පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ආ පලනි දිගම්බරන් හා රාධා ක්‍රිෂ්ණන් උප ඇමැතිවරුන් සමඟ පළාත් සභා මන්ත්‍රීවරු හතර දෙනෙක් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 34දෙනෙක් ද සන්ධානයෙන් ඉවත් වී විපක්ෂයට එක්වූහ.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ආ පලනි දිගම්බරන් හා රාධා ක්‍රිෂ්ණන් උප ඇමැතිවරුන් සමඟ පළාත් සභා මන්ත්‍රීවරු හතර දෙනෙක් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 34දෙනෙක් ද සන්ධානයෙන් ඉවත් වී විපක්ෂයට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ නම් රනිල් ආවොත් අපිට හොඳයි. තාවකාලිකව හරි මොකද ඊලගට ආණ්ඩු ගන්න නම් රනිල් දින 100 ඇතුලත දැනෙන වැඩක් කරන්නම ඕනි. නැතිව ඡන්දෙ දිනන්න බැහැ. ඒක නිසා අනිවාර්යෙන් අපිට හොදට සලකන්නම වෙනවා. අනිත් එක මේ පැත්තෙන් අපිට ලැබෙන්න තියන සියළු දේ මේ වෙනකොට ලැබිලා ඉවරයිනේ. ආයි දින්නා කියලා අළුතින් මොනවත් ලැබෙන්නේ නෑ (නදී)
අපේ අනාගත ජනපති, මෛත්‍රී මැතිතුමාට ජයවේවා.(හේ)
තව කට්ටිය ඉන්නවාලු ඇතුලේ නමුත් කවුද කියල කියන්නේ නැතිලු. (නදී)
අනේ මෙහෙමත් අය.මේ අයටනේ මේ රටේ මිනිස්සු ජන්දෙ දෙන්නෙ? මේ ගොල්ලො හැමදාම වාසි පැත්තට. කොයි පැත්තට ගියත් ඉඹලා පිළිගන්නවා. (නදී)
දැන් හරිනේ. හරින් දැන්වත් මහ ඇමති ජයවේවා. (නදී)
මෛත්‍රී මහතාගෙන් කුමක්ද ලැබෙන්නේ. මේ කට්ටිය රට ගැන ඇත්තටම සිතනවද? හංසයිනි, මේවා ගැනත් සිතන්න. (නි)
මම මේ රජයේ කෙනෙක්. මට නම් දැන් මරු වැහිලා ඉන්නේ (නදී)
මෛත්‍රී පාලනයකට සුබ පැතුම්! (නි)
වංචාවට අල්ලසට එරෙහි වෙලා ආපු මේ පිරිසට අපේ උපහාරය (නදී)
මම නාන කාමරයට ගිහින් නාලා එන ටිකට කට්ටියක් පැනලානේ.හෙට උදේට මොනවා වෙලා තියෙයිද? (නි)
ටැමිල් නෙට් එකේ ගිය ඇග්‍රිමන්ට් එකේ ප්‍රතිපලද මේ. කාට කාටත් ඇස් ඇරෙනකොට පෙරහැර ගිහිල්ලා. (නදී)
හොද තීරණයක් රට වෙනුවෙන් අරන් තියෙන්නේ හොරකම් මැර කම් දුරලා යහ පාලනයක් ගොඩ නගා ජනතාවට සෙත සලසන්න සැවොම එකතුවෙමු. වංචාවෙන් මුදල් ගසා කෑ සැවොම නිතිය ඉදිරියට ගෙනත් දඩුවුම් කිරීම අනාගත රජයේ වගකීමක්. (නදී)
අන්තිමේට මහින්ද මහත්තයාට කවුරුත් නැතිවෙයි වගේ (දිල්)
ගොඩ, ගොඩ (නදී)
හොඳ, හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට (නදී)
මේ අයව දැක්කෙත් අදමයි. ඔය කවුරු අවත් මහින්ද මහත්තයා දිනනවා. (නදී)
මේ ඉන්න මන්ත්‍රීවරුද ? සමහරු දැක්කෙත් අද. රටක වගකීමක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්න බව නම් පේන්න නැහැ. මිනිස්සු පැති පැති වලට වෙන් වෙලා බලය වෙනුවෙන් සටන් වදිනවා. අහිංසක මින්ස්සු හැමදාම සුසුම් හෙලනවා. (නදී)
කව්රු බලයට ආවත් රටේ වෙනසක් වෙයිද? (දිල්)
මේක තනිකර බටහිර කුමන්ත්‍රණයක්. (නදී)
...................සුබ පැතුම් මෛත්‍රී පාලනයකට සුබ පැතුම්! ......................(නදී)
