දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දී සුමින්ද සමන් හිටපු පොලිස් කොස්තාපල් දඩ කොළයක් දුන් නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකරගේ වාහනයේ තිබුණේ ව්‍යාජ අංක තහඩුවක් බව හෙළි වීම නිසා ඊට එරෙහිව නඩු පවරන බව පොලිසිය කියයි.
එම වාහනය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නැයි සති කිහිපයකට පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයකු හෝමාගම පොලිසියට දන්වා ඇතත් මෙතෙක් නඩු දමා නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඇමතිතුමාගේ දේශපාලන ජීවිතයට හානි කරන්න හදනවා වගෙයි සමහරු (නි)
ඇයි එහෙම නඩු දාන්නේ. ඒ මහත්වරුන්ට ඕන දෙයක් කරන්ඩ බලේ තියෙනවා නේද? අපි හිතන් ඉන්නේ එහෙමයි කියලයි. (නදී)
අනේ මෙයා මස් මාළුවත් කන්නේ නැහැලු. ඡන්දෙත් ළඟ හින්ද තවත් නාට්ටියක් වගේ. (නදී)
කරුණාකර නීතිය හරියට ක්‍රියාත්මක කරන්න (නි)
මොකුත් වෙන්නේ නැහැ. (නදී)
ෂුවර් එකටම අර කොස්තාපල්ට විරුද්ධව නඩු දායි වැරදි නොම්බරයක් ලියල කියල. (නදී)
මහත්වරුන්ට නම් බලය තියෙනවා. නමුත් මේ වගේ මහත්හොරුන්ට බලය නොමැත (නදී)
පොලිසිය ඇයි මේකට පියවරක් නොගන්නේ? (නි)
නඩු යන්නෝ වැනසෙන්නේ බව හෝමාගම පොලිසියේ මහත්තරු හොඳටම දන්නවා නේ. (නදී)
දිට්ට ධම්ම වේදනීය කර්ම කියන්නේ ඕවට තමා (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)
අපිට වුණා නම් මෙලහකට අපි හිරේ (නි)
මම නම් කියන්නේ වසර 3 කින් හැම කෙනාම මාරු කරන්න ඕනේ කියලා නැතිනම් රාජකාරිය හරියට කරන්න අමාරුයි (නදී)
අපේ රටේ අවංකව රාජකාරි හරියට කරන්න අපහසුයි වගෙයි. (නි)
ඇමතිලාත් මෙහෙම කරද්දී සාමාන්‍ය අපි වගේ අය ගැන මොන කතාද? (නි)
අනේ අහිංසක ඇමති කෙනෙක්. බයවෙන්න එපා කිසි ප්‍රශ්ණයක් ඔයාට වෙන්නේ නැහැ. පොලිස් කොස්තාපල් තමයි වැරදි වෙන්නේ. ලංකාවේ ඉන්නෙත් කොණ්ඩේ බැදපු අය නිසා කිසි ප්‍රස්නයක් වෙන්නේ නැහැ. (නදී)
තව ටික දවසකින් අර කොස්තාපල්ම කියයිද දන්නෙ නැහැ ඇමතිතුමා නිර්දෝෂයි,ගමන් කළ වාහනයේ දෝෂයක් කියලා (නි)
අර සමාජ සාධාරණය අගයන අය කොහෙද ඉන්නේ?එයාලා මේ දවස් වල නිවාඩුද? (නි)
