මාලබේ දකුණු ආසියාවේ වෛද්‍ය තාක්ෂණ ආයතනයට (සයිටම්) උපාධි දීමට බලයක් නැති බව තම අදහස බවත් එස්.බී ගෙන ආ නීති ඔහුම කඩා ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (20) පැලවත්ත පක්ෂ කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘සයිටම් ගැටලුව වසර කිහිපයක් පුරා කතාබහ වෙමින් තිබෙනවා. මෙම ආයතනය වෛද්‍ය උපාධි ලබාදුන්නත් එය වෛද්‍ය සභාව අනුමත කැර නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිපත්තිමය වශයෙන් අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධයි. නමුත් අද සයිටම් ආයතනයේ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් නොවේ. නීතිමය ප්‍රශ්නයක්. 2013 එවකට උසස් අධ්‍යාපන ඇමැති එස්.බී.දිසානායක ගැසට් පත්‍රයක් නිකුත් කර මේ උපාධි ප්‍රදානය පිළිබඳ ක්ෂේත්‍ර 12ක් යටතේ කොන්දේසි 90ක් ඉදිරිපත් කර තිබෙනවා. එහි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ නිශ්චිත කොන්දේසි අඩංගු කර තිබෙනවා‘  යැයි ද මන්ත්‍රීවරයා කීය.

web_10211752489994115_1084148805_n