මේ අඹගස හැර වෙන අඹ ගස් තිබේද? එසේය එසේය. හොඳ කොළ ගසක් තිබේ. මම එම ගසෙන් කොළ අත්තක්ම කපාගන්නෙමි (නි)
ඉන්දියාවේ තිරුපති කෝවිලේ හාස්කම් (නදී)
උතුර , දකුණ ,නැගෙනහිර ,කදුකරය , බෙදලම දෙන්න වෙයි වගේ (නදී)
ජය ස්ථිර බව හැමෝම දනී (නදී)
රංජිත් සිල්වා, ඔබ ඒක ලස්සනට කිව්වා. මමත් ඔබ සමග එකඟයි. ඉස්සරහට තව හොඳ හොඳ සෙල්ලම් දකින්න ලැබෙයි වගේ. (නදී)
අද නිවුස් වලට වීරවංශ මහත්තය කියයි මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා (නදී)
මෙදා පාර පරදින්නේ තොන්ඩමනුත් එක්කයි! (නදී)
"ලෝකය පෙරලෙයි, මරුවා ලඟාවෙයි, .........යනවා. " සිතුදේ නොමවෙයි , නොසිතු දෙයක් වෙයි කරුමය පළදෙනවා" '
ප්‍රසන්න, දිනපු විදිය අපි දන්නවා. (නි)
මෙන්න පෙරමඟ සුබ ළකුණු! (නි)
අනේ අපොයි කට්ටියගේ තියෙන සතුට. මෙයාල ඔය යන සැලුන් දොරෙන්ම හතර ගාතෙන් වැඳගෙන 9 වෙනිදට මහින්ද මහත්තයාගේ දෙපතුල ගාවට එනවා. (නදී)
වජිරම පිලිගන්නවා මෛත්‍රීට දැන් වාසියි කියා (නදී)
රටේ අනාගතය වෙනුවෙන් තමන්ගේ වරප්‍රසාද, තනතුරු ඉවත දමා පැමිණි ඔබ සියලු දෙනාට ජාතියේ උපහාරය (නදී)
ඔළුගෙඩි ගැන කතා කළාට පෙනෙන විදිහට ඔලුව නැති අය හිතන්නේ තමන් ගැන විතරයි. (නි)
ඡන්ද ලක්ෂ දෙකක් මෛත්‍රීට කෙලින්ම එකතු උනා (නදී)
කවුරු ගියත් ජනාධිපතිතුමා දිනනවා. (නි)
මුළු ආණ්ඩු පක්ෂයම විපක්ෂයට ගියත් ජනාධිපතිතුමා දිනනවා. (නි)
මෛත්‍රී මැතිතුමාට ජයවේවා !(හේ)
මෙයාලා ගියාට මහින්ද පරදීන්නේ නැහැ (නදී)
ඩිලාන්,රන්ජිත්,රොහාන් මහතුනි කෙනෙක්ගේ මොලේ පැදෙන්න,පරිනත වෙන්න වයසට යන්න ඕනේ. මමත් දැන් සැදෑ සමය ගෙවන්නේ. ඉතින් මමත් දැන් පාට කන්නාඩි ගලවලා වැල යන පැත්තට මැස්ස ගහනවා. ඇයි එ්කේ වරදක් මොකුත් තියෙනවද ? (නදී)
ඔය කවුරු ගියත් මේපාරත් මහින්ද රාජපක්ෂ තමයි නැවත ජනපති. මේ නඩය කොහොමත් හැමදාම යනවා එනවා. නමුත් ගමේ සිංහල ඡන්ද ටික හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක. (නි)
මෛත්‍රීට ඡන්දය දීලා අන්තිමට අනේ අපොයි කියන්න එපා (නි)
හුරේ හෙට අනිද්දට තව එනවා ජයම තමයි.(හේ)
කෙළෙහිගුණ නොදත් දේශපාලකයින් කොහේ ගියත් ජනතාව කෙළෙහිගුණ දන්නවා. ජනවාරි 08 මොකද්ද වෙන්නේ කියලා පැහැදිලියි (නි)
මේවාට සම්මාන දෙන්න ඕනෑ කාටද කියලා අපි දන්නවා (නි)
විමුක්තියි, ලාලුයි හීන දකිනවා. (නදී)
පව් දුකත් හිතෙනවා (නදී)
නියමයි ඔක්කොටම වැඩිය වටිනවා බන්දුල පෙරේරා මහතාගේ යථාර්තය තේරුම් ගැනීම. මම කවදාවත් හිතුවේ නෑ එ්ක. ඔය වගේ තව ගොඩක් අය ඇති රටේ මේ යන ගමන වැරදියි කියල සත්‍ය තේරුම් ගත්ත අය. ජය වේවා. (නදී)
මම හිතන්නේ දැන් නියම සටන වෙල්ලස්සෙන් පටන්ගත්තා කියලා. මේ රටේ අනෙකුත් බුද්ධිමත් ජනතාවත් අපේ රට යහපාලන මඟට ගැනීමේ ක්‍රියාදාමයට එක්වෙලා. ජයවේවා ! (නි)
මේ විදියට ඔක්කොම එකතු උනොත් රටට ප්‍රජාත්‍රන්තවාදය ගේන්න පුලුවන් කියල හිතන්න පුලුවන් වේවි. අනේ වාසනාවන් රටට වාසනාවන්. (නදී)
මොහොමඩ් ඛාන් ඔල් මොරොන්දන් දොඩවනවා. (නදී)
හොඳ වැඩක්. මෛත්‍රී ජයග්‍රහණය විජයග්‍රහණයක් බව සිකුරුයි. (නි)
ජය වේවා! මොකද අලුත් වෙනසක් වේවා. අපිට කඩේට ගියාම බඩු ගන්න රටකන අයගේ අම්මල මතක් වෙනවා. මහින්ද මහත්තයට මන් අදරෙයි. මගේ රට බේර ගත්තට . නමුත් වටේ ඉන්න හොරු නිසා මම මේපාර දෙන්නේ හංසයාට. මම හොඳ ශ්‍රී ලංකා කාරයෙක්. මට එපා වෙලා එන්නේ දුෂිතයෝ නිසා (නදී)
ගිය බස් එකේම 9 එනවා. (නදී)
සුසන්ත සිද්ධ නොවෙන දේවල් කතාකරන්න එපා. (නදී)
රජකම් කළත් කළකම් පළදෙනවාලු! (නි)
අනේ මන්ද අපේ රටේ මිනිසුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. 10 දෙනෙක් ගෙන් ඇහුවොත් 9 දෙනෙක් කියන්නේ මයිත්‍රී කියලා. කෙලෙහි ගුණ නොදන්නා මිනිස්සු. (නදී)
අපි සියලු දෙනාගෙන් වැඩි ප්‍රමාණයක් සංක්‍රමණ වී තියෙන්නේ ඉන්දියාවේ නොයෙකුත් ප්‍රදේශ වලින්. අපි බොහෝදෙනෙකුගේ ඇත්තේ ඉන්දියානු සම්භවයක්. නමුත් අපි සියල්ලම සිතිය යුත්තේ ශ්‍රී ලාංකිකයන් වශයෙනි.අපි සමගිවී එක ජාතියක් වශයෙන් අත්වැල් බැඳගෙන ඉදිරියට යමු.යම් යම් සංස්කෘතික වෙනස්කම් ඇතත් එය අපට බාධාවක් නොවේ (නි)
තිරුපති කෝවිලේ හාස්කම්..ජයවේවා'(හේ) ..
ඔබ සැම සාදරයෙන් පිළිගනිමු (නි)
තිස්ස 20කින් කිවුවට සැලුන් දොර එහෙම වහන්න බැහැ. තව එනවා වගේ. (නි)
කරන කලට පව් මිහිරිය මී සේ. විඳින කලට දුක් වැඩිවෙයි ගිනි සේ. තවම මේ රටේ බඩගිනි බලකාය ඉදිරියට ආවේ නැහැ. මැතිවරණ දිනයේ උදෙන්ම එන්නේ ඒ බලවේගයි. එ්ක කාටත් පොදුයි. මේ කට්ටිය සද්ද නැතුව හිටියාට වෙලාවට ගින්න දේවි. 1 952 ඉදන් රජයන් උඩු යටිකුරු කලේ මෙම බලවේගයයි (නදී)
නිර්මලී මොනවද ඔයා කියන්නේ " මේ පැත්තෙන් ලැබෙන්න තියෙන දේවල් ඔක්කොම ලැබිලා ඉවරයි " කියලා. අනේ මේ, මටවත් තාම කිසි දෙයක් ලැබිලා නම් නැහැ මෙච්චර කෑ ගහලත්. නිකන් මහන්සිය විතරයි. (නදී)
මගේ අයියා වුනත්, මට නම් බන්දුල අයියගේ කතාව විශ්වාස නැහැ. (නදී)
නියමයිනේ (නි)
හොඳ, හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට (නදී)
මට නම් හිතෙන්නේ මේ ඩුබ්ලිකේට් බන්දුලගේ ප්‍රතිචාරයක්. අපේ බන්දුලතුමා වැල යන පැත්තට මැස්ස ගහනවා කෙසේ වෙතත් කැඩිලා වැටෙන්න ඔන්න මෙන්න මැස්සෙත් එල්ලිලා ඉන්න කෙනෙක් කියල මට හිතෙන්නේ. (නදී)
යු එන් පි එන්න දැන් ඕනෙම දෙයක් කරනව (දී)
තව එනවා (නදී)
වීරප්පන්,රණවීර,ප්‍රභාත්, මංගල,පියල් සිහින දකිති. (නි)
ඔය ඇත්තමද බන්දුල අයියා ? නියමයිනේ. (නදී)
ගොඩක් හොඳයි සුභ පැතුම් (නදී)
අර තිස්ස මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමට හේතුවලින් එකක් මෛත්‍රීපාල මහතා 40 ක් අරගෙන එනවා කියල අාවේ නැති එකනේද. අායෙත් තිස්ස මහත්තයා මේ පැත්තට ඒවිද කියලත් හිතෙනවා. (නදී)
තිස්ස ආවා කියලා අපි නම් එච්චර හිතට ගන්නේ නැහැ (නි)
රටේ අනාගතය වෙනුවෙන් තමන්ගේ වරප්‍රසාද, තනතුරු ඉවත දමා පැමිණි ඔබ සියලු දෙනාට ජාතියේ උපහාරය !!
ස්තුතිය පල කරනවා ඔබලා දෙදෙනාට. නිවැරදි තීරණයක්. (ර).
