනල් එක කොන්ක්‍රිට් කලාට පස්සේ එය නැවතුනා. (ර)