(ෂෙහාන් චාමික සිල්වා)
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අයත් බැංකු ගිණුම් වලට පැනමාවෙන් සහ ලැට්වියාවෙන් මුදල් ලැබී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ. යුක්රේනයේ නිෂ්පාදිත MiG-27 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් රජයට සිදුවූ අලාභය පිළිබඳ පරීක්ෂණ කිරීමේදී මේ බව හෙළිදරව් වී තිබේ.
මෙම මුදල් ලැබුණු ආකාරය අපහැදිළි බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පවසන්නේ සැකකරු ඇමරිකාවේ පදිංචි වී සිටින බව කියැවෙන හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි. ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක (රුපියල් මිලියන 225.5 කට වැඩි) පමණ ප්‍රමාණයක් උදයංග වීරතුංග මහතාට අයත් ගිණුම් 16 කට වරින් වර බැර කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කියයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට දන්වා සිටියේ සැකකරු හමුවේ අත්සන් තබන ලද කොන්ත්‍රාත්තුවේ මුල් පිටපත් තවමත් සොයාගැනීමට නොහැකි වී තිබෙන බවයි.
COMMENTS
අනේ මේ මල නාඩගම් ඉවර වෙන්නේ නැද්ද. අපිට දැන් මේවා අප්පිරිය වෙලා.
තාම ඉවර නැ මොකද මහා හොර මෙහෙ උන්නට සහචරයෝ ඉන්නේ රටින් පිටනේ හොරකම් කරපුව හංගල තියන තැන ඔය එළිවෙන්නේ
කතාව අඩු කර වැඩ වැඩි කරනු.
මේ අවුරුදු පහම හොරු හොය හොයා ඉමු
ඔය වගේ නාටක කියක් පහුගිය දවස් වල රඟ දැක්වුවද? අන්තිමට ඉවර වෙච්ච එක තමා තජුදින්ගේ ඇටකටු නාටකය. මේවා දකිනකොටත් අපිට ඔක්කාරෙට එනවා
මේක හරිම විකාරයක් , මේ ආටක නාටක හමාරවී කවදා රටේ යහපත හා දියුණුව ගැන මිනිසුන් හට සතුටු වියහැකි බහු බූත වලින් තොර හොඳ අදහස් උදහස් පලවෙන ලිපි මාද්‍යයෙන් දැකිය හැකිද? හැමදා පලවෙන්නේ වංචා දූෂණ සහ හොර මැරකම් , අල්ලස් . දඩුවම් දුන් සොරකමකුත් නෑ , අසුවුන හොරෙකුත් නෑ , මේවා නීතියේ ඇති අඩු ලුහුඬු කම්ද? නැත්නම් බෙදාගෙන කෑමක්ද? හරි හැටි පෙනෙන්නන් හට සහ බලන්නන් හට මහත් ගැටලුවකි . කාහටත් දන්නා දෙයකි සොරු පමණක් නොව සොරදෙටුවන්ද ඇත , කල සහ කෙරෙන සොරකම්ද ඇත , වංචා දූෂණද අඩුවක් නැත , මාද්‍යට , රහස් පොලිසියට , පොලිසියට බරටම වැඩ ඇත , නමුත් කෙරුණ සහ කෙරෙන දෙයක් පෙනීමට නැත . සමහරුන් ඇතුලට යති කලකින් පිටතට එති , සැවොම නිදැල්ලේ වැජඹෙති .කාලය ගෙවී යයි රටේ මිනිසුන් ටිකට් වෙනුවට චන්දයදී නාටකය නරඹයි . කතා ඇත වැඩ නැත .
ඩොලර් මිලියන 1.5 ඒ කියන්නේ ලක්ෂ පහළොවක් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු මුදලක්. නමුත් කාලයක් පිටරටක ජීවත්වෙන කෙනෙකුට හෝ තානාපතිකමක් වැනි තනතුරක් දරන කෙනෙකුට, හොරකම් කරලා සඟවන්න තරම් මේක "මහා විශාල මුදල් කන්දරාවක් " නොවේ . මේ හා සමාන වත්කම් තියන ලාංකිකයෝ දහස් ගණනක් පිට රටවල ජීවත් වෙනවා .
මල නාඩගමක් වගේ සමහර සපොටර්ලට පෙනුනට මේක රාජ අනුග්‍රහය ඇතුව සිදු කල භයානක හොරකමක්! සොරකම් කර මුදල් රාජසන්තක කර සොරාට නිසි දඬුවම් දිය යුතුයි.
හරි! මහින්ද මහත්තයාගේ පිරිවරම හොරු කියමුකො, එනිසානේ ලක්ෂ 62ක් යහා පාලනයට චන්දේ දුන්නේ. නමුත් යහ පාලනයෙන් අපිට මොකක්ද ලෑබුනේ. මුකුත් නෑහෑ.
ශාන් , මොන හොරකම වුනත් මහා බැංකු හොරකම තරම් ලොකු නැ නේද ?
අපරාදේ ! අය වැය පරතරය පියවීමට හැකි මුදල් නේද මේවා. මේ මුදල් වහාම සොයා ගෙන වහාම අය වැය පරතරය පියවිය යුතුය.
ලංකාවේ ඉන්නේ කොන්ඩේ බැඳපු චීන්නු කියලයි මේ අලුත හොරු අල්ලන්න ආව අය හිතාගෙන ඉන්නේ.
රුපියල් කොටි 25 කට පමණ සමාන මුදලක් පැනමා රටෙන් මෙම ගිණුමට දාලා තියෙනවනම් ඒ මොනවටද? කියල සොයා බැලිය යුතුයි. මෙය අනිවාර්යෙන්ම කොමිස් මුදලක් විය යුතුයි.
යහපාලනයෙන් අපි බලාපොරොත්තු දී 100 සීයක් ඉටු නොවුනත් රටට ප්‍රජාතන්ත්‍රවාදය ලැබී ණය බරින් නිදහස් වෙන ගතියක් පේනවා.
පොහොට්ටුව නැවත ආවොත් මේගොල්ල තමා රට නියෝජනය කරලා ගනුදෙනු කරන්නේ. ජයවර්දන මහත්තයට පස්සේ බිහි වුණු හොඳම ජනාධිපතිතුමා බිහි වුනේ පොළොන්නරුවෙන්. එතුමා නිවැරදි තීරණ ගනිමින් ඉන්නවා. දෙපැත්තේම හොරු අල්ලමු, දඬුවම් දෙමු.