හෝමාගම ලෙනගල බත් දන්සලකට කඩා වැදී පසුගිය 13 වැනිදා ටී පනස් හයේ ගිනි අවියකින් පුද්ගලයකුට පහර දුන්නැයි අත්අඩංගුවට ගත් හෝමාගම ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඉන්දික කෝරළගේ රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හරින්නැයි හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ගැන කතා කිරීමත් අපට ලැජ්ජාවකි. (නදී)
රටේ ප්‍රදානියා මේ ගැන මිට වැඩිය හොයන්න ඕනේ. මේ වගේ මිනිස්සු අයින් කරන්න ඕනේ (නදී)
අනේ අපේ රටට වෙලා තියන වින්නැහියක්. දේශපාලනේ අැඟේ ගාගත්ත හැම කෙනාම හිතන්නේ නීතියට උඩින් ඉන්නවා කියල. මේවා රටේ මහ තැන්වලින් දුන්න ආදර්ශ. මෙහෙම වෙද්දී වත් මහතැන් ඒවා නිවැරදි කරන්නේ නැ. උදාහරණයක් විදිහට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිට මිනීමැරුම් ස්ත්‍රී දුෂණ නඩු තියනවා. එත් තාම සභාපති . (ස)
සාමාන්‍ය පුද්ගලයෙක් ගිනි අවියකින් පහර දුන්න නෙමෙයි තියාගත්තා නම් ඇප තියා මෙලහකට ගුටිකාලම ඇවිද ගන්න වත් බැහැ. දේශ පාලුවන්ට, පලා බබ්බුන්ට වෙනම නීතියක්ද.? දැන් ඉතින් ඇප ලැබුන නිසා හෙන්චයියෝ ටික දාල දන්සල් දුන්න මනුස්සයාගේ දත් ටිකත් ගලවයි. (ස)
ගුටිකාපු එක්කෙනා කියයි කවුරුවත් ගැහුවෙ නෑ මමමයි ගහ ගත්තෙ කියලා. සමහර විට මට ගහපු කෙනා මතක නැහැ කියලත් කියයි. (නදී)
මේවගේ උන්මන්තකයන්ට මොනා හරි ස්වභාව ධර්මයෙන් හරි වෙන්න ඕනා.(නදී)
ගිනි අවිය රහත් වුනාද? නැත්නම් කොහොමද ඇප දෙන්නේ ? (නදී)
තමන්ගේ වෘත්තියට ගැළපෙන භාණ්ඩයක් ඕනෑම කෙනෙකුට තියෙනවානේ. දොස්තරලට නලාවක්, මේසන් බාස් කෙනෙකුට බදාම හැන්දක්, ලේඛකයෙකුට පෑනක් වගේ දේවල්. දේශපාලකයන්ට ඒ වගේ තියෙන්නේ ටී 56 අවියක්. රට දියුණු වෙලා තියෙන තරමක්. (නි)
දන්සල දුන් මනුස්සයා සමහරවිට මෙයාට ඡන්දෙත් දෙන්න ඇති (නි)
කලබල වෙන්න එපා සහෝදරවරුනි. අසා නැද්ද 'අවිගත්තෝ අවියෙන්ම නසිති' කියලා. (නි)
ගිනි අවියට මොකද වුණේ? (නි)
මේක සෙල්ලම් ටී 56 ක් වෙන්න බැයිද? හොඳ පුර්වාදර්ශයක් මේක. ඔන්න පස්සේ කෑ ගහන්න එපා. (නි)
ගිනි අවිය කෝ එතකොට? (නි)
බොහෝ දේශපාලකයින් ළඟ ලැජ්ජාව,බය නැහැනේ. ඊළඟ වාරයේත් අමතක නොකර වැඩි ඡන්දයෙන් පත්කර ගන්න.දැන් පාර්ලිමේන්තු යන්නත් සුදුසුකම් හරිනේ (නි)
