IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


උදාරිගේ 'ආදරණීය කතාවක්' ළඟදීම

2016-05-24-ent-64

2016-05-24-ent-62උදාරි වර්ණකුලසූරිය යනු බොහෝ දෙනා ආදරය කරන චරිතයකි. මේ දිනවල විවිධ ටෙලිනාට්‍යවලින් දැකගැනීමට හැකියාව ඇති අතර, ඉදිරියේදී ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිතය. ඒ පිළිබඳව අපත් සමග ඇය මෙසේ පැවසීය.

"මම රංගනෙයන් දායක වූ "ආදරණීය කතාවක්" චිත්‍රපටය එළිදැක්වීමට මාසයක කාලයක් වගේ තමයි තියෙන්නේ. ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නේ ඒකට ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ප්‍රතිචාර ලැබෙයි, ඒ සඳහා ගොඩක් අය ආදරය කරයි කියලා. ආදරණීය කතාවක් කියන්නෙ සංගීතමය චිත්‍රපටයක්. එකේ මම සහ හේමාල් රණසිංහ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. එකේ කතාව කිව්වොත් අගේ නැතිවෙනවා. එකේ අවසානයට ඉතුරු වෙන්නේ දුක. ගොඩක් අය විරහව කියන දේට ආස වෙන නිසා, මේ සඳහා ගොඩක් අය ආදරය කරයි."

"මේ දවස්වල අලුතින් ටෙලිනාට්‍ය දෙකක වැඩ පටන් ගත්තා. තව ආරාධනා ගොඩක් ලැබිලා තියෙනවා. සුපුන් රත්නායක මහත්මයාගේ, "මගේ ආදර අවනඩුව" රූපගත කිරීමේ පළමු එක ඉවර කළා. තව ළමා ටෙලිනාට්‍යයක් කරනවා. එකේ වැඩකටයුතුත් කරගෙන යනවා. එක රිදී කියන කතාවක්. තව ඉතිං මම මොන තරම් කාර්යය බහුල වුණත්, මගේ පළමු වැනි අවධානය තියෙන්නෙ මගේ පවුල සහ දරුවා කියන තැනටයි. මගේ පවුලේ කටයුතුවලට බාධාවක් නොවෙන්න තමයි රංගන කටයුතු කරගෙන යන්නේ."

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - උදාරිගේ ෆේස්බුක් ගිණුමෙන්

 

2016-05-24-ent-63



අදහස් (0)

උදාරිගේ 'ආදරණීය කතාවක්' ළඟදීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site