මහනුවර , ටොරින්ටන් වෙළද සංකීර්ණයේ අට්ටාලය මත රැකියා විරහිත උපාධිධාරින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට මේ වන විට දින 18 ක් ගත වී ඇතත් රජයේ කිසිම බලධාරියෙක් පැමිණ සොයා බලා නොමැති බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ මධ්‍යම පළාත් කැඳවුම්කරු ඉදුනිල් අසංක මහතා ප්‍රකාශ කරයි.
මධ්‍යම පළාතේ රැකියා විරහිත උපාධිධාරින් හත්දහසක් පමණ සිටින බවත් ස්ථිර වශයෙන් සංවර්ධන නිලධාරින් සඳහා පුරප්පාඩු 1200 ක් ඇති බව ඉදුනිල් අසංක මහතා සඳහන් කරයි. ගුරු පුරප්පාඩු ද ඇතත් මේ වන තෙක් ඒ සඳහාද කිසිවකු බඳවාගෙන නැතැයි ඔහු කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු එක අතකට බලනකොට (නි)
ගයාන්, ඔයා හිතන්නේ රජයේ රැකියා කියන්නේ රජයේ සරසවි උපාධිදාරීන්ගේ පරවේණි බුදලයක් කියලාද? අපි වෘත්තීය විභාග කරලා පුද්ගලික අංශයේ හොඳ රැකියා හොයාගත්තේ අපේ පුද්ගලික අවශ්‍යතා වලට ආණ්ඩුවට බැන බැන ඉන්න එක තරම් මෝඩ වැඩක් තවත් නැති නිසා. අපේ කාර්යාලයේ උසස් පෙළ සමත් පියන්ට ළඟදි බඳවාගත් උපාධිදාරියාට වැඩිය පරිගණකය හසුරුවලා ඉක්මනින් රාජකාරි වැඩ කරන්න පුළුවන්. (නි)
රජයේ රැකියා වලට ගන්නෙ උපරිම ඵලදායිතාවක් ආයතනයට ලබාදෙන කාර්යක්ෂම උදවිය මිස උපාධිය තිබෙනවා කියමින් අයිස් ගහලා නිකම් පඩි ගන්න මිනිස්සු නෙමෙයි. ගුරු වෘත්තියට නම් ඔන්න කමක් නැහැ. ඒත් කාර්යාල රැකියාවන් වලට එන උපාධිධාරීන් දවසේ කොච්චර වෙලාවක් නියමිත රාජකාරි කරනවාද බලන්න. (නි)
අද කාලයේ දියුණු රටවල අත්‍යාවශ්‍ය රැකියා කුසලතා තමයි අගය කරන්නේ. මමත් ලංකාවේ උසස් අධ්‍යාපනය ලබා පිටරට ගියේ. එහෙම ගියාම තමයි තේරුනේ මෙහෙ සාමාන්‍ය අධ්‍යාපනයක් ලැබූ උදවියට උපාධිධාරින්ට වැඩිය හොඳ පඩියක් සහිත රැකියා අවස්ථා හිමි වී තිබෙනවා කියා. අපේ සරසවි උපාධියේ රැකියා අවස්ථා වලට ගැළපෙන ප්‍රායෝගික විෂය කොටස් අඩුයි. අපි අධිමානයෙන් සම්ප්‍රදායික විදියට කටයුතු කළොත් දියුණුවෙන ලෝකයත් එක්ක ඉදිරියට යන්න බැහැ. (නි)
වෙනත් රටවල්වල උපාධිදාරීන් තමන්ගේ මුදලින් ඉගෙන ගෙන තමන්ම සුළු රැකියාවක් හෝ මුලින්ම සොයා ගන්නවා. අපේ රටේ උපාධිදාරී බබාලාට ඔක්කොම අතට පයට ආණ්ඩුව ගෙදර කට්ටිය සහ බදු ගෙවන ඇත්තෝ කරලා දෙන්න ඕන. පොඩි පහේ රැකියාවල් පවා මේගොල්ලන්ට තත්වයට මදි . ඉතින් උදේ නැගිටපු වෙලාවේ සිට පවතින ආණ්ඩුවේ මුතුන් මිත්තන් මතක් කරනවා. (ර)
