ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ගමන්ගත් ජීප් රිය වේයන්ගොඩ මීරිගම මාර්ගයේ බොකලගම හන්දියේ දී ත්‍රී රෝද රියක හැපී ඇතැයි පොලිසිය කියයි. මන්ත්‍රීවරිය තුවාල නොලැබූ නමුත් තුවාල ලැබූ ත්‍රී රෝද රියදුරා තවත් අයකු මීරිගම රෝහලින් වතුපිටිවල රෝහලට මාරුකැර යවා ඇත. මන්ත්‍රීවරියගේ රියදුරා සහ ජීප් රිය පොලීස් භාරයට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලින්ද අප මේ තීරුවෙන් පෙන්වා දුන්නා ලංකාවේ මහාමාර්ග අනතුරු වැඩිවීමට හේතුවත්, එය වළක්වා ගැනීමට ජාතික මට්ටමේ වැඩ පිළිවෙලක් දියත් කළයුතු බවත්. මේ තත්වය කොතරම් උග්‍රවෙලාද කිවහොත් දැන් දැන් මන්ත්‍රීවරුන් පවා අනතුරු වලට මුහුණපානවා. (නි)
ලංකාවේ දේශපාලකයින් ගම් මැද්දෙන් යන්නේ සයිරන් නලා පිඹිමින්... ඒ තමන් පත්කළ ඡන්දදායකයන්ට සමච්චල් කරන හැටි!! (නි)
මන්ත්‍රීතුමියට ආබාධයක් නැත්තම් මට ඒ ඇති. (නි)
මගේ නමින් කවුදෝ ප්‍රතිචාර ලියලා. තියන එකම නම ඒකද දන්නේ නැහැ. (නදී)
රාජ උෂ්ණය නිසා වේගයෙන් රිය පදවන්නට ඇති. නිතරම මැති ඇමති වරු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ රිය වල අනතුරු සිදුවන්නේ මේ නිසා. උෂ්ණය නැතුව ගියා නම් කිසිවක් නැහැ (නදී)
මේ නෝනලාට කිවිසුමක් ගියත් ඒක අපේ ජනතාවට ලොකු දෙයක්. (නි)
අනේ පව් පසන් (නදී)
අනේ හරි පාඩුවක් නේ. (නදී)
එන්න එන්න රිය අනතුරු වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ. හිමින් ගියත් ඒකේ වෙනසක් නැහැ (නදී)
පාරේ වැඩට යන ගමන් අනතුරු වලට ලක් වෙන සාමාන්‍ය කාන්තාවන් ගැනත් අනේ අපොයි කියන්න ඕන නේද ? (නදී)
අනේ මේ නෝනා නැත්නම් ගම්පහට කවුද ඉන්නේ? එතුමියට අපල උපද්‍රාවක් වෙන්ඩ එපා. (නදී)
ධම්ම, අර අහිංසක ත්‍රීරෝද රථ රියදුරාට හා යැපෙන්නන්න්ට පිහිටවන්නේ ගහකුයි ලණුවකුයි තමයි ඉතින් (නි)
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ නංගි... (නි)
ඉසුරිඳියි,ගැමුණුයි එකම අදහසමනේ ලියලා තියෙන්නේ. (නදී)
ආණ්ඩුවට දිගින් දිගටම අපලයි වගේ. එහෙන් උෟවේ තත්වෙත් එච්චර හොද නැහැ. (නදී)
ජනතාවනි,එහෙම කියන්න එපා. මේ ඉන්නේ ගම්පහ බුද්ධිමත් ජනතාව ඉහළ මනාපයකින් පාර්ලිමේන්තු යැවූ ජනතා නියෝජිතවරියක්. (නි)
ඉක්මන් කොටයි. පවු අර ත්‍රීරෝද රියදුරා (නි)
බොහෝ වෙලාවට ත්‍රීරෝද යතුරුපැදි අනතුරු වෙන්නේ එයාලගෙම වරදින්. මොකද නියම පැත්තෙන් යන්නේ නැහැ. අධික වේගයෙන් යන්නේ. එහෙම කරලත් නිවැරදිකාරයට දොස් කියන්න එනවා. ගැහැණු කෙනෙක්ගේ අතින් එහෙම හැපුනොත් ඉවරයි (නි)
මෙයා "දේශ - පාලකයෙක්" ? නිලියක් විතරයි. මොනවද ගම්පහට කොරලා තියෙන්නේ? (අ)
අපේ ගම්වල මෙනවිය කියල ඉස්සර කිව්වෙ පිරිසිදු කන්‍යාවන්ට (අ)
මෙන්න ඒපාර දෙපාරක් කසාද බැන්ද නෝනා කෙනෙක් මෙනවියක් කරලා. (අ)
මනාපේ අමනාපෙ කෙසේ වෙතත් කවුරු හෝ අනතුරකට පත් වුණාම පිහිටක් වෙනවා මිසක දෙස් දෙවොල් කීමෙන් පලක් නැත.(අ)
දවසක් මෙතුමිය රුපවාහිනි වැඩසටහනකදී 13 වෙනි ව්‍යවස්ථා සංශෝදනය පිළිබද හරවත් දේශනයක් කලා. (අ)
අපි වගේ අහිංසක ජනතාව එයාට වුනු අසාධාරනකම් වෙනුවෙන් දීපු ඡන්දෙට කාලගුණ සලකපු නිසාද මේවා වෙන්නේ ...(අ)..
සත්‍යයා , එයාලගේ තඩි කාර් .. මුකුත් වෙන්නේ නැහැ, අහිංසකයෝ පාරේ මැරෙන්නේ, මහජන සල්ලි වලින් දුවන වැඩකට නැති මේ පාලුවෝ' හින්දා. මාර්ග නීති අලුතින් උගන්නල දඩ මුදල් ගන්න නීති කඩන රියදුරන් ගෙන්..(අ)
අනතුරට ලක්වෙලා ඉන්න දෙපාර්ශ්වයම මාර්ග නීති තුට්ටුවකට ගණන් ගන්න අය නෙවෙයි (නදී)
මම බය වෙච්ච තරමක්. කරදරයක් උනේ නැහැ නේද ? (නදී)
අනේ අපේ පබා මිස්. (නදී)
මේ නෝනට මමත් චන්දෙ දුන්න නේ ගොනා වගේ. අද වෙනකන් අපේ ගම් පළාතේවත් ආවේ නැහැ.(අ)
අපේ පාරවල් වලට කාපට් දාන්න දාන්න අනතුරු වැඩිවෙනවා. මට හිතෙනවා අර පරණ විදිහටම පාරවල් තිබුනානම් හොඳයි කියල. එතකොට දැන් වගේ "අපි පාගල යාමුකෝ හැටේ "කියන්න බැහැනේ. (අ)
පබාට අක්කට කරදරයක් නෑ නේ .......(අ).
දේශපාලකයින්ට සහ ජනතාවට වෙනම නීති දෙකක් තියන දකුණු ආසියාවේ අමුතු ඇටය, (අ)
එකනම් පවු (අ)
මනාපේ අමනාපෙ කෙසේ වෙතත් කවුරු හෝ අනතුරකට පත් වුණාම පිහිටක් වෙනවා මිසක දෙස් දෙවොල් කීමෙන් පලක් නැත. (අ)
ත්‍රීවීල් වාහන වලට ඉස්සර කරන්නෙම දකුණුපසින් මේවාට නීතිය තදින් ක්‍රියාත්මක කළයුතු කාලය ඇවිත් (අ)
චතුල,චාමර, මේකේ කොහෙද මෙනවියක් කියල තියෙන්නේ? කාට උනත් අනතුරක් වුණාම අපහාසේට ගන්න එපා .තමන්ට අනතුරක් වුණාම ඒක තෙරුම් ගන්න පුළුවන් . (අ) .
කරු මහත්තයා පැන්න නිසා මම මෙයාට ඡන්ද 50 කට වඩා අරන් දුන්නා. මම අද බොහොම කනගාටු වෙනවා මා ගැනම. මගේ ජීවිතේ මම කීප වතාවක්ම වැරදි දේශපාලන තීන්දු ගත්තා. ඊළඟ පාරවත් බලමු. (නදී)
සත්‍යා. මහා මාර්ග අනතුරු වලක්වාගන්නට ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් ඕනා කියල ඕනා කෙනෙකුට කියන්න නම් පුළුවන්. නමුත් යෝජනා ඉදිරිපත් වෙන්නේ නැහැනේ. (අ)
සමහරු ගම්පහ අපිට උපහාසයට අදහස් ලියලා තියෙනවා. නමුත් ස්වර්ණමාලි උත්තමාවිය වගේ ශ්‍රේෂ්ඨ නායිකාවක් මුළු ආසියාවේම නැහැ. බලන්න මොනතරම් උගත් බුද්ධිමත් කාන්තා රත්නයක්ද කියලා. කරුණාකර ගම්පහ අපගේ කෘතහස්ත දේශපාලන අවබෝධය සහ ආකල්පයන් අවතක්සේරුවට ලක්කරන්න එපා. (නි)
අනේ ඔයාට අකරතැබ්බයක් නැහැ නේද ? (නදී)
නීතිය කාටත් එක විය යුතුයි (නදී)
18 ට අත උස්සපු කෙනෙක් නේද? (නදී)
ගම්පහ ජනතාවගේ වාසනාවට දෙවියන් වහන්සේ ඇයව බේරුවා. (නදී)
ගම්පහ ඉන්න බුද්දිමත් ජනතාවගේ වාසනාවට එතුමියට කිසිම කරදරයක් නොවුනේ.එහෙම නස්පැත්තියක් උනා නම් අර ඉන්දියාවේ වගේ ගම්පහ ඉන්න කී දෙනෙක් සිරුරට ගිනි තියාගෙන ජීවිතය විනාස කර ගනීද දන්නේ නැහැ. (නදී)
අනේ! අහිංසක ත්‍රීරෝද රියදුරා (නි)
සමීර ඒකනේ ගම්පහ ඉන්න බුද්දිමත් ජනතාව උදෙන්ම ගිහින් කතිරේ ගහලා පාර්ලිමේන්තුවට යැව්වේ. (නදී)
ගම්පහ ජනතාවගේ වීරෝධාර හඬ! (නි)
කොහේ යන්න ගිහිල්ලද? (නි)
වේගයෙන් යන අය මෙහෙමවත් පාඩමක් ඉගෙනගන්න ඕනෑ (නි)
මොන තරම් දුප්පත් වුනත් තිස්සමහාරාමයේ ඉන්න ජනතාව මොන තරම් බුද්දීමත්ද කියල හිතෙනවා. (නදී)
කොහොමත් දේශපාලකයින් බොහෝ දෙනෙක් යන්නේ උඩින්නේ! (නි)
දැන් ඒ ගමන උපේක්ෂා ස්වර්ණමාලිත් පටන් අරගෙනද? (නි)
කල්පනාවෙන් වැඩ කරන්න (නි)