රුසියා හිතවාදී නැගෙනහිර යුක්රේන කැරලිකරුවනට අවි සැපයීයැයි කියන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය ආගමන විගමන පාලක අවලංගු කර ඇත.
ශ්‍රී ලංකා රජය එම පියවර ගෙන ඇත්තේ උදයංග වීරතුංග යුක්රේන ත්‍රස්තවාදීනට අවි සපයන ලදැයි යුක්රේනයේ නවදිල්ලි තානාපති කාර්යාලය තෙවැනි පාර්ශවයක් මගින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසුවය.
මේ සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ගය විදේශ ඇමැති මංගල සමරවීර මහතා පාකිස්ථාන සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු සිදුවනු ඇතැයි කියති.
මෛත්‍රිපාල සිරිසේන ජනපති සමග දෙදින සංචාරයකට ඔහු පාකිස්ථානයට ගොස් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පේනවනේ 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකා විදේශ සේවාව පවත්වාගෙන ගොස් තිබෙන හැටි. (නි)
මොනවද මේ සිද්ධවෙලා තිබෙන්නේ? (නි)
කොහොම නමුත් ගත් තීරණය නම් බොහොම හොඳයි (නි)
පුදුම නෑදෑයෝ සෙට් එකක්නේ ඉඳල තියෙන්නේ බැලුවම හිටන් (නදී)
මේවල ඇත්ත නැත්ත මොකක්ද කියලා දැනගන්න ඉදිරියටත් අපිත් විමසිල්ලෙන් ඉන්නවා. (ර)