හොරගොල්ලේ නිවාස ඉදිකිරීමේ වැඩබිමකට පැන ඉදිකිරීම් බිමට පෙරලා රුපියල් ලක්‍ෂ හතරහමාරක අලාභයක් කළැයි සැකපිට නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන, අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ ඇතුළු 17 දෙනකුට රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇප නියම කළ අත්තනගල්ල අතිරේක මහේස්ත‍්‍රාත් බී.ඞී.ආර්.එස්. කුමාර මහතා පැවසුවේ මෙවැනි පුද්ගලයන් නීතිය අතට ගැනීම අනුමත නොකරන බවයි. පැමිණිලිකාර සමාගමට තර්ජනය කළහොත් ඇප අවලංගු කර රිමාන්ඞ් කරන බවද මහේස්ත‍්‍රාත් අනතුරු ඇඟවීය. නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතියෙන් මේ නිවාස ඉදිකැරගෙන යන බව අධිකරණයේදී සඳහන්විය. මේ සඳහා ප‍්‍රාදේශීය සභා අනුමැතිය ලබාගෙන නැතැයිද එහිදී සඳහන් විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව හදන්න පුළුවන් කතානායක තුමාට විතරයි මෙයා බයත් එතුමාට විතරයි ..
ඒ ඉතිං අපේ රටේ ඇමතිලානේ අනේ
මේගොල්ල වරදට බය නැත්තෙ ඕකනෙ.. උසාවි ගිය ගමන් ඇප ලැබෙනවා.... ඉතිං ඕන දෙයක් කරයි..
අල්ලපු පොලිසියෙ මහත්වරු කොහෙට මාරුකරයිද දන්නෙ නැහැ... පවුල්වල අයත් පරිස්සමින්...
ඉතින් මේවගේ මෝරුන්ව අත් අඩංගුවට ගන්න එකේ තේරුමක් තියනවද? උසාවි දාපු ගමන් ඇප ලැබෙනවා. අල්ලපු පොලිසියෙ මහත්වරුන්ටයි එ‍්ගොල්ලන්ගෙ පවුල් වලටයි ඊට පස්සෙ ඉන්න වෙන්නෙ හැඟිලා.
හොද පුතානෙ දග කරන්නෙ එහෙම නෑ..
ජනපති තුමනි. එක වතාවක් හරි උසාවියට යන්න වූණොත් ඒ අයව දේශපාලනයෙන් අයින් කරන්න පුළුවන් විධියේ නීතිය වෙනස් කරන්න බැරිද
මෙයාල හිතන් ඉන්නේ මුල්රටේම දේපල මෙයාලගේ අම්ම අප්පාගේ කියලනේ . එහෙම තිබ්බනම් තව කොහෙද .
සරණට සරණ !
ආණ්ඩුවයි,පොලිසියයි,බලධාරීනුයි,නඩුකාර උන්නාන්සේලායි සේරම එක වල්ලේ පොල් කියලයි දැන් නම් අපිට වැටහෙන්නේ.
අනේ පවු, අසරණ පැමිණිලිකරු
සරණ කියන්නේ , මුළු ගම්පහටම තියෙන පිළිලයක් .
අනේ අපේ සුරංග අයියාවත් හිටියානම් මේ වෙලාවේ?
අපේ වත්තේ මයියොක්කා ගහක්වත් තියා ගන්න බැහැනේ.මොකද මන්දා.
‘සිංහල පත්තර කියවන්න එපා‘ ඉංගිරිසි පත්තර කියවන්නැයි ජපුර උප කුලපති කියයි 19 July 2012 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපකුලපති එන්.එල්.ඒ. කරුණාරත්න වෙත, ඇයි මෙකත් කාගෙහරි කීමකට කියපු දෙයක්ද
පාරේ බතල ගැලවීම වගේ දරුණු අපරාදයක් කළා නම් රිමාන්ඩ් තමා..
ගම්පහට ඉන්න පිළිලයක් තමයි...
එයා ගැන කවුරුත් දන්නවනේ
මේවා ජනතාවගේ වැරදි , අයි මේ වගේ අය චන්දෙ දීල පාර්ලිමේන්තුවට යවන්නේ ?
දේශපාලන දාමරිකයින් සියල්ල එක පෙළට සිටුවා ධාතුසේන රජුට දුන් දඩුවම දිය යුතුයි
වැදලා බහින ඒ අයියට සරනයි, සරණයි අයියා
නීතිය, නීතියම විය යුතුයි. කාටත් එකම නීතිය. අද අපේ රටේ වි නාශයට ප්‍රධානතම හේතුව නීතිය බාල්දුවට පත්වීම බව පෙනේ.
තවත් මාරයෙක්
එළිපිට ඔහොම නම්.........??????
පාරෙ ගොඩනැගිලි කඩවගන්න කියාපු මහත්තයෙක්...
පවු අසරණ සරණ... කවුද දන්නේ නැහැ මේ නම තිබ්බ කෙනා?
මේ අයට නැවතත් ඡන්දය දෙනවද නැද්ද යන වග ඔබට භාරයි
මෙතුමා කොහොමත් අත්තනගල්ලට හරි යන්නෙ නැහැ
සරණ අසරණයිද?
මගේ වැඩත් දැං මේගොල්ල බාර අරගෙන
මෙවැනි අයට ඡන්දය දුන් අයට තමයි ගහන්න ඕනේ
හොරගොල්ලෙන්ම හැදිච්ච මිනිස්සු හොරගොල්ලටම පහරදීම කන්න දීපු අත හපා කෑමක්..රිමාන්ඩ් කරන්න තිබුණේ මොකටද අවවාද
හොරගොල්ලෙම හැදිල හොරගොල්ලටම වින කරනවා... අනේ මෙහෙමත් මිනිස්සු...
අනේ අසරණ සරණ උප ඇමතිතුමා සමනලයෙක් වගේ අහිංසකයිනෙ....
ශරීර ඇප නියම කලාම අලාබෙ ඇපකාරයො ගෙවනවද? මෙහෙව් අධිකරන වාසනාවන්..........
මම අතනගල්ලේ .. මේ වගේ මිනිස්සු ඉන්නකන් මම නම් ආණ්ඩුවට චන්දෙ දෙන්නේ නැ .
අනේ අසරණයා
අපිට පේනවා දැං ආණ්ඩුව පළලම් බහින කලාවක්.. ජනාධිපතිතුමා කාලය දික්කරගත්තට වැඩක් නැහැ වගෙයි පේන්නෙ නම්..
අනේ පවු, අසරණ සභාපති අයියා
මෙයා මෙච්චර වැරදි කරලත් තාම හරිහැටි විනය ක්‍රියාමාර්ගයක් නෑ. ඒකනෙ ඔය වගේ නටන්නෙ
පුදුම හතෙන් එකයි ! මොකද්ද අල්ලපු පොලිසිය ?? කට්ටියටම අපේ ප්‍රණාමය ගත් උත්සාහයට .
මෙයාට අරයට වගේ ආචාර්ය කෑල්ලක් නැද්ද නමට..
450000ක ගල් කඩලා....
මේ වගේ මිනිස්සුන්ටද ප්‍රභූවරුන් කියන්නේ
ඇමති කෙනෙක් මොන වැරැද්ද කලත් ශරීර ඇප . අහිංසක මනුස්සයෙක් ඔය වගේ දෙයක් කලා නම් අත පය කඩල දවස් 14 ක් රිමාන්ඩ් කරනවා . ලංකාවේ නීතිය එයයි . කවුරු බලයට ආවත් මෙම නීති වෙනස් වෙන්නේ නැහැ. අහිංසක දුප්පත් මනුස්සයෙක් බඩගින්නට පාරේ බතල අලයක් ගලෝල හසුවුනොත් කිසිම සමාවක් නැහැ .මෙන්න මේ අසාධාරනය නැතිකරන්නේ කවුද ? අන්න ඒ උත්තමයව තමයි අපි කවද හරි මේ රටේ රජ කරවන්න ඕනෙ .දැනට නන් ඒ වගේ උතුමෙක් එක පක්ෂෙකවත් නැහැ .ඔය ඉන්න අය ඔක්කොම හොරු . නිකන් හොරු නෙමෙයි . කම්බ හොරු .
නමට සරණ උනාට ගමට කිසිම සරණක් නැහැ..
මෙයාගෙ කප්පන් නඩුවට මොකද උනේ? මෙයාලට රටේ නීතිය බලපාන්නේ නැත්ද?
හොර ගොල්ල කියන්නෙ... හොරු ගොඩක් හිටපු නිසාද? නැත්නම් හොර ගස් ගොඩක් තිබුණ නිසාද? කොහොම උනත් මෙයත් හොරගොල්ලෙන්ම කාල හොරගොල්ලටම විනාශකරනවා...