උතුරු කැබිල්ලවෙලදී හා බණ්ඩාරවෙල පොලිසියේ දී පහර කෑමට ලක්වූ බව කියන බණ්ඩාරවෙල නගරාධිපති (එක්සත් ජාතික පක්ෂ) චමින්ද විජේසිරි මහතා බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබීය.
ඔහුගේ නළල තුවාල වී ඇත.
උතුරු කැබිල්ලවෙල දී ඡන්ද පොළට යද්දි එම දෙදෙනා ඇතුළු පිරිසක් තමාට මුලින්ම පහර දුන් බවත්, පැමිණිල්ල කිරීමට පොලිසියට එද්දී පොලිසියේදීත් පහර දුන් බවත් පුරපතිගේ පැමිණිල්ලේ සඳහන් වේ. නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාගේ නම් ද ඔහු පොලිසියට ඉදිරිපත් කර ඇත. ඉන් එක් අයකු පුත්තලම දිස්ත්‍රික්කයේ ද, අනෙක් පුද්ගලයා දකුණු පළාත ද නියෝජනය කරති.
පොලිස් ප්‍රකාශකයකු පැවසුවේ සිද්ධිය ගැන පැමිණිල්ලක් ලැබී ඇතත් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
උප ඇමැති දෙන්නා පුරපතිට පොලිසියෙදිත් ගහති?
රසික Saturday, 20 September 2014 12:09 PM
බන්දුලව සොයන්නේ මොකටද අහනවා. එයා ගහපු නිසා නෙවෙයි ගහපු තැනට කඩේ යන නිසා. (අ)
චන්න Saturday, 20 September 2014 12:12 PM
බන්දුල සොයන්නේ ගහපු අයට සළු වඩන නිලමේ කම කරන නිසා සෑම්. වෙන කෙන් ගෙඩියකට නෙවෙයි. (අ)
සුරේන් Saturday, 20 September 2014 12:15 PM
බන්දුල ඇති දැන් චන්ද පෙට්ටියක් ළඟ දන ගහගෙන. ගණන් කරන රාජකාරිය එයා වගේ අයට මිසක් අනෙක් අයට භාර දීල හරි යනවද ? (නදී)
චතුරිකා Monday, 22 September 2014 08:13 AM
මේ සේරම වෙන්නේ බලයට තියෙන කෑදරකමට තමයි. (නදී)
බණ්ඩා Saturday, 20 September 2014 12:21 PM
හරි හරි හැමදාම මේ ගොල්ලෝ දිනන්නේ නෑ...පරදින දාට අපි දෙමු රට දාල දුවන්න (නදී)
කරුණාජීව Saturday, 20 September 2014 12:20 PM
ජයලත් යනු, සියලු දෙනා මෙතන සොයනා අයගේ එක නාමයකි. (නදී)
ලලිත් Saturday, 20 September 2014 12:21 PM
මේක මැතිවරණයක් නෙවෙයි. මැරවරණයක් ! (නදී)
අජිත් කරුණාරත්න Sunday, 21 September 2014 04:20 AM
උෟවේ ජනතාව මේවගේ ගොන් පාර්ට් කාරයින්ට නියම පිළිතුරක් දුන්නා. (නදී)
උඩුමලගල ගමගේ Saturday, 20 September 2014 12:33 PM
මේ වගේ දේවල් සාදාරනී කරණය කරන ජයලත් ලා වගේ අයට දියයුතු දඩුවම කුමක්ද ? (නදී)
උපුල් Saturday, 20 September 2014 12:34 PM
චමින්ද ට අතක් උස්සල අයෙත් ඉතින් බණ්ඩාරවෙලින් ඒ පැත්තට ඡන්ද හොයනවා බොරු හොර ඡන්ද දා ගත්තොත් මිසක්. (නදී)
දාස් Saturday, 20 September 2014 01:23 PM
