බස්නාහිර පළාත් උපාධිධාරීන් පිරිසක් රැකියා ඉල්ලමින් අද කොළඹ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලය ඉදිරිපිට කළ සත්‍යග්‍රහය බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සමග සිදුකළ සාකච්ඡාවකින් පසු අවසන් කළහ.
බස්නාහිර පළාත් උපාධිධාරීන් 682 ක් සංවර්ධන නිලධාරී තනතුරු සඳහා අයදුම්කර ඇති අතර ඔවුන්ගේ 150කට පුරප්පාඩු අනුව රැකියා ලබාදුන් බවත් ඉතිරි පිරිසටද ඉක්මනින් රැකියා ලබාදෙන බවත් අමාත්‍යවරයා පොරොන්දු විය.
ඉතිරි පිරිසට රැකියා ලබාදීම ඔවුන් උපාධි ලබාගත් අනුපිළිවෙළට සිදුකරන ලෙස උපාධිධාරීන් කළ ඉල්ලීමටද ප්‍රධාන අමාත්‍යවරයා එකඟවී ඇත.
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරිය ඇතුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්වූහ.
උද්ඝෝෂණය අතරතුර අත් අඩංගුවට ගත් පිරිස බැලීමටද ප්‍රධාන අමාත්‍යවරයා කුරුඳුවත්ත පොලිසියට ගියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පොලිස් කාරයෝ උපාධිධාරියෙක් ඇදගෙන ගියේ අපේ ජනරාල් තුමාව ඇදගෙන ගියා වගේනේ මටනම් දුකයි කණගාටුයි සෝකයි (බ)
මෙසේ උද්ඝෝෂණ කරමින් රැකියා ඉල්ලන පිරිසෙන් බහුතරය විශ්ව විද්‍යාල අතුලේදීත් පෙළපාලි ගියා මිස ඉගෙනගත්තේ නැහැ. ඉතින් එවැන්නන්ට කොහොමහරි උපාධිය අරගෙන ආවාට රස්සා කරන්න දැනුම හෝ පුහුණුව නෑ. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තියන බටහිර කොයි රටේද ආණ්ඩුව කෙලින්ම රැකියා දෙන්න ඉදිරිපත් වන්නේ. මොවුන්ට රජයෙන් නිදහස් අධ්‍යාපනයත් ඕනා. ඊට පස්සේ රක්‍ෂාවත් ආණ්ඩුවෙන්ම ඕනා. මහජන මුදලින් ඉගෙනගන්න සැබෑ උපාධිධාරයෝ දැනුමේ හැටියට තමන්ම රැකියා හොයා ගන්නවා. ඉගෙන නොගත්ත මැට්ටන්ට ආණ්ඩුවේ තියා කොහේවත් මුකුත් කරන්න බෑ.(බ)
මගේ අක්කා උපාධියෙන් පසුව සුළු පඩියකට ඇඳුම් සාප්පුවක රැකියාවට ගියා. ඒ යන අතරේ තව වැඩිදුර ඉගෙන ගනිමින් වෙනත් රැකියාවලටත් ඉල්ලුම් කළා. ආණ්ඩුවට බැන බැන නිකම් ගෙදර හිටියේ නැහැ. දැන් ඇයට අර සුළු රැකියාවෙන් ලැබුන අලෙවිකරණ අත්දැකීම නිසා ඉහළ පෙළේ සමාගමක වෙළඳ අංශයේ හොඳ රැකියාවක් ලැබිලා. හැම දෙයකටම ආණ්ඩුවට බැන බැන ඉඳල කාලය ගතවෙලා තව වයසත් යන එක විතරයි. (බ)
