(වන්නි රොමේෂ් මධුෂංඛ)
උතුරේ රැඳී සිටින ආරක්ෂක හමුදාවට ඉවත් වන්නැයි කියා උතුරේ ජනතාව වීදි බසින දවසක් නුදුරේදීම උදාවෙනු ඇතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පැවසීය. ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු තීරයේදී මියගිය ඥාතීන් වෙනුවෙන් කළ සැමරුම් උත්සවයකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද කීය.
“අද දෙමළ ජනතාවට ශෝක දිනයක්. මේ ජනතාවට ශෝකය පළ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. දෙමළ ජනතාවගේ අයිතියක් මේක. සියලු දෙනාගේ ආගම්, කුලවාදි සියලු භේද නැති කර අපි එකට එක් විය යුතු කාලය එළඹිලා තියෙන්නේ. එහෙමයි මේ වගේ දිනයක් පවත්වන්න ඕන“
“2015 ජනවාරි 08 වනදා සිදුවෙච්ච ආණ්ඩු පෙරළියට මමත් මූලික වුණා. නමුත් මැයි 18 වනදා අපේ විරුවන් සිහිකරනකොට අපේ ජනතාව සිහිකරනකොට අපිට ප්‍රශ්න ඇති වුණා. ඒකෙන් පේන්නේ මේ මියගිය අය සිහි කරන දවසේ වැදගත්කම රජය පිළිගන්නේ නැති බවයි. ඒ වගේම පසුගිය කාලයේ අපේ ජනතාව මේ ප්‍රදේශවල දේශපාලනික වශයෙන් හෝ කිසියම් භීෂණකාරී වාතාවරණයක් ඇති කළා ද කියලා මම අහනවා. එහෙනම් ඇයි මේ තරම් හමුදාවක් මේ පළාත්වල ඉන්නේ. උතුරේ අනවශ්‍ය ලෙස රැඳී ඉන්න යුද, නාවික හා ගුවන් හමුදාව ඉවත් වෙන්න කියලා ජනතාව වීදි බසින දවසක් උදාවෙයි කියලා මම හිතනවා“
“මේ වනකොටත් උතුරු පළාතේ අනවසර පදිංචි කිරීම් සිදුවෙනවා. සිංහල ජනතාව බලෙන් ගෙනල්ලා පදිංචි කරනවා. අපේ ජනතාවගේ ඉඩම් ගැටලුත් විසඳලා නැතිව තවත් අය පිටින් ගෙනත් පදිංචි කළ විට දෙමළ ජනතාවගේ ගැටලු තවත් වැඩිවෙනවා. මේවාට විසඳුම් රජයෙන් ලැබිය යුතු යැයි ද කීය“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අදහසට අනුව,සිංහල ජාතිය, අපේ ශ්‍රීලංකාව, අපේ ආගම ආරක්ෂාකර ගන්නනම් උතුරට මේ ඉන්නවා වගේ තුන් ගුණයක්වත් හමුදාව යැවිය යුතුයි. මම හිතනවා මගේ අදහස ශ්‍රී ලාංකිකයන් වැඩිම දෙනෙකුගේ අදහසයි කියලා. මේ කෑගහන අයට සිංහලයොත් එක්ක සමාදානයෙන් ඉන්න බැරිනම් ඔය නොර්වේ, තමිල්නාඩු දිහාට ගිහින් පදිංචි වෙන්න තියෙන්නේ.
ඔයාගේ මහා ගෙදර තියෙන්නේ කොළඹ, තේරුනාද
අනේ මෙයා ඔය කොටි ඉන්න කාලේ කොහෙද හිටියේ? ඔය හමුදාව හිටියේ නැත්නම් මෙලහකට කොටින්ගේ බෝම්බෙකට අහුවෙලා.. මෙහෙමත් දේශපාලකයෝ ...
ඔය පලස්තිනයයි, යුදෙව්වෝයි දන්නා කාලේ ඉඳන් යුධකළත් යුදෙව්වන්ගේ සංවර්ධන කටයුතු පසුබෑමකට ලක්වෙලා නැහැ. ඒවගේම උතුරු කොරියාව පරමාණු අවි පෙන්න පෙන්න තර්ජනය කලත් දකුණු කොරියාවේ සංවර්ධනය අඩපණවෙලත් නැහැ. එකේ රහස මධ්‍යම ප්‍රතිපදාව අතහැරලා හොඳ ලොකු අත්තක් එක්කල එකතුවුණු එක. ඉන්දියාව වුණත් කලක් රුසියාව එක්කල එකතුවෙලා යුධ ශක්තිය වැඩි දියුණු කරගත්තත් පස්සේ අපේ යුද්ධයේ මුවාවෙන් ලෝකයේ ධනපති රටවල් සමග ගිවිසුම් ගහගෙන තමයි දැන් ඉස්සරහට යන්නේ. අපිටත් මේක හොඳ පාඩමක්. කණා අලියව අතගානවා වගේ නැතුව නිසි මග ගමන් ගත්තොත් අපට හැමදාම මේගොල්ලෝ ගර්ජන කලත් අපේ ගමන ඉදිරියට යන්නට පුළුවනි.