බන්දුල පෙරේරා ඡන්දෙ වැඩට ගිහින් වගේ (නදී)
නන්දන Saturday, 20 September 2014 01:47 PM
අරුන්දික නම් මොකුත් දන්නේ නැහැ ඕං (නදී)
ධම්මික Saturday, 20 September 2014 02:10 PM
රජය අපහසුතාවයට පත්කරල ඡන්ද වාසිගන්න එයාම ගහගත්ත වෙන්න බැරිද ? (නදී)
රත්න Saturday, 20 September 2014 06:42 AM
බදුල්ල පොලිසියේ දී පහර කෑමට ලක්වූ .. අපි බලමු පොලිස් මාද්‍ය ප්‍රකාශකගේ විච්චූර්න පත්‍රිකාව කොහොම ගොතයිද කියලා. (නදී)
ඇන්ටන් Saturday, 20 September 2014 06:52 AM
පොලිසිය ඇතුලේ ගැහැව්වට ඒ පොලිසියේ කිසිම කෙනෙක් දකින්න නැතුව ඇති. උෟවේ බාර උප පොලිස්පති තුමා වගේ (නදී)
රණතුංග Saturday, 20 September 2014 06:57 AM
බලමුකෝ පොලිසිය මේකට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා. කඩේ යන ගොයියත් මේකට ප්‍රතිචාරයක් දායිද කියලා බලමුකෝ. (නදී)
මුදිත Saturday, 20 September 2014 06:58 AM
නියෝජ්‍ය ඇමැතිවරුගෙන් ගුටි කන්නත් පින් කරන්න ඕනේ (නදී)
වසන්ත Saturday, 20 September 2014 06:59 AM
සත්‍ය වැඩි කල් නොගොස් දිනනවා, එදාට කියන්ඩ එපා අපිට හිරිහැර උනා කියලා. ගැහිල්ල හොඳ වැඩ නෙමේ. සිංහල මිනිසුන්ට ඔහොම කරනවානම් අනිත් යට කොහම කරයිද? (නදී)
බන්දුල පෙරේරා Saturday, 20 September 2014 02:36 PM
කට්ටිය ගහපු අයව හොයනවාට වඩා හොයන්නේ මාවනේ. අනේ මම නම් මෙයාට ගැහුවේ නැහැ. පව් මේ අහිංසකයා. (නදී)
හසාන් Saturday, 20 September 2014 07:14 AM
භීෂණය වපුරමින් ජන්දය දිනන්න යන්නේ. (නදී)
කිරින්ද Saturday, 20 September 2014 07:34 AM
මීට පස්සේ දේශපාලනයට එන්න වෙන්නේ ගුටි කන්න පුළුවන් අයට විතරක් වගේ. (නදී)
හරිත් Saturday, 20 September 2014 07:37 AM
දැන් බලමුකෝ පොලිස්පතිගේ සාදාරන පරීක්ෂණය (නදී)
රණසිංහ Saturday, 20 September 2014 03:02 PM
චමින්දගෙ අපි මුලින් තිබුණු ගති ගුණ දැන් නෑ. බණ්ඩාරවෙල නගරය තුළ ප්‍රචන්ඩකරි ලෙස ඡන්දය කරපු අයට පක්ෂ විපක්ෂ වලින් තොරව දඩුවම් දිය යුතුය. චමින්ද කියන්නෙ හොද දේශපාලන ඔලුවක් තියන කෙනෙක්. හෑබෑයි මේ සිදු වීමේදී චමින්ද මහතා 100% හරි කියන්න බෑ. ඔබ තුමාට ඉක්මන් සුවය ලෑබේවා (නදී)
අසනීල් Saturday, 20 September 2014 03:02 PM
ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි (නදී)
ඉසුරන්දි Saturday, 20 September 2014 07:56 AM
