(දයාරත්න ඇඹෝගම)
උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ සේවය කළ නිලධාරිනියකට කොරෝනා ආසාදිතව ඇති බවට තහවුරු විම නිසා අද (27)වැනි දින සිට ගිණුම් අංශය තවකාලිකව වසා දැමිට පියවර ගෙන ඇත.
මෙම නිලධාරිනියගේ පුත්‍රයා සේවය කළ ව්‍යාපාරික ස්ථානයේ සේවය කළ තරුණ තරුණියන් හය දෙනෙකුද ඊයේ (26)දින පිසි.ආර් පරික්ෂණයකට ලක්කොට තිබුණි.
එහිදි එම සියළු දෙනාටම කොරෝනා රෝගය වැළදි ඇති බවට තහවුරු විම නිසා ඔවුන්ගේ නිවැසියන්ද පිසිආර් පරික්ෂණයකට ලක්කළ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ තේජන සෝමතිලක මහතා පැවසිය.
එහිදි මෙම නිලධාරිනියට ද කොරෝනා රෝගය වැළදි ඇති බවට තහවුරැ තිබුණි.ඒ අනුව ඇය සේවය කළ උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ ගිණුම් අංශය අද(27)දින සිට තාවකාලිකව වසා දැමිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.
වසර අවසානයේ ගිණුම් පියවිමේ රාජකාරි හේතුවෙන් ප්‍රධාන අමාත්‍යාංශයේ සේවක සේවිකාවන් මේ දිනවල සති අන්තයේද සේවයේ නිරතව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd