තබ්බෝව අභය භූමියෙන් අනවසරයෙන් වැලි ට්‍රැක්ටරයක් ගෙන ආ බව කියන කළුවරගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමින්ද රුවන් පෙරේරා බැඳුම්කරයක් මත මුදාහල බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් සැකපිට තවත් සිව් දෙනෙක් පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් බසාන් අබුතාහිර් මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
උප සභාපති අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගැමියන් පිරිසක් පොලිසිය ළඟ උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් පසුව ඔහු මුදා හැර ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ගෝෂණ වලින් තොර රටක් අපිට නිර්මාණය කරන්න බැරිද (දී)
ලංකාවට පළාත් සභා ක්‍රමය හරියන එකක් නෙමෙයි. රට පුංචි වැඩියි පලා බබ්බු දහස් ගණනක් ඔරොත්තු දෙන්නේ නැහැ. සේරම හදන්නේ රට පාලනය කරන්න. පොලිසියටත් රාජකාරි කරන්න දෙන්නේ නැහැ. (දී)
කලකිරෙනව ආප්පා (දී)
අනේ අපේ රටකට ගිය කලක් (දී)
කොහොමද දන්නේ උද්ඝෝෂණය කලේ ගැමියෝද නැති නම් කාගේ හරි හෙන්චය්යන් ටිකක් ද කියලා. පුදුම වැඩේ කෑගහපු ගැමියන්ගේ මතයට ගරු කරලා ඇප දීලා. දැන් එතකොට මිනියක් මැරුවත් ගෙදර නෝනා හතර වරිගය එක්ක ඇවිත් උද්ගොශන කළා නම් ඇප දෙනවා. (දී)
ගැමියන් පිරිසක් කියනවට වඩා ඔහුගේ ගෝල බාලයෝ කල උද්ගෝෂණයක් කිව්වනම් නිවැරදි (දී)
හරි ෂෝක් ගැමියෝ ටික.පලා බබාගේ නෑදෑයෝ වෙන්න ඇති. (ස)
එතකොට මේ උද්ඝෝෂණ පැවැත්වූවාට කමක් නැද්ද? (නි)
ප්‍රජාත්‍රන්ත්‍ර වාදය මරා දමමින් නීතිය සුරකින නිලධරයන්ට පහර දෙමින් රටේ පොදු නීතිය උල්ලංගනය කල අයවලුන් බේරාගන්න උද්ඝෝෂණය කළේ බත් පෑකට්ටුවටද? මත් වතුර ටිකටද? මෙවෑනි මෝඩ මිනිසුන් ඉන්න අපේ රටට බුද්ධිය වඩන්න ඉහල ඉදන් පහලට තිස්තුන් කෝටික් දෙවි දේවතාවුන්ගේම පිහිටයි.රැල්ලට නෙමේ..බුද්ධියට තැන දෙන්න. (ස)
අපිට මොකද අනේ (දී)
ඇත්ත කතාවනම් මට වැඩක් නැහැ (දී)
ඔහොම බයේ ජීවත් වෙලා මොකටද? (නදී)
හරිනම් ඔය උද්ගෝෂණය කරපු අයව අත්අඩංගුවට ගන්න ඕන .(දී)