අැයි මේ මිනිස්සු ගහා මරා ගන්නේ. මොනා බෙදාගන්න බැරිවද? (නදී)
සෑම් Saturday, 20 September 2014 08:14 AM
මෙයාට ගහපු පුත්තලම පැත්තේ සහ ගම්පහ පැත්තේ මැර වැඩ වලට ප්‍රසිද්ධ උප ඇමතිලා දෙන්නට ගමේ මිනිස්සු ගහලා එලෙව්වා කියා ආරංචියි. (නදී)
නිමල් Saturday, 20 September 2014 03:52 PM
මතකද ලඟදී හයිවේ එකේදී පොලිසියේ කෙනෙකුටත් ගැහුවා මේ ඇමතිතුමා නේද ඒ (නදී)
රමේෂ් Saturday, 20 September 2014 08:36 AM
කට්ටිය දැම්ම කලබල වෙලා වගේ. හදිසි වෙන්න එපා හොද හොද සෙල්ලන් එලි වෙන කොට කියලා කියනවනේ (නදී)
සිල්වා Saturday, 20 September 2014 08:42 AM
මේකද ලංකාවේ සාමකාමී ඡන්දෙ කියන්නේ ? (නදී)
සමන්ත Saturday, 20 September 2014 08:57 AM
දකුණු පළාත හා පුත්තලම ඌව පළාතට මේ ඡන්දයට පමණක් යාකර ඇති නිසා මේ වගේ සිදුවීම් විය හැකිය. ඒවා පුදුමයට කරුණු නොවේ. ආතතිය ඇති මිනුසුන් සිටින රටක මේවට විසදුම් නොමැත. (නදී)
ශාන්ත Saturday, 20 September 2014 09:04 AM
මේකද සාදාරන ඡන්දය. දැන් ඉන්නේ කට්ටිය මරු බයෙන්. (නදී)
නදීකා Saturday, 20 September 2014 09:08 AM
මෙන්න තවත් ඡන්ද ප්‍රථිපලයක් (නදී)
රුහුණු Saturday, 20 September 2014 09:15 AM
නම් දෙකත් දාන්නකෝ අපිට බලන්න. (නදී)
ඩයස් වික්‍රමසිංහ Saturday, 20 September 2014 09:31 AM
මනුස්සයින් මරාගන්න තමයි දේශය සුරකින්න නෙමෙයි (නදී)
සේන Saturday, 20 September 2014 09:37 AM
මැති ඇමතිවරු පවා නීතිය අතට අරගෙන ක්‍රියා කරනකොට සාමාන්‍ය මහජනතාව කොහොම හැසිරෙයිද? (නදී)
ද සිල්වා Saturday, 20 September 2014 09:55 AM
ඉස්සර මුදා නොගත් ප්‍රදේශ තිබුනේ උතුරේ සහ නැගෙනහිර. දැන් මට පෙනෙන්නේ ට මුළු රටම මුදා නොගත් ප්‍රදේශයක් බවට පරිවර්තනය වෙමින් පවතී. මේ වැනි තත්වයක් රටේ පවතිනවිට අපේ රටට විරුද්ධව මානව හිමිකම් පරීක්ෂණ ආරම්භ කරන එක පුදුමයක් නෙවේ. මේවා අධිරාජ්‍යවාදීන් අපිට විරුද්ධව දමන ලෙඩ නොව අපි විසින්ම හදා ගන්න ලෙඩය (නදී)
රුවන්තිකා Saturday, 20 September 2014 09:59 AM
පරදිනවට තියෙන බය නිසා වෙන්න ඇති (නදී)
ගාමිණී Saturday, 20 September 2014 09:56 AM
බඩ තඩි එතනෝල් හොරා එකෙක්. අනිත් කෙනා මොකාද? අපි ඉස්සර මැති ඇමතින්ට ගරු කළා. මේ ජරා වැඩ නිසා අපිට මේ අයව එපා වෙලා දැන් තියෙන්නේ. (නදී)
සුරේෂ් Saturday, 20 September 2014 10:02 AM
එහෙනම් අනිවාර්යෙන් බණ්ඩාරවෙල ආසනේ එ.ජා.ප යට වාසි අැති. (නදී)