ලනු කලා ලබා ගත්ත වෙනස මේක තමයි. (ර)
පොත කට පාඩම් කරලා විබාගේ පාස් වෙච්ච මේ අයට කොහොමද රැකියාවක් දෙන්නේ. (ර)
උපාධිදාරීන්ගේ බර ආණ්ඩුව සහ අනෙක් මිනිස්සුන්ට කරගහන්න සිද්ධවෙන එකම රට මේක. උගත්කම වටිනා නමුත් ස්වාධීනව රැකියාවක් සොයාගන්න බැරි නම් මොන්ටිසෝරියට යන බබාලා සහ මොවුන් අතර වෙනසක් නැහැ. මුලින්ම මහා ඒජන්තකමනේ බලාපොරොත්තු. හොඳ තැනක් ලැබෙනතුරු පොඩි රැකියාවක් කරන්න කැමති නැහැ. මගේ අදහස නම් මෙතන ගයාන්ගේ අදහස් වලින්ම පේනවා, ආකල්පමය ප්‍රශ්නයක් නිසා මේ රැකියා වියුක්තිය සිදු වී ඇති බව (නි)
මොකද තමන්ටම රැකියාවක් සොයා ගන්න බැරි? අධ්‍යාපනයට රටේ මිනිස්සු බදු ගෙවමින් වියදම් කළා මදිද? හැම එකම ලඟට ලැබෙන්න ඕනද ? (ර)
රැකියාව දුන්න කියමුකෝ. මාසයක් යන්න කලින් වාහන පර්මිට් ඕන එහෙම නැතිනම් පඩි වැඩි කරන්න කියලා වර්ජන කරාවි. (ර)
රංගික, මොන පිනක්ද කරදඬු උස්මහත් වුණාට පසුවත් අම්මලාට බත් තම්බලා දෙන්න වෙන එක. උසස්පෙළ සමත් තරුණ දරුවන් ඉන්නවා පොඩි රැකියාවන් කරමින් මුළු පවුලටම උදව් කරන. මොන මුස්පේන්තුකමක්ද තරුණ ළමයින් මෙහෙම පාරේ කාලේ කනකොට? (නි)
නුගත් අය උගත් අය එක්ක තරහට කට පාඩම් කරන කතා කියනවා. (ර)
හත්දාහෙන් හත් දෙනයිද මෙතන ඉන්නේ? (ර)
පුද්ගලික අංශයේ ඕනෑතරම් රැකියා අවස්ථා තිබෙනවා. අපේ ආයතනයෙන් මේ ළඟදිත් දැන්වීම් පළකළා. නමුත් මේ උපාධිධාරින්ට අවශ්‍ය පරක්කු වෙලා වැඩට ඇවිල්ලා යන්තම් මොනවාහරි අතගාලා ගෙදර යන්නයි, හිතුමතේ නිවාඩු ගන්නයි පුළුවන් රැකියා (නි)
කට පාඩම් තමයි. පරිගණකය ක්‍රියාත්මක කරලා ඉංග්‍රීසියෙන් ඊ මේල් එකක් යවා ගන්න බැරි සමහරු උපාධිදාරීන් ඉන්නවා. සහතික ගොඩ විතරයි. පොඩි වැඩක් කාර්යාලයේ හරියට කර ගන්න බැහැ. දැන් කියාවි අපි ඉරිසියාවේ කියලා. සාධාරණව හිතන්න ආයතනයකට පාඩු පිට එහෙම වැඩ කරන්න පුලුවන්ද කියලා . (ර)
මේවයේ පලවන අදහස් දැක්වීම් දිහා බලනවිට සමහරු ගැන කනගාටුයි. උගතුන්ට අපහාස කරන්න එපා. තමනුත් උගතෙක් වෙන්න බලන්න..(බ)
මෙතන සමහරුන්ගේ කතා දැක්කහම දුක හිතෙනවා.හරියට කතා කරන්නේ තමුන් අතින් වියදම් කරලා උපාධිධාරීන්ට ඉගැන්නුවා වගේ.රටේ හැමෝම බදු ගෙවනවා.හරියට ඉගෙන ගත්තොත් ඕනි කෙනෙකුට උපාධියක් ගන්න පුළුවන්.තමුනුත් කැම්පස් ගිහින් උපාධියක් ගත්තනං තේරෙනවා.(කෞ)
සිංහලයා කවදත් ඉරිසියා කාරයි.සමහරුන්ට උපාධි ගන්න බැරිකමට දුකියි.පින් කරන්න ලබන ආත්මෙදිවත් උපාදියක් අරගන්න. (කෞ)
මේගොල්ලන්ට තනියම පරස්තාවල් සරසවියෙදීම සොයාගන්න පුළුවන් නම් මොකද රස්සාවත් ඒ වගේම සොයාගන්න බැරි? එතැනදී විතරක් බබාලා (නි)
අපි නම් වෘත්තීය විභාග පාස් කර , අනෙක් මිනිස්සුනට බරක් නොවී රැකියා සොයා ගත්තා. උපාධි ලබා , නුගතුන් යයි සෙස්සන්ට ගරහමින් උද්දච්ච කමින් ඉන්න කාලේ පුද්ගලික අංශයට ඉල්ලුම් කළා නම් රැකියා ලැබේවි. හැබැයි මට උපාධි ඇත කියමින් නිකන් පුටු රත් කරන්න හිතන්න එපා. (අ)
වැඩට පරක්කු වෙලා ඇවිල්ලා කෑම වෙලාවේ සාප්පු සවාරි යන්න සූදානම් ආණ්ඩුවේ සේවයට සංවර්ධන නිලධාරි තනතුරු අසවල් දෙයකටද? දුවලා පැනලා වැඩ කරමින් ස්වාධීනව වැඩකරන්න පුළුවන් උදවියට තමයි සංවර්ධන නිලධාරි තනතුරු දෙන්න ඕනෑ. ඊළඟට රැකියාවට ගිහින් පඩි වැඩි කරන්න , වාහන පර්මිට් දෙන්න කියලා වර්ජන කළාම හොඳට රට සංවර්ධනය වේවි. (නි)
උපාධියට වැඩියේ රැකියාවකට අවශ්‍ය තව කුසලතා තිබෙනවා. මම ඉන්න රටේ ලංකාවේ සමහර උපාධිදාරීන් සනීපාරක්ෂක කම්කරුවන් ලෙස වැඩ කරනවා. ඒ අතරම තාක්ෂණ අංශය වගේ වෙනත් විභාග පාස් වුණ උදවියට හොඳ රැකියා ලැබී තිබෙනවා . ප්‍රායෝගිකව දක්ෂතාව පෙන්වන්න බැරි නම් දියුණු රටවල උපාධිදාරින් කියලා හුරතල් කරන්නේ නැහැ. (අ)
අපහාස නිකම් ලැබෙන්නේ නැහැ. රජයේ ආයතන වල අකාර්යක්ෂමතා දැක්කම රුචිරලා කියන්නේ උපාධියෙන් වැඩක් තිබෙනවා කියලාද . අතලොස්සක් පමණයි හරියට වැඩක් කරන්නේ. දොස්තරලා ලෙඩ්ඩුන්ට තරු පෙන්වමින් වර්ජනයේ . ගයාන් අපේ උසස් අධ්‍යාපනයේ අරමුණ මේකද ? (අ)
මව්පියන්ට , උපන් රටට බරක් වෙමින් මෙහෙම කාලේ කමින් ජිවත් වෙන එක පිනක්ද රුචිර ? මොකද අර කිව්වත් වගේ පුද්ගලික අංශයේ රැකියාවකට යන්න බැරි. (අ)
මේ රටේ සංවර්ධනය ගැන කතාකරලා පළක් නැහැ (බ)
සිංහල ජනවර්ගයා කියන්නේ තමන්ගේම අයට ඊර්ෂ්‍යා කරන ජනවර්ගයක්. උගත්කමට තැනක් දෙන්න බයයි. (නි)
මෙතන සමහරුන්ට නං තියෙන්නේ තමන්ට කැම්පස් යන්න බැරි වුණ එක ගැන දුකක්.මෙයාල කියන විදියට කැම්පස් ගිය අය කවදාවත් රටට සේවය කරන් නෑ.මේ සමහර පුරප්පාඩු වලට රජයේ උපාධිධාරීන් ගැනීම කරන්නම ඕනි.මොකද ඒ රජයේ රැකියාවට ගැලපෙන්නම තමා රජයේ උපාධිය හදල තියෙන්නෙත්. එ්ක නිසා සමහර උපාධි වලට පෞද්ගලික අංශයේ තැනක ජොබ් එකක් කරන්න බෑ.එහෙම පුරප්පාඩු 1200 ක් දැනට තියනවලු.ඒවාට කට්ටිය ගන්න කියල තමා මෙයාල කියන්නේ. (බ)
