එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ඉදි කිරීමට නියමිත මහින්දෝදය විද්‍යාපීඨයට මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා කවුරුන්දැයි අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක හා උතුරු මැද ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන් මහතා අතර එම උත්සවයේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
එහිදී ඇමැතිවරුන් දෙදෙනා අතර ඇති වු වචන හුවමාරුව මෙසේය
ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන්
මට මේවා ජනාධිපතිතුමා බාර දීලා තියෙන්නේ
අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක
ඔයාට මොනවද බාර දීලා තියෙන්නේ?ඉස්කෝලේ කැබිනට් ඇමැතිවරයෙක් සිටිද්දි එයා තමයි උත්සවයක ප්‍රධාන ආරාධිතයා වන්නේ.ඔයා දන්න දෙයක් කතා කරන්න.
ප්‍රධාන අමාත්‍යවරයා
ඔයාලනේ මේවා වෙනස් කරන්නේ
අධ්‍යාපන සේවා අමාත්‍යවරයා
මොනවද ?අපි කොහෙද වෙනස් කළේ.වැරැදි දේ හරි ගස්සගන්නයි ඔයාට කියන්නේ
ප්‍රධාන අමාත්‍යවරයා
තමුසෙලානේ වැරැද්දුවේ මිනිස්සු ඉස්සරහා
අධ්‍යාපනසේවා අමාත්‍යවරයා
කතා කරන්න ඉගෙන ගන්න.තමුසේ කියන්නේ කරත්ත කාරයෙක්ද?
යැයි එම උණුසුම් වචන හුවමාරුව සිදු විය.අනතුරුව අමාත්‍යවරුන් දෙපළ සුබ මොහොතින් මහා සංඝරත්නයේ පිරිත් සඡ්ඣායනා මැද විද්‍යා පීඨයට මුල්ගල් ද තැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්නාන්සේ කිව්වනම් ඇඟට සනීප ගතියක් දෙනෙයි (දී)
මේ දෙන්නගෙන් උතුරු මැදට අබ සරණයි
ඉතින් කොහොමද පොදු ගැටලුවකදී ශිලාචාර ලෙස විසඳුම් හොයන්නේ. මයුරංග මහතා කියපු දේ නම් හරියටම හරි .එත්, මේවගේ අයට ප්‍රථමික අධ්‍යාපනයෙන් ඉහලට අධ්‍යාපනය දෙන්නේ කොහොමද කියන එක තමයි ගැටලුවකට තියෙන්නේ. (අ)
මූණ දිහා බලපුවාම පේනව මහඇමතිකමකට සුදුසු කෙනෙක් කියල. (අ)
මහජනයා: කරත්තකරෙක් නොවේ, ගොන් බානක්. (අ)
එක හැලියේ බත් බෙදාගෙන කන්න බැරි අය කොහේද අපේ රට හදන්නේ ජාතික සමගිය මුලින්ම ගොඩනගන්න ඹිනි නමි ළදරු පාසැල් යවලා ගන්න ඹිනි (අ)
තමුසේ යන වචනය තමුන්නාන්සේ යන්නෙන් බිදී ආවක්ද යන්න සොයා බැලීම වටී (නදී)
මහා ඇමති කෙනෙක් මෙහෙම හැසිරෙන එක අනුමත කල නොහෙකියි. කැබිනෙට් ඇමති ට මුල් තැන හිමිවිය යුතුයි. මෙවෙනි අය දේශපාලනය කිරීම රටකට සුදුසු වේද???(දී)
චන්ද දායකයෝ තමයි වැරැද්ද කරලා තියෙන්නේ (දී)