මෙන්න අලුත් ප්‍රභාකරන් කෙනෙක් ඉහළට එනවා, අාණ්ඩුව නිදිද? පළාත් සභා අවලංගුකරලා මේ අය පැන්ෂන් යවන්න...
මෙහෙම තමයි උතුරේ අහිංසක දෙමළ ජනතාව උසි ගන්නනනේ. මෙවැනි අයට වහාම නිසි පියවර ගත යුතුයි.
ඇයි උතුර වෙනම රටක්ද? රටේ ඕනෑම තැනක හමුදා කඳවුරු පවත්වන්න පුළුවන් රටකට, ඇයි එක පළාතක විතරක් බැරි? දැනටම හමුදා කඳවුරු විශාල ප්‍රමාණයක්, විශේෂයෙන් ආරක්ෂාවට ඉතාම වැදගත් කඳවුරු පවා, යහපාලන ගිවිසුම් අනුව ගලවල ඉවත් කරලා තියෙන්නේ. තියෙන අතලොස්සත් අයින් කරවගන්නයි මෙයාලගේ කල්පනාව, ඊට පස්සේ පුළුවන්නේ ගිවිසුම් සහ 2015 කුමන්ත්‍රණ ප්‍රකාරව ආපහු ආයුධ අතට ගන්න. එතකොට දකුණේ බලයේ ඉන්නෙත් නිවට ගති ඇති නායකයෝ නිසා ඉල්ලීම් නිකන්ම ගන්න පුළුවන් - 2003 දීත් දුන්න වගේ වෙනම පාලනයක්....
කොන්ද පණ ඇති නායකයෙක් රටේ හිටියානම් මේ බෙදුම්වාදී, අන්තවාදී උතුරු නැගෙනහිර දේශපාලකයන් අල්ලා සිරගත කළ යුතුයි. සිංහල හාමුදුරු කෙනෙක් එහෙම මෙහෙම දෙයක් කිව්වානම් කෙලින්ම නඩු සහ පොලිස් පරීක්ෂණ සංහිදියාව බිඳිනවය කියලා....
සංහිඳියාවට මොකද වෙන්නේ...? වෙනස නේ ඕන වුනේ, රටකට ගිය කලක්, ඔබට සතුටුයිද දැන්?
මොන තරම් දරුණු ප්‍රකාශයක්ද? රණවිරුවෝ දිනා දුන් නිදහසටවත් ගරු නොකරන කෙනෙක්... යුද්දේ කාලේ කොහොද හිටියේ කියලා ඔබතුමා මතක් කර ගත්තොත් නරකද?
මැයි 18 යනු පුරා වසර 30 කට අධික කාලයක් ශ්‍රී ලංකාද්වීපය වෙලාගෙන පැවැති බිහිසුණු ත්‍රස්තවාදයෙන් රට මුදවාගැනීම සඳහා පැවැති බිහිසුණු යුද්ධය ජයග්‍රහණය කළ දිනයයි. වසර 30කට එහාදී ඉතාමත්ම පුංචි තැනකින් පටන් ගත් ඒ ත්‍රස්තවාදය ආරම්භයේදී විවිධ සුළු සුළු කොටස් විදිහට පැවතී... පසුව ප්‍රභාකරන් නම් ලොව දරුණුම ම්ලේච්ඡම ත්‍රස්තවාදී නායකයා බිහිවූ අතර ඔහු විසින් ලොව බිහිසුණුම ප්‍රභලම ත්‍රස්තවාදී කණ්ඩායම නිර්මාණය කර පවත්වාගෙන ගියේය. පැවති රජයන් සාමයට කථාකරද්දී එය දුර්වලකමක් සේ සිතා නිරායුධ ආරක්ෂක අංශ සාමාජිකයින් සියගණන් එකවර රැගෙන ගොස් දසවද දී දින ගණනාවක් ශරීර ගත ලේ ටිකත් රැගෙන මරා දැමූහ. ගම් නියම් ගම් බියෙන් ත්‍රස්තකොට කුරීරුලෙස ගම් පිටින් අහිසක සිවිල් ජනයා මරා දැමූහ, අරන්තලාව භික්ෂු ඝාතනය, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත සිදුකළ ප්‍රහාරය වැනි මහපොළොව කම්පාකරවන බිහිසුණු ඝාතනයන් කළහ. මේ ලක්ධරණී තලය පුරා තැන නොතැන බෝමබ පුපුරුවා හරිමින්, මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරමින් ත්‍රස්තවාදය පැතිරවූහ. මේ නිසා උදේ නිවසින් එළියට යනකෙනා සවසට දකිනතුරු අවිනිශ්චිත තත්ත්වයක් උදාවිය.
