(ඉන්දික අරුණ කුමාර)
උතුරු ප‍්‍රදේශයේ අද පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට රජයේ වාහන යොදාගන්නා බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.
උතුරු නැගෙනහිර පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය සඳහා වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශයට අයත් වාහන විශාල සංඛ්‍යාවක් යෙදිවීමට විෂයභාර අමාත්‍යවරයා පියවර ගෙන ඇතිබව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වහාම මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර රජයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස ලිපියක් මගින් ඒ මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ඉන්න ක්‍රියා කරනකම්
අනේ එපා....සන්හිදියාවට බාධාවක්වෙයි.......
ඔය පැමිණිල්ලත් "බීරි අලින්ට වීණා වැයුව වගේ" වේවි.