දැන් පෙනීයන පරිදි අවශ්‍ය වන්නේ අධ්‍යාපනයට ඇමතිවරුන් නොව ඇමතිවරුන්ට අධ්‍යාපනයයි (නි)
බලනකොට අපේ පොඩි ළමයි හොඳයිනේ (නි)
බලනකොට අපි අපිටමටි ගහගන්න ඕනෑ (නි)
රට හදන්න පෙර දේශපාලකයින් හදාගන්න වෙනවා (නි)
ඔය මුකුත් නොවනා වගේ දෙන්නත් එක්ක ඉන්නේ (දී)
ළමයි ඉන්නවා කියලාවත් බැලුවේ නැහැ (දී)
අර කවුරුත් පුරුද්දට කියන පළියට "කරත්තකාරයාවම" හෑල්ලු කරන්නේ ඇයි? මගේ ආදරණීය තාත්තා අපිව ලොකු මහත් කළේ කරත්ත රස්සාව කරලා. ඔහු මම අද දකින බොහොම දෙනෙකුට වැඩිය බුද්ධිමත්. (නි)
පවු අහිංසක ළමයි (දී)
ජාතික ඇඳුම ඇන්දාට මදි. ජාතියට ආදරයක් තියෙන්නත් ඕනෑ (නි)
රටේ මාර ප්‍රශ්න තියෙනවා අනේ (දී)
තමුසේ යනු බොහොම වැදගත් වචනයකි (දී)
මම නම් මිට පස්සේ ඔය කාටවත් චන්දෙ දෙන්නේ නැහැ (දී)
එහෙම බැලුවම සමන්ත මහත්තයෝ, "තෝ" කියන්නෙත් "ඔයා"ටමයි නේද? (නි)
ඔන්න අපේ ඇමතිලා ....(දී)
අපි පොඩි කාලේ රණ්ඩු වෙනකොට මගේ සහෝදරයා මට බනින්නේ තමුසේ කියලා. මම අඩ අඩා අම්මාට කියනකොට එයා කියන්නේ ගණන් ගන්න එපා කියලයි. (නි)
මේවා නොදැක පණ පලයන් පෙරේදා........... (දී)
අපිනම් තමුසේ කියන්නේ යාලු කමට (දී)
අධ්‍යාපනයක් නැති කම (නදී)
අපි මොනවට කලබල වෙනවද? (නි)
'වලියට බර පොරවල්මනේ' අපේ මිනිසුන්ටත් ඕනෑ (නි)
රංජිත් කියන්නේ දුමින්ද දිසානායකගේ පියා හිටපු මහ ඇමති බර්ටි මහත්මයාගේ යටතේ හිටපු මුරකරුවෙක්..තමන් මහ ඇමති පුටුවට ආවේ කොහොමද කියන එක තමන්ම දන්නවා.උදලු බෙදල මහ ඇමති උනහම ඔහොම තමා.හරියට කටුස්සගේ කරේ රත්තරං බැන්ද වගේ
.තමන් මහ ඇමති පුටුවට ආවේ කොහොමද කියන එක තමන්ම දන්නවා.උදලු බෙදල මහ ඇමති උනහම ඔහොම තමා.හරියට කටුස්සගේ කරේ රත්තරං බැන්ද වගේ. (ස)
මේ වගේ උදවිය තමයි අපි පත් කර ගෙන ඉන්නේ අපේ මහජන නියෝජිතයෝ වශයෙන්. පොඩි ළමයි නම් සෙල්ලම් බඩු වලට මෙහෙම රණ්ඩු වෙනවා. අහෝ දෙවියනි! (ස)
බලන කොට මෙයාල කරත්තකාරයාටත් වඩා අන්තිමයි.! (ස)
අපට අවශ්‍ය අධ්‍යපනයට ඇමතිවරුන් නොව ඇමතිවරුන්ට අධ්‍යාපනයයි. (ස)
මෙවන් අය පාලනය කරන රටක ඉපදීමට ලැබීමත් මොනතරම් නම් අවාසනාවක්ද කියලා හිතෙනවා (නි)
දුමින්ද ඇමතිතුමා පළපුරුද්ද තිබෙන ඇමති කෙනෙක්. මේවා තේරෙයි කාට කාටත් ඉදිරියට. ඔහොම යමු (නි)
උණ පුරුකේ දැම්මත් බලු වලිගේ දිග නෑරේ. (ස)
අනේ කාලේ (දී)
දේශපාලනය කියන්නේ ගොහොරු මඩ වලක් (දී)
මොනවා උනත් ප්‍රදාන ඇමති තුමා කියපු කතාව හරි. (දී)
