
(යොහාන් භාසුර)
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාස මෙරට උද්ධමනය සියයට 4.2 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (22) නිවේදනය කළේය.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය වසරේ නොවැම්බර් මාස උද්ධමනය සියයට 2.8 ක් ලෙස පැවැති බවත් ඒ අනුව සියයට 1.4 කින් ඉහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
නොවැම්බර් මාසයේ සියයට -2.2ක් ලෙස පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 1.6 ක් දක්වා ඉහළගොස් ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ධමනය ඉහළ ගියේ නැත්නම් බැංකු පවත්වාගෙන යන්න බැහැ. ආර්ථික විද්‍යාඥයෝ නොකියන සත්‍ය එයයි...!
කමක් නෑ අනේ... ඉන්න හිටින්න රටක් තියෙනවනේ...!
ඒකට කමක් නෑ ...ඉවසන්න ...බදු ගෙවනවනෙ...බදු ආදායම් වැඩිනෙ..අයිඑම්එෆ් සතුටින් නෙ...