මෙය ඉතා අහිතකර තත්වයක්. අපි චන්දය දුන්න කට්ටිය දැන් පක්ෂ මාරු කරලා. තමන්ගේ ප්‍රතිපත්ති ඔක්කොම වෙනස් කරනවා. මේක හරිම ලජ්ජා තත්වයක්. (හේ)
තිරුපති කෝවිලේ හාස්කම්. හින්දු ඇමතිවරු විකර්ෂණය වෙන හාස්කම්. (ර)
මේ පාර මොනවා වෙයිද කියලා තාම මට හිතාගන්න බෑ.(හේ)
“එකම ඉරක් යට - එක යායට රට“ රනිල් මෛත්‍රී දේශපාලන සංස්කෘතිය අර්ථවත් කරමු (නි)
මෛත්‍රී මහත්මයා, ඔබයි අපේ දෙවියා. මේක ජාතික වැඩපිළිවෙළක්. අල්ලසට, දුෂණයට එරෙහි පෙළගැස්මක්. අපේ සහෝදර ජනතාව අපි රැකගනිමු. එය කළහැක්කේ ඔබටය (නි)
ජයවේවා.මෛත්‍රී මේ පාර දිනනවා.(හේ)
අපි ඉවසිලිමත්ව ඉඳිමු (නි)
ඔහොම තමයි ජනරලුත් හිතුවේ (දිල්)
ඒත් අපිට තිස්ස ඉන්නවනේ! (නි)
ෂා මරුනේ! හංසයාට ජයෙන් ජය! (නි)
මේක ඒ තරම් පුදුමයක් නොවේ. (ර)
එතකොට ඔක්කොම අර වගේ කට්ටිය මෛත්‍රී සමඟද? (නි)
බන්දුල පෙරේරාත් පක්ෂය මාරුකරලා. නියමයි. ඔහොම යමු (නි)
දැන් බන්දුල පෙරේරාත් අපේ පැත්තට ඇවිල්ලා.දැන් එතුමාට ඇත්ත පෙනෙන්න අරගෙන. (නි)
හෝදගෙනම යයි වගේ (නදී)
ගොඩක් දෙනාට හැමදේම මතක තියෙන්නේ සතියයි (නි)
පොදුජන පැතුම ඔබයි ජනපති මෛත්‍රී (නදී)
9 වෙනිදායින් පස්සේ තමයි ඉතින් සෙල්ලම් ටික බලාගන්න වෙන්නේ (නි)
මේ දත් එක එක ගලවනවා කියලනේ කිව්වේ.දැන් බලන් යනකොට දත් ඇන්දම ගලවනවනේ. (දී)
මේක දත් ගැලවිල්ලක් නෙවෙයි දත් ඇදී පිටින්ම ගැලවිල්ලක්. (දී)
දැන් කියයි මේ දේශද්‍රෝභියෝ කියා (නදී)
38 නෙවෙයි 39 බන්දුල පෙරේරා ත් හංසයාට එකතු වෙලා (දී)
බුද්ධික පතිරණ මහත්තයා කියල තියෙනවා විශේෂ ප්‍රකාශයක් කරන බව.(දී)
ජය මෛත්‍රීට අනිවාර්යෙන්ම (නදී)
අපේ රටේ තරම් ඡන්ද දායකයෝ ලෝකේ කොහේවත් නැතුව ඇති . ඒ අය හිතන්නේ ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට යන්නේ වීරයෝ , විපක්ෂයෙන් ආණ්ඩුවට යන්නේ හොරු කියලා දෙගොල්ලම හොරු පෞද්ගලික වැසි තකා පැති මාරු කරන අය (දී)
නියත ජයක්. ජයවේවා මෛත්‍රී මැතිතුමාට ජයවේවා! (නි)
ජයවේවා, ප්‍රජාතන්ත්‍රවාදය දිනේවා, (දී)
ප්‍රසාද් ,දවල් හීන දකිනවා (නදී)
ජය වේවා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිනේවා, මේ යන්නේ වරප්‍රසාද සඳහා නෙවේ. රටේ පවතින අසාධාරණය ඉවසන්න බැරුව. සියලුම දෙනා බුද්ධිමත්ව තම ඡන්දය දෙන්න. (දී)
කාගේ කාගේත් ඇස් ඇරෙන්නේ එකතු වෙච්ච කට්ටිය මස් රාත්තලම ඉල්ලන්න පටන් ගත්තට පස්සේ තමයි. එතකොට ඉතින් ජාතියේ උගත් නෝනා මහත්තුරුන්ටත් දෙයියන්ගෙම පිහිටයි (නදී)
ටෙක්ලා හරි (නි)
මෙන්න නියම වෙනස බන්දුල පෙරේරා බල්ටියක් ගහලා අනිත් පැත්තට ජයවේවා.
මේ 38ටම වැඩිය අපිට තිස්ස වටිනවා (නි)
අයි අයියෝ, මොකක්ද මේ වෙන්න යන්නේ.
ඇවිල්ල මරා ගනී ඇමතිකම් වලට (නදී)
"මානුෂිය මෙහෙයුමට"සහයෝගය දැක්වීමට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. (නි)
ඔබතුමා දිනනවා ස්ථිරයි. ඒත් මිනිසුන් දාපු ඡන්ද රැකගන්න වගබලා ගන්න. (නි)
ආණ්ඩුවට මොනවා වෙයිද මන්දා? (නි)
මෛත්‍රීතුමනි, ඔබට සුබ පැතුම්! (නි)
නියමයි. ඔන්න ඔහොම එන්න ඕනෑ ජනතා බලය පෙන්වන්න (නි)
ජයවේවා සැමට. ලංකාවම පොදු අපේක්ෂක එක්ක. ජය වේවා. සාදාරන සමාජයක් සැමට. (නදී) .
සැලුන් දොර එහෙම පිටින්ම ඇරලා වගේ (නි)
මේ අයගේ නම් දැම්මා නම් තමයි හරි (නදී)
කවුරු ආවත් ගියත් දිනන්නේ මහින්ද. (නි)
ඌව පළාත් සභා ඡන්ද විමසීමේදීත් දෙමළ ජාතික සන්ධානය බදුල්ලේ බැහැල වැඩ කළා. ජනාධිපතිවරණයට දෙමළ ජාතික සන්ධානය වැඩ පටන් අරගෙන. මේ සිංහලයා බෙදිය යුතු වෙලාවක් නොවෙයි. මතක තියාගන්න 2005ත් මේකම උනා. (නදී)
දැන්නම් ඉතින් හංසයා දිනන බව ස්ථිරයි (නි)
තිස්ස කියන්නේ පොදු ජනතා නියෝජිතයෙක් කියලා මම හිතාගෙන හිටියේ. (නි)
නිශාන්ත, දවල්ද දන්නෙ නැහැ නේද? (නි)
මේක නම් හාස්කමක් වගෙයි (නි)
ඉන්ටෙර්නෙට් ආශ්‍රිත ජනමතය මෛත්‍රී ට , එත් නියම ජනමතය තියෙන්නේ මේ රටේ ගොඩක් ඇතුලට වෙන්න. එයාලට ඉන්ටෙර්නෙට් නෑ . ගිය පාරත් ඉන්ටෙර්නෙට් ජනමතයෙන් නොව මහින්ද දින්නේ. (හේ)
38ක් කිවුවට අපේ එක්කෙනෙක් තරමටවත් වටින්නේ නැහැ මට නම් (නි)
මෛත්‍රී මහත්තයෝ ,මේ යන විදිහට 80% පන්නයි වගේ. (නි)
නියමයි. අපේ රටේ අනාගතය බේරාගන්න මෛත්‍රීට හැකිවේවා! ජය ශ්‍රී මෛත්‍රී! (නි)
රනිල් මෛත්‍රී සුසංයෝගය ශ්‍රී ලංකාවට වාසනාවකි .(හේ)
ඔහොම ගියොත් අරෙහෙ කී දෙනෙක් ඉතුරුවෙයිද දන්නෙ නැහැ (නි)
මෛත්‍රීට විශාල ජයග්‍රහණයක් අත්වෙන බව ඉරහඳ වගේ සහතිකයි.(හේ)
දත දත ගැළෙවුවට නම් කමක් නැහැ. හැබැයි දත් ඇන්දම ගළවන්න නම් ඔට්ටු නැහැ (නි)
මේවා දේව හාස්කම් (නි)
මට නම් මෙතැන දේශපාලන වටිනාකමක් ඇති කෙනෙක් පෙනෙන්න නැහැ. ඒ වගේද තිස්සගේ වටිනාකම? ගණන් හදන්න අමාරුයි නේද? (නි)
ෂා මරුනේ! හංසයාට ජයෙන් ජය! මේ විදියට ඔක්කොම එකතු වුනොත් රටට ප්‍රජාත්‍රන්තවාදය ගේන්න පුලුවන් කියලා හිතන්න පුලුවන් වේවි. (හේ)
අපේ ටාගට් එක මයිත්‍රී සර් ට වැඩි ඡන්ද ලක්ෂ 25ක්. (නදී)
දිගම්බරන් අලියාගෙන් නේද ගියපාර ඡන්දෙ ඉල්ලලා පර්ලිමේන්තුවට අාවේ.(හේ)
දැන් කට්ටිය කියන්නකෝ දත් කීයක් ගළවලාද කියලා හරියටම. මහින්ද මහත්තයාට කලින්වත් අදවත් හෙටවත් මේ වාගේ දේවල් කොහොමටවත් වැඩක් තිබුනේ නැහැ.මහින්ද මහත්තයා දිනුවහම ඔය කට්ටිය ගිය බස් එකේම ආයේ ඒවි 9 වෙනිදාට.මේක එයාලගේ දේශපාලන ක්‍රමයනේ (නි)
දෙන දෙවියෝ ටොකු ඇන ඇන දෙනවා කියන්නේ මේකට තමයි. (නදී)
නියමයිනේ අනේ (නදී)
අපිට නම් අනෙක් අයට වඩා දහස් ගුණයක් හිරුණිකා වටිනවා. (නි)
ඔන්න එළිවන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්. ජයවේවා! (නදී)
ආණ්ඩු පැත්තට ගියොත් දේශ ප්‍රේමියෝ විපක්ෂෙට ගියොත් දේශ ද්‍රෝහියෝ. වැට නැති කටවල්නෙ, හිතේ අමාරුවට කියන ඒවානේ ගණන් ගන්න එපා කියල සෙනග කියනවා. (නදී)