එතකොට කරත්ත රස්සාව කරන මනුස්සය තමුසේ?? මේවා තමයි ලංකාවේ තියෙන පහත් මත (දී)
මේවගේ හැසිරෙන්න නොදන්නා අය නිසා අපේ රජයේ නමත් පිරිහෙනවා (නි)
නියමයි. ඔහොම යමු. කලකදී රහලු, කලකදී වහ වෙනවලු. මේක දේශපාලනය කරන කාටත් හොඳ පාඩමක්. (දී)
ප්‍රස්තා පිරුලක් මතක් වුනා. ‘ගොනා වුනාට කමක් නැහැ, තප්පුලන්න එපා‘. (ස)
ඔය ඉන්න මුකලන් බස්සෝ දෙන්නෙක් වගේ . (ස)
අදහසක් ලියන්න බෑ. කාට හරි යන්න වෙනව එලියට. (ස)
උත්සවයට ආ ගමන්ම දෙන්නවම අල්ලලා බාලාංශ පතියේ වාඩිකරවලා හෙට ඉඳලා පාසල් එන්න කියන්නයි තිබුණේ (නි)
කරත්තකාරකම වුණත් අනෙක් රැකියා වගේම රැකියාවක්. මිනිසුන්ගේ රැකියාවන් පහත් කරන්නේ කොහොමද? (නි)
අපට නම් ඕවා මහා පුදුම දේවල් නොවෙයි. අප දන්නවා ඔය කාගේ කාගේත් තරාතිරම. (ස)
කාටවත් ඕනෑ නැහැ ජනතාවට සේවයක් කරන්න. දේශපාලනයට එන උදවියගේ පවුල් පසුබිමේ සිට සොයා බැලිය යුතුයි. දුමින්ද මහතා උගත් බව අපි දන්නවා. (නි)
ඇත්තටම දේශපාලකයෝ කියල කට්ටියක් මොකට ද? (ස)
ඉස්සර ගම්මුලෑදෑනියෙක් හරි මැම්බර් කෙනෙක් හරි වෙන්න ගමේ පිළිගත්ත, ඉඩ කඩම් තියෙන වැදගතෙක් වෙන්න ඕනේ. අද නම් රස්තියාදු කාරයෙක් උනත් කමක් නෑ, පෝස්ටර් ගහන්න පුලුවන් නම්..(ස)
මේ විදියට ජනතාව ඉදිරියේ හැසිරෙන උදවියට ඇත්තේ ඉහවහා ගිය හීනමානයයි. තමන්ගේ ඇතුළාන්තය හැමෝටම පෙන්නනවා. දුමින්ද මැතිතුමා උගත් බව අපි දන්නවා. (නි)
මොකටද මේ දෙන්නා පොර කුකුල්ලු දෙන්නෙක් වගේනේ. පාසලට මොන ආදර්ශයක්ද?යථාර්ථය මෙයයි. මේ රටේ අද පලාත් සභා ක්‍රමය, මේ වගේ සිදහස් ගණනක් ඇති කරළා තියෙන්නේ. ඔය දහතුනම කුණු බක්කියට දාලා අපේ රටට ගැලපෙන විවස්ථාවක් හදාගන්න බැරි ඇයි. වහල් භාවයෙන් මේ ජාතිය බේරා ගත හැක්කේ කාටද? (අ)
ලැජ්ජයි නේ කමක් නැහැ කමක් නැහැ ඔහොම යන් (දී)
ඕවා කතා කරලා වැඩක් නැහැ අනේ... (නි)
එකට වැඩ කරන්න බැරුව කොහේ කරන්නද රටට වැඩ. (දී)
මදුරංග තමයි හොඳම කොමෙන්ට් එක දාල තියෙන්නේ. අයිත් වෙන කතා වැඩක් නැහෙනේ. (දී)
මියුරංග මහතාණනි ,, මසුරන් වටිනා කියමන (දී)
මොවුන්ව පත්කළ අපිටම තමා බූවල්ලෙන් තලාගන්න ඕනෑ. (නි)
රත්නායක, අපේ ඉතිහාසය පුරාම ඔය වගේ කතා තියෙනවා. (දී)
ඔහේ කිව්වා නම් හරි තමුසේ කිව්වාම කැත වචනයක් ද තමුසේ කියන්නේ තමුන්නාන්සේ කියන එකයි හාමුදුරුවන් වහන්සේලාත් කරුනාවෙන් මිනිසුන් අමතන්න යොදා ගන්නවා සිංහල මිනිසුන් හරි සිංහල උගන ගත යුතුයි (අ)
