ධන කුවේරයන් පිරිසක් හා ඇතැම් දේශපාලනඥයන් ශ්‍රී ලංකාවේ කැලෑවල වසන අලි ඇතුන් සොරකම් කිරීමේ යෙදී සිටිතියි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ පරිසර උත්සවයක දී පැවසීය.
ධනය, කීර්තිය හා බලය තව තවත් හිමි කැර ගැනීම අලි හොරකමේ අරමුණ බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයිට කලිනුත් උප ඇමති කෙනෙක් ප්‍රකාශ කලේ අලි පැටව් 63 දෙනෙක් කැලෑ වලින් හොරකම් කරලා කියලා. ඉතින් මොකක්ද උනේ? (නදී)
මේ දවස්වල විදුලි කොටනවා වැඩියි. ගමන් බිමන් යන්නේ පරිස්සමින්.(නදී)
හක්ක පටස් බෝම්බයකට කට තුවාලවීම හේතුවන් දින ගණනාවක් නිරාහාරව සිට මියගිය වන අලියකු ගෝමරන්කඩවල විල්පනාකුලම,තිඹිරිවැව ප්‍රදේශයේ දී ත්‍රිකුණාමලය වනජීවි නිලධාරීන් විසින් අඟහරුවාදා (03)පෙරවරුවේ සොයා ගෙන තිබේ. මෙහෙම අලි මරාදනවට වඩා නරකද අල්ලාගෙන ඇවිත් හදන එක (නදී)
ශක්තිමත්ව ක්‍රියාත්මක වන නීති පද්ධතියක් නොමැති කමද මේ? (නදී)
ධනය,බලය,කිර්තිය... මැරෙනකොට එකක්වත් ගෙනියන්න පුලුවන්ද? (ස)
ඔයාලා පාර්ලිමේන්තු යන-එන අය වෙලත් මේ එක එක රැස්වීම් වලදී මිනිස්සුන්ගේ අවධානය ගන්න ඕවා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. පුලුවන්නම් පාර්ලිමේන්තුවේදී ඔය දේ කියන්නකෝ. ඔයාල ඔක්කොම එකතුවෙලා නේද අපේ දේ විනාශ කරන්නේ? අන්ධ දේශප්‍රේමය කියන්නේ ඕකටයි. (නදී)
ඇමතිතුමනි, හොරු කව්ද කියන එක ඔබතුමා නොකීවත් අපි දන්නවා. අපිට තියෙන ප්‍රශ්නය ඒවාට වග කිව යුතු තමුන්නාන්සේලා නිකන් ඉන්න එකයි.(නදී)
මටනම් පෙන්නේ ඇමති තුමා අපිව ගොනාට අන්දලා ලකුණු දාගන්න හදනවා , අලින්ට ඇත්තටම ආදරේනම් කතා කරන්න ඕන කෞන්සලේදී නේද ඇමති තුමෝ ? (ස)
අනේ අපේ අලින්ටත් නරක දසාවක් ලැබිල. ඇමති තුමා කියල මොනවා කරන්නද ? වැඩ කලොත් පුටුව ඉවරයි නේ. (ස)
දැන් හරි මේ ගොල්ලන්ට පෙනෙන එක ලොකු දෙයක්. මෙච්චර කල් අන්ධ වෙලා ඉඳල තියෙන්නේ. (ස)
ජයවේවා උප ඇමතිතුමා! (නි)
ඉතින් අලි හොරකම් කරන ඇමතිලාත් දන්නවා නම්, ධන කුවේරයනුත් දන්නවා නම් ලංකාවේ පොලිසිය තියෙන්නේ ඕවා කරන අය අල්ලන්නනේ. ප්‍රසිද්ධියේ බැරි නම් රහස් පොලිසියට හරි ඔත්තුවක් දෙන එක රටටම කරන යහපතක් නේද? (නි)
අලි බබයි හොරු හතලියයි දන්නවනේ කතාව. වැටත් නියරත් ගොයම කානම් කාට කියමුද ඒ අමාරුව , මේ රටේ වැඩ ඉන්න දෙවියොත් පගා ගන්නවද කියල සැකයි (නදී)