ඇත්ත කතා කරනකොට සමහර අයට කේන්ති යනවා වගේ. ඒ හැමෝටම තෙරුවන් සරණයි. කොච්ච්ච්ර බැන්නත් අන්තිමට ඒ අයත් කතිරය ගහනකොට මහින්ද මහත්තයට තමයි ගහන්නේ. මමත් මහින්දගේ වැරදි වලට බනිනවා. එහෙත් වෙන කවුරුත් නැහැ රට ගොඩගන්න. (නි)
ලියනගේ හිතනවා නම් ඔහොමම හිටගෙන ඉන්න. අපිත් යනවා මෛත්‍රීගේ පැත්තට (නදී)
මෛත්‍රී මහත්තයෝ ජවිපෙ එකත් එකතු කර ගන්න ඉක්මනට.(හේ)
දිගම්බර්න් ගිය පර ඡන්දේ ඉල්ලලා තියෙන්නේ අලියාගෙන් නේද?(හේ)
වෙල්ලස්සට ජයවේවා! (නි)
ආ! ඔය ඇවිල්ලා තියෙන්නේ නියම සෙට් එකක්... (නි)
තිබුණු අපල දැන් ඉවරයි. දැන් ඉන්නේ තනිකර ජයග්‍රාහී මාවතේ. (නි)
මෛත්‍රීට විශාල ජයග්‍රහණයක් (නි)
තව කට්ටිය ඉන්නවා පනින්න (නි)
දැන් මෙයාලා පිවිතුරුද? (නි)
සුබ පැතුම්! (නි)
කාටත් මතක්කරලා දෙන්න වෙයි වගේ මේ සිදම්බරම්ලා ආ හැටි. මේගොල්ලෝ ගියා කියලා හෝ ආවා කියලා කිසිම වැඩක් කාටවත් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ (නි)
දැන් තියෙන්නේ තව දුරටත් මුදල් වැය නොකර මෛත්‍රී මහත්තයට දිනුම දී තරඟයෙන් ඉවත් වෙන්ඩ. (නදී)
ජය වෙිවා (නදී)
මෙයාලගේ දරු මල්ලන්වත් ගනින්න බැරිද? (නදී)
කෙලෙහිගුණ නොදත් මිනිසුන් රැල්ලට යනවා (නදී)
අපි රජයට වැඩ. ඒ උනාට ඡන්දෙ දාට හංසයාට (නදී)
ජනාධිපති තුමා ලබාදුන් යුද ජයග්‍රහණයට හිලව් වෙන්න , අපි දුක්විදල හම්බ කරන සොච්චමෙන් මිලදීගන්නා දේවලින් රජය එකතු කරන බදු මුදල් , ජනාධිපති තුමා සහ ඔහුගේ සහෝදරයන්, දරුවන් සහ අනෙකුත් රජයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ගේ සිට මැති ඇමතිවරුන් කරන සොරකම් නොදැක්කසේ සිට කළගුණ සලකමු. ජය වේවා. (ස)
අන්තර් ජාලයේ පමණක් ඡන්දය තිබ්බොත් දහඅට දෙනෙකුගේම ඇපත් නැතිවෙනවා. (ස)
තව ටික දවසකින් ලොකු ලොක්කොත් එයි වගේ පේන්නේ (නදී)
මේ පාර නම් සන්ධානයට සුභ වෙන්නේ නැහැ වගේ. හරි ඔහොම යමු. ජය වේවා! (නි)
මේ ඉන්නේ නියම මිනිස්සු! (නි)
"එගොඩහ යන්නෝ මෙගොඩහා එන්නෝ ..තව කවුරුද ඉන්නේ ...." (නදී)
රටට ආදරේනම් පවුල් වාදය අතුගා දමා අනේ අපට සාමය සතුට දෙන්න පුළුවන් බූරුවෙක් හරි පත් කර ගමු. මුළු රටම ණය කාරයෝ. අපි දන්නවා පාරවල් හදන හැටි. වැඩ කරන හැටි. ඇමරිකාවට අපේ දුක පෙන්නේ නැතුවද? (ස)
අනේ මයිත්‍රී මහත්තයෝ ඔබ නම් ඔය කෝවිල පැත්ත පළාතේ යන්ඩ එපා. පේනවනේ උන වැඩේ. (නදී)