සමන් Saturday, 20 September 2014 10:20 AM
අපිට ප්‍රජාතන්ත්‍රවාදය කියල දීපු බ්‍රිතාන්‍යයේ ඊයේ තිබ්බ ජනමත විචාරණයේත් කරපු ඡන්ද මගඩි යු ටියුබ් එකේ දැකපු අපිට ලංකාවේ ඔය වගේ සිද්ධි මහලොකු දේවල් නෙවෙයි. (නදී)
පෙරේරා Saturday, 20 September 2014 07:41 PM
පොලිසිය සැකකාරයින්ට විරුද්ධව කිසිදෙයක් කළේ නැත්නම් අපිට බොහෝ දේවල් සිතාගන්න පුලුවන් (නි)
සමන් පෙරේරා Saturday, 20 September 2014 10:20 AM
බලයට තියෙන කෑදරකම, රටට ගිය කලක් (නදී)
රුමේෂ් Saturday, 20 September 2014 10:24 AM
කෝ අපේ බන්දුල පෙරේරා මහත්තයා? එයා නම් කියාවි මැතිවරණය සාදාරනයි කියලා. කොහොමටත් ආණ්ඩුවට වාසි නං ඔච්චර උඩ පනින්නේ නෑ (නදී)
මරා Saturday, 20 September 2014 10:24 AM
මගේ පාසලේ මිතුරන් දෙන්නෙක් දෙපැත්තේ ඉන්නවා. චමින්ද නුබට ඉක්මන් සුවය පතනවා. (නදී)
ඉන්දික Saturday, 20 September 2014 08:04 PM
මේකම ඇති මානව හිමිකම් දක්වා යන්න (නි)
සඳුන් පෙරේරා Saturday, 20 September 2014 08:14 PM
මේක සුද්ද කරන්න යන බන්දුල පෙරේරාට බැන්නා කියලා දැන් වැඩක් නැහැ. ඒ කාලේ දැන් පහුවෙලා. (නි)
අශාන් Saturday, 20 September 2014 10:30 AM
පිට කොන්දක් නැති පොලිසිය (නදී)
චානක. Saturday, 20 September 2014 08:39 PM
මේ අනුව කාටහරි කියන්න පුලුවන්ද පොලිසිය පවතින්නේ කුමන බලයක් යටතේද කියා? (නි)
සිල්වා Sunday, 21 September 2014 01:41 PM
මෙච්චර කට්ටියක් ඉදලත් නගරාධිපතිවරයා විතරක් ගුටි කෑවේ කොහොමද? (නදී)
නිමල් Saturday, 20 September 2014 09:01 PM
ඉසුරන්දි, මිනිස්සු ගහමරා ගන්නවා නෙමෙයි. විරුද්ධ පක්ෂවල දේශපාලනය කිරීමේ අයිතිය අමු අමුවේ නැතිවෙන බවයි පෙනෙන්නේ. (නි)
රංජන් Saturday, 20 September 2014 10:38 AM
යම් දවසක එජාපයට බලය ලැබුනොත් අනිවාර්යයෙන්ම මිනිස්සු මේවට ප්‍රති උත්තර දෙනවා. ඒ උනාට ඒවා වාර්තා වෙන්නේ සාමාන්‍ය පස්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හැටියට. (නදී)
සංජය Saturday, 20 September 2014 10:46 AM
මේ අයට නඩු දාන්න පොලිසියත් බයයි වගේ (නදී)
තුෂාර Saturday, 20 September 2014 11:00 AM
දැන් බන්දුල පෙරේරා කියාවි අනාධිමත් කාලයේ අසවල් පාලන සමයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ කාලයේත් අංගම් පොර පැවතියා. ඇයි දැන් මේ සුළු සිද්ධි වලට පාලකයන්ට දොස් කියන්නේ කියලා. (නදී)
