‘උදේ හවස බණ ඇසුවත් උදේ හවස පන්සල් ගොස් බුදුන් දැක්කත් බොහෝ වෙලාවට ඒ ලබා ගන්නා දේ හිතට එන දේ භාවිතයක් නොමැති කමින් සමාජයේ පිරිහීමක් ඇති වී තිබෙනවා‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදි පැවැසිය.
‘සැම දෙනෙක්ම බෞද්ධයන් හැටියට උදේට මල් පූජා කළාට හවසට බුදුන් වැන්දට බෞද්ධයෙක් කියල සමාජයට පෙන්නුවත් වගකිම හා යුතුකමක් වන්නේ බෞද්ධකම චරිතයෙන් පෙන්වීමයි. අපේ චරිතයේ බෞද්ධ දර්ශනය හා භාවිතය නැතිකමින් අපි අපිටම බොරුවක් කරගන්නවා. ඒ නිසා බෞද්ධයන් සිටින අපි වගේ රටකත් බොහෝ පිරිහීම් පසුබෑම් ඇති වී තිබෙනවා.‘ යැයි ද ජනපති කීය.
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියන් ගේ ආරාධනයෙන් යටිනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ බුද්ධ ප්‍රතිමා ශීර්ෂයේ වැඩසිටි අභිනීල අක්ඛමර සර්වඥ කේෂ ධාතු හා සම්බුද්ධ ශරීරය පුරා වැඩ සිටි අස්ථි ධාතුන් වහන්සේලා හා මහ රහතුන් වහන්සේලාගේ ධාතුන් වැඩ සිටින ශ්‍රී ශාඛ්‍යසිංහ සුගන්ධ කුටිය ජනපති හා වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් අතින් විවෘත කැරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජය පිරිහිලා තියෙන්නේ ජරාජීර්ණ දේශපාලනය නිසා. පාර්ලිමේන්තුව ගැන ඔබතුමා බලාගන්න. සමාජය ගැන අපි බලාගන්නම්. (නි)
ඉතා හොඳ කතාවක් (නි)
කළයුතු හොඳම දේ මේ කතාවේ ලෙසටම අපි වෙනස්වීමයි (නි)
ක්‍රියාවෙන් සහ වචනයෙන් බුද්ධ ගුණ පෙන්වන හාමුදුරුවරුවෝ ඉන්න්නවානම් කොච්චර හොඳද?(ම)
ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට, දුසිරිත් දනන් දෙන ඔවා වැද්දන් දෙසන බන වැනි.....!!! (ම)
මහ කකුළුවෝ යන විදියට තමයි අනිත් කකුළු පැටවුනුත් යන්නේ. (නි)
මේ කතා අහලා අපිට ඇතිවෙලා (නි)
කියන අයත් එහෙම තමයි (බ)
සමාජය පිරිහෙන්න ප්‍රධානතම හේතුව හරිහමන් නායකත්වයක් යටතේ නිවැරදි මගපෙන්වීමක් නැති කමයි. පළාත් දිස්ත්‍රික් හා ග්‍රාමීයව බැලුවොත් හැම අංශයකින්ම පිරිහීමක් මිස දියුණුවක් නැති තරම්.මොන ආගමිකයෙක් වුවත් තම සිතුවිලි කිලිටිනම් එතැනදී මොනයම් ක්‍රමයකින් හෝ පැවැත්මට බාධාවක් එල්ලවිය හැක. (බ)
රස කතා ඇමති මෙන්න තවත් රස කතාවක් කියය්. මේක අපි දැන ගෙන හිටියේ නැහැ මෙතුමා කියන කල්. අනික අපිනේ මේ සමාජය කාලා තියෙන්නේ. එ්කත් එක අතකින් ඇත්ත බැලුවහම. මොකද අපිනේ මේ උදේට පත්තරේ බලලා රටේ වෙන දේවල් දැන ගන්න අය පත් කළේ (බ)
ඉලංගරත්න කියන්නේ අහවලාට කඩේ යන කෙනෙක් වගෙයි. (නි)
රෂීඩ්, ක්‍රියාවෙන් සහ වචනයෙන් බුද්ධ ගුණ පෙන්වන හාමුදුරුවෝ ඉන්නවා නම් කාගෙ කාගේත් වැඩටික ලෙහෙසියි නේද (නි)
බණ අහලා ඔබතුමන්ලා ඒ අනුව හැඩගැහිලා අනිත් අයට බණ කියන්න (නි)
වැදිබණ කියන දේශපාලකයින් තවත් නම් අපිට එපා (නි)
උදේ හවස බණ ඇසුවත් උදේ හවස පන්සල් ගොස් බුදුන් දැක්කත් බුදුන් පෙන්වාදුන් දෙය තේරුම් ගන්න බැරි නම් මොනවා කරන්නද? (නි)
ඉලංගරත්න හරියටම හරි. (නි)
බොරු බණ කිය කියා රට පාවාදෙන කෛරාටිකයන්ගේ සැබෑ මුහුණ ජනතාව හඳුනාගෙන ඉවරයි. (නි)
අපිත් මේ කතාව සමඟ එකඟයි (නි)
රට දියුණු කරන්නේ නැතුව බෞද්ධකම රකින්න බෑ. ජනතාවගේ අවශ්‍යතා සපිරිරෙන්නේ නැතුව දහමට යොමු වෙන්නේ නෑ. ගොඩක් දියුණු රටවල අය බෞද්ධ නොවුනත් ලංකාවේ අයට වැඩිය හොදය්. (බ)
සමාජය පිරිහෙන්න ප්‍රධානතම හේතුව නායකත්වය. රටේ ප්‍රධාන නිලයන් දෙක (අගමැති / ජනාධිපති) නායකයා පිස්සු කෙලිනකොට සමාජය ගැන කවර කතාද? උදේ හවස බණ ඇසුවත් උදේ හවස පන්සල් ගොස් බුදුන් දැක්කත් බොහෝ වෙලාවට ඒ ලබා ගන්නා දේ හිතට එන දේ භාවිතයක් නොමැති කමින් සමාජයේ පිරිහීමක් ඇති වී තිබෙනවා‘ ඒ වගේ දෙයක් මම ආප්ප කාලත් සිදු කළේ යැයි කව්දෝ කියනවා මට ඇහුන නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදි. (බ)
සිංහල බෞද්ධ ලේබල් ගහගෙන සුදු රෙදි ඇඳගෙන සුරංගනා කතා කියමින් මෝඩ සිංහල ජනය ගොනාට අන්දමින් රට හූරන් කන පල් හොර දේශපාලක නායකයින් නිසයි රට පරිහානියට යන්නේ. තමන් උපමා කරගෙන වෙන්නැති ඔය කතා කියන්නේ (බ)
සමාජය පිරිහීමට ප්‍රධානම හේතුව මිනිසුන් රවට්ටා මිනිස්සුන්ගේ සල්ලි හොරාකන පල් හොර දේශපාලකයින්ට දිට්ටධම්මවේදනිය කර්මය පල නොදීමයි. එහෙම පල දෙනවනම් මිනිස්සුනුත් පාඩමක් ඉගෙන ගනියි. කෙබර ඇදබානකොටම ඔලුවට හෙණ පාත් උනානම් හරි රටේ නායකයාගේ පටන්. (බ)
ලොක්කට දැන් නේ මේක තේරිලා තියෙන්නේ. දැන් වත් ඔබතුමාගේ කල්ලියත් එක්ක එකතුවෙලා අපිට ආදර්ශයක් වෙන විදිහට වැඩ කළොත් නරකද. (බ)
ඉතිහාසයේ වැඩිම හාමුදුරුවරු ගණනක් හිරේ යවපු ආණ්ඩුව නායකයාට දැන්ද තේරුණේ (බ)
9 ශ්‍රේණියෙන් ඉහළ විතරක් නැතුව ප්‍රාථමික පන්තිවල ඉඳන්ම හරීන් මහත්තයට කියල ටැබ් දෙන්නකෝ. එතකොට සදාචාරය දියුණු වෙයි. (බ)
සමාජය පිරිහෙලා තියෙන්නේ ඔහේල වාගේ දේශපාලුවෝ නිසා.රෑට එකට ආප්ප කාල උදේට ඌ අතහැරලා අනිත් පැත්තට පනිනවා.වැදි බණ නොකියා ඉන්න. (බ)
උදේ සවස බණ ඇසුවත් සමාජය පිරිහිලාලු අහන්න දෙයක් ද අහන්නේ ඕගොල්ලෝ කියන බණ නේ (බ)
අද ලංකාවේ කියන්නේ වැදිබණ, අහන්නේ වැදිබණ, ක්‍රියා කරන්නේ වැදිබණ ආකාරයට. මේක තමා ඇත්ත.(ම)