අනේ ඔය ඇමතිවරු වගේ අහිංසකයින්ට නඩු දාන්නේ නැතුව මේ අපි වගේ අයට නඩු දාන්නකෝ (නි)
මේ රටේ මේකත් ප්‍රශ්ණයක්ද ? (නදී)
ඇමතිතුමාට මුකුත්ම මතක නැද්ද දන්නෙ නැහැ (නි)
ළඟ ළඟ ඡන්ද එන නිසා මේවා ඡන්ද ගුණ්ඩු. රැවටෙන්න එපා (නදී)
මේකද ආශ්චර්යය? අපි ඡන්දෙ දුන්නේ ඕකට නෙමෙයි (නි)
නාරද ගේ ප්‍රකාශය හරි ,"මම නම් කියන්නේ වසර 5 කින් හැම කෙනාම මාරු කරන්න ඕනේ කියලා" (නදී)
පව් අර පොලිස් නිල දරුවා! (නදී)
විපුල අපි විතරක් නෙවෙයි එයාලත් හිතන් ඉන්නේ එහෙමයි (නදී)
අපේ ඇමතිතුමා වාහනේ ඉඳගෙන ගියා විතරයිලුනේ. පිට කෙනෙක් ඇවිල්ලා බොරු නොම්මරයක් සවිකරලා ඇත්ත එක ගලොගෙන් ගිහින් ඇති (නි)
පමාකරන එක නම් වැරදියි හොඳේ (නි)
අනේ රාළහාමි, නඩු නම් දාන්න එපා (නි)
පොලිසියට පුලුවන්නම් මෙයාව උසාවියට ගෙනත් පෙන්නන්න කියමු (නදී)
නීතියටත් ඉහළින් ගිහිල්ලා ඒගොල්ලන්ට හරි කියලා හිතෙන වැඩ කරන්න අවසර දීලද? (නි)
මෙයාට නඩු දැම්මොත් ශ්‍රී ලංකා පොලිසිය.......... බස්නාහිරින් ඉර පායයි (අ)
නිර්භීත පොලිස් නිලධාරියෙකුට කරන ගෞරවයක් වශයෙන් වත් පොලිස් දෙපාර්තමේන්තුව කොන්ද කෙලින් තියාගෙන නිතිය ක්‍රියාත්මක කරන හැටි අපි අවදියෙන් යුතුව බලා සිටිමු. (අ)
අයියෝ... ඕන පුදුම වෙනන් තරම් කාරණයක් නොවෙයිනේ. කියපු ගමන්ම නඩු දැන්මනම් අන්න පත්තරේක හෙඩ් ලයින් එකට හොද නිවුස් එකක් (අ)
"දවල්ද?" මතක නැද්ද පරණ ජෝකේ එක (අ)
දැන් ඉතින් මේ ගොල්ලෝ දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්. පරම්පරා ගණනාවකටම මදියි නොකියන්න සිරි දෙව් දුව ඒ ඒ විමාන කරා වඩම්මවා ගෙන ඇතිනේ. (අ)
හැබෑට........? ඇයි ඒ.......? (නි)
අනේ! මට නම් බොහොම සතුටුයි (නි)
කොහොමද මෙතුමා ඊළග පාර ජනතාව ඉදිරියට යන්නේ? (නි)
මේ ප්‍රශ්නය නිසා අපේ රටෙත් කොන්ද පන තියන අවංක පොලිස් නිලධාරී මහත්වරුන් ඉන්නබව ඔප්පුවුණා.පොලිසියේ නිලධාරියෙක් කියන්නේ සිවිල් සමාජයේ සිටින වැදගත් උගත් පුද්ගලයෙක්.අපේ රටේ දේසපාලුවෙක් වෙන්න ඔය මොන සුදුසුකමක්වත් ඕන නැහැ. (අ)
ඊලඟ පාර පාර්ලිමේන්තු නොයවා ඉන්න ජනතාව කටයුතු කල යුතු වෙනවා. (ස)
දියුණු රටවල් වල පොලිස් සේවය හා සසදන විට ලංකාවේ පොලිසිය තවමත් මන්දගාමී බවක් පෙන්නුම් කරන බව අපට පැහැදිලිය (අ)
