රැකියාලාභී උපාධිධාරීහු අද (11) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
සංවර්ධන නිලධාරීන්ට වසර තුනකින් පසු රැකියා අහිමි කරන කොන්දේසි ඉවත් කිරීම, අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම, සහන මිලට යතුරු පැදි ලබාදීම, ගමන් වියදම් දීමනා අවමය රුපියල් 4000 ක් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඔවුහු ඉදිරිපත් කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොරොන්දුවක් දුන්න ගමන් මේ අයගෙන් කී දෙනෙක් ඡන්දය දෙයිද ? (නදී)
මේ අයට දුන්නත් වැරදියි. නුදුන්නත් වැරදියි. මෙතන තියෙන්නේ දේශපාලන අවශ්‍යතා මේක සෑම කෙනෙක්ම දන්නවා. (නදී)
මේ අයගේ මුහුණු වලින් පේනවා කිසි වැඩක් නැතුව ඉන්න, දෙන්න ඕන නිසා දීපු රස්සාවල් ගත්ත කට්ටියක් බව. මේ අය කරන වැඩ කරන්න සාමාන්‍ය පෙළ පාස් ළමයි ගත්ත නම් හරි. ඒ ළමයි වඩා හොඳින් කරයි. (නදී)
තාත්ත කුඹුරු කොටා, අම්ම එළවලු විකුණා මේ දරුවන්ට උගන්වන්නේ. ඔවුන් විශ්ව විද්‍යාල වලදීත් මෙසේ වීදි බැස කරනු ලබන නාඩගම් නිසා ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වී යනවා (නදී)
මීට වඩා හොදයි හිගා කෑවා නම්. (අ)
අපරාදෙ ඔය උපාධිය මේ අයට දුන්නේ. නැත්තම් අපරාදෙ රස්සා මෙයාලට දුන්නෙ. රස්සා ටික උපාධි නැති අයට දුන්නනම් උපාධි නැති අයට එයාලා ඒ රැකියාවෙන් තමන් රටට වුනු ණය ටික හරි බේර ගන්නවා. දේශපාලන අතකොළු වෙන්නෙ නැතිව (අ)
රැකියා නැති එකට උද්ගෝෂණය කරද්දි අපිට දුකයි. සමහරුන්ට කරන්න වැඩකුත් නැති රැකියා හම්බෙලත් තව දියං තව දියං. මදි අපිට කියලා පාරට බැස්සාම අපරාදෙ කලින් දුක හිතාගෙන අපේ ස්නායු මරාගත්තෙ කියලයි දැං දුක. (අ)
සමහර ඉල්ලීම් රජය ඉල්ලාගෙන කන ඒවා (අ)
මේ උපාධිධාරින්ට රැකියා දුන්නත්, ඉර හඳ දුන්නත් මදි (සෑහිමකට පත්වන්නේ නැත) (නි)
මම නම් කියන්නේ තමන් උපාධිදාරීන් වුන පලියට තමට රැකියා දෙන්න ආදයම සපයා දෙන්න ආණ්ඩුව බැඳිලා ඉන්නවා කියල හිතන එක වැරදියි. අපිත් උපාධිදාරීන් විදියට යම් යම් දුෂ්කරතා වලට මුහුණ පෑවා. ඒ වුනාට ආණ්ඩුවේ රස්සාවම ලැබෙන කන් බලන් නොහිට වෙනත් අත්‍යවශ්‍ය කුසලතා ආදියද දියුණු කරගෙන පුද්ගලික අංශයේ රැකියා සොයා ගත්තා. වෙනත් රටවල වල උපාධිදාරියා හරිම ප්‍රායෝගිකයි . උත්සහවන්තයි . පළමුව සුළු රැකියාවක් සොයා ගෙන පසුව දියුණු වෙනවා. මෙහෙම පාරවල් ගානේ බෙරිහන් දිදී තමන්ගේ උගත්කමේ ගරුත්වය නැති කර ගන්නේ නැහැ. (නදී)
රැකියා නැතිව ඉඳලා අද රැකියාවක් ලැබිලා තියෙනවා. එයින් සැනසෙන්! රැකියා නොමැති පිරිස කොපමනද? (නි)
තාම අාපු ගමන්නේ. තව ඉවසලා බලන්න (නි)
විසදුමක් කෙසේ වෙතත් පොරොන්දුවක් නම් ලැබෙයි. (නදී)
''පෙර පුරුදු සහ පෙර වැරදි '' (නදී)
කල දුටු කල වල ඉහගන්. (ර)
හදන්න බැ, ඉස්සර රැකියා විරහිත, අද රැකියා සහිත අයගේ උද්ගෝෂණ. රස්සාවල් දුන්නත් එකයි නොදුන්නත් එකයි. (ර)
මේ අය අරගෙන වුණේ හරිම අපරාධයක් වගෙයි. කාට කියන්නද? (නි)
මොවුන් නිකන් ඉගෙනගෙන දැන් අනුන්ගේ ඉත්තන් බවට පත්වෙලා. මොවුන්ට පටන්ගන්න ඕනෑ බින්දුවෙන් (නි)
