( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තමාට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මඟින් වරෙන්තුවක් ලබා ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ගොනු කළ පෙත්සම සලකා බැලීම මැයි 8 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් ,සිසිර ද ආබෲ සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන් හමුවේ කැඳවිණි.මෙම පෙත්සම මීට පෙර බුවනෙක අලූවිහාරේ ,අනිල් ගුණරත්න සහ උපාලි අබේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
දැනට යුක්රේනයේ කිව් නගරයේ සිටින බව කියන උදයංග වීරතුංග මහතා වෙනුවෙන් ඔහුගේ නැන්දනිය වන මාන්නප්පෙරුමගේ ලතා ඉන්ද්‍රානි මහත්මිය විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.ඇල්.රත්නපාල මහතා ඇතුළු අට දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මප මෙහෙමත් රටක් මුන් මෙතරම් අපරාධ කරලත් මුන්ට මුලික මින්ස් අයිතිවාසිකම් තියෙනවද
මේක යකාගේ වැඩක් නේ. අධිකරණයෙන් වරෙන්තු නිකුත් කිරීමක් මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් නම් ලංකාවේ ඉන්න හැම අයි ආර් සී කාරයම නිදහස් නේ. නිදහස, ප්රජාතන්ත්රවාදය වගේ දේවල් භුක්ති විඳින්නත් රටකට සුදුසුකම් තියෙන්න ඕන. අපේ ඉන්න හැම තරාතිරමකම හොර තක්කඩි ප්‍රමාණයේ හැටියට ඒවා දැන්ම අපට හොඳ වැඩියි.
දැන් මෙය හොයාගන්නවත් නෑ කියල නේද කිවේ දැන් එතකොට පෙත්සම් ඉදිරිපත් කරන්නේ කොහොමද හැංගිලා ඉන්න එකෙක් මේ අන්ඩුවනම් හොරුන් කියන කියන එක කරන මහා බයාදු ආණ්ඩුවක් , තාමත් අප්පච්චිට පන බයයි