ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැලියක් සඳහා වඳුරඹ නගරයේ ඉදි කළ වේදිකාවකට ගිනි තබා ශබ්ද විකාශන යන්ත්‍රවලට හානි කළැයි සුළු අපනයන බෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ අධාරකරුවන් තිදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජීප් රථ දෙකකින් පැමිණි පිරිසක් ගිනි තබා විනාශ කොට සැරසිලිද කඩා එහි ශබ්ද විකාශන යන්ත්‍රවලටද හානි කර ඇති අතර ශබ්ද විකාශන යන්ත්‍ර ප්‍රවාහන කළ ලොරි රථයටද ගිනි තබා තිබිණැයි පොලිසියට පැමිණිලි කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ රටේ දේශපාලනයේ ප්‍රමිතිය තමයි. වෙන මොනවා කියන්නද? (නි)
මේ සියලු දුරාචාරකම් පෝෂණය කරන්නේ කවුද කියලාත් අපි දන්නවා (නි)
අන් අයගේ නිදහසට බාධාකිරීම යහපාලනය නෙමෙයි නේද? (නි)
මෙවැනි දේවල් වලින් හානිවෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිරූපයට නොවේද? (නි)
ගෝලයෝ ටික ගේම් එක දීලා තියෙන්නේ නියෝජ්‍ය ඇමතිතුමාටත් හොරෙන් වගෙයි.එතුමා මොකුත් දන්නේ නැතුව ඇති. පව්,ඒ අහිංසකයාව මේවට පටළවාගන්න එපා. (නි)
ජනවාරි 9 වෙනිදට මහජන රජයක් බලයට පත් උනහම නීතියානුකුලවම දැඩි දඩුවම් කරන්න. කිසිම බුරුලක් දෙන්න එපා. (නදී)
වැදගත් මිනිස්සු පක්ෂය හැර ගියහම අන්තිමට ඉතිරි වෙන්නේ මෙන්න මේ වගේ අය තමයි. (නදී)
ගිනි තබා විනාශ කල වේදිකාවේ ශබ්ද විකාශන වාහන ඉදිරි පිට ඉදල මෛත්‍රී, ජෙනරල් ෆොන්සේකා විශාල ජනකායක් මැද්දේ රැලිය අමතන ෆොටෝ අන්තර්ජාලයේ තිබෙනවා. ගිනි තියපු/තියන්න උදව් කරපු "වඳුරන්ට" උන ගැනෙන්න, කරුණාකරල එම ෆොටෝ ටිකකුත් පල කරන්න. (නදී)
ඇගපත තිබුනට මොලේ නැහැ කියල කතාවක් තියෙනවනේ. (නදී)
කොහොමද ගෝලයන්ගේ වැඩ. කොහොමද ගෝලයන්ගේ ලොක්කගේ කතා. (නදී)
ඕවා නම් ලැජ්ජා නැති වැඩ. (නි)
වැරැදි කරානම් දඩුවම් ලැබෙයි.(හේ)
මහන්සිවෙලා නිදා ගත්තා කිව්වේ ? (නදී)
මෙවැනි දේ කරණ මිනිසුන්ට දඬුවම් කරන්න තරම් කෙරුම් කාරයෝ ලංකාවේ නැහැ (නදී)
දැන් බලනකොට උප ඇමතිතුමාටම හරියන කට්ටියක් තමයි හොයාගෙනත් තියෙන්නේ (නි)
චෝදනා ඔප්පු වුණොත් මේ ගොල්ලන්ගේ ගෙවල් විකුණලා හරි අලාභය ගෙවන්න සළස්වන්න ඕනෑ. දේශපාලකයා පැත්තකින් තියන්න. අර අනිත් මිනිස්සු පුද්ගලිකව ව්‍යාපාර කටයුත්තක් විදියටනේ මේ පහසුකම් සපයන්න ඇත්තේ. මම බලන්නේ අන්න ඒ පැත්තෙන්. අර නිරපරාදේ ගුටිකාපු අයටත් වන්දියක් අරගෙන දෙන්න ඕනෑ. (නි)
සල්ලි නිසා මිනිසුන්ට පිස්සු හැදිලා වගෙයි (නි)
මේ වැඩ වලින් අවාසි ආණ්ඩුවටමයි (නි)
මත්තල ළඟ නිසා කටුනායක යන්න ඕනේ නැහැ.(නදී)
කවුරු කළත් බොහොම නරක වැඩ (නි)
ගෝලයෝ කරන්නේ කාට ඕනෑ වැඩද ? මේ මිනිසුන්ව අල්ලාගෙන වැඩක් තිබේද? (නි)
නුසුදුස්සන් දේශපාලනයට ආවිට ඇති වෙන ප්‍රතිඵල මේවා. (නි)