ගලහ බෙල්වුඩ් ජනපදයේ අංක 80 ලිපිනයේ පදිංචි එල්.ජී.ශාලිකා නවෝදනී (31) 2013 වසරේදි පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධිය ලබා ගත්තද මේ දක්වා රැකියාවක් නොමැතිව තම ස්වාමියාගේ ගව ගාලට උදවු කරමින් ගව ගාලේම කොටසක තම සැමියා හා පුතුන් දෙදෙනා සමග දුෂ්කර ජීවිතයක් ගෙවන්නීය.
තම පුතුන්ගේ අනාගතය වෙනුවෙන් ජීවිතය ගවයින් සමග පොර බදන්නට ඇය ධෛර්යය ගෙන ඇති අතර ඇගේ දෙමාපියෝ ද තේ දළු නෙළන්නන් වූහ. පියා අසනීපයකින් මියගොස් ඇති ඇගේ මව ඇයට වැඩිදුර අධ්‍යාපනය ලබාදී ඇති අතර උසස් පෙළින් පසු ඇගළුම් කම්හලක, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක ඇය සේවය කර ඇත.
සිය සැමියා ද වසර 16ක් පුරා ගව පාලනය සිදු කරන බවත් මෙතෙක් තමා ඉල්ලුම් කළ කිසිදු රැකියාවක් සඳහා අවස්ථාවක් නොලැබුණු බවත් ඇය කියන්නීය.
‘ අපි පදිංචි වෙලා හිටපු මහත්තයගෙ අක්ක රට ඉඳන් ආවා. එයාට අපි ඒ ගෙදර දිල මහත්තයගෙ තාත්තගේ පැත්තේ තිබුණු හිස් ඉඩමකට පදිංචියට ඇවිත් දැන් වසරක් පමණ වෙනවා. මගෙ මහත්තයත් උසස් පෙළ දක්වා ඉගෙන ගෙන තියෙනවා. නමුත් එයා තම කරන්නෙ ගව පාලනය අක්කගෙ වාහනයකුත් එළවනවා .තවත් වාහන වල වැඩ කරනවා. අපි ඉන්නෙ අනුන්ගෙ ඉඩමක අපිට එයාල ගෙයක් හදාගන්න ඉඩක් දෙන්නෙ නෑ. අපි ගව ගාල හදාගෙන ඒ පැත්තක පුංචි සාලෙ අපි 4 දෙනාම ජීවත් වෙන්නේ. කොයි වෙලේ මේ ඉඩමෙන් යන්න වෙයිද දන්නෙ නෑ. අපිට හරක් දෙන්න ආධාර දෙන්න හදනව ගලහ පශුවෛද්‍ය එකෙන් නමුත් අපිට ඒ සත්තු අරන් අපි විදින දුක සතුන්ටත් දෙන්න බැරි නිසා මේ ඉන්න සත්තු 4 දෙනා නඩත්තු කරගෙන ජීවත් වෙනවා‘ යැයි ඇය කීවාය.