මේ කතා ඇහෙනකොට දුක හිතෙනවා. දෙමළ මුස්ලිම් අයට මුළු ලංකාවේම ජීවත්වෙන්න පුළුවන්... සිංහලයන්ට උතුරත් නෑ., නැගෙනහිරත් නෑ ...
උදේ පාසලට යන දරුවා නිවසට එනතුරු ගිනිගත් හදවතින් බලා සිටි යුගයක් විය. ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, වැනි අතිදක්ෂ මිනිස් හදවත් ඇති රණවිරුවන් කුරිරු ලෙස ඝාතනය විය. දහස් සංඛ්‍යාත යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා හා පොලීසියේ වීරෝධාර රණවිරුවන් දැයට අහිමිවිය. දහස් සංඛ්‍යාත සිංහල දෙමල මුස්ලිම් දෙමාපියන්ට තම ආදරණීය දරුවන් අහිමිවිය. දරුවන්ට තම දෙමාපියන් අහිමිවිය. බිරින්දෑවරුන්ට තම ස්වාමිවරුන් අහිමිවිය. ස්වාමිවරුන්ට තම බිරින්ඳෑවරුන් අහිමිවිය. ආර් ප්රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ලක්ෂ්මන් කදිරගාමර්, ජෙයරාජ් ප්රාන්දුපුල්ලේ, සී.වී. ගුණරත්න වැනි වටිනා රාජ්‍ය නායකයින් රටට අහිමිවිය. විශාල දේපල විනාශයක් විය. රට ගොඩ නැඟීමට දියුණු කිරීමට තිබූ අති විශාල ධනස්කන්දයක් දැවී අළුවීගියේය... ඒ වෙනුවෙන්වූ ණය බර අනාගත පරපුරටත් ගෙවීමට සිදුවනු ඇත. දශක ගණනාවක් රට පසුපසට ගියේය. දශක ගණනාවක් මුළුල්ලෙහි රුදුරු ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා පැවිති රජයන් අඩු වැඩි වශයෙන් විවිධාකාර ප්‍රයත්නවල නිරතවිය.
මෙයාට මෙහෙම හරි අදහස් පලකරන්න පුළුවන්වෙලා තියෙන්නේ අභීත රණවිරුවෝ නිසා.... ඒ ලබාදුන්නු නිදහස අයුතු ලෙසින් භාවිතා නොකරන ලෙස ඉල්ලා සිටිමි.
1987 පලාත්සභා ඇතිකරන වෙලාවේ ගරු සිරිමාවෝ මැතිණිය වැනි දේශයට ආදරය කළ අය මේවාට විරෝධය පලකලේ මෙවැනි දේවල් සිදුවන බව පෙනිලා.. කියලයි මට නම් හිතෙන්නේ..
1987 පළාත්සභා ඇතිකරන වෙලාවේ ගරු සිරිමාවෝ මැතිණිය වැනි දේශප්‍රේමින් විරෝධය පලකලේ මෙවැනි දේවල් සිදුවන බව පෙනිලා... මෙවැනි ජනතා කුපිත කිරීමේ ඒකාබද්ධයේ සිටින මෙවැන්නන්ට දඬුවම් කරන්නට ක්‍රමයක් ඇතිකළ යුතුයි...
පුළුවන්නම් බැහැලා පෙන්නන්නකො, එහෙනම් දකුණේ ඉන්න දෙමළ ජනතාව ඔක්කොම උතුරට යා යුතුයි.
හමුදාව දකුණේ වගේම..., උතුරේ ඉන්නත් අයිතියක් සහ හේතුවක් තියෙනවා. එහෙම කරන්නේ කලින් වුණා වගේ අවස්ථාවක් නැවත ඇතිවීම වැලැක්වීමට. ඒ කාලේ පිට පැනගත්ත කොටියන් තාම ඔහාට මුදල් එවමින් කඩාකප්පල්කාරී වැඩ කරනවා කියන එක ඔහෙත් දන්නවා. රට කැඩීම අතඇරපු බව තේරුණ දවසක හමුදාව අඩුවෙයි.
සරත් ඔබ කඩේ ගිහින් කීයක් වත් හොයා ගන්නද හදන්නේ? විග්නේශ්වරන් මහත්තයා ඔයාගේ ගෙදර පැත්තේ ඉස්සර ආව ගියා වෙන්න ඇති නේද...?
ඉල්ලගෙන නැති නාස්ති වෙන දවස වැඩි ඈතක නෙමෙයි කියල මට තේරෙනවා.
උතුරට වගේම නැගෙනහිරටත් හමුදාව තව යවන්න ඕනි. දැනටම පෙන්නලා තියෙනවා එහෙත් සිංහලයන් අනාරක්ෂිත බව...,නැත්තං රක්ෂිත ටිකත් ඉවරයි.
කමක් නැහැ විග්නේශ්වරන් මහත්තයෝ, විදි බහින්න ඉස්සෙල්ලා අපි ජනවාරි අට වෙනිදා අපි කරපු වරද අපිම නිවැරදි කරගන්නවා. බලමු ඊට පස්සෙත් ඔබතුමාට ඔය විදිහටම වීදි බහින්න... මහා ආණ්ඩුවට අභියෝග කරන්න පුළුවන්ද කියලා...
ඔය විග්නේෂ්වරන් කියන පුද්ගලයාව ගෙනාවේ කවුද?
විග්නේෂ්වරන් මහත්තයෝ, උතුරේ ජනතාව වීදි වලට බැස්සේ අද ඊයේ නෙමෙයිනේ... අමතක වුනාද දන්නේ නැහැ මේක සිංහලයෝ 70% ක් ඉන්න රටක් කියලා... රට කොහොමත් බෙදෙන්නේ නැහැ. යුද්ධයෙන් බැරි වුණ දෙය ඔබතුමාට කර ගන්න පුළුවන් කියල හිතනවානම්, ඔබතුමා අයෙමත් ඉස්කෝලේ ගිහිල්ල එන්න....
යුද්දේ තිබුණ කාලේ කොළඹට වෙලා සැප විඳපු මෙතුමා දැන් කියන්නේ මොනවද?. මේවා තේරුම් ගන්න බැරි අහිංසක දෙමල මිනිස්සුන්ට යන කලක්...
ත්‍රස්තවාදීන් විරුවන් ලෙසින් පිළිගන්නේ තවත් ත්‍රස්තවාදියෙකි .....තමුන් ඔය පුටුවේ ඉන්නේ සිංහල හමුදාවට පින්සිද්ද වෙන්න කියල තරයේ මතක තබගතත යුතුය ...උපන් රටට ගරු නොකරන්නේ ප්‍රභාකරන් වගේ අඩු කුලේ උපන් පුද්ගලයෝය ..,
මේගොල්ලො ආපහු සැරයක් ඉල්ලගෙන කන්න වගේ යන්නේ...
ජනපතිතුමනි, මේ උදවිය ආයෙත් නැවත වරක් ඉල්ලගෙන කන්න වගෙයි හදන්නේ... අනේ මන්දා...
හමුදාව උතුරෙන් යන්නේ මෙතුමා සහ සිය පවුල කොළඹ ගෙදරින් අයින් වෙලා උතුරට යන දවසට කිව්වා නම් හරි. මේ අයගේ තරම උතුරේ දුක් විඳින ජනතාවට කියලා දෙන්න පුළුවන් කෙනෙක් ලංකාවේ නැද්ද?
උතුරු, නැගෙනහිර හමුදා.. පොලිස් බලය තව වැඩි කල යුතුය. මේ රඟපාන්නේ වෙනම පාලනයක් ගන්න.. මේ රොටිය එක්මනටම කර වෙනවා නම් අර ජයලලිතා වගේ... මගේ රටට සැනසීමක් තියෙනවා...
එදාට උතුරෙන් පිට ඉන්න දෙමල ජාතීන්ට අනෙක් ප්‍රදේශවලින් ඉවත් වීමට ඒ දිනයම යොදා ගැනීමට සිදුවේ. ජනතාව අසීරුතාවට පත් කර ප්‍රභාකරන්මෙන් දමිල ජනතාව විනාස කර තමන්ගේ පටු දේසපාලන හා ත්‍රස්තවාදී අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ නොකරන මෙන් ඉල්ලා සිටිමි. උතුරේ සිංහල, දෙමල, මුස්ලිම් යන සියලු ජාතීන් සමගිව ජීවත් වූ අතර ප්‍රභාකරන් නමැති ත්‍රස්තවාදීයා ඇතුළු අනෙක් ත්‍රස්තවාදීන් ඒ ජනතාව පලවා හැරීම හා ඝාතනය කිරීම නිසා ඔවුන් ඒ පළාතෙන් පිට විය යුතු නමුත් .... ඒ පළාතේ ජීවත් වූ සියලු සිංහල හා මුස්ලින් ජනතාවට ඒ ඔවුන්ගේ ඉඩම් හා ජීවත් වූ ප්‍රදේශ යලි ඔවුන්ට ආපසු ලැබිය යුතුය. නැතිනම් 1983 න් පසු අනෙක් ප්‍රදේශවලට පැමිණි සියලු දමිල ජනතාව ආපසු යා යුතුය. මන්දයත් රටේ ජීවත් වන 80% සිංහලය ජනතාවකට රටේ ඕනෑම පළාතක ජීවත් වීමේ අයිතිය නොමැතිනම් 13% වඩා අඩු ජන කොට්ඨාශයකට රටේ ඕනෑම තැනක ජීවත් වීමේ අයිතිය කොහොමත්ම ලැබෙන්න හැකියාවක් නොමැත...
අපි හොඳ සිංහලයෝ .... මේ අය කොහොමද පාරට බහින්නේ?.
ජනපතිතුමා එක්ක මොන කතාද? ඉල්ලන්න ඉස්සෙල්ලා දෙන ඒවා දෙයි. ඔහු පත්කෙරුවේ දෙමල අන්තවාදීන්....
එහෙම කරලා ඉන්දියන් හමුදාවක් ගෙනත් දාගන්න නේද හදන්නේ? අනේ ඔයගොල්ලො වගේ ටිකක්...
ඊට පෙර උතුරේ ජනතාව විග්නේශ්වරන් මහතාට තනතුරෙන් ඉවත් වෙන්න කියල වීදි බහීවි...
මගේ සහෝදරවරුනි බුද්ධිමත්ව හිතන්න. මෙයාල මේ හැමදෙයක්ම කරන්නේ, කියන්නේ දේශපාලනය කරන නිසා. කිසිම දෙයක් වෙන්නේ නැ. එකම දෙයක් තමයි වෙන්නේ... ඒ අහිංසක ජනතාව තව තවත් රවට්ටන එක. පව් අපේ මිනිස්සු මොන ජාතියේ වුණත් ලංකාවේ පුරවැසියෝ. බොහොම අමාරුවෙන් කිසිම සැප පහසු කමක් නැතිව හරිම කට්ටක් කාල ජිවත් වෙන්නේ...
සෑම පළාතකම රටේ ජන අනුපාතය අනුව මිනිසුන් පදිංචි කල යුතුයි
දේශපාලන වාසි තකා නැවතත් ජාතිවාදය අවුස්සන්න එපා... ශ්‍රී ලංකාව ඒකීය රටක් කියල පිළිඅරගෙනනේද රටේ පළාත් මහා ඇමතිකම් වලට දිවුරුම් දුන්නේ? එහෙම රටක ආරක්ෂාව වෙනුවෙන් රටේ ඕනෙම තැනක රජයේ හමුදාවන් යොදන්න පුළුවන් කියලා දන්නේ නැද්ද? තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සාමාන්‍ය ජනතාවට වැරදි අදහස් දෙන්න එපා....
මෙයා මේ කියන්නේ වැඩිපුර ඉන්න හමුදාව ගැන. දැනට එහෙම වැඩිපුර නැති නිසා කව්රුවත් පාරට බහින්න ඕනේ නැහැ.
දැනටම මෙයාලා හිතන්නේ රටවල් 2 ක් කියලද? මේක එකරටක් කියන එක අවබෝධ කර දිය යුතුයි..
මෙතුමා දඟලන්නේ උතුරේ ජනතාව හිඟමනට බස්සන්නයි වැඩිකල් යන්ට පෙර... මොකක්ද කරන සංවර්ධනය? උතුරට අවශ්‍ය රජය සමග එකතු වී උතුරට වැඩකරන මහා ඇමතිවරයෙක්...
විග්නේශ්වරන් මහත්තයෝ,... ඔබ මොන ජාතියකට අයිති වුණත් ඔබ දමිල ජනතාව රවට්ටන්න හදන එක දැන්වත් නවත්වන්න. මේ රටට නැවත විපත් ගෙන දෙන්න ඔබ හිතනවානම් ඔබටත් යන්න අලුත් අපායක් මැවේවි... !! විරසක වී ඉන්න ජාති අතර සමගිය ඇති කරනවා වෙනුවට මෙසේ සිදුවීම මේ රටේ නොව මේ ලොවටම අභාග්‍යයක්...
මෙවැනි අයට වහාම නිසි පියවර ගත යුතුයි. ජනතාව අසීරුතාවට පත් කර ප්‍රභාකරන් මෙන් දමිල ජනතාව විනාශ කර තමන්ගේ පටු දේශපාලන හා ත්‍රස්තවාදී අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ නොකරන මෙන් ඉල්ලා සිටිමි...
