උතුරු මැද පළාතේ පාසල්වල විද්‍යාව,ගණිතය විෂයන් හදාරන සිසුන් සඳහා පාසල් වේලාවෙන් පසුව දීමනාවක් ගෙවා ඉගැන්විම සඳහා ගුරුවරුන් යෙදවිම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවි ඇති බව ලේකම් ඩබ්.ටි.ඒ මානෙල් මහත්මිය පැවසුවාය.
ජුනි මාසයේ සිට මෙම වැඩපිළිවෙළ ඇරඹීමට නියමිත බව ඇය පැවසුවාය.
2016/2017 වර්ෂවල උසස් පෙළ සිසුන් ඉලක්ක කරගනිමින් මේ අමතර පංති පැවැත්විමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ.
අමතර පංතිවල උගන්වන ගුරුවරුන් සඳහා පැයකට රුපියල් හාරසියක දිමනාවක් ගෙවීමට බලාපොරොත්තු වන බවත් ලේකම්වරිය සඳහන් කළාය.
උතුරු මැද පළාතේ පවතින විද්‍යා ගණිත ගුරු හිඟයට පිළියමක් ලෙසත් පළාතේ දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදිමේ අරමුණෙන් මෙම වැඩසටහන දියත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් (බ)
මෙය ඉතා අගය කල යුතු වැඩ පිළිවෙලකි. ටියුෂන් ව්‍යාපාරය ක්‍රමවත් කිරීම සඳහා රජය මැදිහත් වන්නේ නම් සුදුසුකම් නැති ගුරු හොරුන්ගෙන් සහ වගකීමක් නැති අධ්‍යාපන කඩකාරයන්ගෙන් සිසු දරුවන් බේරාගැනීමට හැකිවනු ඇත! (හේ)