
(යොහාන් භාසුර)
උමා ඔය විදුලි බලාගාරයේ පළමු කොටසේ ඉදිකිරීම් ලබන අගෝස්තු මාස ද, දෙවැනි කොටසේ ඉදිරිකිරීම් ලබන සැප්තැම්බර් මාස ද, අවසන් කර ජාතික පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ‘ෆරාබ්’ ආයතනය ඒ පිළිබඳව දැනුවත් කළ බව කී අමාත්‍ය විජේසේකර මහතා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති යටතේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120 ක් එකතු වන බව ද සඳහන් කළේය.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ‘ෆරාබ්’ ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය අලි වකිලි, උමා ඔය ව්‍යපෘති කළමනාකරු සහ එම සමාගමේ නියෝජිතයන් පිරිසක් අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උමා ඔයේ ලීක් එකක් තියෙනවා කියලා සමන්ත විද්‍යාරත්න මයා ඉස්සර කිව්වා. දැන් ඒ ලීක් එක නැද්ද?