(රංජන් කස්තුරි)
උතුරු මැද පළාත් රෝහල්වල වෛද්‍යවරුන් අද(28) ආරම්භ කළ වැඩවර්ජනය ලබන බදාදා(30) සිට දැඩි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.
ඒ අනුව බදාදා සිට මධ්‍යම රජයට අයත් අනුරාධපුරය හා පොළොන්නරුව රෝහල්වල වර්ජනය ආරම්භ කරන අතර ක්‍රමයෙන් දිවයින් පුරා ව්‍යාප්ත කරන බවද අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.
වෛද්‍යවරුන්ගේ සන්නිවේදන දීමනාව හා පුහුණු කාලයේ දී ගෙවිය යුතු රාජකාරී දීමනාව නොගෙවීම හා ස්ථාන මාරුවලදී අක්‍රමිකතා සිදුවීම යන කරුණු මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ, ඔන්න ඔහොමනෙ වෙන්න ඕනා, නිතරම දොස්තරලගේ සහයට හුරේ දමන දේශප්‍රේමී කෝටිපති ජනතාවක් ඉන්න නිසා මුදල් ගෙවලා පෞද්ගලික රෝහලකින් බෙහෙත් ටිකක් ගන්න එක සුළු දෙයක්නේ...සීග්‍ර ජනගහන වර්ධනයට පිළියම් යොදන ලෝකෙන් උතුම් දොස්තරලා ඉන්නේ මේ සිරි ලකේම පමණයි..
වර්ජිත දොස්තරලා එලවා දමමු. නැත්නම් ලෙඩ්ඩු ඔවුන්ට මොනවා කරයිද මන්ද
ලෝකයේ වැඩිම හිපොක්රටිස්ලා හා නයිටින්ගේල්ලා ඉන්න රට තමයි ශ්‍රී ලංකාව...
ඔය වර්ජන දැන් අවුරුද්දක විතර ඉඳන් කරනවනේ? දැන් අපි ඕවට හුරුවෙලා ඉන්නේ, අපිට ප්‍රශ්නයක් නැහැ... ඔය සයිටම් තිබුණත්, නැතත් අපි බෙහෙත් ශාලා වලින් බෙහෙත් ගන්නේ සල්ලි ගෙවලා...
මේ අයට වර්ජන කරන්නේ නැතුව පැවැත්මක් නැහැ. වෙද්දු නෙමේ, යක්කුනේ...
දොස්තරලා වර්ජනය කළාම ලෙඩ්ඩු තමයි අමාරුවේ වැටෙන්නේ..
වෛද්‍යවරුන්ගේ "සන්නිවේදන දීමනාව ", මේ කියන්නේ ඒ ගොල්ලන්ගේ ටෙලිෆෝන් දීමනාව වැඩි කරන්න කියලනේ.. මුදල් ඇමතිතුමෝ, මේ ගොල්ලන්ගේ ආදායමට හරියටම බදු අයකරගන්න.
මමත් මේ කල්පනා කළේ වෛද්‍යවරුන්ට සන්නිවේදන දීමනාවක් මොකටද කියලා? චැනල් සෙන්ටර් එකට කෝල් කරලා අද හවසට බලන්න ලෙඩ්ඩු කීයක් ඉන්නවද කියලා අහගන්නවත්ද?
මේ අයගේ ඉල්ලීම් සියල්ල ලබාදෙන්න. ඒ වගේම මේ අය හම්බකරන හැම ශතයකින්ම බදු අය කරගත යුතුයි ...
දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් මේ රටේ කොන්දොස්තරලා කරන සේවය කොතරම්ද කියලා තේරෙන්නේ දැන් තමා... දිස්ත්‍රික්ක කෝටා ක්‍රමයට පින්සිදුවෙන්න නුගතුන්, අඥානඅමනයින් දොස්තරලා වීමේ අයහපත් ප්‍රතිපල මේ වන විට සමාජය බුක්ති විඳිමින් සිටිනවා. අකාරුණික, අධර්මිෂ්ඨ දොස්තරලා වෙනුවට, ධර්මිෂ්ඨ කොන්දොස්තරලා බිහිකරවීමට ජනතාවගේ බදු මුදල් වැය කිරීමේ ක්‍රම වේදයකට රජයේ අවධානය යොමු වේවා!!
ඔබලා ගන්න ක්‍රියා මාර්ගය හරියටම හරි වෛද්‍යවරුනි. ඔබලාගේ ඉල්ලීම් ලැබෙනකන් කිසිම විදියකින් ඔය සටන අතහරින්න එපා. මේ වගේ ක්‍රියා මාර්ගවලින් හැරෙන්න මේ ආණ්ඩුවෙන් කිසිම කෙනෙකුට කිසිම දෙයක් හම්බ වෙන්නෙ නැහැ. ආණ්ඩුවෙන් පඩි ගන්න සමහරුන්ගේ අද බාල කතා වලට සාමාන්‍ය ජනතාව රවටෙන්නෙත් නැහැ.
දිනපතාම බෙහෙත් බොන බඩ ලෙඩ්ඩු දොස්තරලට කඹුරනවා හැර වෙන මොනවා කරන්නද? අඩුතරමේ මොලේ කළදක් වත් තියනවා නම්, වර්ජනය කරන දොස්තරලට ආවඩයිද?
දිගටම කොල්ලෝ ස්ටයික් කලා වැඩක් උනේ නෑ, දැන් දොස්තරලා කරලා බළමු.දැඩි තීරනනේමේක වෙන්න ඇති, උත්සාහ කරලාම බලන්න. මට පේන හොදම විධිය දිවි නසා ගන්නේ නැතිව මෙය 2018විතර තෙක් කල් දමන එකයි.