(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට ගෙන එන ලද විශ්වාශ භංග යෝජනාව පළාත් ආණ්ඩුකාරවරයා විසින් අද (15) දින පස්වරුවේදි ප්‍රතික්ෂේප කරනු ලැබිණි.
උතුරු මැද පළාත් සභාවේ එකාබද්ධ විපක්ෂයට අයත් පළාත් සභා මන්ත්‍රිවරු 17 දෙනෙකු තනි තනිව දිවුරුම් ප්‍රකාශ ආණුඩුකාරවරයාට ඉදිරිපත් කොට තිබුණි.
එමගින් ඔවුන් ඉල්ලා සිටියේ ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා සම්බන්ධයෙන් තිබු විශ්වාශය පළුදුවි ඇති හෙයින් එම ධුරය හිටපු මහ ඇමති රංජිත් සමරකෝන් මහතාට ලබා දෙන ලෙසයි.
එහෙත් ඉහළින් පැමිණි නියෝගයක් මත එම ඉල්ලිම් සහිත දිවුරුම් ප්‍රකාශ තමන්ට භාර ගැනිමට නොහැකි බව පළාත් ආණ්ඩුකාරවරයා පැවසු බව පළාත් සභා මන්ත්‍රි රංජිත් සමරකෝන් මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඔහොම විශ්වාස භංගයක් ගෙනල්ලනේද ඔය පළාත් සභාවේ මහා ඇමතිකම ශෂින්ද්‍රගෙන් හරීන්ට අරන් දුන්නේ? දැන් යහපාලනය නිසා ඒවා බැරිද?
යහපාලනය මේකද? යහපාලනය කියන වචනෙවත් දන්නේ නැහැ. ඔය වචන ශබ්ද කෝෂයෙන් අයින් කළ යුතුයි මේ ආණ්ඩුව ගෙනාපු අය යහපාලන වචනෙටත් නිග්‍රහ කරනවානේ...
ඡන්දයෙන් පැරදුණු කට්ටිය නැවත පාර්ලිමේන්තුවේ. සුළු තරයකට විපක්ෂ නායකකම. බහුතරයකගේ ඉල්ලීම ආණ්ඩුකාරයා ප්‍රතිෂේප කරනවා. මේකද මහජන මතය? නියම යහපාලනය.... සිරිසේන මහත්තයෝ ඔහොම යමු.
මේ මිනිසුන් ගිය උඩක් බලන්නකෝ...
එතකොට මේකට කියන්නේ මොනවා කියලද ?
ඇත්තම කියලා... ඉහල නියෝගය ගැනනෙ බයවෙලා තියෙන්නේ ...
ඔන්න ඕකට තමයි යහපාලන ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදය කියන්නේ.... අළුත් ආණ්ඩුව පත්වුණාට පස්සේ පළාත් කීයකනම් මහඇමතිවරු වෙනස්කළාද පක්ෂපාතීත්වය කියන කරුණ සලකලා බලලා. එතකොට බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තට මහඇමතිවරයා පත්කරන්න බැරි ඇයි? ආණ්ඩුවට අවශ්‍ය එදා දකුණු පළාත් සභාවේ "ෆ්‍රැන්සිස්කුකරණය" වගේ ක්‍රමයක් අනුගමනය කරන්න පෙළඹවීමද? උඩින් බලපෑම් එනවා කියන්නේ එක්කෝ මෛත්‍රී මහත්තයා නැත්නම් වික්‍රමසිංහ මහත්තයා. නැත්නම් වෙන කව්රු බලපෑම් කරන්නද? වත්මන් මහඇමතිවරයා ජනාධීපතිවරයාගේ ආශිර්වාද ලද්දෙක් නිසා ඔහුගේ තනතුර නැතිවෙන්නේ නෑ..., උපරිම පළාත් සභාව විසුරවලා දායි. ඊට පස්සේ පළාත් පාලන ඡන්දේ වගේ කල් දදා තියාගනීවි.... ඔන්න දරුවෝ වෙනස..
ඉහලින් කියන්නේ කව්ද? ... අර සුමන්තිරන් මහත්තයාගේ ගෝරණාඩුවට ආණ්ඩුව මොකද දැන් නැහැ කියන්නේ....? ඔක්කොම සිංහල මිනිසාට විතරයි..
මේ කියන ඉහල නියෝගය මොකක්ද?
මේ පෙනෙන්නේ යහපාලනය නමැති යක්ෂයාගේ ස්වරූපයද?...
ඔවා ඉගෙන ගත්තෙ පරණ පොතෙන්. නඩු කාර නෝනලා රැකියාවෙන් නෙරපාදැමූ හැටි මතකද? ඇමතිවරු කළේ කොහොමද? කුම්බලා මාළු කෑවා නම් විඳවපන් පුසෝ කිව්වලු...
ඔය ඉහළ ඉන්න අය ඉන්නෙ මුරුංගා අත්තක් උඩ...
පහු ගිය ආණ්ඩුව එක අවුරුද්දට තුන් හතර වතාවක් ඡන්ද කෙරුවා.... එතකොටත් වැඩක් කරන්න වෙලාවකුත් නැහැ. රටේ ආර්ථිකේ දියුණුවට වැඩක් කලෙත් නැහැ. මේ ආණ්ඩුව දේශපාලන පොරේ මිසක් වැඩක් කරන පාටකුත් නැහැ. පැරදුණු අය පහු ගිය කාලේ උපයපු කළු සල්ලි යොදාගන ආණ්ඩුවේ කකුලෙන් අදින බවකුත් පේනවා. රජයේ සේවකයන්ගේ පඩි වැඩි කෙරුවා, තෙල් මිල අඩු කෙරුවා, ඒවා උපයගන්න බදු වැඩි කෙරුවා, බඩු මිල වැඩි කෙරුවා, අඩු පොලියට නය දෙන ආයතන වලින් නය ගත්තා... නමුත් එම ව්‍යාපෘති හරියට ප්‍රගති සමාලෝචනයක් කරන්නේ නැහැ. පහු ගිය ආණ්ඩුව නම් කලේ මෝඩ කමට ගිනි පොලියට ණය ගත්තු එකනේ..., මේ ආණ්ඩුව වත් රටේ ආර්ථිකයේ දියුණුවට දෙයක් කරයි ද ? අගමැති තුමාට නම් බුද්ධිය තියනවා , දක්ෂ ඇමතිවරු කීප දෙනෙකුත් ඉන්නවා. රටේ ඉන්න අනෙකුත් නිහඬ උගතුන් බුද්ධිමතුන් යොදාගන ඵලදායි විදිහට රට පාලනය කලොත් තමා හොඳ. එතකොට ජනතාව මේ වගේ පටු දේවලට රැවටෙන එකක් නැහැ...
චමින්ද, පසුගිය ආණ්ඩුව එක අවුරුද්දකට ඡන්ද කීපයක් තිබුනත් වැඩක් කරන්න වෙලාවක් තිබුනේ නෑ කියන එක ප්‍රතික්ෂේප කරනවා. ඒ කට්ටිය කරපු වැඩ තමා තවමත් විවෘත කරන්නේ. ගසා කෑමකුත් තිබුනා ඊට සමාන්තරව. ඔබ කියන ඔය ගිනි පොලිය කීයද ? මේ යහපාලනය වැඩ කරන්නෙම නැතුවනේ ගසාකන්නේ. මහ බැංකු මංකොල්ලය කොච්චරක්ද ? අපිට හැම දේකටම බදු ගෙවන්න වෙලා.