රුචි Saturday, 20 September 2014 11:04 AM
දැන් බන්දුල පෙරේරා කියාවි මේවා අනාධිමත් කාලයේ සිට බරණැස් නුවර බ්‍රහ්මදත්ත රාජ්‍ය සමයේත් තිබුනා සාමාන්‍ය සුළු සිද්ධි කියලා. (නදී)
කරුණාජීව Saturday, 20 September 2014 11:03 AM
කෝ මේ බන්දුල පෙරේරා...? නැට්ට පල්ලේ අස්සේ ගහගෙන ඇති දැන්. චන්ඩියාගේ සද්දයක්වත් නැහැනේ. (නදී)
රෝහණ Saturday, 20 September 2014 11:07 AM
අර බන්දුලට කියන්න දෙයක් නැතුව වෙන්න ඇති. (නදී)
බන්දුල පෙරේරා Sunday, 21 September 2014 02:37 PM
ප්‍රසාද් මහත්තයෝ, මම දාන්නේ මගේ අදහස්. මේක සංවාද මණ්ඩපයක්. සාධාරණව අදහස් විවේචනය කරන්න. (නදී)
සරත් Saturday, 20 September 2014 11:12 AM
පොලිසිය අැතුලේදීත් ගැහුවා නම් තව මොන කතාද. (නදී)
සුරන්ජිත් ලාල් Saturday, 20 September 2014 11:11 AM
ඔය යකා පාර්ට් දන අය තවම හොඳ කට්ටඩියෙකුගෙන් කාලා නැහැ. හැබැයි ලබන මහා මැතිවරණයේදී නම් කයි වගෙයි (නදී)
යොහාන් Saturday, 20 September 2014 11:15 AM
බන්දුල පෙරේරා පේන්න නැත්තේ ඉන්ටෙර්කූලර් 2 න් ඡන්දෙට කඩේ ගියාද දන්නේ නැහැ (නදී)
සෑම් Saturday, 20 September 2014 11:24 AM
දැන් මේ බන්දුල පෙරේරා කියන මහත්මයද ගහල තියෙනේ හැමෝම මේ මනුස්සයව හොයන්නේ (නදී)
බමුණු Saturday, 20 September 2014 11:28 AM
කොකාට වාරයක් නම් තිත්තයටත් වාරයක් තිබෙන වලු. එ් කාලයට පොලිසියටත් නිවාඩුලු එතකම් ඉවසන්න. (නදී)
බමුණු Saturday, 20 September 2014 11:30 AM
'මීට පස්සේ දේශපාලනයට එන්න වෙන්නේ ගුටි කන්න පුළුවන් අයට විතරක් වගේ' ඇයි හලෝ බලන් හිටියේ ගහනවකෝ (නදී)
පිටිගල Saturday, 20 September 2014 11:34 AM
ඔය දෙන්න ආත් අඩංගුවට ගන්න තරම් කොන්ද පන තියෙන පොලිස් නිලධාරියෙක් ශ්‍රී ලංකා පොලිසියේ ඉන්නවද බලමු. (නදී)
මධුභාෂිනී Sunday, 21 September 2014 02:23 AM
ප්‍රචණ්ඩ ක්‍රියා අපි කවුරුත් අනුමත කරන්නේ නැහැ. (නි)
ජයලත් Saturday, 20 September 2014 11:35 AM
මේ කමන්ට් දාල තියෙන අයට අමතකද 1988.1989. ඡන්ද කරපු හැටි හිනෙන් නැගිටලා බය වෙලාද ..ලැජ්ජයි..(නදී)
පද්මිණී Saturday, 20 September 2014 11:35 AM
අර ආදිවාසි නයක වගේ හැමෝම පොරෝ කෙටි අරන් චන්දෙ දාන්න යන්නලා. (නදී)
ලලිතා රාජකරුණා Sunday, 21 September 2014 02:46 AM
