අලුත්ගම අනතුරෙන් පසු දුම්රිය මග හරස් කර විරෝධතා දැක්වූ පිරිස ගාලු පාරට ද ගොස් උද්ඝෝෂණයක් ඇරැඹූහ.
වැසිද නොතකා ඇරැඹි මේ උද්ඝෝෂණය නිසා ගාලු පාරේ වාහන ගමනාගමනයට ද බාධා පැමිණ ඇත.
අලුත්ගම අනතුරෙන් පසු දුම්රිය මග හරස් කර විරෝධතා දැක්වූ පිරිස ගාලු පාරට ද ගොස් උද්ඝෝෂණයක් ඇරැඹූහ.
වැසිද නොතකා ඇරැඹි මේ උද්ඝෝෂණය නිසා ගාලු පාරේ වාහන ගමනාගමනයට ද බාධා පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ගැමුණු,ඔහේ කඩේ යන්නේ මල්ලක් නොව ගෝනියක් අරන්. යනවා නෙවේ දුවනවා.... සල්ලි නැතිනම් කොහොමද පැරදිච්ච ඇමතිලාටත් කාර් ගෙනෙන්නේ.විවෘත කිරීම් සංදර්ශන තියන්නේ. දරන්න බැරි සමුළුවක් බාර ගත්තේ.අලි වැටක් නැතත් ඇමතිතුමෙක් 27 පාරක් රට ගියේ එක අවුරුද්දක. (නි)
මේවට ගේට්ටු දාන්න වියදම් කරනවට වඩා තව කොච්චර වැඩ තියෙනවද? රොකට් යවන්න, රේස් පදින්න, මිහින් ලංකා ශ්‍රී ලංකන් නඩත්තු කරන්න, වරායවල් හදන්න, ගුවන් තොටුපළවල් හදන්න.... ඕවා ඉවර වුනාට පස්සේ ඉතින් බම්බු ටිකක් දාන්න පුළුවන් (නි)
වැඩක් නැති එයාර් පෝර්ට්, වරායවල්, පිට්ටනි හදනකල් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලට ගේට්ටු සවි කලොත් මොකෝ? (නි)
ඉතින් අධිවේගේ යන්න තිබුණනේ? ගුවන් තොටුපොළවල්, වරායවල් හැදුවම සමහරු උඩ පැන පැන අප්පුඩි ගැහුවේ. බුද්ධිමත් පිරිසක් කිව්වා ඕවට බොරුවට වියදම් නොකර රටට වෙන අවශ්‍ය දේවල් කොරන්න ඕනෑ තරම් තියෙනවා කියලා. ආන්න මේකත් ඔන්න ඔය අවශ්‍යතා වලින් එකක් තමා. දැන්වත් තේරුම් ගන්න. අඩුම තරමේ මෙතනට ගේට්ටුවක් තියා ලයිට් එකක්වත් නැහැ. ඔන්න තත්වේ... (නි)
ලසන්ත ඔබ හරි.කී දෙනෙක් මැරුණද කෝච්චියට හැප්පිලා? ආණ්ඩුවට කිසිම වගක් නැහැ. (නි)
ඔව් ඉතින්, කේන්තිය කොහෙන් හරි පිටකලාට කමක් නැහැ. ඒ එක්කම කිසිම සැලකිල්ලක් නැතුව වාහනය දුම්රිය මාර්ගයට දාපු රියදුරුට තදින්ම නීති මගින් කටයුතු කරන්න කියලත් කිව්වා නම් උද්ඝෝෂණය අංග සම්පුර්ණයි. (නි)
සටන් පාට වලින් නම් අඩුවක් නැහැ. උද්ඝෝෂණය අලුත්ගමට විතරක් නොව සියලු අනාරක්ෂිත දුම්රිය කපොළු නවීකරණය කරදෙන්න වගකිවයුත්තන්ට කල්පනවා ලැබේවා! (නි)
අනාරක්ෂිත දුම්රිය ගේට්ටු හා අලි වැටවල් ප්‍රශ්න වලට විසදුම් දෙන්න රජයට සල්ලි නැහැනේ. (නි)
හරි වැරැද්ද කෝක වුනත් උද්ඝෝෂණ කරන්න කට්ටිය සැදී පැහැදී ඉන්නවා. රියදුරාගේ වැරැද්ද නිසාම තමයි මේ දේ වෙන්න ඇත්තේ. හොඳම උදාහරණය අලව්වේ යාන්ගල්මෝදර. එතන ගේට්ටුවක් තිබුනත් දැන් පොලිසියෙන් නිතරම ඉන්නවා. වැරදිකාරයෝ අල්ලනවා. පොලිසිය නොහිටියා නම් තව කී දෙනෙක් මැරිලද දන්නේ නැහැ රියැදුරන්ගේ තියෙන කුලප්පුවට. (නි)
