මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පිරිස් ගල් ගසා මරා දැමිය යුතු යැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සිටි රැස්වීමක දී ප්‍රකාශ කළ දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී වී උපුල් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
රහස් පොලිසිය කරුණු දක්වමින් එම සිද්ධියට අමතරව උපුල් ළඟ ජාතික හැඳුනුම්පත් දෙකක් හා සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ද, රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ද තිබූ බව කීවේය.
හැඳුනුම්පත් දෙකේ උපන් දින වෙනස් බවත්, මහින්ද රාජපක්ෂ රජයක් යටතේ පොලිසිය ගල් ගසා මරා දැමිය යුතුයැයි ඔහු කළ ප්‍රකාශය රට ගිනිගන්නා සුළු ප්‍රකාශයක් හෙයින් ඔහු රිමාන්ඩ් කරන ලෙස ඉල්ලා සිටියේය.
ජනාධිපති නීතීඥ රසික් සරුක් උපුල් වෙනුවෙන් පෙනී සිටිමින් පැවසුවේ ගමන් බලපත්‍රය ගැනීමට සැබෑ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර ඇතැයි ද, වරද සිදුවී ඇත්තේ ඔහු අතින් නොවේයැයි ද කීවේය.
ඔහු කර ඇතැයි කියන වැරදි ඇප දිය හැකි වැරදි බවත් මෙම සිද්ධිය සමථ මණ්ඩලයකට යොමු කළ හැකි බවත් නීතීඥවරයා ඉල්ලා සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශය පාලනය කරන්න ආපු කට්ටිය ද? නැතිනම්... (ම)
මෙයාව ජීවිතාන්තය දක්වා රිමාන්ඩ් කර තිබිය යුතුයි. කථාව ක්‍රියාත්මක වුණානම් පොලිස් සේවකයින් කීයකගේ දරු පවුල් අනාථද? මෙයා ගැන හිතන්න ටිකක් මහත්වරුනි (බ)
මෙයාට නම් ඇප දෙන්නම නරකයි (නි)
මෙයාව අත්අඩංගුවට ගත්තේ ගල්ගසා මරාදමනවා කියලා කියපු කතාවකට. එතකොට අයුතු ජනරාශියක් වෙලා ඇත්තටම උසාවියට පොලිසියට ගල්ගසා බන්ධනාගාර බස් කුඩුකරපු අයට දෙන දඬුවම මොනවගේ වේවිද? (නි)
සජී, බස් වලට ගහනවා කියන එකෙයි ගල් ගහලා මරනවා කියන එකෙයි වෙනස තේරෙන්නේ නැද්ද මනුස්සයෝ? (නි)
මේ වගේ තිරිස්න්නුන්ට නේද මිනිස්සු ඡන්දය දීල තියෙන්නේ (බ)
මෙයාව මේ විදියට අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කළ එකම ඇති මේ රටේ නීතියක් තියනවා කියලා ඔය තැන් තැන් වල වාචාල කතා කියන අනිත් අප්පුලා ටිකටත් දැනගන්න.මේවා රටක යහපාලනය පවත්වා ගැනීමට ඉතාමත් අවශ්‍ය බව කවුරු කවුරුත් තේරුම් ගනීවි. (නි)
ලාල් ඒ වුණාට සජී වගේ අයට නම් මෙයාව අත්අඩංගුවට ගත්තට ගොඩක් රිදිලා වගේ නේද..?(ම)
ප්‍රිය වචන කතා කරන අයගේ රූපයත් ප්‍රිය මනාප වෙනවා. අශෝභන වචන පවිච්ච්චි කරන අශෝභන හැසිරීම් තියන අය අප්‍රිය ජනක අශෝබන කැත අය වෙනවා. ඩී වී උපුල් මහතා දෙස බැලීමෙන් අපට ඒබව පසක් වෙනවා. (ම)
අයියෝ උපුල්, ඇයි මේ? (නි)
මෙයා දේශපාලකයෙක් ජනතාවගේ නායකයෙක්. මෙවැනි කෙනෙකුගේ කීම නිසා මහජනයා නොමග ගිහින් අපරාධ කිරීමට බොහෝ ඉඩ තිබේ. දේශපාලනඥයෝ ආදර්ශමත් ලෙස හැසිරිය යුතුය. (බ)
බලාගෙන ගියාම ඉල්ලගෙන කෑමත් නරකම නැහැ. කොහොම වුණත් අර අනිත් අයට හැදිලා තියන බෝවෙන රෝගි මොහුට හැදෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා.(ම)
මොහුට අවශ්‍යව තිබුණේ බොරු ප්‍රසිද්ධියක් ලබාගැනීම බව අපි දන්නවා. නමුත් මොහුට නිසි දඬුවම් දියයුතුමයි (නි)
මේ මැරයන්ට උඩගෙඩි දෙන අය ගැන ලොකු කළකිරීමක් ඇතිවෙනවා. (නි)
ආ! අපි හිතුවා එයි කියලා (නි)
නාමල් මොකද නිකම් කලබලයෙන් වගේ? මේ නඩුවලට එය ඇවිල්ලා මොනවා කතා කරන්නද? (නි)