ඡායාරූප - චමිල් රූපසිංහ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි කියන්නේ මතු රැකෙනා ශිල්පයමයි උගතමනා කියලා! (ර)
අනේ පව්, ඔන්න දේශපාලන බලදාරීන්ට කරනවානං උතුම් වැඩ, මේ වගේ මිනිස්සුන්ට පිහිට වන එක. නිකන් අනිත් ඇමතිගේ මන්ත්‍රීගේ කුණු හොයා හොයා ඉන්නවට වඩා. (ර)
ධර්මය රැකෙන්න නම් , ඒ ධර්මය සුරකින අයව රැකගන්න ඕනේ . (ර)
පාලි සහ බෞද්ධ උපාධියක් අරගන්න යනකොටම මයට තේරුමක් තිබුනේ නැද්ද මෙවන් උපාධියකින් රැකියාවක් සොයා ගන්න අමාරු බව. නමුත් කිරි ව්‍යාපාරය දියුණු කර ගනිමින් වෙළඳපොලේ නොමැති රස සහ පලතුරු යොදමින් යෝගට් සහ අනෙක් රසකැවිලි නිෂ්පාදනයක් කරා යොමුවෙමින් දියුණු වෙන්න උත්සාහ කළ යුතුයි. ඇමරිකාවේ වැඩිපුරම විකිනෙන යෝගට් වර්ගයේ උපතත් මෙසේම විරැකියාවෙන් පෙළුන කෙනෙක් අතින් ආරම්භ වුවක්.(හේ)
කොහොමද සම්බන්ධ කර ගන්න පුළුවන්? දුරකථන අංකයක් දන්නවා නම් මෙහි පල කරන්න. අනිවර්යෙන්ම උදව් කරන්න පුළුවන්. (හේ)
අමාරුවෙන් උගත් කී දාහක් මේ විදියට මේ පොළොවේ දුක් විදිනවා ඇතිද? (ර)
ලංකාවේ රස්සා නැහැ කියන්නේ බොරු කතාවක්. හුඟක් උපාධිකාරයෝ බලන්නේ උපාධියෙන් පස්සේ පැන්ෂන් ගන්න පුළුවන් රජයේ රැකියාවක් හොයාගන්න. පෙනෙන්නේ නැද්ද රැකියාවිරහිත උපාධිධාරී සංගමයකුත් තියෙනවා. නමුත් ඇඟලුම් කර්මාන්ත ශාලාවල තියෙනවා මාසකට රුපියල් තිස්දාහක් විතර හොයාගන්න පුළුවන් රස්සා. හැබැයි ඉතින් වැඩ කරන්න ඕනෑ. (නි)
අනේ දෙවියනේ මෙයාට පිහිටවෙන්න !!! (බ)
පිටිගල විතරයි ප්‍රයෝජනයකට ඇති දෙයක් ලියලා තියෙන්නේ එත් හැමෝම බනින්නෙත් එයාටමයි. (ර)
අයියෝ මෙහෙමත් රටක්. කාට කියන්නද (බ)
හැකිනම් මේ උපාධිධාරිනියට රැකියාවක් සොයල දෙන්න, එහෙම නැත්නම් මේ කරගෙන යන ඉතා උතුම් රැකියාව වඩාත් දියුණු කර ගැනීමට නිවසක් සඳහා ඉඩමක් හා අවශ්‍ය දේ ලබා දෙන්න. (ර)
ලෝකයේ විවිධ රටවල මිනිසුන් උසස් අධ්‍යාපනයෙන් පසුව තමන් ඉපදී හැඩුවැඩුණ ගොවිපලට ගොස් සුපුරුදු පරිදි ජිවත් වෙති.ගොවිතැන යනු පහත් රැකියාවක්නොවේ.මෙහි ගස්කොළන් සහ සතුන් ධර්මානුකූලව සැදීමට ඇයට හැකියාව ඇත. (බ)
අපේ රටේ ලොකු ලොක්කෝ වැඩි දෙනෙක් කරන්නේ ඔය ගව පාලනේ හින්දා එතරම් අවුලක් නැහැ....(බ)
පව් දෙවියනේ ..! මගේ ජීවිතේම කකුල්දෙක ළඟ කඩාවැටුනා වගේ හැඟීමක් දැනුනා. මම ගොඩාක් සංවේදී පුද්ගලයෙක්. මේ අපේ රටේ ඉන්නේ මිනිස් ගති නැති යමපල්ලෝද කියලා වෙලාවකට දුක හිතෙනවා. පව් ඇයට සාධාරණය ඉෂ්ටවේවා..!!!!! (නි)