උතුරෙන් හමුදාව ඉවත් කළොත් ඔබතුමාට නැවතත් අර ඉස්සර වගේ කොළඹ 7 පදිංචියට එන්න පුළුවන්.. නමුත් උතුරේ ජීවත්වෙන දුප්පත් මිනිස්සුන්ට යන කලදසාව කුමක්ද? ඕවා නවත්වලා උතුර සංවර්ධනය කරන්න කාලය යොදන්න. අවුරුදු 30 තිස්සේ ප්‍රභාකරන්ගේ යුද්ධය නිසා උතුරේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය වැනි දේවල් අඩපණ වෙලා...
ලංකා හමුදාව 100%ක් ම පාහේ සිංහල මිනිස්සුන් ඉන්න සිංහල කතා කරන හමුදාවක්,... ඉතින් දෙමළ ජනයා කොහොමත් ඔවුන් ගැන බලන්නේ අවිශ්වාසයෙන්. ඒක පුදුම දෙයක් නොවෙයි. ඔවුන් ඉන්න කඳවුරු ඉදි කරලා තියෙන්නේ රජයේ ඉඩම් වලත් සාමාන්‍ය ජනයාගෙන් අත්පත් කරගත් ඉඩම් වල,... ඉතින් ඒ ඉඩම් වල ඉන්න මිනිස්සු තමන්ගේ උපන් ගම්බිම් වල ගෙවල් වල පදිංචි වන්නේ කවද්ද? ඒ විතරක් නොවෙයි හමුදාව රජයේ සම්පත් යොදාගෙන වගාකටයුතුත් කරනවා, ඒවා ඉතා අඩු මිලට විකුණනවා, මේවායෙන් ආයෙත් අසාධාරණයක් වෙන්නේ අහිංසක මිනිස්සුන්ට. හමුදාවේ වගා වලදී 100% උපකරණ පොහොර, ශ්‍රමය සහ බීජ වලට යන වියදම ගෙවන්නේ රජයෙන්, ඉතින් මේවායේ විකුණුම් මිලට අර වියදම් එකතු වෙන්නේ නැහැ, වියදම් ගණන් බලල එකතු කරනවා නම් ගොවීන් නිපදවන වියදමට වඩා බොහෝ ඉහළයි. ඉතින් උතුරේ දෙමළ ජනයා කියන දේ අහල නිවී හැනහිල්ලේ මැදිහත්ව කල්පනා කළොත් මේ අඩුපාඩු තේරුම් යාවි....
විග්නේශ්වරන් මහත්තයෝ ඔබතුමා ඇයි මෙහෙම හිතන්නේ...?
විග්නේශ්වරන් මහත්තයා කවුරු හරි හිටපු නායකයෙකුගේ කොන්ත්‍රාත්තුවක්වත් බාරගෙනද කියා සැකයි.... වගේ..
නූතන අමෘතලිංගම්ගේ චරිතය වත්ද?
විග්නේශ්වරන්, සිවාජිලිංගම්, ආනන්දී මේ අයව දැන්මම මට්ටු කරේ නැත්නං ඉදිරියේදී භයානක තත්වයට මුහුණ දෙන්න වෙනවමයි.
උතුරෙන් හමුදාව ඉවත් වෙනකම් දැන් ඉතින් නිකම් බලාගෙනයි ඉන්න වෙන්නේ..
ඔබ කියන විදිහට හමුදාව යන්ත්‍ර සුත්‍ර දමාගෙන අක්කර දහස් ගණනක් උතුරේ වගාකරගෙන නැහැ. ලංකාවේ මොන හමුදා කඳවුරකට ගියත්, ලස්සනට පිළිවෙලට කරපු මල්, එළවලු, පලතුරු වලින් යුතු ගෙවතු වගාවක් තිබෙනවා... නැතුව හමුදාව ගොවියන් අමාරුවේ දමන්න වගාකරන්නේ නැහැ... හමුදාවට රජයෙන් පොහොර නොමිලයේ දෙන්නේ නැහැ. හමුදාව බොහෝවිට වගාවට යොදන්නේ ඉවතලන අපද්‍රව්‍ය වලින් සාදා ගත්ත කොම්පෝස්ට් පෝර,...
ඉතාමත්ම උච්ඡතම අවස්ථාවට පැමිණ තිබු අවස්ථාවක විවිධ දේශමාමකයින්ගේ දිරිගැන්වීම, පැවති රාජ්‍ය නායකත්වයේ සෘජු භාවය, එඩිතර භාවය, නිවැරදි තීන්දු තීරණ ගැනීම, ත්‍රිවිධ හමුදාවන්ගේ - පොලිසියේ එඩිතර භාවය, දක්ෂතාවය, නොපසුබස්නා උස්සාහය, දක්ෂතාවය, පරිත්‍යාගශීලි භාවය ආදී සම්පත් රාශියක ඒකරාශී වීම විය. එය විසින් එතෙක් දශක තුනකට අධික කාලයක් භියෙන්, ත්‍රාසයෙන් ශ්‍රී ලංකාව වෙලාගෙන සිටි, ලොව භයානකම ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස නම් දරා සිටි කුරිරු කොටි ත්‍රස්ත වාදය පරාජයකර විජයග්‍රහණය කරන ලදී. එ් නිසාම රටට සාමය උදාවිණ. රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත විය. ජීවිත පරිත්‍යාගයෙන් ඒ සඳහා උරදුන් රණවිරුවන්ට සෑම ශ්‍රී ලාංකිකයෙකුම ණය ගැතියි. ඔවුනගේ දක්ෂභාවය, කැපවීම, එඩිතර භාවය අතිවිශිෂ්ඨයි. ඒ වෙනුවෙන් තම වටිනා ජීවිත පරිත්‍යාග කල රණවිරුවන් සිහිපත් කර නිති පතා උදේ සවස පිං අනුමෝදන් කළයුතුයි. අත්, පා, ආදී පූර්ණ, අර්ධ ආබාධිත බවට පත් සියළුම දෙනාට ඉක්මන් සුවය නිදුක් නීරෝගී භාවය නිති පතා සිදුකළ යුතුයි.
රුදුරු යුද්ධය අතර මැදදී සාමයේ බලාපොරොත්තුවට පැමිණ ත්‍රස්තවාදයෙන් ඉවත්වූ කරුණා අම්මාන් මහතා ඇතුළු පිරිසට වගේම එතනට පසුබිම සකසා පෙලගැස්වූ අයට ප්‍රශංසා කළයුතුයි. එ් වගේම රණවිරුවන්ගේ ගෞරවය වගේම ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන්, ඇස්, ඉස්, මස්, ලේ පරිත්‍යාගයෙන් රැකදුන් දේශය ආරක්ෂාකර ගතයුතුයි. දෙමළ, මුස්ලිම් දේශපාලනඥයින් වගේම අපේ රටේ ඉතිහාසය, රට, ජාතිය පිළිබඳව හැඟීමක් නැති ඇතැම් විෂයයන්ට පමණක් දැනුම ඇති ඒ නිසාම උගත් යැයි සම්මතයේ භාවිතා කෙරෙන සිංහල උගතුන්, දේශපාලනඥයින් තේරුම් ගතයුතු ඇත්තක් තිබේ. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්... ශ්‍රී ලංකාව පුංචි රටක් , එය කොටස්වලට කඩන්න බෙදාවෙන් කරන්න, කොටස් කරලා පාලනය කරන්න බැහැ. මේ රටේ පැවතිය යුත්තේ එකම ආණ්ඩුවයි. ඉන්දියාව, ඇමෙරිකාව වැනි අති විශාල රටවල් පාලනයේ පහසුව සඳහා යොදාගන්නා ප්‍රාන්ත පාලන ක්‍රම එවන් විශාල රාජ්‍යයන්ට මිස අපේ රටට නොගැලපෙන බව... (කුමක් හෝ හේතුවකට අතීතයේ ගත් වැරදි දේශපාලන තීන්දුවක් මත ගත් පළාත් සභා ක්‍රමය පවා අහෝසි කළයුතුයි.)
ලෝකයේ සාමකාමි ම රට මෙයයි. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා යන සිව්බඹ විහරණයෙන් යුත් බෞද්ධ සංස්කෘතියෙන් පෝෂිත ජාතියක් ජීවත්වන සිංහල බෞද්ධ රටක්. මෙහි ඕනෑම ජාතියකට තමන්ගේ ආගම නිදහසේ අදහාගෙන බියෙන් සැකෙන් තොරව සහෝදරත්වයෙන් ජීවත්විය හැකියි. එයට අතීතය සාක්ෂි දරනවා. නමුත් සිංහල ජාතියටත්, බෞද්ධාගමටත් බලපෑම් නොකළ යුතුයි. එසේ කරනවානම් ප්‍රශ්න රාශියකට හේතුවක් වගේම ඔබ භුක්ති විදින නිදහසට සාමයට ලොකු බාධාවක් අප ජීවත්වන ධර්මද්වීපයේ ප්‍රතිරූපය වෙනස්ව ප්‍රදර්ශනය වීමට හේතුවන්නක්. කරුණකර එය නොකරන්න. සිතා බලන්න සෞදි අරාබිය වගේ රටක් ගත්තොත් එහි ආගමික, ජාතික නිදහස කොතැනකද කියා? තිබෙන්නේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලා දේශපාලන පක්ෂ, පාට වලින් වෙන්ව රාජ්‍ය නායකත්වයට අර්ථයෙන්, ධර්මයෙන් නිවැරදි දූර දර්ශීව අනුශාසනා කළයුතුයි. එසේ නොවි පුද්ගලයෙකුට දේශපාලන පක්ෂකට නතුවී පක්ෂව යම් උතුමන් වහන්සේ නමක් හෝ කිහිප නමකගේ මතයක් ඉදිරිපත් කරන්නේ නම් එය ආගමික නායකත්වයේ ප්‍රකාශයක් ලෙස නොව පුද්ගලික ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කළ යුතුයි. සැලකිය යුතුයි.
