පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරඹ රැස්වීමක වේදිකාවක් ගිනි තැබුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු ඇතුළු පිරිසක් යැයි ද, එය වීඩියෝ ගත කර ඇතැයි ද හිටපු ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.
හබරාදූවේ සහ බම්බල පිටියේ රැස්වීම් දෙකක් ද කඩාකප්පල් කර ඇති බවත්, පොදු අපේක්ෂකයාගේ රැලි කඩාකප්පල් කිරීමේ සංවිධානාත්ම සැලැස්මක් ක්‍රියාත්මක වෙන බවත්, මේවාට හේතුව විධායක ජනාධිපති ක්‍රමය අත්තනෝමතික ලෙස භාවිත කිරීම බවත්, හැකි ඉක්මනින් එය අහෝසි කර රටට යහපාලනය උදා කර දිය යුතු බවත් සේනාරත්න මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘උප ඇමැති වඳුරඹ රැස්වීමට ගිනි තියලා?‘ - රාජිත
කාවින්ද Wednesday, 17 December 2014 06:41 PM
ගාල්ලෙ අපි එක්ක අනං මනං සෙල්ලං බෑ. ආයේ පළාතක එන්න හිතන්න එපා (නදී)
බණ්ඩාර Wednesday, 17 December 2014 09:03 PM
ඉතින් ඔය වීඩියෝ එක දාන්නකෝ එළියට. නැත්නම් පස්සේ කියයි අපි 8 වෙනිදායින් පස්සේ පෙන්නන්නම් කියලා. (නි)
දිලාන් Wednesday, 17 December 2014 12:29 PM
බවලතුන් කට ඇරිය ගමන් දේශපාලන රැස්වීම් වලින් මාරු වෙලා යනව නේද ? (නදී)
අශාන් Wednesday, 17 December 2014 10:08 PM
මෙහෙම අයනේ මිනිස්සු ඡන්දය දීලා පත්කරගන්නේ? (නි)
දිනේෂා Wednesday, 17 December 2014 12:35 PM
අපි බලාගෙන ඉන්නේ ඔය කියන කතාව ඇත්ත නම් වීඩියෝ එක ටීවී එකට පෙන්නලා පොලිසියට දෙන්න. (නදී)
ලංකා Wednesday, 17 December 2014 10:16 PM
අට වෙනිදාට පසු ඇත්තටම සමහරුන්ට ගිනිතියා ගන්න හිතෙයි. (නි)
අජිත් කරුණාරත්න Wednesday, 17 December 2014 12:40 PM
" යහ පාලනය - යහ පාලනය" (නදී)
කටුගස්තොට Wednesday, 17 December 2014 12:50 PM
මේ වීඩියෝ එක පෙන්නන්නකෝ අපිටත් ඔය චන්ඩියව බලාගන්න (නදී)
පියරත්න Thursday, 18 December 2014 07:12 AM
සාක්ෂි තියෙනවා නම් ඉතින් අත්අඩංගුවට ගන්න පුළුවන්නේ (නි)
රාජු Wednesday, 17 December 2014 12:56 PM
මෙයා කියන කතා එයාම කලින් කරපු ඒවාම වෙන්න ඇති.(හේ)
එරන්ද Thursday, 18 December 2014 12:25 AM
දැන් ඉතින් වීඩියොත් තියනවා නම් පොලිසියට පුලුවන්නේ යමක් කරන්න (නි)
රොහාන් Wednesday, 17 December 2014 01:06 PM
විඩියෝ ඕනේ නැහැ හිත ගන්න පුළුවන් කවුද කරේ කියලා.(හේ)
දුමිදු Wednesday, 17 December 2014 01:08 PM
ගාල්ලේ ඉන්න මැරයෝ දන්නෝ දනිති. නමුත් කාලය ආ විට ඔවුන් එලියට එයි. (හේ)
නලින් Wednesday, 17 December 2014 01:24 PM
හරියට හරි දිලාන් ගිනි තියන වැඩ වලදී විතරයි ඔය කියන කෙනා ගේ චන්ඩිකම්. (නදී)
ලලිත් Wednesday, 17 December 2014 01:27 PM
අර බවලතෙකුගෙන් හිරේ යවන කතාවක් අහ ගත්ත කෙනා ද ? (නදී)
අමිල ගමගේ Thursday, 18 December 2014 01:41 AM
මෙහෙම අයට ඡන්දය දෙන අයටත් ගහන්නයි වටින්නේ (නි)
රොකී Wednesday, 17 December 2014 02:09 PM
බය වෙන්න ඕන නැහැ. ජනාධිපතිතුමා කියනවානේ නීතිය කාටත් එක වගේ ඉෂ්ඨ කරනවා කියලා. හැබැයි ඉතින් අර යකඩ හොරා නම් තවම ඉන්නේ වරෙන්තු පිට. (නදී)
සුජිත් Thursday, 18 December 2014 02:15 AM
හොඳයි. නව තාක්ෂණය යොදාගෙන තියෙනවා. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ.පෙන්නන්න බලන්න ඔය රූපරාමු.බලමු කවුද කළේ කියලා? (නි)
වීරවර්ධන Thursday, 18 December 2014 02:19 AM
මට නම් හිතාගන්න පුළුවන් කවුද කියලා (නි)
බන්දුල ද සිල්වා අම්බලන්ගොඩ Wednesday, 17 December 2014 02:22 PM
මොළේ කළඳක් නැති අයයි මේ වගේ වැඩකරන්නේ (නදී)
සුජිත් Wednesday, 17 December 2014 02:32 PM
මෙයා නම් වැරදිලාවත් ඇමති කෙනෙක් උනොත් රටම ගිනි තියයි. (නදී)
සමන්ති Wednesday, 17 December 2014 03:04 PM
අර යකඩ කපන කෙනාද ? (අ)
රේණු Wednesday, 17 December 2014 05:05 PM
සමහරු දැන්මම පරාදවෙලා වගේනේ (නි)