පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරඹ රැස්වීමක වේදිකාවක් ගිනි තැබුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු ඇතුළු පිරිසක් යැයි ද, එය වීඩියෝ ගත කර ඇතැයි ද හිටපු ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.

හබරාදූවේ සහ බම්බල පිටියේ රැස්වීම් දෙකක් ද කඩාකප්පල් කර ඇති බවත්, පොදු අපේක්ෂකයාගේ රැලි කඩාකප්පල් කිරීමේ සංවිධානාත්ම සැලැස්මක් ක්‍රියාත්මක වෙන බවත්, මේවාට හේතුව විධායක ජනාධිපති ක්‍රමය අත්තනෝමතික ලෙස භාවිත කිරීම බවත්, හැකි ඉක්මනින් එය අහෝසි කර රටට යහපාලනය උදා කර දිය යුතු බවත් සේනාරත්න මහතා පවසයි.