(අජන්ත කුමාර අගලකඩ)
රජයේ රැකියා සඳහා උපාධිධාරීන් 4000කට ළගදීම පත්වීම් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවති කැබිනට් රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලබා දී තිබේ.
සම්මුඛ පරීක්ෂණවලට කැඳවා ඉහළ ලකුණු ලබා ගත් උපාධිධාරීන් 4000 ක් මේ යටතේ බඳවා ගැනීමට නියමිතය. එම පිරිස සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුල් ගණන එකතු කලහම ඡන්ද කීයක්ද? රස්සාවල් දෙන්න ඕනෑ ඇබෑර්තු තියෙනවානන්නේ. එහෙම නැතුව දෙනවා වෙනුවට දුන්නා වගේ නෙවේ පඩි ගෙවන්න ගියහම තමයි තරු පෙනෙන්නේ.
20000 8000 වුණා. 8000 5000 වුණා. 5000 4800 වුණා. 4800 4000 වුනා. තවත් බේගල් නොකියා වැඩ කරන්න.
ඔව් ඉතින් අනුමැතිය දෙන එකනම් සුළු දෙයක්, රාජකාරියක් තබා, මනුෂ්‍යයෙකුට ගෞරවයෙන් සලකන්න වත් නොදන්නා, කැම්පස් වල මොළ සේදීම් වලට ලක්වුන, විශාල සමාජ වෛරයකින් සිත් පුරවා ගෙන ඉන්න මේ අයට රජයේ පත්වීම් දුන්නාම, රාජ්‍ය සේවය පමණක් නොවේ, රටත් විනාශයි. හැඳුනුම් පතේ ලියලා තියන නම හෝ ලිපිනය කොලයක ලියා ගන්න බැරි අය, රාජකාරී කරන රාජ්‍ය සේවයක් තියන රටක් මේක.
පරීක්ෂණ වලට ගියාට වැඩක් නැ ගන්න අයව තීරණය කරලා ඉවරයි
නොමිලේ උගන්වල අනේ ඉතින් රස්සවලුත් දෙන්න ඕනි. අැබැර්තු තියෙන ඒවාට දාන්න බෑනේ ..අපේ රටේ උපාධිය රටේ නිෂ්පාදනය වන වෘත්තීන්ට ගැලපෙන්නේ නෑ. ඒ දෙක හරියට හදන්නේ නැතිව කැම්පස් ගන්න ගාන වැඩි කරලවත් උපාධි දාරින්ට රස්සා දීලාවත් ඕක කෙලවරක් වෙන්නේ නෑ.
අපේ රජයේ සේවකයින්ගෙන් 90%ක් විතර කිසිම වගකීමක් නොගෙන කරන්නං වාලේ වැඩ කරන අය කියලයි මට හිතෙන්නේ... ඒකට ප්‍රධාන හේතුව දුර්වල කළමනාකරණය සහ සේවකයන්ගේ කම්මැලිකම සහ හිතුවක්කාර කමයි.
මේ උදවියට අත්‍යාවශ්‍ය රැකියා කුසලතා තිබේද? නියමිත වෙලාවට වැඩට පැමිණේවිද? රාජකාරි කාලයේ නියමිත වැඩ කරාවිද? ඒ වැඩේ කාර්යක්ෂමව ඉටු කරාවිද? සේවාලාභීන්ට මහජනයාට විනීතව කතා කරන්න දන්නවාද? රාජ්‍ය සම්පත් අවභාවිතා නොකර කටයුතු කරයිද? කරුණාකර මේ ප්‍රශ්න වලට යහපත් උත්තර නැති නම් මේ පත්වීම්වලින් රටට පලක් නැත.
අහෝ! අසරණ ජනතාවට තවත් දඩයක්! සේවය කෙසේ වෙතත් අසරණ ජනතාවගෙන් පළි ගන්න එක නම් කරයි නියමෙට. කොහොමත් ඉතින් පිං පඩියකුත් අරගෙන මාෆියා සංගම් කල්ලියකටත් බැඳිලා මැයි පළවෙනිදාට අතීතය සමරන්න හැකිවෙන්නෙත් ඔය කියන රාජ්‍ය සේවයෙන්ම පමණයි.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව අන්තිමයි. මේ දිනවල රාජකාරි වෙලාවේ නිදා ගන්න රජයේ නිලධාරිනියන් දෙන්නෙකුගේ ඡායරුපය සමාජ ජාල වල මිනිස්සුන්ගේ උපහාසයට ලක්වෙලා. දැනට යන්තම් අවදියෙන් සිටින ඉතිරි උදවියටත් බුදියා ගන්න සැපපහසුකම් සපයන්න වෙන්න ඇති මේ හාරදාහත් ගන්න යන්නේ. අනේ රටකට ගිය කලක්. අපි මෙහෙ පුද්ගලික අංශයේ මහන්සියෙන් හම්බ කරන මුදලින් රාජ්‍ය සේවකයන්ට රාජකාරි වෙලාවේ නිදා ගන්න පඩි ගෙවන්න බදු ගෙවනවා.
ළඟම ළඟම මැතිවරණ ඒන ළකුණු... පේනවා.... කඩදාසියක උපාධිදාරියෙක් කියලා තිබ්බට ඒ අයට උපාධියට සමාන මානසික තත්ත්වයක් තියෙනවා නම්.. ඒ වගේ අයට මේ පත්වීම් තිබ්බොත් රටටත් සේවයක් වෙයි......
උපාධිධාරීන්ගේ පැත්තෙන් බලද්දී මොකක් හරි පඩියක් ලැබෙන එක හොඳයි,එත් මේ අරගෙන ඉන්න අය මොනවද කරන්නේ? වැඩ මවනවා.සංවර්දන නිලධාරී ගමකට විසි පහක් විතර ඉන්නවා.හැබැයි සිද්ධ වෙන්නේ සං මර්ධනය මයි.අපේ පාරට කුණු දමන අල්ලලා දඩ ගසන්න හතර දෙනෙක් විතර ගන්න පුළුවනි.
රජය හෙමිහිට 2020 ඡන්දයට සුදානම් වෙනවා. හැබැයි දැනගතයුතු කාරණයක් තියෙනවා, මොකද ඔක්කොම විනාශ වැඩ කරලා කැරට් අල දීලා ඡන්ද දින්නන්න පුළුවන් නම් මහින්ද 2015 ලේසියෙන්ම දිනනවා. නමුත් එක වුණේ නැහැ. ඒක මතක තියාගෙන රජය වැඩ කලොත් හොඳයි. මොකද ලංකාවේ මිනිස්සු හරි අමුතුයි. පක්ෂ වලට ඇලිලා ඉන්න කට්ටිය හින්ද ඔක්කොම තීරණය වෙන්නේ අන්තිම මොහොතේ පාවෙන, බල්ටි ගහන සිංහල සහ සුළු ජාතික කේවල් ඡන්ද ටිකෙන්.
රැකියාවත් සමඟ ඔවුන්ට උගත් කමට සරිලන, වගකිව යුතු රාජකාරි පැවරීම ද , රාජ්‍ය සේවයේ ඉදිරියට යා හැකි පරිදි , සේවාව කළමනාකරණය කිරීමද කරන්න.
රජයේ ඌන සේවයේ නියුතු උපාධිධාරින් ගැනත් බැලුවොත් හොඳයි නේද?
ඡන්දේ ළඟයි..... ඡන්දේ ළඟයි
බඳවා ගන්න ගාණ අඩු වැඩි වෙන්න ප්‍රධානම හේතුව වුනේ සම්මුඛ පරීක්ෂණයෙන් ගන්න ලකුණු වල ගැටළුව. ඒ වගේම මෙතන ඉන්නවා බාහිර උපාධිධාරීන් ගොඩක්. ඒ වගේම පුද්ගලික අංශයේ වැඩ කරලා හුදෙක් රාජ්‍ය සේවයට එන්න ඕන නිසා එන පිරිසකුත් ඉන්නවා. තමන්ගේ රැකියා ආරම්භය ගන්න ඕන අයත් ඉන්නවා. මේ සංවර්ධන නිලධාරීන්ගේ අනාගතය මොකක්ද කියලා කිසිදු තීරණයක් නෑ. ලංකාවේ මිනිස්සුන්ට රජයේ කාර්යාල නරකයි, රජයේ පාසැල් නරකයි, රජයේ රෝහල් නරකයි. හැබැයි රජයේ රැකියා හොඳා.........................යි.
තම පළමු රැකියාව හැටියට උපාධිධාරී තරුණ තරුණියන් ඉතාමත් උනන්දුවෙන් , කාර්යශීලීව වැඩ කරන්න සුදානම් බව මම අත්දැකීමෙන් දන්නවා. නමුත් කාර්යාල වල අරටු බැස ඉන්නා, යල්පැනගිය අදහස් දරන, නවීන තාක්ෂනය ගැන මෙලෝ දැනුමක් නැති තට්ටෙයි "අර මොකක්ද එකයි " පමණක් ඉතිරි වී තියන බහිරවයෝ (ගැහැණු පිරිමි දෙකොට්ඨාසයම) වැඩ කරන්නෙත් නැහැ . අලුත් ළමයින්ට කරන්න දෙන්නෙත් නැහැ .
උපාධිදාරීන් කීදෙනෙක් ඉන්නවාද? ඒත් ගන්නේ 4000 යි..... සාධාරණයක් විය යුතුයි..... නැත්නම් විදේශගත දරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා....
ජාතික අපරාදයක්...
මේ උදවියට අත්‍යාවශ්‍ය රැකියා කුසලතා තිබෙනවාද ? සේවාලාභීන් මහජනයාට බුරාගෙන පනින්න නම් දන්නවා ඇති.
සමහරක්ට ඇත්ත දැක්කාම භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ දඟලනවා. දඟලලා ඵලක් නැහැ. අපේ රටේ රාජ්‍ය සේවය ඉතාම දුර්වලයි. ඒ වගේම දූෂිතයි. පිනට උගන්වලා පිනට පඩි ගෙවන්න මෝඩයෝ සූදානම් වුණාට, බුද්ධිමත් ජනතාව එයට සුදානම් නැහැ. මම හිතන්නේ රාජ්‍ය සේවකයින් ඔවුන්ගේ සේවය නිසි ලෙස ඉටු කරනවා නම් කිසිවෙක් ඔවුන්ට දොස් නගන්නේ නැහැ. රාජ්‍ය විශ්ව විද්‍යාල වල උපධිකාරයෝ ගැන නම් කතා කරන්නත් ලැජ්ජයි. කට ඇති, වැඩ බැරි, ටාසන්ලා.