රුසියා හිතවාදී නැගෙනහිර යුක්රේන කැරලිකරුවනට අවි සැපයීයැයි කියන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය ආගමන විගමන පාලක අවලංගු කර ඇත.
ශ්‍රී ලංකා රජය එම පියවර ගෙන ඇත්තේ උදයංග වීරතුංග යුක්රේන ත්‍රස්තවාදීනට අවි සපයන ලදැයි යුක්රේනයේ නවදිල්ලි තානාපති කාර්යාලය තෙවැනි පාර්ශවයක් මගින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසුවය.
මේ සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ගය විදේශ ඇමැති මංගල සමරවීර මහතා පාකිස්ථාන සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු සිදුවනු ඇතැයි කියති.
මෛත්‍රිපාල සිරිසේන ජනපති සමග දෙදින සංචාරයකට ඔහු පාකිස්ථානයට ගොස් සිටී.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උදයංගගේ ගමන් බලපත්‍රය අවලංගු කරයි
සත්‍යයා Sunday, 05 April 2015 08:25 PM
දැන් පේනවනේ 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකා විදේශ සේවාව පවත්වාගෙන ගොස් තිබෙන හැටි. (නි)
අධිකාරී Sunday, 05 April 2015 09:40 PM
මොනවද මේ සිද්ධවෙලා තිබෙන්නේ? (නි)
නන්දසේන Monday, 06 April 2015 03:24 AM
කොහොම නමුත් ගත් තීරණය නම් බොහොම හොඳයි (නි)
පිටබැද්දර ජයා Sunday, 05 April 2015 12:06 PM
පුදුම නෑදෑයෝ සෙට් එකක්නේ ඉඳල තියෙන්නේ බැලුවම හිටන් (නදී)
ඉසුරන්දි Sunday, 05 April 2015 01:10 PM
මේවල ඇත්ත නැත්ත මොකක්ද කියලා දැනගන්න ඉදිරියටත් අපිත් විමසිල්ලෙන් ඉන්නවා. (ර)