ත්‍රස්තවාදී සංවිධානයකට අවි සැපයීමේ චෝදනා එල්ලවී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග චෝදනාවලට පිළිතුරු එවා ඇත්තේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගේ ඊමේල් ලිපිනයෙන් බව හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.
පසුගිය මස 21 වැනිදාත්, පසුගිය 05 වැනිදාත් ඔහු විසින් ඊමේල් පණිවුඩ දෙකක් එවා ඇති බවත්, එම එකදු පණිවිඩයක ඔහුගේ අත්සන පවා නැති බවත්, එම ඊමේල් පණිවුඩ එවා ඇත්තේ බස්නාහිර ප්‍රධාන ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් බව කියන ප්‍රදීප් කුමාර නැමැත්තෙකුගේ ඊමේල් ලිපිනයෙන් බවත්, ඔහු කියයි.
ඇතැම් විට හිටපු ජනාධිපතිවරයා ද මෙම ඊමේල් ලිපිනයෙන්ම පණිවුඩ යොමු කර ඇති බැවින් සැබවින්ම මෙලෙස ඊමේල් එවන්නේ උදයංග වීරතුංගද, එසේත් නැතිනම් හිටපු ජනපතිද ප්‍රසන්න රණතුංගගේ මාධ්‍යලේකම්වරයාදැයි ප්‍රශ්නයක් මතුවන බව විදේශ අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේය.
උදයංග වීරතුංග යනු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුංචි අම්මාගේ පුතෙකු බවද ඔහු කීවේය.
මේ ගැන කළ විමසීමක දී බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් ප්‍රදීප් අනුර කුමාර මහතා මෙසේ කීවේය.
‘මමත් මාධ්‍යවේදියෙක්. උදයංග වීරතුංගගෙන් මගේ පෞද්ගලික විද්‍යුත් ලිපිනයට ලිපියක් ලැබී තිබුණා. එහි ප්‍රවෘත්තිමය වටිනාකම සිතා එම ඊමේල් පණිවුඩය හිතවත් මාධ්‍යවේදීන්ට යැව්වා.
මහ ඇමැති හෝ පළාත් මාධ්‍ය ඒකකය ඊට සම්බන්ධ නෑ.
අජිත් පී පෙරේරා මහතාත් මට ප්‍රවෘත්තිමය වැදගත් කමක් ඇති ඊමේල් එකක් එව්වොත් එයත් මගේ හිතවතුන්ට යවන්නම්.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න එයාලගේ වගතුග! (නි)
අජිත් පෙරේර්ට ඡන්දෙ දෙයිද මිනිස්සු දැන් (බ)
වැඩක් නැහැ ඇමතිතුමා මේ හොරු නඩේ අල්ලගන්න මේ විදියට බැහැ. මීට වැඩිය ශක්තිමත් රජයක් ඇති කරලා, දුෂණ සහ හොරකම් ගැන දැනට ක්‍රියාත්මක වන යාන්ත්‍රණයේ අඩු පාඩු වලට පිළියම් යොදල, ඒ ආයතනවලට අවශ්‍ය පහසුකම් සලස්වා දීල, කෙලින් වැඩ කරන සහ ඩීල් නොදමන ඉහල නිලදාරීන් මේවට පත් කරලා, සෘජු දේශපාලන නායකත්වය අවශ්‍ය විදියට සපයල කල් මරන්නේ නැතිව මොවුන් නීතිය ඉදිරියට ගෙනත් උපරිම දඬුවම් ලබා දිය යුතුයි (නදී)
හොරු.... බොරු (බ)
ඉස්සරහට තව තව මොනවා වෙයිද දන්නේ නැහැ (නි)
එජාපයට තුරුම්පු ඉවරවෙලා වගේ. පහු පහු වෙනකොට කොහු ඉදල් ඔක්කොම එලියට දායි. (බ)
මේවා සෙල්ලම් වැඩ නෙවේ. (ර)