ඔය එළිවෙන්නේ ටික ටික (නි)
නිතිය සැමට සාධාරණ බව ඔප්පු කරවන්න රජයටත් පොලිසියටත් මේ හොඳ අවස්තාවක්. පි සි ගේ නාට්‍යය වෙනම එකක්. ඒ නාට්‍යයේ ඇමති තුමා රඟපෑවේ නැහැ කියල තේරුනත් මේ නාට්‍ය ගැන ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕන.. වග කිව යුතු ඇමති කෙනෙක් හොර නොම්මර තහඩු ගහගෙන යන්න හේතුවක් අවශ්‍යතාවක් නැහැනේ. ජනාධිපති තුමා මේ ඇමතිවරුන්ගේ ක්‍රියා කලාප නොසලකා හැරියොත් ඔබ තුමා ඊලඟ පාර ජනාධිපති වුනත් ඒ කාල සිමාවනම් සම්පුර්ණ කරගන්න බැරි වේවි. මොවුන් මේ දැලි ගාන්නේ ඔබ තුමාගේ මුනේ..ඔබ තුමා ඔවුන්ට දඩුවම් නොදී ඔඩොක්කුවට අරන් සුරතල් කලොත් ඔවුන්ගේ ඔය ඇඟවල් වල ඉන්න කිනිතුල්ලෝ බලු මැක්කෝ ඔක්කොම ඔබ තුමාගේ ඇඟ දිගේත් නගීවි..ඔබ තුමාගේ පානෙන් එලිය බල බල ඔබ තුමාගේ පාන නිවන්න හදන එව්වෝ ගැන සැලකිලිමත් වෙන්න බැරිනම් ලබන පාර වෙන කෙනෙකුට චන්දෙ ඉල්ලන්න දෙන්න..ඔබ තුමාට චන්ද්‍රිකා මැතිනියට වුනු දේ වෙනවා දකින්න අපි කැමති නැහැ. (ස)
දඩ කොලේ ලියපු පොලිසියේ රාළහාමි ඉල්ලා අස් උනා වගේ? නඩුව ෆයිල් කරන කෙනාටත් ඉල්ලා අස්වෙන්න වෙන වග දන්නා නිසයි , දරු පවුල ජීවත් කරවන්න ඕන නිසා ..රැකියාව රැක ගන්න ..පොලිසිය නඩු නොදම ඉන්නේ? උසාවියේ නඩුකාර තුමාටත් මේ ටිකමයි වෙන්නේ ..නඩුව ඇහුවොත්. අනේ ..ලෝකේ ජීවත් වෙන්න හොඳම රට කියාගත්තු අයට මොනව කියන්න වෙයිද ? (ස)
එතකොට දැන් නඩුවෙන් වැරදිකාරයා වෙන්නේ කවුද? (නි)
මෙයා දකුනෙනේ සමාවක් ලැබෙයි (නදී)
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (නදී)
රටකට ගිය කල (දී)
අහිංසකයෙක් උනා නම් ආයුද පෙන්නන්න අරන් යනවා. නීතිගරුක පොලිස් නිලදාරියෙක් බේරගන්න පොලිසියට බෑ. පොලිසියට වෙච්ච දේ. (දී)
පොඩි කෙනෙක් ඕක කරානම් වාහනෙත් රාජසන්තක කරලා. (ස)
අර අවංකව සේවය කරපු පොලිස් කොස්තාපල් නිවැරදි කියල මේකෙන් ඔප්පු වෙනවා. අනෙක එයාගේ කාර් එකට ගිනි තියල එයාව වැලිගම යවන්න උත්සාහ කරන්න ඇත්තේ ඔය හොර නොම්මර තහඩු අහුවෙයි කියල බයට වෙන්න ඇති. මේ වගේ කතා. මන්ත්‍රීල ඉන්න රටක නේ අපි ඉපදිලා ඉන්නේ. මොහුට දඬුවම් කරන්න. (ස)
බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
මෙහෙම නමක් තියෙන උප ඇමති කෙනෙක් ලංකාවේ ඉන්නවද..? අනේ මන්ද තව මොන මොන නම් තියෙන ඇමතිලා, උප ඇමතිලා ඉන්නවද කියල. (ස)
ඇමතිතුමා බොරු අංක තහඩුවක් ගහගෙන කොහේ ගියාද? (නි)
දේශපාලන බලය රටේ නීතියේ බලයට වැඩිය බලවත්වෙලාද? (නි)
ඒගොල්ලන්ගේ වාහන වලට නඩු දාන්න මාස ගණන් යනවා. අපේ වාහන වලට එවලේම නඩු (නි)
දැන් බොහොම දෙනෙක් කිව්වා නේද එතුමා කිසිම වරදක් කළේ නැහැ කියලා? (නි)
පිටරට කෙනෙක් නම් මෙලහකටත් ඉල්ලා අස්වෙලා (නි)
සුදු වෑන් එකක් පොලිස් නිලධාරියාගේ ගෙවල් පැත්තේ කැරකෙනකොට පොලිස් නිලධාරියා ප්‍රකාශයක් කරයි. සේරම කරගත්තේ තමන් විසින්මයි කියලා. (නදී)
වගකීමක් බාරදීලා තිබෙන කෙනෙක් විදියට මේ කර තිබෙනවා නම් එය බරපතල වංචාවක්. මේක රජයටත් ලොකු අපකිර්තියක් නේද? (නි)
මෙවැනි අය ගැන වගකිවයුත්තන් කටයුතු කළයුතුයි (නි)
මේ වගේ පොලිසි තියෙන්නේ ශ්‍රී ලංකාවේ වෙන්නම ඕනෑ (නි)
එතකොට පොලිසියේ රාජකාරියට බාධාකිරීම වරදක් නොවේද? (නි)
මෙතුමා මෙහෙම කරයිද? අනේ මන්දා! (නි)
බොරු අංකයක් අපි ගහගෙන ගියා නම් මොනවා වෙයිද? (නි)
තවත් පොලීසියේ කෙනෙක්ව නම් ගාවාගන්න එපා (නි)
ඒ මොකද නඩු පමාවෙන්නේ? (නි)
මේ ඇමතිතුමා ඇත්තටම සත් ගුණවත් කෙනෙක්. ඒකනේ නොම්මර තහඩුව වෙන කෙනෙක් ගළවාගෙන ගියත් මොනවත් කියලා නැත්තේ. එතුමා අහිංසකකමට වෙන එකක් සවිකරගෙන ගිහිල්ලා. (නි)
මොනවටද මේ බොරු අංකයක් ගහගෙන ගියේ? (නි)
දැන් පේනවානේ කාගෙ කාගෙත් තරම? මේ අය කොහොම නැටුවත් ඊළඟ පාරත් අපි ළඟට එන්න ඕනෑ අපේ ඡන්දෙ ගන්න (නි)
දැන් ඉතින් නඩු දාලත් ඇති වැඩක් නැහැ. ඒ කොස්තාපල්ට රස්සාවත් කරගන්න බැරුව ගියානේ (නි)
මේ ඇමති තුමා හාල් මස්සෙක්වත් නොකන උපාසක මහත්තයෙක් කිව්වා නේද කවුද? හොර අංක තහඩුවක් දාගෙන කොහෙද ගියේ හැබැටම? (අ)
පිස්සුද අනේ එහෙම වෙන්න පුලුවන්ද..පොලිසියෙන් ඇමති කෙනෙකුට විරුද්ධව නඩු දානවා කියන්නේ එතකොට මේ ලංකාවේ නෙමෙයිද? (අ)
හේවා, ඔයා මොනවා කතා කරනවද? (නි)