ළඟදීම පිළිතුරු ලැබේවි. සොබා දහම ඔබව බලාගනීවි.
අන්තවාදී ප්‍රකාශ කරමින් ජනතාව අන්තවාදයට උසි ගන්නන උතුරු නැගෙනහිර දේශපාලකයින්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්න. හාමුදුරු නමක් සිංහල මිනිස්සු ගැන කතා කළොත් අන්තවාදය යැයි කියනවා, සංහිඳිය බිඳිනවා කියල හිරේ දානවා. හැබැයි මෙයාලට මෙවැනි වැඩ කරන්න සියලු පහසුකම් දෙනවා..
ලබාගත් නිදහස නැතිවෙලා... ඇතිවෙන්න යන යන වෙනස පිළිබඳ යහපාලනයට පස්සේ ගිය අය දැන් හොයාගන්නවත් නැහැ. අනිල්..., ඔබගේ අදහස ඉතාමත් නිවැරදියි.
ඔය උතුරේ තියෙන ඉඩම් ඇත අතීතයේදී..., ආක්‍රමණිකයන්, බඩගින්නේ මැරෙන්නට සිටි මෙහි පැමිණි කුලීකාර ඉන්දියාවේ දෙමළ මිනිසුන් සහ සොළීන් නැත්නම් තමිල්නාඩු දෙමළ මිනිසුන් පදිංචි කළ ඒවා... මේවා ඉන්දියාවෙන් (තමිල්නාඩුවෙන්) ගෙන විත් මෙහි තැන්පත් කල ඉඩම්ද? ඇයි අපි සමග සාමයෙන් ජිවත් වීමට බැරි? මතකනේ 83-87 අවුරුදුවල....
රනිල් මහත්තයෝ නැගිටින්න නැගිටින්න.. තවමත් නිදිද .....මෙතුමා මේ කියන්නේ තමුන් පාලනය කරන රට ගැන ...වෙන රටක් ගැන නොවේ... වහා පියවර ගෙන හමුදා බලඇණියක් උතුරට යවන්න.
මේවා දුටුවහම ඔබලාට සතුටුද දැන් ...
මහින්ද මහත්තයාද පත්වීම දුන්නේ? දෙමටගොඩ පැත්තෙත් ඉන්නවා මෙහෙම උදවිය. ඉස්සර ඒ ගොල්ලෝ රෑට ඩාන්ස් කලේ භූමිතෙල් ලාම්පු කරේ තියාගෙන....
මෙහෙම වුණොත් නැවතත් ජාති වාදයක්වත් ඒවිද? එහෙම නම් වෙන්න එපා...
උතුරු - නැගෙනහිර දෙපළාතේ සාමකාමිව ජීවත්වන සිංහල - දෙමළ ජනතාවගේ සිත්වලට විෂබීජ ඇතුළත් කිරීමට උත්සාහ ගන්නා මෙවැනි කතා සාමය අගයන අපි හැම තරයේ හෙළ දැකිය යුතු වෙනවා. මේ ප්‍රකාශයට එරෙහිව ප්‍රතික්‍රියාවක් හෝ ප්‍රකාශයක් රජය මගින් ඉක්මනින් ගත යුතු වෙනවා. හිටපු කොටි ත්‍රස්තනායකයාගේ සංකල්පයන් අනුවම කතාකරන මෙතුමා උත්සාහ කරන්නේ කෙසේ හෝ දෙමළ ජනතාවගේ හිත දිනාගෙන, ජයලලිතලා වගේ "රාජකීය"ව අවසන් ගමනක් යන්නද ? එකම අඩුපාඩුව කොටි නිල ඇඳුම විතරයි වගේ....
"ලූලා නැති වලට කනයා.........?