මෙය ඉතාම බරපතළ වැරැද්දක්. ඇයි මොවුන් මෙලෙස හැසිරෙන්නේ? (නි)
මේ වගේ අවනීතිය රජකරන රටට නිවාඩුවකට වත් එන්න හිත දෙන්නේ නැහැ (නදී)
මෙහෙමත් නඩුකාර හාමුදුරුවරු, (ස)
මේගොල්ලෝ චන්දෙ ඉල්ලන වෙලාවෙත් කිව්වද අපි මෙහෙම කරනවා කියල, මෙහෙම හැසිරෙනවා කියල. මිනිස්සුන්ට වැඳගෙන බොහොම සුදනෝ වගේ තාප්පයක් තාප්පයක්, කණුවක් කණුවක් ගැනේ පොස්ටර් වල හිටිය. හිරෙන් නිදහස් වෙලා හිනාවේගෙන ඡායාරූප වලට පෙනී ඉන්න එකත් මෙයාලට අද සුදුසු කමක් වෙලා. මෙයාලා ටී 56ක් අතේ තියාගෙන ඒ පෝස්ටර් වල හිටියා නම් කොච්චර ගැලපෙනවද? (ස)
හිනා වෙලා එන හැටියෙන්ම පේනවා අනාගත තීන්දුව ! හරියට "මාව කොහෙද මට්ටු කරන්නේ " වගේ. (නදී)
විලි ලැජ්ජාවක් නැතිව හිනා වේවි යනහැටි ! මහා හපන් කමක් කරලා වගේ (නදී)
මෙයාගේ වාසගම නිසා හිතාගෙන හිටියාද දන්නේ නැහැ , මුවන් පැලස්සේ කෝරලේ මහත්තය ට වගේ වැයික්කියේ හැමෝටම තඩි බාලා දඬුකඳේ ගහන්න ලයිසොන් එකක් ලැබිලා තියනවා කියලා. (ස)
ෆොටෝ එක දකිද්දී නම් මට හිතුනේ, මෙයාල සිනමා ශාලාවකට ගොඩ වැදිලා විකට චිත්‍රපටියක් බලල ආපසු එනවා වගේ කියලයි. එතකොට අර ටි පනස් හයේ ගිනි අවිය ප්‍රාදේශීය සභා උප සභාපතිගේ පෞද්ගලික ආරක්ෂාවට රජයෙන් සපයා දුන් එකක්ද? එහෙම නැතිනම්, නීත්‍යනුකූල නොවන එකක්ද? එහෙම නොවන එකක් නම්, මෙයාල ඊළඟට නරඹන්න යන විකට චිත්‍රපටිය මොකක්ද කියලත් අපට හිතාගන්න පුළුවන්. (ස)
හෝමාගම පැත්තේ බවලතුන් හැමෝටම ගෙදර පස්සා දොර හොඳට වහලා බත් මුට්ටිය බලා ගන්න වේවි . දන්සැලට වුන දේ අහල පහල ගෙවල් වලට සිද්ධ වෙන්නත් පුළුවන් නේ ! (ස)
ප්‍රාදේශීය සභාපතිලාට කොහෙද ගිහාන් විලි ලැජ්ජාවක්. එහෙම දෙයක් නැති නිසානේ ඔය තනතුරු වලට සුදුසු වුනේ ! (නදී)
බෞද්ධයෙකුට දන්සලක් වත් තියන්න දෙන්නේ නැති මේවැන්නන්ට නැවත ගමේ මිනිස්සු ඡන්දෙ දෙයිද? අනික සභාපති කියලා පෝලිමෙන් පිට ගිහින් ආහාර ඉල්ලන්නේ ලැජ්ජාවක් නැද්ද? (නදී)
ගිහාන් ඔබ හරි. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. (නදී)
විලි ලැජ්ජාවක් නැතුව හිනා වෙලා එන ලස්සන බලන්නකෝ. මේ අයට රජ කාලේ දඩුවම් දෙන්න ඕනා. (නදී)