තමුසේ කියන වචනයෙහි තේරුම තමුන්නාන්සේද? (නි)
මෙහෙමත් ඇමතිලා ඉන්නවනේ? (නි)
යාලු කමට වෙන්න ඇති අනේ (දී)
අපේ මුදල් වලින් ජීවත් වන නිසි අධ්‍යාපනයක් නොලද දේශපාලුවන් මේ රටට විශාල බරක්. පත්කරන්න කතිරය ගැසූ අපිටයි ගහන්න ඕනෑ. (නි)
තමුසේ වචනය මට පෙනෙන හැටියට නම් භාවිතය වරදක් නොවේ. (නි)
ඉංග්‍රීසි තේරුම බලන්නකෝ ටිකක්. (නි)
ඕවා ඔහොම තමා... (නි)
මේ උදවිය කැබිනට් රැස්වීම් ආදී තැන් වලත් මෙහෙමද දන්නේ නැහැ එකිනෙකාගේ දුක සැප විමසා ගන්නේ? (නි)
මේ වගේ මැති ඇමතිවරුන් එක්ක මේ රට මේ තරමින්වත් පාලනය කරගෙන යන එක ගැන පුදුමයි. (නි)
පොඩි ළමයි වගේනේ (නි)
අද රැඳු උනාට හෙට හොඳයි නේ (දී)
තමුසේ කියන්නේ නරක වචනයක් කියල කවුද කියන්නේ ? තමුන් නාන්සේ බොහොම ඉහල ආමන්ත්‍රණයක් පහසුවට තමුසේ කියල කීවට ගන්න ගන්න එපා ! තමුසෙලා කතා කරන හැටි අහල දැකල තියෙනවා හරිය !(දී)
මේක අපේ සම්ප්‍රදායික කරත්තකරුවන්ට කරන අපහාසයක්. කරත්තය අදින ගවයටත් අවශ්‍ය ගරු බුහුමන් කරලා වැඩ කරන මිනිස්සු. (දී)
ලංකාවම කොවක දාල මකන්න ඕනේ (දී)
ඒ ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න ඒ ඒ කට්ටිය විසදා ගනීවි (දී)
අපි තමයි ඇත්තටම වැරදි (දී)
මට එපා වෙලා තියෙන්නේ (දී)
මේවා ගැන කාට කියන්නද? (දී)
ඔයිට වඩා දේවල් අහන්න බලාගෙන තමයි දේශපානයට එන්න ඕනේ (දී)
උගත්කම තිබ්බට මදි මොළෙත් තියෙන්න ඕනේ..(දී)
වැඩිය හිතන්න එපා (දී)
මදුරංග ඔබෙගේ ප්‍රතිචාරය මෙතෙක් මා දුටු හොඳම ප්‍රතිචාරයයි. "අපට අවශ්‍ය අධ්‍යපනයට ඇමතිවරුන් නොව ඇමතිවරුන්ට අධ්‍යාපනයයි"(දී)
මියුරංග ඔබේ අදහස නම් මසුරන්!(දී)
දැන් මේ ප්‍රදේශයේ නේද අර හොර අත්සන යෙදු ලියුමක් ගැන අධ්‍යාපන අධ්‍යක්ෂිකා පැමිණිලි කලේ. ඉතින් අත්සන හොර වුනාට අන්තර්ගතය ඇත්ත බව මේ පුවතින්ම එළිවෙනවා නේ . දුමින්ද මහතා නම් යම් දැන උගත් කෙනෙක් කියලා අපි අසා තිබෙනවා . ඒ වුනාට අනෙක් උදවිය ගැන කතා කිරීම සුදුසු මදි. එහෙම වුනොත් ප්‍රදේශයේ ඉහල ඉඳලා හැමෝගෙම සුදුසුකම් අභියෝගයට ලක් වේවි. අනෙක ඉතින් මේ හැමෝම පත් කර ගත්තේ ඒ පළාතේ ජනතාව් නම් අනෙකුත් පළාත් වල අපි ට මේ ගැන කතාවක් නැහැ . (අ)
තමුසේ කියන්නේ නරක වචනයක්ද (දී)
කරත්ත කරුවෝ කියන්නේ කවුද (දී)
මේ අයට මේඅයම වෙඩි තියාගෙන ඉවරයක් වෙනවනම් අනේ අපේ රටට හොදක්ක් වේවි (අ)