නිතිය සැමට සාධාරණ බව ඔප්පු කරවන්න රජයටත් පොලිසියටත් මේ හොද අවස්තාවක්. පි සි ගේ නාට්‍යය වෙනම එකක්. ඒ නාට්‍යයේ ඇමති තුමා රගපෑවේ නැහැ කියල තේරුනත් මේ නාට්‍යය ගැන ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕනා. වග කිව යුතු ඇමති කෙනෙක් හොර නොම්මර තහඩු ගහගෙන යන්න හේතුවක් අවශ්‍යතාවක් නැහැනේ. ජනාධිපති තුමා මේ ඇමතිවරුන්ගේ ක්‍රියා කලාප නොසලකා හැරියොත් ඔබ තුමා ඊලග පාර ජනාධිපති වුනත් ඒ කාල සිමාව නම් සම්පුර්ණ කරගන්න බැරි වේවි. මොවුන් මේ දැලි ගාන්නේ ඔබ තුමාගේ මුනේ. ඔබ තුමා ඔවුන්ට දඩුවම් නොදී ඔඩොක්කුවට අරන් සුරතල් කලොත් ඔවුන්ගේ ඔය ඇගවල් වල ඉන්න කිනිතුල්ලෝ බලු මැක්කෝ ඔක්කොම ඔබ තුමාගේ ඇග දිගේත් නගීවි. ඔබ තුමාගේ පානෙන් එලිය බල බල ඔබ තුමාගේ පාන නිවන්න හදන එව්වෝ ගැන සැලකිලිමත් වෙන්න බැරිනම් ලබන පාර වෙන කෙනෙකුට ඡන්දෙ ඉල්ලන්න දෙන්න. ඔබ තුමාට චන්ද්‍රිකා මැතිනියට වුනු දේ වෙනවා දකින්න අපි කැමති නැහැ. (නදී)
එම වාහනය අපේ ඇමති තුමාට අයිති එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. (අ)
මට නම් දැන් සිදුවීම් සියල්ල මැවිලා පෙනෙනවා වගෙයි අනේ (නි)
කොහොම කොහොමහරි දැන් ඉතින් අවංක හා නිර්භීත පොලිස් නිලධාරියෙක් පොලිස් සේවයෙන් සමුගන්න තැනට කටයුතු වුණා. කරුණාකරලා දැන්වත් ඒ මනුස්සයාට තම පවුල සමඟ ජීවත්වෙන්න දෙන්න. (නි)
ඒ කියන අංක තහඩුව ඉබේම වාහනයේ ඇලවිලා ඇති. නැත්නම් කවුරු හරි අලවලා ඇති. මේ වගේ ගුණවත් කෙනෙක් එහෙම හොර බොරු කරාවිද ? (නි)
කොන්ද පණ තිබෙන අවංක පොලිස් නිලධාරී මහත්වරුන් බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා. ඒ අනුව තමා ඒ ගොල්ලෝ තීරණය කරන්නේ කොහොමද රාජකාරිය කරන ගමන් රස්සාව කරන්නේ කියලා (නි)
හොර වැඩ කරන්න හොර නොම්මර නැතව පුලුවන්ද. පොලිසියට එක වත් හිතා ගන්න බැරුව අහිංසක උප ඇමති තුමාට විරුද්ධව නඩු දාන්න යනවා. (අ)
බොරුවක් කිව්වොත් විතරනේ හිරේ දාන්නේ. නේද? බොරු අංකයට නඩු දාන්නේ මොකටද? එතුමා බොරු කිව්වේ නැහැනේ. අංකය විතරනේ බොරු වෙන්නේ (නි)
නැහැ... නැහැ....මේ හොර අංක තහඩුව අලවන්න ඇත්තේ වෙන කවුරුහරි වෙන්න ඕනෑ.ලංකාවේ මැති ඇමතිවරු ඔය වගේ වැඩ කරනවා කියලා කොහොමද කියන්නේ? (නි)
ලංකා තිලක්,ඔයා නම් මහා විකාරයක්. අපිටත් පිස්සු හැදෙනවා (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ කිවුවලු (නි)