මධුභාෂිනී, ඒ වුණත් මෙතන ප්‍රචණ්ඩ ක්‍රියාවක් වෙලාද කියලා හිතාගන්න බැහැනේ. ගුටිකෑවා කියන නගරාධිපතිවරයාගේ වටේ සෙනඟ හිටියට තුවාලය නම් පොඩියි වගේ නේද? (නි)
පතිරණ Saturday, 20 September 2014 11:42 AM
පොලිසියේ කොන්ද කඩලා තියෙන්නේ "18" ගෙනල්ල ඉතින් කොහොමද ඒ මහත්තුරු කොන්ද කෙලින් තියාගෙන වේදකරන්නේ. (අ)
රත්න Saturday, 20 September 2014 11:58 AM
ජයලත් වගේ අයට උත්තර දෙන්න වෙන්නේ 77 වාගෙ පොලීසියට නිවාඩු දීලා තමා. (අ)
ලක්ෂ්මන් Sunday, 21 September 2014 03:24 AM
මේකද අපේ සිංහල බෞද්ධ රටේ සදාචාරය? ශිෂ්ටාචාරය? සංස්කෘතිය? දන්නා කෙනෙක් ඉන්නවා නම් මට පහදාදෙන්න. (නි)
හැරිසන් Sunday, 21 September 2014 03:27 AM
ලොකු හානියක් වෙලා වගෙයි. (නි)
බමුණු Saturday, 20 September 2014 12:05 PM
"මේ කමන්ට් දාල තියෙන අයට අමතකද 1988.1989. ඡන්ද කරපු හැටි හිනෙන් නැගිටලා බය වෙලාද ..ලැජ්ජයි." ඔව් අපි දන්නවා දැන් වාරය අනික් යට යායුතුයි. අපි බලා ඉන්නවා විතරයි. හැබැයි එගොල්ලන්ට ද මේගොල්ල අපිව හූරන් කෑවා. අහිංසක මිනිහෙකුට ගෙයක ප්ලැනක් පස්ස කරගන්න බැහැ පගාව නොදී.වාහන ගෙන්නගන්න ඉඩ දුන්නේ පාවිච්චියට නමුත් දැන් ගේන්න දෙන්නේ කෙලිම විකුණා ගන්න. කාටද ආඩම්බර නේද ජයලත්. (අ)
දේශප්‍රිය Saturday, 20 September 2014 12:06 PM
ගැහිල්ලේ ප්‍රථිපල හෙට ලැබෙයි (අ)
කාන්ති Sunday, 21 September 2014 03:37 AM
මගේ අයියා යාලුවන්ගෙන් ගුටිකාලා ගෙදර ආ දවසක තාත්තා කිවුවේ " ගුටිකන වැඩක් කරන්න ඇති. " කියලයි. (නි)
බමුණු Saturday, 20 September 2014 12:04 PM
"ඔය දෙන්න අත් අඩංගුවට ගන්න තරම් කොන්ද පන තියෙන පොලිස් නිලධාරියෙක් ශ්‍රී ලංකා පොලිසියේ ඉන්නවද බලමු" කොන්ද පනතිබෙන මිනිස්සු රජයේ රැකියාවලින් අයින්වෙලා බොහොම කල් දැන් ඉන්නේ හෙන්චයියල.(අ)
ධනපාල Saturday, 20 September 2014 12:09 PM
ජයලත් මහත්තයෝ, හිඟන්නාගේ තුවාලේ වගේ ඔය බහුබුතම කියවන්න එපා.ඒ ගොල්ලෝ වැරදි කරයි කියලා මේ ගොල්ලත් ඒ වැරදීම කරන එක හරිද ?.පාට කන්නාඩි දෙක දැන්වත් ගලවලා බලන්න.නැත්නම් බන්දුල පෙරේරාගේ ගෙදර යන්න. (අ)
ප්‍රසාද් Saturday, 20 September 2014 12:10 PM
බන්දුල පෙරේරා කියන්නේ තමන්ගේ අසුචි තමන්ම වළදන කෙනෙක්, අපගේ රටට පිළිකාවක් වී තිබෙන්නේ මේ වගේ අය ලංකාදීප අප ඔබගේ අපක්ෂපාති සේවය අගයමු. අපේ ශ්‍රී ලංකා යු එන් පි. ජේ. වී .පි. කම් නැත , අපට අවශ්‍ය අපගේ රටයි සැමට බුදුසරණයි . (අ)