අපට අවශ්‍ය අධ්‍යපනයට ඇමතිවරුන් නොව ඇමතිවරුන්ට අධ්‍යාපනයයි (අ)
හරියට හරි මියුරංග. අධ්‍යාපනය නැති සුළු කොටසක් අධ්‍යාපනය ඇති විශාල ජනතාවක පාලනය කරන රටක් මේක. (අ)
ලංකාවේ හුගක් පාලකයෝ මේ වගේ තමයි ,රටේ අනාගතයට දේව පිහිට තමයි .මේ වගේ තේරුමක් නැති අය තමයි හැමතැනම ඉන්නේ .(අ)
මදුරංග අධ්‍යාපනය දුන්නත් ඔය මිනිස්සු හදන්න බැ. තවත් මුදල් නාස්තියක් ඔය මිනිස්සු ඔය තනතුරුවලින් ඉවත් කරන්න විදිහක් බැලුවනම් තමයි හොඳ. (අ)
රජ රට මිනිස්සු මහා ඇමති විදියට පත්කරගෙන තියෙන්නෙ රජ වැඩකාරයෙක් .කැබිනට් ඇමතිවර්යෙක්ට කතා කරන විදියක්වත් දන්නෙ නැති මහා ඇමති සාමානය මිනිසෙක්ට කොහොම කතා කරයිද. (අ)
බලන්න උත්සව සභාවේ අනෙකුත් ආරාධිත වැදගතුන්ගේ අප්‍රසන්න මුහුණු ටික . උත්සවයට ආපු මෝඩකම කියලා නොකියා කියවෙනවා. මේ නොහොබිනා බාලාංශ පන්තියේ හැසිරීම් ගරු ජනපතිතුමාට ආරංචි වෙන්නේ නැද්ද? කවුරුන් හෝ මේ පත්තරේ එතුමාට පෙන්වුවානම් ! (අ)
ඕකට තරහ ගන්ඩ දෙයක් ය, මගේ නෝනා මට ආදරේට කියන්නෙත් , තමුසේ කියන දෙයක් අහන ඒකකය, ඕක නේ කෙල උනේ කියල. ගණන් ගන්ඩ එපා. තවත් අමතිවරුනම් අපිට එපා. (අ)
මම නිවැරදි නම්, තමුසේ යනු තමුන්නාන්සේ යන වචනයම නේද? (අ)
අපි යෝජනා කරනවා මැති ඇමතිවරුන්ට , ආචාර ධර්ම , සිරිත් විරිත් උගන්නන්න " පාසලක්* අරඹන්න . පවුල් පසුබිමෙන් ඒවා ලැබුනේ නැතිනම් විමධ්‍ය ගත අයවැයෙන් හරි කමක් නැහැ සල්ලි යොදවන්න. ජනතාව ඊට විරුද්ධව වචනයක්වත් කියන එකක් නැහැ. මේවා මුළු රටටම ලජ්ජා හිතෙන දේවල්. (අ)
කෝ මේ බන්දුල පෙරේරා ? මොනවද මේ ගැන කියන්න තියෙන්නේ ? මේවා සංවර්ධනය කරා පාතබන රටවල ලක්ෂණ ,නේද බන්දුල ? (අ)
මියු රංග ඔබේ කටේ සිනි දාන්ඩ් ඕන (අ)
මම වීඩියෝ එක බැලුව..සජීවී නාට්‍යයක් වගේ ..මරු (අ)
අයියෝ තමුසෙ කියන්නෙ තමුන්නාන්සෙ කියන එකනේ ඕකවත් දන්නෙ නැද්ද (අ)
ගැටලුව මෙය නෙවෙයි. බලාගෙන සිටි දරුවන් මෙයින් ඉගෙන ගන්නේ කුමක්ද? (ස)
උදලු තලේට ඡන්දෙ දෙන රටේ මේවා මොනාද...! (අ)
මයුරංගගේ කතාව සහතික ඇත්ත. (අ)
"රාජකීය පුතෙක්" මේ රටේ කරත්ත රැකියාව කරන අහිංසක ශ්‍රම බලකායට අවර ගනයේ වචන වලින් අපහාස කරයි. (අ)
තමුසේ කියන්නේ තමුන්නාන්සේ කියන එකයි ..ඕනෑම නම් මහාචාර්ය ජේ බී දිසානායක තුමාගෙන් අහලා බලන්න.... (අ)
වැඩි හරියක් නූගත් චන්ඩි. තක්කඩි, කතා කරලා වැඩක් නැහැ. (අ)