රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත්ව තිබූ බැංකු ගිණුම් 18 න් සැකකටයුතු සිද්ධීන්ට සම්බන්ධ නොවන ගිණුම් වලින් යම් මුදල් ප‍්‍රමාණයක් මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලීමට සති 4 ක කාලයක් නීතිපතිවරයාට ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
උදයංග වීරතුංග මහතාගේ නැන්දණිය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කරමින් බුවනෙක අලූවිහාරේ ,අනිල් ගුණරත්න සහ උපාලි අබේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලඓම තීන්දුව ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද හොරකම් කරපු මුදල් ආපසු දෙන්නේ. දැන්නම් මේ ආණ්ඩුවේත් හිටපු හොරු ආපසු ඇවිල්ල ඔක්කොම මඩ ගොහොරුවක් වෙයි ද කියන්න බැහැ.ජනපති තුමනි , අගමැති තුමනි මේ ගැන දැන්ම සොයා නොබැලුවොත් ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් දමාවි. (අ)
ඔය බැංකු ගිණුම් 18 තිබුනේ කාගේ මුදලට?නියම හිමිකරුවා කවුද?රටේ මිනිස්සු මේවා ගැන දන්නේ නැහැ.(හේ)
මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාලා කිසිම කරදරයක් නැතිව දෙවියනේ කියලා ඉන්න පුළුවන් ලෝකයේ තිබෙන එකම රට ලංකාවයි.(හේ)
ගිණුම් 18ක්? මොවුන්ට මෙහෙම හොරාකන්න පත්කළ අයට මෙලොවත් පව් එලොවත් පව්..! (නි)
මේක හරිම පුදුම රටක්. (නි)
මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාලා දෙවියනේ කියලා ඉන්න පුළුවන් ලෝකයේ තිබෙන එකම රට ලංකාවයි. (නි)
කලින් මං මහ ඉහළින් සිතාසිටි අයෙක් (නි)
අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
රුසියාවේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත්කළේ නීතිවිරෝධී ලෙස මුදල් හම්බ කරලා මෙහෙම පොදි ගහන්නද? පහුගිය ආණ්ඩුවේ මෙහෙම කී දෙනෙක් නම් තානාපති කාර්යාල වල යැවුවද? අනේ අපේ රටට වෙච්ච දෙයක්.. (නි)
ලංකාව කියන්නේ මහා පුදුම රටක් (නි)
මේවා අපරාධ නෙමෙයිද? (නි)
ගිණුම් 18 බැංකු 18 කද? විමර්ශන ඉවර වෙනකම් සත 5 ක්වත් දෙන්න එපා (නි)
මේවා පුදුම වැඩ. නැන්දා පැමිණිලි කරන්නේ, වැරදිකාරයා රටෙන් පැනලා, දැන් සල්ලි වලින් ටිකක් දෙන්න සළකා බලනවලු. මේ වගේ වැඩ තියෙන්නේ ලංකාවේ විතරයි. (නි)
ජ්‍යාත්‍යන්තර වරෙන්තු ලැබූ අයගේ මුදල් නේද මේ? (නි)
අනේ මන්දා මෙහෙම බලනකොට කාව විශ්වාස කරන්නද කියලා (නි)