නව පරපුර අතර, ජනප්‍රිය යොවුන් ගායකයෙකු වන උදය ශ්‍රී වික්‍රමසිංහ මේ දිනවල සිය අලුත්ම ගී නිර්මාණය සඳහා සුදානම් වන බව ‘සාරවිට’ අපිට පැවසීය. දැනට හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘මෙගා ස්ටාර්’ රියැලිටි තරගය තුළද දකින උදය ශ්‍රී, ධනංජය සිරිවර්ධනගේ නායකත්වයෙන් තරග වදිනි ‘ආර්යන්ස්’ කණ්ඩායමේ සාමාජිකයෙකි. මේ ඔහු සිය අලුත්ම තොරතුරු අපිට පැවසු අයුරුයි.
“මේ දවස්වල මගේ ‘සුහුබුල් සෙනෙහෙ’ ගීතයට වීඩියෝවක් කරන්න සූදානම් වෙනවා. ගීතය නම් කරලා තියෙන්නේ ‘සුහුබුල් සෙනෙහෙ’ කියලා. මේ ගීතය මා දැනට නිර්මාණය කළ ගීත එක්ක ගත්තොත් වෙනස්ම ආරේ එකක්. ගීතයේ පද රචනාව, සංගීතය වගේම ගීතයට නිර්මාණය කරන මියුසික් වීඩියෝව පවා වෙනස්. ටිකක් ලොකු වියදමක් දරලා කරන නිර්මාණයක් මේක. මා අන්තිමට කරපු ‘අමතලා මා අමතලා’ ගීතයට තවමත් රසික ප්‍රතිචාර ලැබෙනවා. ඒ හින්දා මේ ගීතය ජනවාරි මැද භාගයේදී විතර එළිදක්වන්න තමයි මම සැලසුම් කරලා තියෙනවා. ගීතය එළිදැක්වුවාහම ඒ පිළිබඳව තවත් විස්තර කියන්නම්.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd