අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය ශිෂ්‍ය සංගමය අද (2) සංවිධානය කර ඇති සයිටම් විරෝධී උද්ඝෝෂණය මහජනයාට පීඩාවක් හා මාර්ග අවහිර නොවන අයුරින් සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
ඔවුහු සොයිසා වටරවුම, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, රජයේ රෝහල් පරිශ්‍රය, සෙරමික් හන්දිය, ගාලු මුවදොර ප්‍රධාන මාර්ගය, කොල්ලුපිටිය හන්දිය, අරලියගහ මැදුර, ජනපති ලේකම් කාර්යාලය, ලිප්ටන් වටරවුම, කොටුව හා මරදාන යන ස්ථානවලින් විරෝධතා පාගමනින් යාමට නියමිත අතර එම ස්ථානවල දී අදාළ නියෝග පිළිපදින ලෙස උසාවිය නියම කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ලජ්ජාවට කියන්නේ නැහැ . නේවාසිකාගාරවල ජලය ප්රශ්නය නිසා ඔය නාගන්න යන්නේ .සමහරු සබනුත් අරගෙන යන්නේ . නැති නම් වේද සිසුන්ගේ ප්‍රශ්නවලට කලා සිසුන් උද්ගෝෂණ කරන්නේ කොයි රටේද ? (හේ)
වෛද්‍ය සිසුන් නීතිය ඉගෙනගෙන නැහැනේ අධිකරණ නියෝග තේරුම් ගන්න. (නි)
වෛද්‍ය සිසුන් කොච්චර ආර්ත්මාර්ථකාමී මනුෂ්‍ය කොට්ඨාශයක්ද කියලයි පෙනෙන්නේ. ඔය උද්ඝෝෂණ එකක්වත් රුසියානු, බංගලිදේශ, සිංගප්පුරු, චයිනීස්, එංගලන්ත, ඇමෙරිකා වගේ රටවල් වලින් වෛද්‍ය උපාධි අරන් ආ අයට නැත්තේ ඇයි? (නි)
ගස්පේ, ඒ අය උද්ඝෝෂණ කරන්නේ නැත්තේ එහෙම කරන්න දැනඋගත් නැති නිසා. අපේ අය උද්ඝෝෂණ පිළිබඳව උගත් අය නිසා තමා දවස ගානේ ඕනෑම දෙයකට පාරවල්වල උද්ඝෝෂණය කරන්නේ. (නි)
පුද්ගලික වෛද්‍ය විදුහල් වලට විරුද්ධ නම් පුද්ගලික චැනල් වලටත් විරුද්ධ වෙන්න ඕනෑ (නි)
වෙනත් රටවලින් උපාධි ලබාගත් සිසුන් සඳහා ලංකාව තුළ විශේෂ විභාගයක් පවත්වනු ලබන බැවින් එවැනි විශ්ව විද්‍යාල මඟින් උපාධිය ලබාගත් සිසුන් සඳහා විරෝධතාවයක් නොමැත. නමුත් මෙම සයිටම් ආයතනය සඳහා එය අවශ්‍ය නොවේ. එමනිසා එහි ප්‍රමිතිය මැනබැලීමට හැකියාවක් නැත. අප එයට විරුද්ධ වියයුත්තේ එබැවිනි. (නි)
පිටරට වල ඉඳන් එන අය විභාග පාස්වෙන්න ඕනෑ. ඒත් සයිටම් එකේ අය ඔය විභාගය ලියන්නත් කැමති නැහැ (නි)
පව් අප්පා! නොමඟ ගියාට කාගෙ වුණත් දරුවොනෙ. (නි)
පෙරේරා, එ් වුණාට නීතිය නොදැනීම නිදහසට කාරණාවක් නොවෙයිනේ. අපි නීතිය දැනගෙනද නීති වලට අවනත වෙන්නේ. (නි)
අද රටේ බොහෝ වෛද්‍යවරු බෙහෙත් නිර්දේශ කරන්නේ විශාල බහුජාතික සමාගම් ඒගොල්ලන්ට හඳුන්වාදෙන බෙහෙත්. මේ ටික කරන්න සයිටම් එකෙන් පාස්වෙන වෛද්‍යවරයෙකුට බැහැ කියන්නේ ඇයි? සුලු පිරිසක් විතරයි තමන්ගේ දක්ෂකමින් ප්‍රතිකාර කරන්නේ. (නි)
වෛද්‍යවරු මතයක් හදන්න බලනවා ඉහළම ලකුණු ගත් අයට විතරයි වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් කියලා. අපිට වඩා දියුණු රටවල පවා විශ්ව විද්‍යාලයට මූලික සුදුසුකම් සැපිරු අයට විශ්ව විද්‍යාලයට යන්න පුළුවන්. අපේ රටේ ජනතා මුදලින් ඉගෙනගන්න වෛද්‍යවරු හදන්නේ මූලික සුදුසුකම් සැපිරූ මේ රටේ ළමයින්ව වැඩිදුර අධ්‍යාපනයෙන් නවත්වන්න. (නි)
ලංකාවේ මෙය විශාල ගැටලුවකි. රජය මේ පිළිබඳ වඩාත් හොඳින් බලන්නේ නම් වඩාත් හොඳයි. මන්ද අද මේ ගනු ලබන තීරණය අනාගත ලංකාවේ අධ්‍යාපනයේ දිශාව තීරණය කරන ප්‍රධාන අවස්ථාවක් වන නිසාය. අනාගතයේදී උසස්පෙළ සාමාන්‍ය පෙළ වැනි ළමුන්ගේ අධ්‍යාපන තත්වයන් තීරණය කරන කඩඉම් විභාග සඳහා වටිනාකම අඩුවෙයි. (නි)
මෙයාලට කියන කට හොඳයි ගලක උලාගන්නවා (නි)
මේ මොන කරදරයක්ද හැමදාම සතියකට වාරයක් මේ ගොල්ල කොළඹ පාරවල් වහගෙන උද්ගෝෂණ , මේ සුළු පිරිසකගේ ඉල්ලීම් දිනාගන්න ලක්ෂ ගණනක ජනතාවක් සතියකට වරක් පිඩාවට පත්කරන එක සාධාරණද ? ගරු අධිකරණය තීන්දුවක් දුන්න එක පිළිගන්න බැරිනම් ඉහල අධිකරණයකට යන්න කියන්න, කරුණාකර ප්‍රසිද්ධ පරවල ගමන ගමනයට භාදා වෙන උද්ගෝෂණ කිරීමෙන් වලකින ලෙස සහ උද්ගෝෂණ වලට ජනතාවට හානි නොවන ක්‍රීඩා පිටියක් වැනි ස්ථානයක් තොර ගන්න. (ර)
එතකොට ගෝල් ෆේස් සතියක් වහලා උත්සව තියන්නේ ඒවා මහජන පීඩා නොවෙයිද. (ර)
මිනිස්සු පාරට බැහැල ආණ්ඩුවෙන් පඩි අරන් හවසට මුදලට නීති විරෝදිව හම්බකරන දොස්තරලට විරුද්ධ වුණානම් .. රජයේ මුදලින් ඉගෙන ගන්න ගමන් මුදලට ඒ ලබන අධ්‍යාපනයම විකුණන අයටත් විරුද්ධව පාරට බැස්සනම්... ඕක නිකම්ම නවතියි (බ)
ගස්පේ, මම ඔබ සමග එකගයි වෛද්‍ය සිසුන් කොච්චර ආර්ත්මාර්ථකාමී මනුෂ්‍ය කොට්ඨාශයක්ද කියලයි පෙනෙන්නේ. ඔය උද්ඝෝෂණ එකක්වත් රුසියානු, බංගලිදේශ, සිංගප්පුරු, චයිනීස්, එංගලන්ත, ඇමෙරිකා වගේ රටවල් වලින් වෛද්‍ය උපාධි අරන් ආ අයට නැත්තේ ඇයි? (ර)
හොර උපාධි කඩ කියලා කෑගහන මේ ගොල්ලම තව තැනක උද්ගෝෂණ කරනවා විශ්වවිද්‍යාලවලට තෝරගත්ත ගණන කප්පාදු කරලා සහ වැඩිපුර බඳවාගන්න කියලා... මේකට කියන්නේ නිකන් හම්බුවෙන දෙය අගයක් නැහැ කියලා.. (ර)
එතකොට අර නිදහස් උත්සවේට පුහුනුවෙන්න පාරවල් වැහුවම මිනිස්සුන්ට කරදරයක් හිරිහැරයක් නැද්ද මහත්තයෝ..? (බ)
සමන්, අද රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ වැඩියෙන්ම ලකුණු ගත් සිසුන් නොවේ. දිස්ත්‍රික් පදනම නිසා කොළඹ, මහනුවර, කළුතර, ගම්පහ වැනි දිස්ත්‍රික්ක වල විශාල සිසුන් සංඛ්‍යාවක් වැඩි ලකුණු ලබාගෙනත් විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීමට බැරිව ඉන්නවා. එවැනි සිසුන්ට පුද්ගලික අංශයෙන් හෝ විකල්ප අධ්‍යාපනයක් ලබා දීමේ වැරැද්ද කුමක්ද? (බ)
අපට මේවගේ ආයතන බිහිවිය යුතු කාලය එළඹිලා , මෙය තවත් ව්‍යාප්ත කළ හැකිනම් එහි වාසිය අපටම තමා, (බ)
ලෙඩක් හැදුනම බුදු දොස්තර මහත්තයා. ලාබෙට තියෙන බාල බෙහෙතක් දුන්නම කියනවා හොඳ බෙහෙතක් ලියලා දුන්නේ නැහැ කියලා. හොඳ බෙහෙතක් ලියලා දුන්නම බහුජාතික සමාගම් බෙහෙත් කියලා බනිනවා. හිනා යනම වැඩේ කියන්නේ රෝහලේ බෙහෙත් නැහැ කිවුවහම දොස්තරගේ අම්මට පින් දීලා අදාළ ඇමතිට මල්මාලා දානවා. මෙන්න ශ්‍රී ලාංකික පරමාධිපත්‍යයේ මොළ ටික (නි)
මොවුන්ව නටවන්නේ වෛද්‍ය සංගමය. උසාවි නියෝගයටත් අභියෝග කරන එකේ පාරේදී දැක්කම ගල් ගහන්න ඕනෑ. එතකොට දුවන්නෙත් අධිකරණයේ පිහිට පතාගෙනනේ (නි)
ගෝල්ෆේස් එක වැහුවට විකල්ප මාර්ග තිබෙනවා. රටේ නිදහස් උත්සවය හැම සතියෙම පවත්වන්නේ නැහැනේ. (නි)