ජනපති තුමනි, මේ හැම දෙනාටම කලින් මේ රටේ ගුරුවරුන්ට (ඉතා දුෂ්කර) බයික් දුන්නනම් නේද හොද. මේ බයික් ලැබුණු ගොඩක් අය සතියට දවස් 2, 3 පමණි වැඩ කරන්නේ. යන්න එන්න බස් නැති ඉතා දුෂ්කර පාසල්වල උගන්වන ගුරුවරුන්ට යමක් කරන්න. (ර)
උපාධිධාරින් රජයේ රැකියාම ඉල්ලන රටක් ලංකාව හැර ලෝකයේ කොතනකවත් නැත.රජයක යුතුකම වන්නේ රැකියා උත්පාදනයට යටිතල පහසුකම් ඇතිකිරීම පමණි.මේ දැනට පවතින ආකල්ප වෙනස්විය යුතුයි (නි)
ඉස්සර ආවේ රැකියා විරහිත උපාධිධාරින්. දැන් රැකියා සහිත වෙලා (නි)
කොහොම වුණත් මේවා සාධාරණ ඉල්ලීම්. (නි)
උපාධිය ගත් පමණින් සියල්ලම තමන්ට නිකම්ම පහළ වෙන්නේ නැහැ. විශේෂයෙන් වෘත්තීය දියුණුව සඳහා තමන් කැපවිය යුතුයි. මේ රැකියා ලැබුන පසු අදාළ වෘත්තීය කුසලතා වැඩිදියුණු කර ගත්තාද , රාජකාරිය කාර්යක්ෂම අයුරින් ඉටුකළාද ආදිය ඉතා වැදගත්. රැකියාව සම්බන්ධයෙන් උපාධිය තමන්ගේ සදාකාලික සුදුසුකමක් නොවෙයි. එයින් පසු තමන් විසින් ආයතනයට ඵලදායි සේවකයකු බව ඔප්පුකර පෙන්වන්නේ නැතුව මේවා ඉල්ලා වැඩක් නැහැ. මේ සමහර අයට පරිගණකය ක්‍රියාකරවා ලියුමක් ටයිප් කරගන්න බැහැ. හැබැයි ආයතන අධ්‍යක්ෂ කෙනෙකුට ලැබෙන වරප්‍රසාද බලාපොරොත්තු වෙනවා. (නි)
පළමුව තමන්ගේ රාජකාරිය හරියට ඉටුකර ඉල්ලීම් ඉදිරිපත් කළා නම් හොඳයි. සමහරු තමන්ගෙන් සේවයක් ලබාගන්න එන මහජනයාට හරියට කතා කරන්න දන්නේ නැහැ. උපාධිය තිබුනට මදි. යහපත් සිරිත් විරිත්, සමාජයට අනුගත වෙනකොට අනිත් උදවිය එක්ක සුහදව කටයුතු කරන හැකියාව ආදිය නැත්නම් වැඩක් නැහැ. (නි)
ඉස්සර ආවේ රැකියා විරහිත උපාධිධාරින්. දැන් රැකියා සහිත වෙලා ලැබුනම ඒකේ අගයක් අඩුවෙලා. (නි)
ඔය ඉල්ලීම් සහ ලැබෙන වරප්‍රසාද වගේම ඉටුවෙන සේවය ගැනත් හිතුවා නම් හොඳයි නේද? සේවයට සුදුසුද බලන්න අවුරුදු තුනක පරිවාස කාලයක් හැම රජයේ සේවකයෙකුටම පොදුයි. ඒක ඉවත්කරන්න කියන්නේ මොන පදනමකින්ද? (නි)
තව මොනවද ? ඔය ලයිස්තුවේ ගෙදරට බඩු මුට්ටු , දෑවැදි , මගුල් ගෙදරට වියදම් ආදියත් ඇති නේද .(බ)
හොද වෙලාවට මම ජොබ් එකක් හොයාගන්න පුළුවන් මට්ටමකට ඉගෙන ගත්තේ.නැත්තම් මටත් ජොබ් එකක් කෙසේ වෙතත් පාරතොටේ කෑ ගගහ තමයි ඉන්න වෙන්නේ. (අ)
මොළ ශෝධනයට බඳුන් වූ මෙම ඇත්තෝ සබුද්ධික වෙත්වා! (නි)
නොමිලේ නිදහස් අධ්‍යාපනය ලබලා ඉවරයක් නැහැ. මේගොල්ලෝ ගෙදරටත් බරක්, රටටත් බරක්. උපාධියක් කරලා රැකියාවක් හොයාගන්නත් බැහැ. රැකියා දුන්නම ඒකෙත් අඩුපාඩු හොයනවා. දෙන දේ කාලා ඉන්න බැරිද? (නි)
මෙතන අභ්‍යන්තර උපාධිධාරීන් බාහිර උපාධිධාරීන්ට වඩා එක තලයක් ඉහලින් තැබිය යුතුයි කියලා හිගෙනවා. අනික විද්‍යා උපාධිධාරීන් ටත් සාධාරණයක් ඉටුවිය යුතුයි. උපාධිය කුමක්ද කියන වගත් අපොස සා/පෙ සහඋ/පෙ ප්‍රථිපල ගැනත් සලකලා තනතුරු එම් එන් හතරද පහදා විසඳිය යුතුයි නේද? නැත්තම් එකම තනතුර විවිධ අධ්‍යපන මට්ටම් තියන උදවියට ලබා දෙනවා. කොහොම වුනත් සටන් කරන්නත් ඔය විධීයට රැකියා ලබා දුන්නෙ කවුද කියලත් මතක තියා ගන්න. (නදී)
අනේ මේ දුක කාට කියන්නද? උසස්වීම් නැත්තේ අපිට විතරයි. උපාධියට මෙච්චර ගැරහුම් මොකද? (නි)
කිසිම කෙළෙහිගුණයක් නැති හැටි? (නි)
අනේ පව් මේ අය.(හේ)
ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න පුරුදු වෙන්න. (නි)