මතක නැද්ද පසුගිය දිනවල පල වුණා ආණ්ඩුවේ කාර්යාල සේවකයන් රාජකාරි වෙලාවේ අන්තර් ජාලයේ සහ මොබයිල් එකේ කාලේ කන හැටි. ඒ ඉතින් දරා ගත නොහැකි සේවක අතිරික්ත රජයේ සේවයේ තිබෙන නිසා නේද ? ඔය අයිස් ගැහිල්ල රහ දන්නා නිසා තමයි මෙගොල්ලත් මෙච්චර පුද්ගලික අංශයේ රැකියා තියෙද්දී රජයේ රැකියාම ඉල්ලන්නේ. තවත් එතනටම පටවන්නේ නැතිව පුද්ගලික අංශයේ පලදායක රැකියාවක් කරන්න මොවුන්ව උනන්දු කරන්න ඕන (බ)
මේ වගේ අය ඉන්නකම් මේ රටට සෙතක් වෙන්නේ නැහැ. මේ සංවර්ධන නිලධාරින් කියන්නේ කව්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. දන්නා අය දන්නවා මේ අය පුටු රත්කරනවා විතරයි කියලා. හරියට පරිගණක දැනුමක් නැහැ, මූලික ඉංග්‍රීසී දැනුමක් නැහැ. ඉතින් කොහොමද මේ අයට රැකියා දෙන්නේ. (නි)
මෙතන හැමෝම හැමෝටම චෝදනා කරන්නේ නැතුව පොඩ්ඩක් අවංකව හිතලා බලන්න. රජයේ විශ්ව විද්‍යාලයකට යන්න වරම් ලැබිලත් යන්නේ නැතුව අතින් වියදම් කරගෙන උපාධියක් හෝ වෙනත් පාඨමාලාවක් කළ කෙනෙක් මෙතන ඉන්නවද? උසස්පෙළ කරන හැමදෙනාගේම බලාපොරොත්තුව රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් වෙන එක. රටේ සල්ලි වියදම් කරන්නේ විශ්ව විද්‍යාල වලට විතරක් නෙමෙයිනේ. හැබැයි ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවෙන උපාධිධාරීන්ගේ ගුණාත්මකබවේ නම් ලොකු අඩුපාඩු තිබෙනවා. යල් පැනගිය විෂය නිර්දේශ, අඩු පහසුකම් සහ ඉගෙනගන්න තිබෙන කාලේ ඉගෙනගන්නේ නැතුව වෙනත් දේවල් වලට යොමුවීම ප්‍රධාන හේතු. (නි)
කලා උපාධියට හදපු රැකියා මොකක්ද..? මේගොල්ලන්ට රටේ සල්ලි වලින් ඉගැන්නුවා. තව ඔක්කොම දෙන්නේ කොහොමද? කිවුවා වගේම කටපාඩම් කරලා මොළය පාවිච්චි නොකරපු අය (නි)
ඔයාලත් පින් කරන්න උපාධියක් ගන්න. අපි දන්නවා හැමෝටම උපාධි ගන්න බැහැ කියලා. (නි)
මේ අය ස්වයං රැකියා කළොත් ආණඩුවෙ රැකියා වලට සුදුස්සො නැහැ කියලා ඉන්දියාවෙන් ගෙන්වයි. තමන්ගෙම ව්‍යාපාර කළොත් බදුමුදල් නාස්ති කළා කියලා දොස් කියයි. මෙතන රජයේ අකාර්යක්ෂමබව මිසක් රැකියා නැතිකමක් නෙමෙයි. එක්කො පඩි ගෙවන්න සල්ලි නැතුව ඇති. (නි)