ටික දවසකින් ඕකත් අමතක වෙලා යයි (නි)
අනේ වරුණ, මුකුත් දන්නෙ නැතුව මෝඩයෙක් වගේ කතා කරන්න එපා. මේ රජය කොපමණ වැඩ කරලා තියනවද? (නි)
වාහනයක් දුම්රියක හැපෙන්නේ තනිකරම රියදුරාගේ නොසැලකිල්ලෙන්.. මේ අනතුරු වලක්වා ගන්න ඕනෑ එකම දේ රියදුරාගේ හික්මීම,ඉවසිලිවන්තකම,සුපරික්ෂාකාරිත්වය. හැමදේටම පාරවල් අවහිර කරන එක දැන් මෝස්තරයක් වෙලා. පාරේ ගමනක් යන්න ගිය එකා තමා දන්නේ යන්න නැතුව හිර වෙලා ඉන්න කොට තියෙන අමාරුව. මේ වැඩේ නම් ඉක්මනටම නවත්තන්න අවශ්‍ය පියවර ගන්න වෙයි (නි)
මේ හැමෝටම විසඳුම් හොයන්න තියෙන එකම විදිහ උද්ඝෝෂණද? ඕවා දැන් වගකිවයුතු පිරිසට දැනෙන්නේ නැහැ. අන්තිමට කඳුළු ගෑස් කාලා ගෙදර යනවා. ඊට පස්සේ ඕවා කරන අයටත් පිළියම් දිය යුතු අයටත් මතක නැහැ. මීට වැඩිය සාර්ථක ක්‍රමයක් හොයා ගත්තොත් ප්‍රතිපල ලැබෙයි (නි)
මට මතකයි ප්‍රේමදාස ජනාධිපතිතුමා සිටි කාලයේ මේ ප්‍රශ්නය උණ බම්බු ගේට්ටු වලින් විසදුවා. ගොඩක් දෙනෙකුට රැකියාත් ලැබුණා (නි)
මොකටද බොලවූ ගේට්ටු අලි වැටවල්. ඇයි ලබෝර්ගිනි මදිද. ගුවන්තොටුපොළවල් හොද නැද්ද. ලගදීම රෝල්ස් රෝයිසුත් එනවා. ඒවා ආවම කෝච්චියට වඩා ඉක්මනට යත හැකි.(නදී)
ජනක මල්ලි, මේක ලිබියාව නෙමෙයි මල්ලි. මේක ලංකාව. (නි)
නිකන් අවට ගියාට කරලා වැඩක් නැහැ. දෙන එක ලිබියාවේ වගේ දෙන්න. මොකෝ පාලකයෝ අපි ගැන හිතන්නේ නැතිනම් අපි හිතවමු අපි ගැන.(නදී)
හොදම වැඩේ කරන්න තියෙන්නේ මිනිස්සු ඔක්කොම එකතුවෙලා ගාලු පාරේ නිදා ගන්න එකයි. එතකොටවත් මේ බලධාරීන්ගේ ඇස් ඇරේවි. (නි)
ඇත්තටම මේ ස්ථානයේ රේල් පාර උඩටම යන්න ඕනෑ කෝච්චිය එනවද කියලා බලන්න. මොනවා වුනත් අහිංසක ජීවිත ගොඩක් බිලිගත්ත අනාරක්ෂිත මාර්ගයක් නිසා අද දවල් බලදාරින් ඇවිත් බම්බු ගේට්ටු සවිකලා. මේ ස්ථානයේ පළමු අනතුර නොමේ මෙය. මිට පෙරත් වුණා. බලදාරින් මිට පෙර ක්‍රියාත්මක වුනානම් අහිංසක ජීවිත රැසක් බේරගන්න තිබුණා (නි)
පහුගිය දිනවල දුම්රිය රියදුරන්ට නිල ඇදුම් දුන්නු වියදමෙන් ගේට්ටු කීයක් දාන්න තිබුණද? පාරවල් අවහිර කරලා පලක් නැත , ජනතාවටමනේ කරදරේ. කුණු බිත්තර ,කුණු තක්කාලි ටිකක් අරන් වගකිවයුත්තෙකුගේ ගෙය වට කළා නම් තමා හොද (නි)
මිනිස්සු දැනගන්න ඕනෑනේ සල්ලි නැති විත්තිය. ළඟදීම රෝල්ස් රෝයිස් ටිකකුත් එනවලු. බොරුවට ආණ්ඩුවට බනින්න එපා. මිනිස්සු ටැක්ස් ගෙවන්න ඕනෑ හරියට. දැන් අපේ රට හොඳටම හොදයි. මිනිස්සුන්ට කිසිම කරදරයක් නැහැ.ඉස්සර යුද්ද කාලේ කී දෙනෙක් මැරුණද.බොරු චෝදනා එපා ජනතාවනි. (නි).