ගුද මාර්ගයෙන් ඇනුණු උදලු මිටක් සිය කුස පසාරු කරගෙන එළියට මතුවීම හේතුවෙන් 44 හැවිරිදි පුද්ගලයකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
කිසියම් උසක සිට වැටීමෙන් මොහුගේ ගුද මාර්ගයෙන් උදළු මිට ඇතුළු වන්නට ඇතැයි වෛද්‍යවරු සැක කරති.
රෝගියා සැත්කමකට භාජනය කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් අහම්බෙන් සිදුවූ දෙයක් නෙමේ. කව්රු හරි බලෙන් මේ වැඩේ කරන්ඩ ඇති කියල මම හිතන්නේ. (බ)
පුද්ගලයකු අමාරුවක වැටී සිටියදී ගොඩ පෙරකදෝරුවන් හා ගොඩ අධිකරණ වෙදදුරන් එකතු වී කරන ප්‍රකාශ වලින් අසරණ රෝගියාට අනර්ථයක් නොකිරීමට වග බලා ගන්න. (බ)
අනතුර කොහොම වුණත් අසරණ මනුස්සයට ඉක්මන් සුව ලැබේවා (බ)
කෙනෙක් කියන්න පුළුවන් මෙවන් දේ සම්භාවිතාව අනුව වන දේ කියල. තව කෙනෙක් කර්මය කියලත් , තව කෙනෙක් දේව දඩුවමක් කියලත් කියයි. කෙසේ වුවත් මොහුට ඉක්මන් සුවය අත්වේවා! කිසිවන් කෙනෙකුටවත් මොන යම් හෝ අනතුරක්වත් සිදු නොවේවා. (බ)
අනේ පව්. මට නම් හිතාගන්නවත් බැහැ. ඉක්මනටම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! (නි)
අම්මෝ අහනකොටත් බය හිතෙනවා (නි)
රජකාලේ උල තියන දඩුවම මතක්උනා ඉක්මන් සුවය පතමු ! (ර)
මේ යුරෝපීය රටවල්වල නම් මෙවැනි අදහාගන්න බැරි දේවල් සිදුවී වැරදුනොත් රෝහල් වෙත ගෙන එන බව මාගේ මිත්‍ර ඉතාලි වෛද්‍ය මා හට මෙවැනිම උදාහරණත් සමගම පවසා තිබෙනවා. මෙහිදී සලකා බැලිය යුත්තේ උදලුමිට ගුද මාර්ගයේ ගියේ එය භාවිතා කරන ගොවියෙකුගේද එසේත් නැත්නම් හොඳට ගෙවුණු උදලුමිටක් සොයන ආ වෙනත් පුද්ගලයකුගේද යන්නයි.(අ)
වනේ වන සතෙකුට වත් මෙවන් විපත් නොම වේවා. (ස)
උදරය හැර අැඳ සිටි ඇඳුමද පසාරු කරගෙන උදලු මිට මතුවී ඇතිනම් සැක කිහිපයක් මගහැර ගත හැක. (ස)
ඕක සිද්ධවුණේ කොහොමද කියලත් දැනගන්න තිබුණා නම් තමයි හොඳ. (නි)