රැකියාවක් දුන්න කියමුකෝ. එතන වැඩ ටික ඉගෙනගන්නත් කලින් ඊළඟට පඩි වැඩි කරන්න උසස් වීම් දෙන්න කියලා බෙරිහන් දෙන්න පටන් ගනීවි. ඊළඟට ආයතන ප්‍රධානියාව අර එක පාරක් උප කුලපති කාමරකට දැම්ම වගේ උස්සගෙන ගිහින් නිවාස අඩස්සිගත කරාවි. හොඳට කල්පනා කළොත් තේරුම් ගන්න පුළුවන් නිවැරදි ආකල්පයෙන් සහ අදාළ මුලික රැකියා කුසලතාවලින් තොර උපාධිය නිසා පුද්ගලික අංශයේ රැකියා කියක් උපාධිදාරින්ට අහිමි වෙනවද කියලා. (බ)
ඇයි මේ කට්ටිය රජයේ රැකියාවන්ම ඉල්ලන්නේ ? පුද්ගලික අංශයට යන්න අකමැති ඇයි . ? හේතුව තමයි පුද්ගලික අංශයේ මහන්සි වෙලා ගණන් පඩියට වැඩ කරන්න සිද්ධ වෙනවා. ආණ්ඩුවේ වගේ පුටුව රත් කරමින් නිකන් ඉන්න බැහැ. පුද්ගලික ආයතනවලට උපරිම පලදායි බවක් පෙන්වන්න සේවකයාට සිද්ධ වෙනවා. හොර බොරු කරන්න බැහැ . අයිස් ගහන්න බැහැ, ඉතින් නිකම් ඉඳලා පඩි ගන්න තැනක් සොයන සමහර උපාධිදාරීන් සොයන්නෙම ආණ්ඩුවේ රැකියාවල් . ඔය ඉල්ලන තරමට ආණ්ඩුව රැකියා මවන්නද ? රටට වැඩක් කරන්න ඕන නම් ඇයි පුද්ගලික අංශයේ රැකියාවක් සොයන්නේ නැත්තේ ? මොකද ඒ තැන් වල කෙරෙන්නේ රටට අදාළ වැඩ නෙවෙයිද ? (බ)
දිනේෂ් වගේ කට්ටියට ආණ්ඩුවේ කන්තෝරුවක නිදි කිරණ ආසනයක් හරි අගෙයි. අපේ ඔෆිස් එකේ ඉන්නවා ඔය වගේම ඔක්කොම දන්නා උපාධිදාරී උගතෙක් . පරිගණකය මගින් රාජකාරි ලියුමක ප්‍රින්ට් අවුට් එකක් ගන්න දන්නේ නැහැ. හැබැයි කට නම් බෝක්කුවක් වගේ වැඩ බැහැ (බ)
මදැයි මගේ උගත්කම මනින්න ගිය කට්ටියක් අහ ගත්තු ටික ! (ම)
මෙතන තියන ප‍්‍රතිචාර 80% ම හරි, මම සාමාන්‍ය පෙළ පවා ලොකුවට පාස් නැහැ, අපේ ඔෆිස් එකේ ඉන්නවා උපාධි මෑන් කෙනෙක්,,, මට තියන දැනුම වත් නැහැ පොරට,, අනේ මන්දා!!!! (බ)
මේ ඔක්කොම එවුන් කෑගහන්නේ උපාධියක් ගත්ත එවුන් එක්ක තියෙන ඉරිසියාවට.මුන්ට තියෙන හීනමානේ නැති කර ගන්න බොරුවට කෑ ගහනවා. උගත්කමට තැනක් දෙන්නැති රටක් කවදාවත් දියුණු වෙයිද? (බ)
තුසිත මැතිතුමා ඔබ හරි ස්තූතියි (බ)