.. මේ සුළුජාතික වතුකරයේ දේශපාලනය තේරුම් ගන්න බැරි මිනිස්සුද මේ මහින්ද මහත්තයව එලවන්න දඟලන්නේ..මේ ඡන්ද ගියපාරත් මහින්ද මහත්තයට ලැබුණු ඒවා නෙමෙයි.මේ පාර ලැබෙන ඒවත් නෙමෙයි...අනේ පවු. මේ ඇමති මණ්ඩල පැටවූ ගැහුවේ මෙයාල සතුටු කරන්න තමයි..දැන් මෙයාලව ඔයාලම සතුටු කරන්නකෝ..අපි 9 වෙනිදට කට්ටියට ස්ප්‍රින් මෙට්ටෙකුයි කුෂන් කොට්ටෙකුයි ගානේ දෙන්නම් ඊලග අවුරුදු පහත් හීන දකින්න...මහින්ද මහත්තය පිටිපස්සේ ඉන්නේ කළගුණ දත් සිංහල බොදු ජනතාව.ඒ ජනතාවගේ ශක්තිය කට්ටිය 9 වෙනිදට හොදින් බලා ගන්න..එතකන් පාලු ගෙවල් වල හිතුමතේ වලන් බිඳින්න. (ස)
දෙවැනි ඡායාරූපය නම් නියමයි. (නි)
මට නම් පෙනෙන්නේ බන්දුලගේ නමින් වෙන අය අදහස් දානවා වගේ. 9 වෙනිදට අදහස් වෙනස්වෙයි. (නි)
මමත් දුන්නේ මහින්දට,එත් ආයේ නම් දෙන්න තරම් මෝඩයෙක් වෙන්නේ නැහැ.මොකද යුද්දේ දිනපු එක වෙනම කතාවක්,රට පාලනය යහපාලනය කියන්නේ තවත් කතාවක්.අපේ අයට මේක නොතේරෙන එකයි ගැටලුව. (ස)
විකුම්,කාට වැඩක් නොවුණත් වැඩක් වෙන එක්කෙනෙක් ඉන්නවා (නි)
මෙදා පාර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා .. ආණ්ඩුවේ ඉන්න කොටත් එතුමා අවංකව කටයුතු කරපු ඇමතිවරයෙක් .... ජය වේවා!!(හේ)
තිරුපති වැඩේ අනෙක් පැත්තට අඹරලා වගෙයි... (ස)
කොපමණ අය ආවත් මහින්ද මහතා දිනනවා. (නි)
හෙළ උරුමෙත් එක්ක එක ගිවිසුමක්...රනිල් එක්ක එක ගිවිසුමක්..ටි ඒන් ඒ එකත් එක්ක එක ගිවිසුමක්..මැඩම් එක්ක තව ගිවිසුමක්..පක්ෂෙන් එන එව්වොත් එක්ක තව ගිවිසුමක්.මුස්ලිම් පක්ෂ සුළු පක්ෂ එක්ක තව ගිවිසුමක්,දිගම්බරන්ලා එක්ක තව ගිවිසුමක් .අහන අහන එකා එක්ක ගිවිසුම්..ඒ මදිවට තව පොදු ගිවිසුමකුත්..කවදාවත් එන්නේ නැති නිසා හොඳයි ..බැරි වෙලාවත් ආවනම් බලන්න තිබුන අපිට ලස්සන බලු පොරයක්..මයිත්රී මහත්තයාගේ වලිගෙ විතරක් ඉතුරු වෙන..මහින්ද මහත්තය පිටු පස ඉන්න බලවේගය සිංහල බෞද්ධ බලවේගය..මේ රටේ කලගුණ දත් ජනතාවගේ බලවේගය..එකට අභයෝග කරන්න ඔය ඩුප්ලිකේට් මෝදීලට බැහැ. මහත්තුරුනේ..නාල එන්න කට්ටිය..9 වෙනිදට ඡන්දෙ අහන්න.. (ස)
නියමයි. ඔබ අනිවාර්යයෙන්ම දිනන්න ඕනෑ (නි)
.සුබ පැතුම් මෛත්‍රී පාලනයකට සුබ පැතුම්! ........(ස)
ඡන්ද 38ක් ලැබුනා කියලා කට්ටිය සතුටුවෙන තරම. හරි පුදුමයි. (නි)
38ක් ආවත් අපේ පැත්තට එන එක්කෙනා අපිට වටිනවා මේ හැමෝටම වැඩිය (නි)
මෛත්‍රී මහත්තයාත් පොරොන්දු ඉට නොකලොත් මේ තත්වයම තමයි (නදී)
බන්දුල පෙරේරා ඔබව සාදරයෙන් පිළිගනිමු. තිරුපති දෙයියෝ ගෙදරටම ගෙනත් දීල වගෙයි.
ලාල්, මහින්ද මහත්තයා දිනනවා මමත් දැක්කා හීනෙන් (නදී)
මෙදා පාර දෙනවා බැටේ ?(හේ)
ශා නියමයි නේ! රටේ හැමෝම එකතු වෙලා යහපත් සහ සාදාරන නායකයෙක් තෝරා ගමු.. ජයෙන් ජය පතමි..! (නදී)
9 වැනිද කියයි කොම්පියුටර් ජිල්මර්ට් කියලා.(හේ)
සුළු ජාතික ඡන්ද වෙන්දේසිය ඇරඹුනා වගෙයි (නදී)
තිරුපති කෝවිලේ හාස්කම්.... දෙවියොත් දන්නචා හොරු කවුද කියලා.(හේ)
මම හංසයාට බයයි මල්ලියේ (විමල් මල්ලියේ). (ස)
අන්තිමට මහින්ද දිනුම්..(හේ)
දේශපාලනය කියන්නේ ඔහොම තමයි. කවදා කොහේදී වෙනස් වෙයිද කියලා දන්නේ අහසේ ඉන්න දෙයියෝ විතරයි.(ඒත් ඉතින් දෙවියෝ කියලා කට්ටියක් හිටියොත් විතරයි ) දැන් හෙට කියයි ඒ ගිය 38 දෙනා ආපහු ආණ්ඩුවට එකතුවුණා කියලා. (නදී)
මන් හිතුව මේ ලොකු ඇමතිලා දෙන්නෙක් කියල.නම් ඇහුවෙත් අදයි.ලපයි සිපයි ගියාට දිනන්නේ ජනධිපතිතුමා.ගියේ රාජිතයි, මෛත්‍රී විතරයි ටිකක් බලපෑමක් කරන්න පුළුවන්.ඔන්න තව ලොකු ඇමතිලා ගියොත් විතරයි අපිට පිළිගන්න පුළුවන්.තාම අර 60 ට කට්ටිය එකතු කරනවා වගේ.මේ ප්‍රාදේශීය සභා අයගෙන්ද 60 හදන්න යන්නේ? (ස)
අවංක සුභ පැතුම් අපට නැති උනත් රටට හොඳක් වෙනවා නම් රනිල් මෛත්‍රී එකතුවෙන් (නදී)
මේ පිල්මාරුව වෙන්නේ මගේ රටට යහපතක් කිරීමටයි යටි අරමුණු නෑ ඔබ සැමට සුබපැතුම්.(හේ)
පැදුර කොට්ටේ දෙකම නැතිවෙනතුරු බෙදියල්ල...කැඩී යල්ලා . (ස)
ඔය ගියාට වැඩක් වෙන්නේ නෑ.(හේ)
මේ වගේ අය තමයි මව්බිමේ නියම වීරයෝ.දැන් තමයි පෙරහැර වීදි බහින්නෙ. තිස්ස අත්තනායකතුමාගෙ නම් තත්ත්වය කොහොමද දන්නෙ නැහැ (නි)
මට කියන්ඩ තියෙන්නේ කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලෝ කියලා.(හේ)
දැන් ඌව පළාත් සභාව ආණ්ඩුව පරාදයි නේ? ශෂින්ද්‍රට මහා ඇමති කම නැති වෙනවා නේද? දැන් ගණ පුර්ණය නැහැ නේ. ඒක තමයි සීතලයි කියල කල් දැම්මේ. දැන් ඉතින් අලුත් අවුරුද්දේ රැස් වෙනකොට බලය විපක්ෂයට. අයියෝ සල්ලි. (නදී)
මේ කොහේ අයද? මේ අය කොහෙද හිටියේ. කව්ද මේ අයට ඡන්ද දෙන්නේ (නදී)
මම යන්න යනවා ,මට යන්ඩ අවසරයි ! හොරකම පමණයි ඉතිරි වුනේ .(හේ)
රනිල් මහත්තයා කියන්නේ නුවන තියෙන අයෙක් (නදී)
සතුටුදායක ආරංචියක් 'ලංකාවට ආදරය කරන සැමදෙනාටම (නදී)
දැන් තමයි හොදම සෙල්ලම් ටික යන්නේ.(හේ)
කොළඹ හේදුනා කියන්නෙ මේකයි. සැබෑ ජන පදනමක් තියෙන හිරුනිකා, උදය වැනි දේශපාලනඥයින් එක්වීමත් ෆයිල් මයිල් වලින් වසාගත් හොර තක්කඩින් කොහොල්ලෑ ගුලිය බදාගත් වඳුරන් සේ සවුත්තුවීමත්. ෆයිල් ඇති අය ගඳගස්වමින් සිටින විට ෆයිල් නැති සුවඳවත් අය විපක්ෂයට ඒම සේදීයාම ලෙස මම දුටිමි. පාර්ලිමේන්තුවේ සිටින අය යෑම පමනක් සේදීයාමක් ලෙස දකින්නට හදන්නේ ඔබට ඇතිවී තිබෙන සිත් තැවුල නිසා බව මම සිතමි. මම ඔබට 'මෛත්‍රී' කරමි! (නදී)
යන අය ගියපුදෙන්.අපේ රටට සහ වැසියන්ට ජයෙන් ජය වේවා !(හේ)
ඕන කෙනෙක් ආපුදෙන් ගියපුදෙන්. කව්රු මොනවා කිව්වත් මහින්ද මහත්තයා දිනනවා (නදී)
ජනපති දිනුවත් විධායක බලතල අඩුකළයුතු බව ජනපති තේරුම්ගත යුතුයි. (නි)
නියමයි නියමයි (නි)
මේ ගැන උදම් අනන්නේ නැතුව නිහතමානීව තව තවත් හංසයා පෝෂණය කළයුතුය.කොහොමත් මෛත්‍රී මහත්තයා නිහතමානී ශ්‍රේෂ්ඨ චරිතයක් (නි)
එකතුවෙලා ඉන්න කට්ටිය දැක්කහම නම් සතුටු වෙන්න බැහැ (නි)
මෛත්‍රී මහත්තයෝ, ඔබතුමා දිනනවා ස්ථිරයි. ඒත් මිනිසුන් දාපු ඡන්ද රැකගන්න ඡන්ද ගනන් කරන තැනදි වග බලා ගන්න. (නදී)
ඔළුගෙඩි මාරුවුණාට මිනිසුන්ගේ මොළ මාරුවෙලා නැහැ. සිංහලයා බුද්ධිමත්ව කෙළෙහිගුණ දක්වයි. විපක්ෂයේ අදහස් දාන අයට සතුටුවෙන්න පුළුවන් ටික දවසයි. ඊට පස්සේ හිතේ අමාරුවට මොනවාහරි කරගන්න වෙනවා (නි)