හිටපු රුසියා තානාපති උදයංග වීරතුංග නමැත්තා මහින්ද රාජපක්ෂ මහතාගේ රැකවරණය යටතේ කොහේ හරි සිටින බව එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙවැනි අලාභයක් ගැන කතාකරන්න වෙයි කියා තමන් නොසිතූ බවත් අද වනවිට එම සමාගම රුපියල් කෝටි 46,127ක අලාභයක් ලබන බවත් කී ඔහු උදයංග සම්බන්ධයෙන් බරපතල චෝදනා ඇති බවත් ඔහු අවි ජාවාරම් කළ බවට තොරතුරු ඇති බවත් පැවසීය. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සිටින ඔහු රාජපක්ෂලාගේ රැකවරණය ලබන බව නලින් බණ්ඩාර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල අට සමත් කට්ටියනේ. අපේ කරුමෙට රට පාලනය කරන්න අපි තෝරලා යවන්නේ මේ වගේ අය ටිකක්. ලංකාව මහා කරුමක්කාර රටක් මේ වගේ අය ඉන්න (බ)
ඉතින් මන්ත්‍රීතුමෝ...ඉන්නවනං අල්ලන්නකෝ දැන් බලයත් තියෙනවනේ...බොරුවට කියවන්නේ නැතුව. (බ)
යහපාලනෙන් පස්සේ මෙතුමා පණ්ඩිත වෙලා ටිකක්.. ලඟදී මම කුරුණෑගල කීල්ස් සුපර් එකේදී දැක්කා .... ඔලුව උස්සලා මනුස්සයෙක් දිහා බලලා හිනා වුනේ නැහැ...(බ)
නිකන් මදය සංදර්ශන නොදමා රටට වැඩක් කරන්න. (ර)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වා වගේ බලය තියෙද්දී ඇයි බලා ඉන්නේ අල්ලගන්නකො.... (ර)
මොනවා හරි කියලා කැපී පෙනෙන්න දඟලනවා. වැරදිකාරයො අල්ලන්න. ඒකට තමයි අපි බලය දුන්නේ. (ර)
අසංක - ඊළඟ ඡන්දෙ ලංවෙද්දි එයි හිනාවෙලා වැඳගෙන... (ර)
උදයංග වීරතුංග අලුත් මාතෘකාවක් වගේ තජුදීන් එක්නැලිගොඩ ඉවරද.? (ර)
උදයංග වීරතුංග පසු දිනවල හිටපු ජනාදිපති තුමා තායිලන්තයේ සංචාරයේදී හමු වෙලා තියෙනවා , ඉතින් ඔහුට විරුද්ධව යමක් තියෙනනම් , නීතිමය පියවර ගන්නවා මිසක , බොරු මාද්‍ය සංදර්ශන මොකටද ? (ර)
මහින්ද මහත්තය ඇර වෙන කවුරුවත් නැද්ද රට හදපිය බොරු නැතුව (බ)
මනුස්සයෙක් මුහුණ බලා කතා කරන්නේ නම් හෝ සිනාසෙන්නේ නම් ඔහුව හඳුනා ගැනීම පහසු බව මගේද වැටහීමය. (ම)
මෙවන් කකුළුවන්ට දිය කෙලීමට තව සුළු කාලයක් ඉතිරිව පවතී... (ර)
ඊලග ඡන්දෙදි හබක් තමයි. තාම රාජපක්ෂ රාජපක්ෂ සින්දුව කියා කියා ඉන්න ඉතිරි ටික කාලයත්. වැඩක් කරන්න ඕනේ නම් පහුගිය ඒවා නෙමෙයි කරන්න තියන ඒවා කියනවා හරි කරනවා. පරණ ඒවා හෙමිහිට විසදන්න පුළුවන්. පරණ ඒවා කියා කියා තියන ටිකත් නැති කරන බවයි අපිට පේන්නේ. (බ)