උපාධිදාරිනට රැකියාවල් දෙනන් ඕන කියලා කොහෙද නීතියක් තියෙන්නේ. ? අනෙක් රටවල උපාධි දාරීන් සුදුසු රැකියා ලැබෙනකන් රැකියා කරනවා. අපේ කට්ටිය සරසවියෙන් පිටවුන ගමන් මහා ඒජන්තකම බලාපොරොත්තු වෙනවා.(කේ)
ඊළඟට මොනවද ආණ්ඩුවෙන් කරලා දෙන්න ඕන ? පරස්ථාවක් එහෙමත් කරලා දෙන්න ඕනද ? (අ)
තුසිත, කරුණාකර ප්‍රශ්නය දෙස ගුනගරුකව, බුද්ධියක් එතිව බලන්න. මේ රටෙන් කැල්ලක් ඉල්ලනවා නොව. තමන්ගේ දක්ෂ කමින්, විශ්ව විද්‍යාලයට ගොස්, තම දෙමව්පියන්ගේ සහ රටේ දුප්පදුන්ගේ මුදලින් ලබාගත් උපාදියට රැකියාවක් ඉල්ලා, රටට සේවය කිරීමට දරන අවංක ඉල්ලීමක් පමණි. නුහුගත් විදියට ප්‍රතිචාර දැමීම ඔබගේ මෝඩකම සහ අශිලාචාර බව ප්‍රදර්ශනය කිරීමක් පමණක් නොව, ලංකාදීප පුවත්පතටත් කරන නිගාවකි.(කේ)
මෙහෙමයි නියම අකාරයට විශ්වවිද්‍යාලයෙන් පිටවුනු උපාධිධාරියෙක්ට හොද දැනුමක් තියනවා ඔනෙම තැනක ඕන විදිහට වැඩකරන්න. නමුත් ටියුශන් ගිහින් බාහිර උපාධිගත්තු ඉන්නවා නේද කිසිම දැනුමක් නාහැ අද උපාධියට තැන නැති වෙලා (කේ)
රජයකට රස්සා එහෙම දෙන්න බැහැ. තමනුත් දැනගන්න ඕනෑ රස්සාවක් හොයාගන්න (නි)
මෙයලටත් පැල ගණන් කරන්න, බීජ බෙදන්න වගේ රස්සා දීලා දේශපාලන වැඩ වලට යවමු.එතකොට අර කෙනෙක් බෙරිහන් දුන්නා නේද "රැකියා විරහිත උපාධිධාරියෝ" කියන වචනය ශබ්ධ කෝෂයෙන් මහින්ද ඉවත් කළා කියලා. (නි)
තුසිතගේ උපාධිය හැඳි මිටේ දිගද? (නි)
ලෝකයේ කිසිම දියුණු රටක් උපාධිධාරින් ගැන මැරෙනතුරු ආණ්ඩුව වගකියන්න ඕනෑ කියලා නීති නැහැ. මේ සමහර කට්ටියට අවශ්‍ය මුලික කුසලතාවත් නැහැ. අඩුගානේ පාරිභෝගිකයෙකුට සුහදව කතා කරන්නවත් දන්නේ නැහැ. (නි)
උපාදිය යනු රැකියාවකට සුදුසු කමක් නොවේ. වෙන කිසිම දියුණු රටක උපාදිය තිබු පමණින් රජයේ රැකියාවක් නොලැබේ. (නදී)
වෙනත් රටවල උපාධිධාරීන් ඉගෙනීම අතරතුරේ සුළු රැකියා කරමින් තමන්ගේ වියදම සොයාගන්නවා. ඒ අතරේ කම්කරු රැකියා පවා තිබෙනවා. පසුව හොඳ රැකියා සොයාගන්නවා. එහෙම නැතුව බෝඩිමේ බෙඩ් ශීට් එකේ ඉඳලා රජයෙන් සපයා දෙන්න ඕනෑ කිය කියා බලාඉන්නේ නැහැ. අපේ රටේ උපාධිධාරීන්ගේ මහන්තත්වය නිසා තමයි රට තවමත් දියුණුවෙලා නැත්තේ. (නි)
මම වැඩකරන ආයතනයේ පුහුණු සහකාර ධුරයේ පුරප්පාඩුවට උපාධිධාරීන් සහ උසස්පෙළ සමත්වුවන් ඉල්ලුම් කළා. තෝරාගත්තේ උසස් පෙළ සමත් තරුණයෙක්. මගේ ප්‍රධානියා කිව්වේ උපාධිධාරීන් මුල සිට වැඩ ඉගෙනගැනීමට අකමැති බවත් , අනෙක් කට්ටිය සමඟ සුහදව වැඩ නොකර උපාධියේ මහන්තත්වයෙන් කටයුතු කරන බවත්ය. ඒ වගේ කට්ටිය නිසා ආයතනයේ ඵලදායිතාවයට වැඩක් වෙන්නේ නැහැ කිව්වා. ඔන්න මේ අපිට ලැබුන පුද්ගලික අත්දැකීමක්. දැන් කට්ටිය අපේ ඇඟට ගොඩවෙන්න එපා. (නි)
මම ආයතනයක මානව සම්පත් අංශයේ සේවය කරන්නේ. කණගාටුයි සමහර උපාධිදාරින්ට අත්‍යවශ්‍ය කුසලතා පවා නැහැ. පරිගණකය ක්‍රියාත්මක කර ඉංග්‍රීසියෙන් ඊ මේල් එකක් යවන්න බැහැ. පාරිභෝගිකයන්ට ආචාර්ශිලිව කතා කරන්න දන්නේ නැහැ. ඉක්මනින් අත්‍යවශ්‍ය රාජකාරී කරන්න අදි මදි කරමින් සැම දෙයක්ම තමන්ගේ අතට පයට බලාපොරොත්තු වෙන සමහර උපාධිදාරීන් ඉන්නවා. කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමේ හැකියාව නැහැ . මේවාගේ තමන්ගේ පැත්තෙන් රැකියාවකට අඩු පාඩු තිබෙද්දී මෙතන සමහර පාඨකයන් ලියන දේවල් වලට තරහ අරගෙන වැඩක් නැහැ. අද ලෝකයේ රැකියාවකට ඇති ප්‍රධාන සුදුසුකම හැකියාව මිසක් උපාධිය නෙවෙයි (බ)
ඉන්දික රජයකට රස්සා දෙන්න බැරිවුනත් රස්සා උත්පාදනය කරන වැඩ පිළිවෙලක් හදන්න ඕනේ (බ)
දැන් මේගොල්ලන් බලාපොරොත්තු වෙන්නෙත් සුළුපටු රැකියාවල් නෙවෙයිනේ. මහ ඒජන්තකම. ! ඊළඟට මාසයක් යන්න කලින් පඩි මදි උසස් වීම නැහැ කියල ආඩපාලි කියන්න පටන් ගන්නවා. .ඊළඟට උද්ඝෝෂණ! ඉස්සර කාලයේ හිටපු උපාධිදාරීන් වගේ නෙවෙයි . . (ම)
විශ්වවිද්‍යාලයට ගිහින් උපාධියක් ගන්න බැරි වුන කබ්බෝ කියන ඒවා ගණන් ගන්න ඕනි නෑ. මොකද උන් දන්න ඇටි කෙහෙලක් නෑ (බ)
මම දන්නා උපාධිදාරියෙක් ඉන්නවා. ආයතනයට අවශ්‍ය ලියුමක් යන්තම් හෝ දන්නා ඉංග්‍රීසියෙන් ලියල ටයිප් කරන්න බැහැ .ඒකට මොකද බලන්න ඕන කාර්යාලයේ පියන්ගේ ඇඟට කඩා පනින හැටි. නියම වැඩේ කියන්නේ අපේ පියන් ගණකාධිකරණය ඉගෙන ගන්නවා රැකියාව කරන ගමන්. එයාට අරයට වැඩිය හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඔන්න ඕකයි හේතුව. කුහක කම වැක්කෙරෙනවා. (බ)