දුෂිත දේශපාලනික යාන්ත්‍රණයක් ඇති රටක මීට වඩා දෙයක් බලාපොරොත්තුවිය හැකිද? (බ)
රජයේ නැත්නම් පෞද්ගලික ආයතනයකින්වත් රැකියාවක් ලෑබුනේ නැහැ කියන එක පිළිගන්නත් බැහැ (බ)
පාර්ලිමේන්තු ඉන්න නර සත්තු ටික කෝටි ගණන් මුදල් වෙන් කරගෙන වාහන ගෙනාව නම් ..රටේ මේ වගේ මිනිස්සුන්ගේ මුලික ප්‍රශ්න ටික විසඳෙයි.....(බ)
අල්ලට සිඟාවත් රසනැති කැවිලි කකා, කල්ගිය රෙදි වැරලි ඇඟ දැලි කුණෙන් වකා, වල්කොළ බිම අතුර නිදි නැතිව දුක්තකා, ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා. (බ)
ගවයෝ වගේ මිනිස්සු රට පාලනය කරනකොට මේ වගේ දේවල් නොවී තියේවිද? (බ)
දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි.. (ර)
ඡන්ද කාලේදී පෝස්ටර් ගහල නැතුව ඇති (ර)
පාසල් වල බුද්ධ ධර්මය ඉගන්වීමට ඉතා සුදුසු උගැතියක්. සමාජයට වටින සේවයක් ලබාගත හැකි මෙවන් උතුම් උගතුන්ගෙන් පල ප්‍රයෝගන ගැනීමට නොහැකි දේශ පාලුවන් ගෙන් සුපිරි දේශයකි අපේ රට. (ර)
මට කියන්න තියෙන්නෙත් නුවන් කියපු දේම තමයි. (ර)
මේ උගත් තරුණියට ඇගේ උපාධියට සරිලන රැකියාවක් ලැබේවි මේ පුවත අධ්‍යාපන ඇමතිවරයාට දැනගන්ට සලසුවොත්.ගවගාලේ වුනත් ඔබ දෙපොළ සතුටින් ඉන්න බව පේනවා. (ර)
ඔබට රැකියාවක් ලැබෙන්න කියලා මා ප්‍රර්ථනා කරනවා. (ර)
උපාධිධාරිනිය ගව ගාලේ ....අට පාස් අය මන්ත්‍රීලා වෙලා රජ ගෙදර. (ර)
උසස් පෙලවත් සමත් නොවූ ඇමතිලා ඉන්න රටක උපාධි ධාරීන්ට සලකන්නේ ගවයින්ට වගේ තමයි, ,මේව දැක්කම අපිටත් දුකයි. අපේම සහෝදරියකට අත්වූ ඉරණම පිලිබදව .එත් ඔබ සැලෙන්න එපා කවදාහරි දවසක ඔබේ දැනුමට වටිනාකමක් ලැබේවි. (හේ)
විසඳුම උපාධිධාරී හැමෝටම රජයේ රැකියා දීම නෙමෙයි. රැකියා ලබන්න පුළුවන් උපාධි හැමෝටම දෙන එක. (ර)
උපාධියක් ගත්ත පලියට රැකියාවක් කරන්නම ඕනෙද? ඔය ස්වයං රැකියාව දියුණු කරගෙන අභිමානයෙන් ජීවත් වුනානම් තමයි හොඳ.(හේ)
ඔබගේ අසරණකමට තෙරුවන් සරණින් ජිවිතය ගැට ගහ ගන්නට රැකියාවක් ලැබේවා.(හේ)
මෙයාට හැමදේමට ශක්තිය ලැබේවා.(හේ)
පිටිගල වගේ අයට මේ වගේ උපාධි වැඩගත්කමක් නැතිවුණත් ඒ මිනිසුන්ට වැදගත් (නි)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු (නි)
අර පාර්ලිමේන්තුවේ ඉන්න අයට නම් එන්න එන්න පඩි වැඩි කරනවා. පහසුකම් දෙන්න යෝජනා සම්මත වෙනවා. වැඩි හරියක් දහයේ පන්තිය සමත් නැහැ. මේ මිනිසුන්ට අත දෙන්න කිසි කෙනෙක් නැහැ (නි)
එක අතකින් හිතනකොට මේකත් රැකියාවක් තමයි. (නි)